IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇමැති මණ්ඩලය 48 ක් වෙයි

ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඒ සඳහා වන විවාදය අද පැවැත්විණි. ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැති ධූර සංඛ්‍යාව වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබීය. යෝජනාවට පක්ෂව මන්ත්‍රීන් 143ක් ඡන්දය ලබාදුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 16ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ.

ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතුය.

ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි.

 



අදහස් (0)

ඇමැති මණ්ඩලය 48 ක් වෙයි

අශෝක Friday, 04 September 2015 04:34 AM

මේ අන්තිම අවරුදු පහ කියල හිතාගන්න (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 September 2015 04:37 AM

රට ගැන හැඟීමක් තියෙන බුද්දිමත් මිනිසුන් දියවන්නාවට යනතුරු මේවා මේ විදියම තමයි (අ)

:       0       0

රන්ජිත් Friday, 04 September 2015 04:46 AM

යහපාලනයේ මළගම! නැවත මේ රටේ ඡන්නදයකය රවටන්න නොහැකි වන ලෙස පාංශුකූලය දෙන්න (අ)

:       0       0

ශානක Friday, 04 September 2015 04:52 AM

කියනකොට වගේ නොවෙයි කරන කොට (අ)

:       0       0

ඇසළ Friday, 04 September 2015 05:14 AM

අයියෝ මදි යහපලනෙකට නම් 225 ම ඇමතිවරු කරන්න. අපිට දෙයියන්ගේම පිහිටයි. මේ දවස්වල අපේ සෝභිත නායක හාමුදුරුවෝ කොහෙද ඉන්නේ. (අ)

:       0       0

රුවන් Friday, 04 September 2015 05:24 AM

එක්සත් ජාතික පක්ෂයෙන් 34 ක් ආවම මහින්ද කැබිනට් එක ලොකු කලා.මොකක්ද මෛත්‍රී කිවුවේ .මටනම් හරි ලජ්ජියි කියල මෙතරම් විසාල කැබිනට් එකක ඉන්න කියල හිටන් .දැන් කොහොමද බොලන් . (අ)

:       0       0

ගාමිණි Friday, 04 September 2015 05:26 AM

අපි හොඳක් බලාපොරොත්තුවෙනවා (අ)

:       0       0

අමිතා Thursday, 03 September 2015 03:29 PM

කලින් ආණ්ඩුවට කිව්වා ඇමතිවරු වැඩියි කියලා.දැන් පාර්ලිමේන්තු අනුමැතියෙන්ම හිටු කියලා වැඩි කරනවා.මේක වෙන්නැති යහපාලනේ (බ)

:       0       0

මායා Friday, 04 September 2015 06:00 AM

සේරටම ඇමතිකම් දුන්නනම් හරිනේ (අ)

:       0       0

දුමින්ද Friday, 04 September 2015 06:06 AM

ගණනට වඩා රටට -හෙටට ලැබෙන ප්‍රතිලාබ වැදගත් (අ)

:       0       0

සමන් Friday, 04 September 2015 06:11 AM

කෑගහල වැඩක් නෑ. මේ ක්‍රමයේ හැටි තමයි. බහුතර ආණ්ඩුවකට මන්ත්‍රීවරු අවශ්‍යයි. ඇමතිකම් නැතිව කවුරුවත් ආණ්ඩුවට එන්නේ නෑ. අස්ථාවර රජයක් පිහිටුවනවට වැඩ ඇමතිකම් දී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන එක ආර්ථිකයට හොදයි. හැබැයි ගිය ආණ්ඩුවේ හොරකම් ඒ විදියට කරන්න ගියොත් වැඩ වරදී. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 06:03 PM

අපිට ජිවිත කාලයම මැදපෙරදිග ඉන්න වේවි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 06:05 PM

ඇමැති ධූර නොලැබී සෑහීමකට පත්වෙන්නෙම නැද්ද? (නි)

:       0       0

මා.උපරතන හිමි -ස්වීඩන් Friday, 04 September 2015 06:22 AM

225 න් 95 ම ඇමතිවරු..අපොයි රටට ගිය කල .මෙදාත් අපට වැරදුනනේද?. (අ)

:       0       0

වයිකෝ Friday, 04 September 2015 06:29 AM

මේ අය අවුරුදු පහන් කොහොම හරි හිටියානම් හරි (අ)

:       0       0

අමරදාස Friday, 04 September 2015 06:33 AM

විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ පිහිටවන බවත් ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බවත් මෛත්‍රී පාලනයේ එක පොරොන්දුවක් විය. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේ එකඟත්වයෙන් සම්මුති ආණ්ඩුවක් පිහිටුවීමට සිදුව ඇති මේ අවස්ථාවේ ඇමති වරු 48ක් පත්කිරීමට අප විරුද්ධ නොවිය යුතුය. එහෙත් රටේ අමාත්‍යංශ වල සංඛ්‍යාවත් ඒවායේ විෂයයනුත් අලුතින් සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා කිරීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ක්‍රියා කල යුතුය. රාජපක්ෂ රජයේ, උද්භිද උද්‍යාන, සීනි, මහජන සම්බන්ධතා ආදී කෝලම් සහගත විෂයන්ට අමාත්‍ය වරු පත් කෙරුන බව සිහි කිරීම වටී. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය වන බිලියන 1.2ක් සිටින යාබද ඉන්දියාවේ කැබිනට් ඇමති සංඛ්‍යාව 26කි; කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරු 13කි; රාජ්‍ය (නියෝජ්‍ය) ඇමතිවරු 25කි. සියල්ල එකතුව 64කි. ලෝකයේ විශාලම රට වන රුසියාවේ කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 31 කි. රුසියාවේ සියලුම අමාත්‍යාංශවලට නියෝජ්‍ය ඇමතිවරු කීප දෙනා බැගින් සිටියත් ඔවුන් කිසිවෙකුත් දේශපාලනඥයන් නොවන අතර ජ්‍යෙෂ්ට අමාත්‍යංශ නිලධාරීන් වේ. ලංකාවේ සම්මුති ආණ්ඩුවේ කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරු එකතුව 93කි. මීට අමතරව කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරු රොත්තක්ද පත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ලංකාවේ පාර්ලිමේන්තුවට පත්වන මහජන නියෝජිතයන්ට ඇමතිකම් නොමැතිව ජීවත්විය නොහැකි ලෙඩක් පසුගිය වසර 20-25ක කාලයේ සිට වැළදී ඇති අතර මේ රෝගයට බෙහෙත වන්නේ ව්‍යවස්ථාවෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය ගැන සීමාවක් පැනවීමයි. (අ)

:       0       0

ශෂි Friday, 04 September 2015 06:50 AM

එජපෙට බහුතරය ලැබුනා නම් ඇමතිමණඩලය අඩුකරගන්ඩ තිබ්බා. (අ)

:       0       0

ශානික Thursday, 03 September 2015 06:36 PM

ඇමතිලා අපේ රටේ මිනිසුන්ට ගොඩාක් ආදරෙයිනෙ. (නි)

:       0       0

සිරිමල් Friday, 04 September 2015 06:55 AM

ඕක තුනෙන් දෙකක් කරගන්න ඇමතිවරු 150 ක්ම කරමු. (අ)

:       0       0

යෝනක Thursday, 03 September 2015 08:37 PM

මදැයි ඔයින් ගියා (නි)

:       0       0

ජගත් Thursday, 03 September 2015 11:37 PM

ඇමති මණ්ඩලය 20 ට වැඩිවෙන්නේ නැහැ කියලා ජනවාරි 8 පොරොන්දු පත්‍රයේ පොරොන්දු වෙච්ච හින්දා අපි ලොකුවට කයිවාරු ගැහුවා. අපිට දැන් හැංගෙන්න තැනක් හදලා දෙන්න (නි)

:       0       0

දිනේෂ් Thursday, 03 September 2015 11:38 PM

කමෝන් කමෝන්! හොඳට දුවමු. කට්ටියම දුවමු. තව ටික දවසකින් ඔය ගණනත් වැඩිකරමු. (නි)

:       0       0

ඉමේෂ් Friday, 04 September 2015 01:14 AM

ඔයින් ගියා ඇති. බැරිද ඕක නීතිගත කරන්න මීට වැඩිය වැඩිවෙන්න බැහැ කියලා (නි)

:       0       0

විජේතුංග Friday, 04 September 2015 01:39 AM

මේ ගණනේ වැඩියක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

අශෝක ‍ Friday, 04 September 2015 01:39 AM

යන්තම් මේ දවස්වල මහා පාරේ විනයක් කියලා දෙයක් තිබනා. දැන් ඉතින් මේ 48 දෙනාගේ වාහන, එස්කොට් වාහන බැක් අප් වාහන අපිව යටකරගෙන වේගයෙන් යනකොට දත්මිටිකාගෙන බලාගෙන ඉමුකෝ (නි)

:       0       0

සඳුන් Friday, 04 September 2015 01:45 AM

තිලක්-ඩුබායි නම් ජීවිත කාලයම මැදපෙරදිග ඉන්න එක තමයි හොඳ (නි)

:       0       0

ජයන්ත Friday, 04 September 2015 01:49 AM

මම නම් කියන්නේ තව මදි කියලා. තව වැඩි කරන්න ජනාධිපතිතුමනි. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණේ ඔය ගාන නෙමෙයි. අඩු ගණනේ 150ක්වත්.... එතකොට තමයි ලෝකයම දන්නේ අපේ රට දියුණුයි කියලා. (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 04 September 2015 08:42 AM

මෛත්‍රී පාලනේ ඉතුරු පොරොන්දුත් මේ වගේ කියල හිතාගන්න 62 ලක්ෂයකගේ පරිප්පු දැන් අපි කමු (අ)

:       0       0

සුනිල් Friday, 04 September 2015 08:43 AM

අලුත්ම ගණිත සාස්තරේට අනුව 20=48. මේක දන්නේ නැත්තේ පාසල් නොගිය උගත්තුයි. (අ)

:       0       0

සම්පත් Friday, 04 September 2015 03:04 AM

මේක 225 දක්වාම වැඩි කල යුතුයි රටක සංවර්ධනය මනින අලුත් ඒකකය තමා ඒ රටේ ඉන්න ඇමැතිවරු ගණන පිටසක්වල ග්‍රහ්ලකවල ක්‍රමයක් මම කිව්වේ (අ)

:       0       0

හේමන්ත Friday, 04 September 2015 03:46 AM

මදැයි අපිත් බැහැල වැඩ කළා. අපිට පාරට බහින්න බයයි . මිනිස්සු හු කියයි කියල. ඇයි රනිල්-මෛත්‍රී මහත්වරුනේ 20 ට අඩු කරන්න බැරිනම් කරනවා කියල පොරොන්දු දුන්නේ. දැන් අපි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද?චික් ලැජ්ජාවේ බැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 750 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 669 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 945 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1148 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site