නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.
සැප්තැම්බර් 1 වැනිදා පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. එම විවාදයට දවසක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දන්වා ඇත. ඒ අනුව දිවුරුම් දීමේ දිනය කල් යාම නොවැළැක්විය හැකි බව වාර්තාවේ.
මේ අතර අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් සැප්තැම්බර් 2 වැනිදා දිවුරුම් නොදෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර උත්සවයද සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවත් එයද ඇමැතිවරුන්ට එදින දිවුරුම්දීමට ගැටළුවක් වන බවත් දිසානායක මහතා කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි?
ශිමාල් Thursday, 27 August 2015 05:22 PM
පැරදිලා පලාගියේ නැහැ (නදී)
ක්‍රිස්ටි Thursday, 27 August 2015 07:27 PM
ජනතාව ප්‍රතික්ෂේප කරපු අය මහා පුටුවලට මේක යහාපාලනේද මෛත්‍රි පාලනේද (බ)