IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැති මර්වින් විසඳුමක් දෙයි

රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ කළමනාකාරීත්වය සමග කතා කරීමෙන් පසු කම්හල බදාද උදේ 10.00 වන තෙක් වසා දැමීමට තීරණය කළ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

බදාදා උදේ උදේ 10.00ට අධිකරණ නියෝගයක් ගන්නා තෙන් එලෙස වසා දමන බවත්, එහි සේවයක් ඉවත් කරන බවත් ඇමැති මර්වින්  කියයි.

කම්හල වසා දැමීමට තමා කටයුතු කළ බවත්, හෙට උදේ දහය වන තෙක් විරෝධතාවය නවතා දමන ලෙසත් ඇමැතිවරයා කීවේය.

ඊට එකඟ නොවූ උද්ඝෝෂකයෝ තමන් බදාදා 10 වන තුරු කර්මාන්ත ශාලාව ඉදිරිපිටින නොයන බව කීහ.

‘මා ගැන විශ්වාසයක් නැතිදැයි‘ ඇසූ මර්වින් සිල්වා මහතා පොලිසිය එම ස්ථානයේ සිටිතියි කියමින් පිටව ගියේය.

 



අදහස් (0)

ඇමැති මර්වින් විසඳුමක් දෙයි

අමල් Tuesday, 30 July 2013 01:07 PM

මෙර්වින් කියන්නේ ලංකාවේ කවුද දන්නේ නැති නිසා ද අහුවේ (අ)

:       0       0

සෝමා Tuesday, 30 July 2013 05:52 PM

'කැළණියේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් පල්ලා, මම ගැන විශ්වාසයක් නැද්ද?' කියලනේ අහන්න තිබුණේ (නි)

:       0       0

ප්‍රදීපා Tuesday, 30 July 2013 01:12 PM

දැන් එයාටත් වෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ විසඳන්න.(අ)

:       0       0

පාලිත Tuesday, 30 July 2013 05:58 PM

රැකියා අවශ්‍යයි තමයි. ඊට වැඩ වටිනවා මිනිස් ජීවිත. රැකියා නැති වුණොත් ඊට වන්දි ගෙවයි. අපේ ලක්ෂ සංඛ්‍යාත ජීවිත වලට වග කියන්නේ කවුද? වහාම ඔය ආයතනය ඔතනින් ඉවත් කළ යුතුයි. අපි අපේ ගම රට රැක ගත යුතුයි. ජීවිතය පරදුවට තබා හෝ අපි අපේ ගම රට පරිසරය රැකගන්නවා. පරිසර සම්බන්ධ නිලදාරීන් නිදිද? අපේ සටන කම්හල වසන තුරු ගෙන යා යුතුයි. (නි)

:       0       0

හනු Tuesday, 30 July 2013 05:59 PM

ඔන්න ආවා! ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

පාලිත Tuesday, 30 July 2013 05:57 PM

ඇමතිතුමාට ගොඩක් ස්තූතියි. ඔබතුමා පමණයි පැමිණියේ. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.සදා ජය! (නි)

:       0       0

සිංහ Wednesday, 31 July 2013 08:38 AM

කෙලින්ම ගිහිල්ල කර්මාන්ත ශාලා පාලකයන්ට කිවුවා නම් බැහැර කරන ජලය පිරිපහදු ක්‍රියාවලිය බලන්න ඕනෑ කියලා, ඉවරනේ. කර්මාන්ත ශාලා වලින් එහෙම නිකම්ම ජලය ඉවතට දාන්න බැහැ. ඒවායේ පී. එච්. අගය , වතුරවල අම්ල භෂ්මතාවය නියමානුකුලව තිබිය යුතුයි. ඇමතිතුමාට තිබුනේ කෙලින්ම ඇතුලට ගිහින් වතුර සාම්පලයක් අරගෙන නර්ඩ් එකෙන් හරි මොරටුව සරසවියෙන් හරි පරීක්ෂා කරවන්න. (නි)

:       0       0

ගයාන් Tuesday, 30 July 2013 01:22 PM

මේවට නීතියෙන් කටයුතු කරන්න ඕනෑ. පරිසර ඇමතිතුමා කෝ? (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 30 July 2013 06:15 PM

මේ හිමිනමට ගරු ජනාධිපතිතුමාට මේ ගැටළුව ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා නේද? (නි)

:       0       0

සමීර Tuesday, 30 July 2013 06:17 PM

මට පොඩි කාලේ බලපු 'ටින් ටින් ගේ විර ක්‍රියා' දර්ශන මාලාව එක්වරම මතකයට ආවා (නි)

:       0       0

සමන් Tuesday, 30 July 2013 06:19 PM

දේශපාලඥයෝ නම් කොහොමත් විශ්වාස නැහැ (නි)

:       0       0

ලලින් Wednesday, 31 July 2013 08:44 AM

මේ වගේ ගැටළු වලට විසදුම් දෙන්න ඕනෑ පරිසර අධිකාරිය හරි අධිකරණය හරි නේද? දේශපාලකයෙක් කොහොමද විසදුම් දෙන්නේ? (නි)

:       0       0

සෙන්සා Wednesday, 31 July 2013 09:00 AM

මට හැගෙන ලෙසට නම් මෙම චරිතය දේශපාලනයට නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.ඒත් ගැළපෙන වෙන සුදුසු දේකුත් නැහැ. (නි)

:       0       0

පියල් Tuesday, 30 July 2013 01:34 PM

ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඇයි නිලධාරීන් පරක්‌කු? කම්හල කියනවා එහෙම අපද්‍රව්‍ය යන්නෙ නැහැ කියලා. ගමේ කට්ටිය කියනවා යනවා කියලා. හරිම ලෙහෙසියි නේ විසදුම. බලන්න කව්ද හරි කියලා පරික්ෂණයක් පවත්වලා. අන්තිමට ගමේ කට්ටියට විසදුමක් තියෙන්නම ඕනෑ. (නි)

:       0       0

සුබේ Wednesday, 31 July 2013 09:13 AM

ප්‍රශ්නෙට අදාල නැති අය ගිහින් මැදිහත් වෙලා තවත් අවුල් කරනවා. නිසි ප්‍රමිතියකට තියෙනවද බලන්න ආයතන තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළා නම් ඉවරනේ. (නි)

:       0       0

කමල් Tuesday, 30 July 2013 01:48 PM

මිනිසෙක් නම් විශ්වාස කල හැකියි! (ස)

:       0       0

සේනාදීර Tuesday, 30 July 2013 01:57 PM

මෙතරම් වටිනා ආයතනයක් නම් මේක හම්බන්තොටට රැගෙන යන්න පුළුවන් නේද? අහිංසක අපිව බිල්ලට ගන්න එපා (නි)

:       0       0

දර්ශන නාරායන Tuesday, 30 July 2013 01:58 PM

පැලැස්තර දමා මෙම ප්‍රශ්නය විසදන්න බැහැ,ජනතාව ලෙඩවී මිය යනතෙක් පැලැස්තර දමදමා ඉදීවි,මානව හිමිකම් වලටත් දැනුම් දෙන්න. (දී)

:       0       0

සුමේද Tuesday, 30 July 2013 02:13 PM

මහජන නියෝජිතයෝ ඉන්නේ ඡන්ද ගන්න විතරද? අන්තිමට ගමේ මිනිස්සුන්ට ගමේ හාමුදුරුවෝ විතරයි පිහිටට ඉන්නේ. (නි)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 08:02 PM

අනේ රටකට ගිය කලක්. (නි)

:       0       0

සදුන් පෙරේරා Tuesday, 30 July 2013 02:17 PM

අපේ ජොබ් නැතිවුනාම අපේ දරුවෝ එක්ක ඇවිල්ල අපේ දිවි නහ ගන්නවා කර්මාන්තශාලාව ඇතුලේ (දී)

:       0       0

රන්ජිත් සුබසින්ග්හේ Tuesday, 30 July 2013 02:17 PM

අපෙව පාරට දණ්ඩ එපා මත්ත්යෝ.අපිට රැකියා දෙන්න (අ)

:       0       0

සාමා Tuesday, 30 July 2013 08:31 PM

මට නම් මතක් වුණේ අරයාව (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 31 July 2013 10:45 AM

මර්වින් වගේ අය‍ට ලකුණු දාගන්න අවස්ථාවක් මේක,කෝ අනිත් බළධාරීන් (අ)

:       0       0

සුමින්ද Tuesday, 30 July 2013 02:24 PM

සදුන්..ඔබ තුමාගේ ජීවිතේ බේරගන්න කී දෙනෙක් ජීවිතේ දෙන්න ඕනේ ද (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 30 July 2013 08:31 PM

පොලිස් නිලධාරීන් 500 කුත් මෙතැනට ගිහින් , ජනතාව 3000 විතර එතනට රැස් වෙලා , නමුත් තවම බැරි උන පරිසර ඇමතිට මේතැනට ඇවිත් මේ පිළිබඳව සොයා බලන හෝ නිලධාරීන් යව පරීක්ෂණ ආරම්භ කරන්න , අඩුම තරමේ මේ සම්බන්ධව ජනමාධ්‍ය වලට ප්‍රකාශයක් කරන්න , පාරකට බැස්සොත් ඇමතිලා සහ පරිවාරක රථ , නමුත් තමන්ගේ විෂයට අදාල ප්‍රශ්නයකදී මේ ගොල්ල හොයා ගන්නවත් නැහැ , මතකනේ අර ධිවර ප්‍රශ්නෙදි වුණ දේ ?(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 July 2013 02:38 PM

තමන්ගේ දරුවා පරෙස්සම් කරගන්න බැරි ඇමති තුමා කොහොමද අප්පා ජනතාවගේ ප්‍රසන විසඳන්නේ ? (දී)

:       0       0

චින්තා Tuesday, 30 July 2013 03:02 PM

සඳුන් , ඔයා හරි. මමත් මගේ මහත්තය කුඩු විකුනනකොට පොලිසියෙන් ඇල්ලුවොත් දරුවොඑක්ක ඇවිත් පොලිසිය ඉදිරිපිට දිවි නහ ගන්නවා . (දී)

:       0       0

රනා Tuesday, 30 July 2013 03:06 PM

හරි හරි. කම්හල වහපුවාම. ඔක්කොම හරියි..බලාගෙන ඉන්න. (දී)

:       0       0

නෙළුම් Wednesday, 31 July 2013 11:28 AM

මේ ප්‍රශ්නේ විසදන්න තිබුනේ මීට ගොඩක් කලින්. මේ ආයතනය පටන් ගත් කාලේම මිනිස්සු දක්වපු විරෝධතා ගැන හොයා බලා වැඩ කළා නම් මේවා මේ තරම් දුරදිග යන්නේ නැහැ. සල්ලි වලින් හැමදේම යටපත් කරන්න පුළුවන් රටක මිනිස්සු ගැන හිතලා කර්මාන්ත ශාලා දාන්න තරම් අපේ අය හිතන්නේ නැහැ. මේ වගේ කර්මාන්ත ශාලා දාන්න ඕනෑ කර්මාන්ත පුරවල. ගම්මාන වල නෙමෙයි. ඔය කර්මාන්ත ශාලාව තිබෙන තැන කලින් තිබුනේ ලොකු පොල් ඉඩමක්.හොඳට වතුර තිබෙන තැනක්. අනේ අපෝයි! මෙහෙම ගියොත් අපට බොන්න ඉතුරු වෙන්නේ පොල් වතුර තමයි (නි)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 30 July 2013 03:07 PM

සදුන් ,රන්ජිත් ඔබලාට රැකියා නැතිවෙන්නේ නැහැ රජය මෙයට නිසි ලෙස මැදිහත් උවහොත් .ආයතනය ඉවත් කර වෙන තැනක පිහිටුවාවී කෙනෙකුගේ රැකියාව අහිමි වීම මෙතන අදහස් දාන අයට නොතේරෙනවා නෙමේ ..වසර කීපයකට පෙර වැලිවේරියේ එම.එස් එච් ආයතනය වසා දැමීමෙන් බොහෝදෙනෙක් අසරණ උනා.අපිට සේවකයෝන්ගේ රැකියාත් ඕන ප්‍රශ්නෙට විසදුමත් ඕනේ (දී)

:       0       0

රවිනාත් Tuesday, 30 July 2013 03:14 PM

මේ මම වගේ සාමාන්‍ය දුප්පත් කෙනෙකුට ගමේ කඩේ ඉස්සරහ වට කරලා ගැහුවොත් පොලිසියේ මහත්වරු මේ වගේ සැලකිල්ලෙන් සොයා බලාවිද? ප්‍රජාතන්ත්‍රවාදී රටේ හැකි බැරි බේදය... බලය තියෙන කෙනා පරිස්සම් කරන්න මහජනතාවගේ හැකියාව යෙදීම. අයි අපේ පාඨකයන්ට මේ අසාධාරණය නොපෙනෙන්නේ.. (දී)

:       0       0

අස්මිත් Tuesday, 30 July 2013 03:28 PM

මෙතරම් ප්‍රශ්නයක් වෙලත් පරිසර ඇමති හෝ රජයේ වගකියන පුද්ගලයෙක් හට මේ ප්‍රශ්නෙට ඉදිරිපත්වන්න බැරිද? ඡන්ද කාලෙට අහලගම් හතකටවත් මොවුන්ට එන්න දෙන්න එපා. මර්වින් මහත්තයට විතරක් පුළුවන්ද ජනතාවදේ අත්‍යවශ්‍යම කාරණයකට මැදිහත් වෙන්න.අඩුම ගානේ ජනතාවට තාවකාලික ජල සැපයීම් සේවාවක් දීමට මැදිහත්වෙන්න ඇයි රජයට බැරි (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 30 July 2013 03:34 PM

බදාදා 10 න් පස්සේ ආයෙත් අරි කම්හල.(ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 30 July 2013 03:36 PM

හරිනම් මේවට මැදිහත් වෙන්න ඕනේ පරිසර ඇමති , කෝ එතුමා ?දැන් මිනිස්සු ඉස්සරවගේ මෝඩ නැහැ , මිනිස්සු ඉන්නේ පරිසර ඇමති හෝ අධිකරණ නියෝගයක් එනකන් වෙන්න ඇති .(දී)

:       0       0

බණ්ඩා Tuesday, 30 July 2013 03:43 PM

මේවට මැදිහත්‍ වෙන්න වගකිවයුතු පුද්ගලයෝ කවුරුවත්ම නැද්ද ? (නි)

:       0       0

ගුණේ Tuesday, 30 July 2013 04:00 PM

කලින් නෑවෙ පාට පාට වතුර. මේ සැරේ නාගන්නේ ඇසිඩ් සමග මඩ වතුර. (ස)

:       0       0

සංගා Tuesday, 30 July 2013 04:11 PM

මෙතුමත් පුදුම මනුස්සයෙක් තමයි (නි)

:       0       0

රණසිංහ Wednesday, 31 July 2013 12:51 PM

මෙයා මොනවද මේ හිතාගෙන ඉන්නේ. (ස)

:       0       0

සෙනරත් Tuesday, 30 July 2013 04:16 PM

එකත් එකටම කම්හල දේශ පාලකයෙක්ගේ එකක්, වහන්න බැරි ඒකයි. (ස)

:       0       0

ඩේසි Tuesday, 30 July 2013 04:17 PM

දැන් ඉතින් "පැරදිලා පලා ගියේ නෑ" සින්දුව කියාගෙන මාරු උනානම් හරි.(ස)

:       0       0

සරත් අතාවුද Tuesday, 30 July 2013 04:23 PM

අත් යටින් ගාණක් අරගෙන වෙන්න ඇති. (ස)

:       0       0

එදිරිසිංහ Tuesday, 30 July 2013 04:21 PM

ගරු ජනාධිපතිතුමා මැදිහත් වී මීට විසදුමක් ලබා දීම ඔවුන්ගේ ඉලක්කය වන්නට ඇත (නි)

:       0       0

දේවු Wednesday, 31 July 2013 06:04 PM

ඔය කර්මාන්ත ශාලාව පාලනය කරන පිරිසෙන් ඉතාමත්ම සුළු පිරිසක් තමා ඕකේ මෝඩ තීරණ ගන්නේ.ලෝකයේ කොහෙවත් නැති කොහෙත්ම ප්‍රායෝගික නැති තීරණ අරගෙන ඔය වටිනා කර්මාන්ත ශාලාව වැසෙන තැනට කටයුතු කළ එම කීපදෙනාට ශාප වේවා. (නි)

:       0       0

මුකරායි Tuesday, 30 July 2013 04:45 PM

අපේ රටවල් දියුණු වෙනවට අකමැති සුද්දෝ අපිට හදපු බාදක තමයි මානව ඓතිවාසිකම් පරිසර දුසනය කම්කරු නීති වගේ දේවල්.එම රටවල් දියුණු වුනේ ඕව ගෙන සලක බලල නෙවෙයි .1800 ගණන්වල එංගලන්තයේ කර්මාන්ත ශාලා වලින් නැගුන දුම් නිසා ඉර අව්වත් වැටිලා නැහැ පොළොවට. එහෙම දියුණු වුන රටවල් අපි දියුනුවෙයි කියල අපේ කීප දෙනෙක් අල්ලාගෙන රාජ්‍ය නොවන සංවිධාන හදාගෙන සංවර්ධනය නවත්වන්න තමයි මේ හදන්නේ. (දී)

:       0       0

සදුනි Tuesday, 30 July 2013 12:39 PM

මේවා බොරු ෂෝ..දියුණු රටවල කර්මාන්තශාලා වලින් අපජලය පරිසරයට මුදා හරින්නේ ෆිල්ටර් කරලයි.ඒවා පිළිබද සෞඛ්‍ය නිලධාරීන් නීති විමර්ශනය කරනවා.අපේරටේ නිලධාරීන් අල්ලසට ඕන දෙයක් කරයි. (දී)

:       0       0

රවිදු කරුණා Tuesday, 30 July 2013 04:54 PM

‘මා ගැන විශ්වාසයක් නැද්දැයි...‘ කොහෙත්ම නැහැ! බිංදුවක්වත් නැහැ! දෙමාපියන්ගේ නාමෙන් දිවුරුවත් අපිට ඔබ විශ්වාස නැහැ! ඔබ පමණක් නොවේ, එක ඇමතියෙක්, එක මන්ත්‍රී කෙනෙක් අපට විශ්වාස නැහැ (නි)

:       0       0

රවිදු කරුණා Tuesday, 30 July 2013 04:59 PM

අපේ රට පුංචියි. ඒකෙ සම්පත් අඩුයි. ඒ වගේම තිබෙන පරිසරය දෙවියෝ වගේ රැකගන්න ඕනෑ. ව්‍යාපාර නිසි ප්‍රමිතියට තිබෙන්නෙ ඕනෑ (නි)

:       0       0

කසුන් Tuesday, 30 July 2013 12:47 PM

මෙතුමා පිටව ගිය එක නම් හොද දෙයක්..(ස)

:       0       0

දසුන් Tuesday, 30 July 2013 12:53 PM

යන යකා කොරහත් බිදගෙන යනවා වගේ. (ස)

:       0       0

බන්දුල Tuesday, 30 July 2013 05:10 PM

මාතෘකාව දුටු ගමන් මම හිතුවේ පුතාට ගහපු කට්ටියට අමතිතුමා විසදුම් දීලා කියලා. (නි)

:       0       0

තිසා Tuesday, 30 July 2013 05:24 PM

මම නම් හිතන්නේ මේ කර්මාන්ත ශාලාව හම්බන්තොට පිහිටෙවුවොත් හොඳයි. කැමති කට්ටියට එහෙ ගිහින් වැඩකළ හැකිනේ. රජයෙන් ඉඩම් කොටසකුත් දුන්නොත් මිනිස්සු එහෙ යාවි.එවිට මේ ප්‍රදේශයට රසායනික දියර පිටවීමේ ප්‍රශ්නයත් නැතිවෙනවා. (නි)

:       0       0

රජින්ද Tuesday, 30 July 2013 05:27 PM

මේකෙන්ම පේනවා රට සංවර්ධනය කරන්නේ සාමාන්‍ය ජනතාව වන අපි සදහාද නැත්නම් මැති-ඇමතිවරුන්ගේ සුඛ විහරණය සදහාද කියන එක. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති අනෙකුත් ගම් වගේම තවමත් ගමේකම සුරැකිව තිබෙන ප්‍රදේශයක්ම මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීම ගැන හුගක් කණගාටුයි. බැසිල් ඇමැතිතුමාත් ලංකාවේ වැඩිම මනාප ගත්තේ ගම්පහින් නේද? (නි)

:       0       0

වරුණ Tuesday, 30 July 2013 12:58 PM

කැකිල්ලේ රජතුමා (අ)

:       0       0

රජින්ද Tuesday, 30 July 2013 05:29 PM

උපදෙස් දී ඇති ආකාරයට මෙම ළිං ජලය උණුකර හෝ පානය කිරීමට සුදුසු නැත. එහි ඇති රසායනිකයන් ජලය උණු කිරීමේදී සීග්‍රයෙන් වර්ධනය වීම මෙයට හේතුවයි. මේ මිනිස්සු මෙපමණ දවසක් එදිනෙදා කටයුතු කළ වතුර ටික නැතුව මොන දුකක් විදිනවා ඇද්ද? (නි)

:       0       0

අජිත්-ඉතාලි Wednesday, 31 July 2013 07:40 AM

මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේදී නුසුදුසු යයි සලකා ඉවත්කරන රබර් ග්ලවුස් සමහර වෙළෙන්දෝ ලොරි ගණන් පටවාගෙන ගිහින් ගම්වල නිවාසයන් අතරේ වේලනවා. සෝදනවා. ඒවා පරිහරණය සදහා වෙළඳ පොලට යවනවා. මේවා අතරේ සර්ජිකල් ග්ලවුස් පවා තියෙනවා. ඒවා පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට ගෙන යනවා. මේවායින් ඉතිරිවන රබර් කොටස් ගම්මානවල පාලු වතුවල, ඇළවල් වලට, වැඩ නොකරන කුඹුරු වලට ලොරි ගණන් ගිහින් දානවා. මේවත් ඉදිරියේදී රටට කරදරයක් වේවි. බියගම,රතුපස්වල,කටුපොත අවිස්සාවේල්ල යන කර්මාන්ත පුරවලින් තමයි මෙම පරිසර දූෂණය සිදු කරන්නේ. (නි)

:       0       0

නීල් රණා Tuesday, 30 July 2013 01:02 PM

හැමදේටම 'බොරු ෂෝ' විතරයි කියන මිනිස්සුන්ට කිසිම දෙයකට නිවැරදි ක්‍රමවේදයක් හදාගෙන දුෂණයෙන් වංචාවෙන් තොරව ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරගන්න බැරිකම තමයි මේ රටේ ලොකුම ගැටලුව. හැබැයි කයිවාරුවට නම් ඒ වගේ පණ්ඩිතයෝ ලෝකේ වෙන කොහෙවත් නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 30 July 2013 05:33 PM

ජය වේවා අපේ ඇමතිතුමාට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 19 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 269 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1449 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1605 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 562 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1800 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site