IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැති මර්වින් ළිං වතුර ප්‍රශ්නයට මැදිහත් වෙයි

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිංදුවකුත් කියාගෙන වැලිවේරිය රතුපස්වල පිට්ටනියට අද උදේ පැමිණියේය. ඒ වන විට රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ දෙවැනි දිනය උදාවී තිබිණි.

අත්තනගලු ඔය ජල පෝෂක ප්‍රදේශයේ දස දහසක් පමණ දෙනාට තම ළිංවලින් පානීය ජලය ලබා ගැනීමට ඇති අවහිරය වළක්වන ලෙස ඒ හිමියෝ උපවාසය ආරම්භ කළහ.

සිරිධම්ම හිමියනට සහයෝගය දක්වමින් ගැමියෝ ද පිට්ටනියේම උයාගෙන කමින් රැය එහි පහන් කළහ.

‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා‘ යන සිංදුව කියාගෙන ආ ඇමැති හාමුදුරුවන් ළඟට ගොස් වැඳ අද සවස දෙකට ගම්පහ දිසාපති කාර්යාලයයේ රැස්වීමක් පැවැත්වෙන බැවින් එතෙක් උපවාසය අත්හරින්නැයි ඉල්ලා සිටියේය.

සිරිධම්ම හිමියෝ ඊට පිළිතුරක් නුදුන්හ.

‘අපි මේක දෙක වෙනකම් නවත්වමු. දහවල් දෙකට තියන රැස්වීමට යන්න 50 දෙනකු සූදානම් කරමු. ඒ රැස්වීමෙදි බැසිල් රාජපක්ෂ මහතාගෙන් සාධාරණයක් ඉෂඨ වුණේ නැතිනම් මමත් එනවා ඔබවහන්සේත් එක්ක පාරේ වාඩි වෙලා උපවාස කරන්න.

මම ඉරිදා හිටියේ නෑ. අද මෙතනට එද්දී මට දුරකතන ඇමතුම් දහයකට වැඩිය ආවා. ඒත් මම බය නැතිව ආවා. අපි වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නෑ. මට ගල් මුල් ගැසුවොත් ඒවාත් බලා පොරොත්තුවෙන්  තමයි මා ආවේ.‘

පස්වරු දෙකට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බව කියමින් ඇමැති පිටවී ගියේය.

ඉරිදා සත්‍යග්‍රහය ආරම්භ කළ මොහොතේ සිට එතැනට ආ එකම මහජන නියෝජිතයා ඇමැති මර්වින් සිල්වා පමණි.

 



අදහස් (0)

ඇමැති මර්වින් ළිං වතුර ප්‍රශ්නයට මැදිහත් වෙයි

පාලිත Monday, 29 July 2013 12:59 PM

ගරු ඇමතිතුමනි, තවුරු ඔබතුමා ගැන මොනවා කිවුවත් මම ඔබතුමාගේ සමහර වැඩ ඉහළින්ම අගය කරනවා. මම ඔබතුමාගේ අංකය දන්නෙ නැහැ. නැත්නම් අමතනවා (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Monday, 29 July 2013 05:13 PM

සවස 2.00 ට රැස්විම පැවෙත්තුව ද දන්නේ නෑ (අ)

:       0       0

අස්මිත් Monday, 29 July 2013 05:24 PM

ඔබ කුමක් සදහා මෙහි පැමිණියේද? (නි)

:       0       0

ගිහාන් Monday, 29 July 2013 01:20 PM

මෙතුමා ආව නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සරා Monday, 29 July 2013 01:27 PM

බලමු මෙයාගේ සර්විස් එක... (නි)

:       0       0

පි එච් විදානේ Monday, 29 July 2013 05:36 PM

කෝ සුමේධ... (දී)

:       0       0

පි එච් විදාන Monday, 29 July 2013 05:40 PM

අම්මෝ! මේ මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

අසේල ඕමානය Monday, 29 July 2013 05:42 PM

කවුරු බැන්නත් තැනෙ හැටියට ඇනේ ගහන්න දන්නා එකම පුද්ගලයා. (අ)

:       0       0

සමන් Monday, 29 July 2013 05:47 PM

ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ. (නි)

:       0       0

සාලිය Monday, 29 July 2013 10:09 PM

ඇමති තුමා ඔබෙගේ පුතාට කවුද ගහල , (දී)

:       0       0

බී Monday, 29 July 2013 01:54 PM

පොඩි එකා කල්පනා කරනවා ඇති කවුද මේ කියලා.... (නි)

:       0       0

අමිල Monday, 29 July 2013 06:05 PM

ඇමතිතුමනි, ඔන්න ඔබතුමාට පවුලේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් පැමිණිලා නේද? ඕවා ඉතින් කොලු වැඩ. (නි)

:       0       0

ඒකනායක Monday, 29 July 2013 02:09 PM

මෙයා චන්ඩියා වගේම බොහොම හොද කෙනෙක්. (නි)

:       0       0

දනුෂ්ක​- ඩුබායි Monday, 29 July 2013 02:10 PM

මෙතුමට බනින හැම කෙනාම මෙතුමගේ ආසනේ අය නෙවෙයිනේ. කිරිබත්ගොඩ අයට චණ්ඩිපාට් එකෙන් හරි වැඩක් කරපු හොද ඇමතිවරයෙක්,රටේ ඉන්නා අනෙක් දේශපාලකයින්ට වඩා අවංකවම හොද ඇමතිවරයෙක්. (නි)

:       0       0

ටිරල් Monday, 29 July 2013 02:11 PM

කම්හලේ අයව ගස් බදීද ??? (නි)

:       0       0

හේරත් Monday, 29 July 2013 02:11 PM

‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා‘ හාහ්..හාහ්..හාහ්.. (නි)

:       0       0

ප්‍රදී Monday, 29 July 2013 11:19 PM

මර්වින් සිල්වා කෙලින් කතා කරන කෙනෙක්. මම ඒකට නම් හරිම කැමතියි (නි)

:       0       0

පහන් මඩුගල්ල Monday, 29 July 2013 02:25 PM

"'කව්ද කිව්වේ මරුන කියල කවට අන්දරේ කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ"'..... කියාගෙන තව මිනිහෙක් එතෙනට ගියාලු (දී)

:       0       0

පියල් Monday, 29 July 2013 02:37 PM

සෝබන වැඩ..අදාල කෙනා එන්නේ නැතුව මෙය ඇවිත් වැඩක් නැහැ (දී)

:       0       0

අසිත Monday, 29 July 2013 10:46 AM

ඔන්න වීරයා ආවා (නි)

:       0       0

ශෙල්ටන් Monday, 29 July 2013 10:55 AM

අපිට ආරංචි උනේ ..කම්හලෙන් අස්කරපු කිහිප දෙනෙකුගේ වැඩක් කියලා. අපිනම් දන්නේ නැහැ. (ස)

:       0       0

සම්පත් Monday, 29 July 2013 10:59 AM

දැන් ඉතින් සම හරක් මර්වින් සිල්වාව පතුරු ගහයි, හැබැයි ඉතින් කාටත් බැරි වැඩ කරන්න එතුමාට පුළුවන්. (නි)

:       0       0

කුමාර Monday, 29 July 2013 11:05 AM

මිට කලිනුත් අත්තනගලු ඔයේ අත්තක් වන දඬුගම් ඔයේ මාළු මැරෙණ ප්‍රශ්නයක් තිබුනා.ඒ වෙලාවේ ගඟට රසායන ද්‍රව්‍ය මුදාහරින කර්මාන්ත ශාලා ගැන මහජනයා පැමිණිලි කලත් එය යට ගැහුවා. (නි)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 11:07 AM

කෝ කව්රුවත් වතුර බෝතල් ගල් එහෙම ගෙනාවේ නැද්ද, අර ජීවන් ඇමතිතුමාට ‍වගේ .... (නි)

:       0       0

පිටිගල Monday, 29 July 2013 06:50 PM

එහෙනම් ප්‍රශ්නේ විසදෙයි (නි)

:       0       0

ද සිල්වා Monday, 29 July 2013 06:53 PM

ඔබතුමා සිංදුවක් එහෙම කියලා කල් යල් බලලා තව අවුලක පැටලිලා... අලුත් වැඩක් කරන්න හදනකොටම , පුතාට කවුද ගහලා. මේකට තමයි කියන්නේ පුදනකොටම කාපි යකා කියලා (නි)

:       0       0

සුනෙත් Monday, 29 July 2013 11:12 AM

බොරු කයිවාරු නම් අපිට වැඩක් නැහැ ඔන්න (නි)

:       0       0

ගනේගොඩ Monday, 29 July 2013 11:13 AM

කම්හලින් අස්කරපු කිහිප දෙනකු කොහොමද ගම් කිහිපයක ලිං වතුර අපිරිසිදු කරන්නේ? (නි)

:       0       0

කසුන් Monday, 29 July 2013 11:14 AM

මොකද ‍ මේ ජනතාවට මේචචර කරුණාව.. (නි)

:       0       0

රූපවතී Monday, 29 July 2013 07:00 PM

මිනිසුන්ගේ අසරණකමක මහත! (නි)

:       0       0

උපුලි Monday, 29 July 2013 11:20 AM

උපවාසකරුවන්ට හිතෙයිද දන්නේ නෑ කදුළු ගෑස් ගැහුව නම් මීට වඩා හොඳයි කියල. (දී)

:       0       0

ජනිත් Monday, 29 July 2013 03:20 PM

මිනිස්සුන්ට කවුරු හරි කමක් නැහැ කාගෙන් හරි නිසි පිළිතුරක් තමයි ඕනේ (දී)

:       0       0

දන්නෝ දනිතී Monday, 29 July 2013 11:28 AM

කම්හලෙන් අස්කරපු කිහිප දෙනා තමා මේක හෙළිකලේ , දන්නෝ දනිතී (දී)

:       0       0

බණ්ඩාර Monday, 29 July 2013 11:32 AM

ජනතා ප්‍රශ්නයකනේ ඔබතුමා මැදිහත් වූ එක හොදයි (දී)

:       0       0

ලුම්බිණි Monday, 29 July 2013 11:30 AM

මේකට සිංහල භාෂාවේ වෙනම වචනයක් තියෙනවා විස්තර කරන්න. (දී)

:       0       0

චමිල Monday, 29 July 2013 11:36 AM

දන්නෝ දනිති ..නොදන්නා දේ කියන්න එපා. වතුර සාම්පල් බලන්නේ නැතිව දඩුවම් ලබපු අයගෙන් අහල වෙඩක් තියෙනවද. ඔහොම විරෝදතා කරන්න ගියොත් ලංකාවේ සේරම කම්හල් වහන්න වීවී. (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 29 July 2013 07:16 PM

ඇමතිතුමා මෙතෙන මොනවා කරනවාද මන්ද? අන්න අරහේ පුතාට ගහලා (දී)

:       0       0

උපාලි Monday, 29 July 2013 11:41 AM

"සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා". අනේ මට හරියට තේරුනේ නැහැ මේක කිව්වේ කවුද කියලා. මේක කිය කියා ආවේ ඇමතිතුමාද? නැත්නම් ඇමතිතුමා එනවා දැකල උපවාසකාරයෝ කිව්වද? (නි)

:       0       0

රවිනාත් Monday, 29 July 2013 11:46 AM

කම්හලෙන් අස් කල අයද වතුර දුෂණය කලේ? නැත්නම් ඒ අය ජලය දුෂණය වෙන ආකාරය හෙළි කළාද? නිවැරදි සහ පිළිගත හැකි පර්යේෂණයක් මගින් ජලය දුෂණය වූ ආකාරය වහාම සොයා බැලිය යුතුයි.කර්මාන්තෂලවකින් භූ ගත ජලයට අපද්‍රව්‍ය එකතු වන්නේ නම් නියමිත ක්‍රමවේදය අනුගමනය නොකිරීම පිලිබඳ වගකීම කම්හල බාරගත යුතු අතර ප්‍රදේශවාසී මහජනතාවට සිදුවූ අලාබයට වන්දි ගෙවීමත් කල යුතුය. පරිසර අදිකාරිය සතුව තිබෙන බලතල අනුව එවැනි කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමීමේ හැකියාව ඇති අතර ඔවුන් තම යුතුකම හා රාජකාරිය පැහැර ඇත්තේ ඇයිද යන්නත් සොයා බැලිය යුතුය. මේ සඳහා ප්‍රදේශවාසීන්ගේ එකමුතුව ඉතා වැදගත් වන අතර පරිසරය දුෂණය කරමින් මුදල් සොයන කර්මාන්ත කරුවන ගේ ඇස් අරවන සහ ඔවුන් නිවැරදි කරවන තීන්දුවක් ලැබෙන තුරු සටන ඇත නොහරින මෙන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිමි (දී)

:       0       0

රත්නායක Monday, 29 July 2013 11:46 AM

දිගටම සටන කරගෙන යන්න සාධාරණය වෙනුවෙන් කැප වෙන්න (දී)

:       0       0

පි.ඩි විදානගේ Monday, 29 July 2013 11:48 AM

ඔන්න මෙර්වින් ඇමති තුමෝ තවත් වැඩක් පෙන්නවන්න හොද අවස්තාවක් (දී)

:       0       0

සේනාදීර Monday, 29 July 2013 11:49 AM

අපිට ඕනේ ප්‍රස්නේ විසදා ගන්න මිසක් කොහෙවත් යන ඇමති වරුනට ප්‍රස්සිද වෙන්න නෙමේ.. (දී)

:       0       0

දිසානායක Monday, 29 July 2013 03:57 PM

මෙම රැස්වීමෙන් පසු කෙටිකාලීන සහ දිගුකාලීන විසදුම් දෙකක් අපේක්ෂා කරමු.කෙටිකාලීනව පානීය ජල කළමනාකරණ ඇමති නමින් තවත් ඇමතිවරයෙක් නම් කිරීම. දිගුකාලීනව ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ තම මිනරල් පානීය ජල ව්‍යාපෘතියකට අත දීම.. (නි)

:       0       0

බණ්ඩා Monday, 29 July 2013 04:03 PM

ඔබයි අපේ අනාගතය... (නි)

:       0       0

කුමාර් Monday, 29 July 2013 04:08 PM

අනේ බලන්න මුනේ තියෙන අහිංසක කම, (දී)

:       0       0

ශාන්ත ලාල් Monday, 29 July 2013 12:06 PM

මෙතුමාට කළ නොහැක්කක් නොමැත (නි)

:       0       0

මලකි Monday, 29 July 2013 12:09 PM

චමිලට පිස්සු හොදටම වැඩිවෙලා. වතුර සාම්පල් බලපු නිසා දැනගත්තේ වතුරට විස මුසුවෙලා කියලා. (නි)

:       0       0

රත්නායක Monday, 29 July 2013 04:14 PM

ඇත්තටම මෙතුමා ආවානම් මේ ප්‍රශ්නය විසදනවා (දී)

:       0       0

නාමල් Monday, 29 July 2013 08:05 PM

රැස්වීමේ විස්තර පලකරන්න. යටගහයි මේකත්? ඒ ගැන පත්තර වලින් හොයන්න ඕනේ. (දී)

:       0       0

දනුෂ්ක - ඩුබායි Monday, 29 July 2013 12:18 PM

නියම වැඩකාරයෙක්.....අවංකවම හොද ඇමතිතුමෙක්...... (දී)

:       0       0

වසන්ත Monday, 29 July 2013 12:24 PM

ආණ්ඩුවේ ඉන්න හොදම වැඩකාරයා ගේමට බැස්සා... (නි)

:       0       0

ගිම්හානි Monday, 29 July 2013 12:37 PM

සමහර අයගේ අදහස් වලින් පේනවා කොයිතරම් බුද්ධිමත් මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා. (නි)

:       0       0

සරත් අතාවුද Monday, 29 July 2013 04:56 PM

ඔන්න එතනටත් ආවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 233 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1261 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1460 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 508 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1701 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1751 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37034 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site