අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (19) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය.
එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය විසින් අමාත්‍යවරයාව පිළිගත්තාය.
පසුගිය කාලය තුලදී අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කළ පැමිණිලි 1500ක් පමණ විමර්ශනයට නොගෙන යට ගසා තිබු බවත් ඒවා සියල්ලම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විමර්ශනය කරන බවත් අමාත්‍යවරයා නිරීක්ණය අවසානයේ මාධ්‍ය අමතමින් කීවේය.
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමැති යටගිය අල්ලස් ෆයිල් එළියට අදී
ගාමිණි Wednesday, 25 February 2015 09:46 AM
ෆයිල් එළියට ගත්තට වැඩක් වෙන්නේ නෑ.(හේ)
පියුමි Thursday, 19 February 2015 09:41 AM
නියම වැඩේ.ඔන්න යහපාලනය.(හේ)
දුමින්ද Thursday, 19 February 2015 09:55 AM
කෝප් එකට අහුවෙලා සුබ අනගතයට පීලි මාරු කරපු අයගේ ඒවාද?(හේ)
ලසිත් Friday, 20 February 2015 11:07 AM
ඉතිහාසේ කොහේවත් අල්ලස් ගත්ත මන්ත්‍රි ඇමති කෙනෙක් ගැන සදහන් වෙන්නේ නෑනේ (අ)
නන්දලාල් Thursday, 19 February 2015 09:59 AM
ඒ වුනාට ඒ ඔක්කොම ෆයිල් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නැහැ නේද?(හේ)
සුනෙත් Thursday, 19 February 2015 10:06 AM
නුගේගොඩ දැකලා කලබල වෙලා වගේ මට හිතෙන්නේ (දිල්)
සේනාදීර Thursday, 19 February 2015 10:11 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේක (දිල්)
තිලක් Thursday, 19 February 2015 11:15 AM
නුගේගොඩට ඔතරම් සෙනගක් ආවා කියා පුරසාරම් දොඩනවානම් ඇයි පසුගිය මැතිවරණය පරාජය වුනේ.(හේ)
රොෂාන් Thursday, 19 February 2015 11:25 AM
බොහොම හොද වැඩක් ඔක්කෝගේම ෆයිල් බලන්ඩ. ෆයිල් අස්ථානගත වෙන්නත් පුලුවන් (නදී)
මනෝජ් විජේරත්න Thursday, 19 February 2015 11:35 AM
අපිට මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ. ඔය විමර්ශන වලින් කවුරු හරි අත්අඩංගුවට අරගෙන ඔහු වංචා කරපු මුදල් රටේ ජනතාවගේ සුබසාදනයට යොදවන්නේ කවදද? මමත් අලුත් ආණ්ඩුව පත්කරන්න ඡන්දය දුන්න කෙනෙක්. ඒ නිසා මට එහෙම අහන්න අයිතියක් තියෙනවා. (නදී)
ක්‍රිෂාන්ත Thursday, 19 February 2015 11:36 AM
රටේ දේශපාලන හොරු අහුවෙනකල් රටේ ජනතාව බලා ඉන්නවා (නදි)
කිරින්ද Thursday, 19 February 2015 11:47 AM
තිලක්ගේ කතාවට මමත් එකඟයි. බුලත් කොලේ සමගියෙන් හපපු කට්ටියට හපේ එලියට දාගන්න පඩික්කමක් නැතුවයි ඉන්නේ. (නදී)
දිනේෂ් Thursday, 19 February 2015 12:15 PM
තාම නම් එක හොරෙකුගේ වත් ෆිලේ එකක් හම්බ වෙලා නැ. අනේ මංද දින 100 නෙමෙයි මාස 100 විතර ඕනේ කියයිද දන්නේ නැ (අ)
පිටබැද්දර ජයා Thursday, 19 February 2015 12:24 PM
අන්න හරි නීතියට නීතියට. , මට හරි ආසයි ගොඩක් එපා එක්කෙනෙක් වැලිකඩ කුරු ගනිනවා බලන්න (නදී)
පාරමී Thursday, 19 February 2015 12:31 PM
රටක නීතිය හැම කෙනෙකුටම එකක් විය යුතුය. මොන ආගමක පක්ෂයක ජාතියක උවත් රටේ සිටින්නේ එකම පුරවැසියන්. එසේනම් නීති දෙකක් තියෙන්න බැහැ. (නදී)
අජිත් Thursday, 19 February 2015 12:45 PM
තිලක්, නුගේගොඩ තියෙන්නේ උතුර නැගෙනහිර නෙමේ නේ.(නදී)
මගලී ෆොන්සේකා Thursday, 19 February 2015 01:04 PM
ගාලු මුවදොරට පාප් වහන්සේ ඇවිල්ලත් ඉන්න පුළුවන් උනේ ලක්ෂ පහයි. අපි නොදන්නා නුගේගොඩ. ඉතින් තිලක් කියනවා වගේ ඔච්චර සෙනග හිටියා නම් අැයි පැරදුනේ. බයේ නෙමේ සේරම්ගේ ෆියිල් අදින්න ඕනි. ඇදල විතරක් මදි හිරේ යවන්නත් ඕනි (නදී)
ඇසළ Thursday, 19 February 2015 01:12 PM
කිරින්ද දන්නේ නැතුව වගේ පඩික්කම පහුගිය කලේ අයින් කරලා තිබුනේ පරණ වැඩි නිසා. දැන් ආයිත් පොලිෂ් කරලා ගිය ඡන්දෙදි එලියට ගත්තා. (නදී)
ක්‍රිස් Thursday, 19 February 2015 01:15 PM
එලියට අදිනවා විතරයි ජනතාව රවට්ටනවා (නදී)
මහරගම රුකී Thursday, 19 February 2015 01:46 PM
නුගේගොඩ හිටපු සෙනග ඇදපු පෞගලික බස් රථ ගාල් කරපු ඒවා මම දැක්ක , දකුණේ බොහෝ පළාත් වලින් මේ සෙනග ගෙනාවේ , හවස ඒ ආපු ජනතාව අතරමන් වෙලා ආපු බස් සොයා ගන්නට බෙරුව. ස්වේච්චාවෙන් ආපු ජනතාව නොවේ (අ)
ලසන්ත Thursday, 19 February 2015 02:35 PM
මේකත් මාධ්‍ය සංදර්ශනයක් වෙයිද (අ)
නිශාන් Friday, 20 February 2015 03:53 AM
හොඳ ආදර්ශයක් දෙන්න. ලොකු පොඩි බේදයක් නැතුව විමර්ශනය කරන්න. අපේ සුබ පැතුම්. (නි)
චන්ද්‍ර වීරසිංහ Sunday, 22 February 2015 12:20 AM
මේ නිකන් සවුත්තු වෙන්න එපා හුරේ දාලා. බේතකටවත් හොයා ගන්න තියෙනවද අල්ලස් ගෙන දඬුවම් ලැබුණු දේශපාලකයෙක් (නදී)
චන්ද්‍රා Thursday, 19 February 2015 04:04 PM
අදිනවා වගේම විසඳලත් තමා ගොඩ අඩු කරන්න ඕන , විසදන පැත්තත් වේගවත් කරන්න, (අ)