IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඇමැති රට බීමහල වහයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල නගරයේ සුපිරි වෙළද සැලක් සඳහා අලුතින් ලබාදුන් රට බීමහලක බළපත්‍රයක්  ගම්වාසීන්ගේ විරෝධය හේතුවෙන් තාවකාලිකව අවලංගු කිරීමට  අද (10) අදාළ අංශ පියවර ගෙන ඇත.

වාරියපොල ප්‍රාදේශීය ලේකම්වරිය තම තනි මතයට මෙම බළපත්‍රය ලබාදුන් බවට චෝදනා කරමින් අද  උදෑසන වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් විරෝධතාවයකට එක්ව සිටියහ.

එම අවස්ථාවේ එහි පැමිණි ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා බළපත්‍රය තාවකාලිකව අවලංගු කළ බව  විරෝධතාකරුවන්ට පැවසීය.

මෙම විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි සමස්ථ ලංකා සාසනාරකෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ගොනුකල විරෝධතාවයන් නොසලකා තනි මතයට වාරියපොල ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම මත්පැන් බළපත්‍රය ලබාදී ඇතැයි පැවසූහ.

 ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මිය හමුවී ස්වකීය අප්‍රාසාදය පළකළහ.

එම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතා විරෝධතා හමුවේ මෙම මත්පැන් බළපත්‍රය ලබා නොදෙන ලෙස තමන් ජනාධිපති ලේකම්වරයා පවා හමුවී ඉල්ලා සිටි බවයි.

එහෙත් එවන් වාතාවරණයක් මත විරෝධතා පවා තිබියදී ප්‍රාදේශීය ලේකම්වරිය මෙම බළපත්‍රයට තම තනි මතයට අනුමැතිය ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (17)

ඇමැති රට බීමහල වහයි

Nimal Monday, 10 July 2023 02:24 PM

අත යට කීයක් ගනු දෙනු වුනාද? සමස්ත රජ්ය සේවයම අන්තයටම පිරිහිලා.

:       3       2

පැරකුම් Monday, 10 July 2023 03:38 PM

මත්වතුර බීම තහනම් කළ නොහැක. එසේ නම් මස්කඩ, මාලුකඩ බොරුකියන මාධ්‍ය ඔක්කොම තහනම් කරමු.

:       13       38

thilakMonday, 10 July 2023 04:34 PM

මස්, මාලු කෑවාම මිනිස්සු කාණුවල වැටිලා ඉන්නවාද?

:       14       18

kapila Monday, 10 July 2023 04:30 PM

රටේ තරුණ පරපුර වනසන බාර් වැසීමේ රැල්ල මුළු රටේම ඇතිවිය යුතුයි...

:       10       20

susantha Monday, 10 July 2023 04:36 PM

සුපිරි වෙළඳ සැලට බලපත්‍රයක් දුන්නාම ඇමැතිට ඒක ගන්න බැරිවෙනවනේ. දැන් ළඟදිම පවුලේ කෙනෙක්ට හරි, හෙංචයියෙකුට හරි ඔය ළඟින්ම බාර් එකක් දාගන්න බලපත්‍රයක් අරගෙන දේවි ඔය ඇමැතියා. ඉන්න තරමක් ඉන්නේ කලදුටු කළ වල ඉහගන්න පල්හොර තක්කඩි ඇමැතියොනේ...

:       1       27

dilip Monday, 10 July 2023 05:04 PM

වාරියපොළ තව බාර් තියෙනවනේ... ඇයි ඒවා වහන්න ඕනෑ නැද්ද?

:       0       27

sriyal Monday, 10 July 2023 06:41 PM

හාමුදුරුවන්ට වෙන වැඩ නැද්ද බලහත්කාරකම් කරලා වීරත්වය පෙන්නනවා ඇරෙන්න. සංඝරත්නය කරන්නේ අනුන්ට අවශ්‍ය දේවල්...!

:       6       17

Jagath Wickramasekara Monday, 10 July 2023 06:59 PM

මුන්ගේ බොරු ... රෑට හොඳට බොනවා...

:       3       15

සෞම්‍යා Monday, 10 July 2023 08:44 PM

හාමුදුරුවෝ ගිහියෝ හදන්ඩ කලින් පැවිද්දෝ හදාගන්ඩ. තුන්කොන් දාන උන්නාන්සේලා ඉද්දි ගිහියන්ට බොන්ඩ එපා කියල හරියන්නේ නැහැනේ

:       0       2

prasanna Monday, 10 July 2023 10:01 PM

අනිත් බාර් වලින් තමා මේක කරන්නේ .ඇයි එහෙනම් අනිත් බාර් වලට විරුද්ධ නැත්තේ .අවට බිස්නස් අඩුවන නිසා

:       0       3

ලුම්බිණි Tuesday, 11 July 2023 04:32 AM

මේ වගේ විරෝධතා හාමුදුරුවරු අපචාර කරලා අහු උනාමත් තියෙනවා නම් නේද හොඳ අපේ හාමුදුරුවනේ?

:       0       4

Bamunuarachchi Tuesday, 11 July 2023 06:53 PM

ඕවා කවුරුත් දන්නවා. සුදනෝ වගේ කථාකලාට තමන් ගැනත් හොයා බලන්න.

:       0       0

Akila Tuesday, 11 July 2023 09:42 AM

සුපිරි වෙලද සල ඉදිරිපිට එක තියන එකත් වහනවද

:       0       4

Sumathipala Tuesday, 11 July 2023 10:18 AM

කස්සිප්පු නිශ්පාදකයන්ට සහන මිලට එය නිශ්පාදනයට අවශ්‍ය බදු සහන මිලට ඉපයිය යුතුයි.

:       0       1

Haramanis Tuesday, 11 July 2023 12:59 PM

වයින් ස්ටෝර්ස් එකක් විවෘත කළාට නොමිලේ නැහැනේ... දාස්ගණන් අයනේ ගන්නේ..

:       0       0

Bamunuarachchi Tuesday, 11 July 2023 06:57 PM

මේ කාලකන්නි නිසා අපිට බීම බෝතලයක් ගන්න ඈත බීම සාප්පුවලට යන්න වෙනවා. ඔය විරුද්ධ වෙන අය බොන්නේ කසිප්පු. සුපර් මාකට් වලින් බීම ගන්නේ නැහැ...

:       0       0

Jayalath Wednesday, 12 July 2023 04:17 AM

බාර්වලින් නෙවෙයි, මිනිස්සු බේරගන්න ඕනෑ... මත්ද්‍රව්‍යවලින් අන්න ඒකට විසඳුමක් හොයපල්ලා බොරු වැඩ නොකර...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 80 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 118 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 155 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 42 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 171 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1257 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site