IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති

මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් අමාත්‍යාංශ නිල රථ භාවිතා නොකොට දුම්රියෙන් මහනුවරට පැමිනීම විශේෂ සිදුවීමක් විය.

එම උත්සවයට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පෙරේදා (07) කොළඹින් පිටත් වූ පොඩි මැණිකේ දුම්රියෙන් එදින පෙරවරුවේ මහනුවරට ළඟා විය.

ජනාධිපතිවරයා ගේ දැක්මට අනුව රාජ්‍ය වියදම අවම කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඔවුන් එසේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් මහනුවරට පැමිණි බවයි පවසා සිටියේ.

ෂේන් සෙනෙවිරත්න

 

 



අදහස් (19)

ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති

pakeer Wednesday, 08 February 2023 04:54 PM

හොඳ උත්සාහයක්... සාර්ථක වේවා..!

:       13       41

podi mole Wednesday, 08 February 2023 05:02 PM

නිකන් ගොන් පාට් දාන්නේ නැතිව මාසයක් බස් එකේ ගිහින් පෙන්නන්න මහත්වරු...

:       0       1

Ruhunu Wednesday, 08 February 2023 05:03 PM

මේවා රඟපෑම් විතරයි. කකුළුවන් කවද්ද කෙළින් ගියේ..? 

:       19       34

හර්මානිස් Wednesday, 08 February 2023 05:06 PM

මහාමාන්‍ය සේනානායක මැතිතුමා සහ කොතලාවල මැතිතුමා ඉස්සර අනුරාධපුර වගේ ප්‍රදේශවල යද්දී දුම්රිය මගින් ගමන් පහසුකම් ලැබුවා කියලා අහන්න ලැබුණා ඉතින් ඒකට සමහරක් දේශපාලුවන් ඉතාමත් අකැමැති නිසා ලංකාවේ දුම්රිය මාර්ග ක්‍රමක්‍රමයෙන් වහන්න සූදානම් වෙලා... 1975 හෝ 1976 එක් මාර්ගයක් වැහුවේ ඊළඟ වතාවේ දිනලා අනෙක් ටිකත් වහන්න තමයි... ඒත් ඒ වතාවේ පැරදුණා.. ඔවුන් වඩා කැමති අධිවේගී මාර්ග හදන්න තමයි මොකද කොමිස් කුට්ටිය ගන්න ඊට පස්සේ අලුත්වැඩියා සඳහා කොමිස් කන්න..

:       3       26

උපාලි Wednesday, 08 February 2023 05:56 PM

ධනාත්මකව දකිමු. හොඳ ආදර්ශයක් වේවා...!

:       12       33

අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 06:03 PM

ඒක හරියට අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්, අවුලක් නැහැ... තව ටික දවසයිනේ. ඒ ටික දවසටත් ගන්න තියෙන දේවල් ඔක්කොම ගන්න.

:       18       12

Nisha Wednesday, 08 February 2023 06:12 PM

නාට්‍ය හා රංගකලාව මැනවින් ප්‍රගුණ කිරීම...

:       11       32

දාස Wednesday, 08 February 2023 06:29 PM

මේ බොරු සංදර්ශන, ඕවා මිනිස්සු පයිසෙකට ගණන් ගන්නේ නැහැ...

:       10       28

රාලහාමි Wednesday, 08 February 2023 06:38 PM

ළඟදීම ඔක්කෝටම ඔහොම තමයි යන්න වෙන්නේ. සෙකුරිටි කුක්කොත් නැහැ. හැබැයි ඉතින් හොරුන්ට නම් ගුටිකාලා මැරෙන්න වෙන්නේ මහාපාරේදී හෝ කෝච්චිය ඇතුළෙදී. මේ දෙන්නත් ඔය ලොක්කන් වගේ ගියාට වටේම කුක්කෝ ඉන්නවා.. නැත්නම් මෙලහකටත් දෙන්නාම ඉස්පිරිතාලේ නැත්නම් අපායට ඇදගෙන ගිහිල්ලා...

:       10       19

නලින් Wednesday, 08 February 2023 06:58 PM

මහනුවර සිට පල්ලෙකැළේට යන්න පාවිච්චි කරපු වාහන කොළඹ ඉඳන් ගිහිපු ඒවා නෙවෙයි කියලා කියන්න බලන්න....

:       7       42

පැරකුම්Thursday, 09 February 2023 06:48 AM

හරියට හරි. ඒගොල්ල සංදර්ශණයට කොිච්චියෙන් ගියාට නිලරථ මහපාරෙන් එනව. බලන්න බොරුද කියල.

:       2       6

C..K.Lankaputhra Wednesday, 08 February 2023 07:24 PM

මේවා බොරු ශෝ නෙවෙයි කියල ඉදිරියටත් අනුගමනය කරල අපට පෙන්වන්න. ඒ ගැන අපි අවදියෙන්.

:       0       7

ගමේ එකාලා Wednesday, 08 February 2023 07:26 PM

බොරු ෂෝ. දූෂිත දේසපාලුවන්ගෙන් මොන ආදර්සද? හරිනම් ඕවා මුල ඉන්දළම රටට පෙන්වන්ඩනේ තිබුනේ?

:       1       3

Prabha Wednesday, 08 February 2023 09:02 PM

බලමු ආපහු එන්නේ මොකේද කියලා?

:       0       1

anuradha Thursday, 09 February 2023 01:10 AM

ක්‍රිකට් ගහන්න විතරක් නෙමේ රංගනයත්ද න්නවා

:       0       3

Left voter Thursday, 09 February 2023 08:33 AM

මහනුවර ඉදලා කොළඹ ආපු විදිය පෙන්නන්ඩ. මේ හෝතම්බු දෙන්න මෙහේ ඉදං වාහන යනවා නම් වැඩක් නැනේ

:       0       5

sharm warn Thursday, 09 February 2023 01:50 PM

එ කොච්චි පෙට්ටියෙ මුන් දෙන්නයි ආරක්ශකයො ටිකයි ඇරුනම වෙන මිනිස්සු ගිහින් නෑ වගේ පෙනෙන හැටියට..

:       1       4

Perera Thursday, 09 February 2023 11:13 PM

එංගලන්තේ ,නවසීලන්තේ එහෙම මැති ඇමතිලා පාර්ලිමේන්තු එන්නෙත් දුම්රියේ ,බස් එකේ මිනිස්සු එක්ක ,පුලුවන්නම් ඔහෙලත් එහෙම එන්න .මේවා බොරු ෂෝ

:       0       0

චතුරි Friday, 10 February 2023 04:26 AM

මුන් මේ කාව අන්දන්න ද යන්නෙ. මේදා සැරේ පුතෝ උඹලා බඩ ගාගෙන ගියත් චන්දේ නම් ලැබෙන්නෙ නැහැ. බොරු සෙවල. ලගදිම මාලිමාවෙන් උඹලගේ යන දිසා උතුර දකුන මාරුවෙනවා. කල දසා උඩු යටිකුරු වෙයි ලගදීම. කූරු ගනන් කරයි හිටගෙන අලියො. පොහොට්ටු. අත්. පොරෝ මේ සේරම එකම කුටියේ. ඔය තරම්ම හොදලමයි. නම් නිල නිවාස නිල රථ සේරම භාර දෙන්න. උඹලා තවමත් ගොන්නු වගේ ජනතාවනම් දැන් බුද්දිමත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 684 1

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1037 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 347 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 427 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1382 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1204 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 841 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site