IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමැති සමඟ 70ක් මෛත්‍රීට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද,  පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකු ද, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකු ද සමග සමස්ත ලංකා මහජන කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කැප වන බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ 2005 සිට මේ දක්වා ඇමැතිකම් දැරූ තමා දැනට දරන ඇමැතිකමින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

බද්යුදීන් මහතා මෙසේ ද කීවේය.

‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්නට අපි උතුරු නැගෙන හිර විශාල වැඩ කොටසක් කළා. ඒ වගේ යුද්ධයේ දි අපි අවශ්‍ය සහයෝගය  දුන්නා. යුද්ධය ජයග්‍රහණය කර සාමය උදාකර දීම සම්බන්ධයෙන් ජනාධිපතිටත්, ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු අපි හිතුවේ මේ රටේ සියලු ජාතීන්ට ගැටළුවක් නැතුව සාමකාමීව ජීවත්වෙන්න හැකි වෙයි කියලයි.

2010 වසරෙදිත් අපි මහින්ද රාජපක්ෂ මහත්මා දිනවන්න කැපවුණා. ඉන් පසු රටේ සංවර්ධනයක් ඇති වුණා. නමුත් වසර දෙකක පමණ කාලයක ඉඳන් මේ රටේ නැවත ප්‍රශ්න මතු කරන්න උත්සාහ ගත්තා. ආගම්වාදය, ජාතිවාදය අවුස්සන්න උත්සාහ ගත්තා.

අලුත්ගම සිද්ධිය සැලසුම් සහගතව ඇති කළ දෙයක්. එය නවත්වන ලෙස ඉල්ලුවත් නැවත්තුවේ නෑ. ඉන් පසු දිගින් දිගටම විවිධ සිද්ධි ඇති කළා. මේ පුංචි රටේ අපි සමගියෙන් ජීවත් වුණේ. එය නැති කරන්න උත්සාහ කළා. අපි කොපමණ කීවත් එය නැවැත්තුවේ නෑ.

සිරිසේන මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි අධ්‍යයනය කළා. අද අපි හදිසියේ තීරණයක් ගත්තා මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනවන්න. ‘

මෛත්‍රීපාල සිරිසේන මහතා -

‘අද සියලු කටයුතුවලින් මහින්ද රාජපක්ෂ මහත්මයා අසමත් වෙලා. රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ සහායෝගයත් අපට ලැබීමෙන් පසු පක්ෂ හා සංවිධාන 48ක සහායෝගය අපට තිබෙනවා.  

අපි කිසි දිනක යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. එල්ටීටීය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ.‘

_DSC0366 _DSC0406 _DSC0415 _DSC0425 _DSC0481 _DSC0491



අදහස් (0)

ඇමැති සමඟ 70ක් මෛත්‍රීට

දයා අලහාකෝන් Monday, 22 December 2014 11:48 AM

තව එනවා, මග එනවා පෙරහැර එනවා. මෛත්‍රිය බුදුන් විසින් දෙසු දහමකි. බලගතු ශක්තියක් එහි ගැබ්වී ඇත (නදී)

:       0       0

සුරියප්පෙරුම දසනායක Monday, 22 December 2014 11:49 AM

මෛත්‍රී ඔබට ජය ශ්‍රී (නදී)

:       0       0

කසුන් Monday, 22 December 2014 05:05 PM

ජය වේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

අශාන් Monday, 22 December 2014 11:49 AM

වික්‍රම, මේ ආණ්ඩුවේ තියෙන වැරැද්ද කෝටි ගණන් ජනතා මුදල් ගසා කෑමයි. නොයෙකුත් දුෂකයන් ආරක්ෂා කිරීමයි. එහෙම නොකරන සන්දානයකට කවුරු එකතු වුනත් කමක් නැහැ. (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 December 2014 04:52 AM

ඔය දැන් ටික ටික බළල්ලු එලියට පනින්නේ. (ස)

:       0       0

ඈපා උපසේන Monday, 22 December 2014 05:05 PM

මෛත්‍රී ඔබට ජයෙන් ජය වේවා. (නදී)

:       0       0

හිරු Monday, 22 December 2014 05:07 PM

කෝ බන්දුල මහතා පේන්න නැත්තේ ඇයි ? (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 24 December 2014 12:10 PM

දැන් 70න් අඩුවෙලා නේද ? (නදී)

:       0       0

අරුණ ප්‍රියශාන්ත Monday, 22 December 2014 11:56 AM

සතුට තාවකාලිකයි. හොඳින් සිතා බලන්න (නදී)

:       0       0

ටෙනිසන් Monday, 22 December 2014 11:57 AM

වසර 30ක් පුරා පැවති යුද්දයෙන් මිය ගියේ 99% ක්ම සිංහල කොල්ලෝ. එහෙම එක් සේසත් කල රට, තුනට කඩන්න, පෙර ගමන් යන සැමට ජයවේවා කියන්නේ සිංහලයෝද ? (නදී)

:       0       0

හසිත් Tuesday, 23 December 2014 05:10 AM

ජනතාවට පිවිතුරු හෙටක් ගෑන කලින්ම තේරුනොත් හොඳයි (නි)

:       0       0

සූරෙයප්පෙරුම දසනායක Monday, 22 December 2014 12:00 PM

තව කට්ටියක් එනවා මෛත්‍රී ඔබට ජයශ්‍රී (නදී)

:       0       0

නෞෆර් Monday, 22 December 2014 12:01 PM

ජයවේවා! (නදී)

:       0       0

කලන Wednesday, 24 December 2014 04:44 AM

ත්‍රස්තවාදයෙන් බැට කෑ අය රට පාවාදෙයිද? කවදාවත් නැහැ. (නි)

:       0       0

සේන Monday, 22 December 2014 12:01 PM

මෛත්‍රී පස්සේ කව්රු ගියත් කෙලෙහි ගුණ දන්නා ගමේ අපි මහින්දටම තමයි (නදී)

:       0       0

සරත් පියසේන Tuesday, 23 December 2014 05:16 AM

එහෙට 70ක් යනකොට නිදහසට කැමති 65000 ක් මහින්දට යන බව මතක තියාගන්න (නි)

:       0       0

ජයන්ති කවිරත්න Monday, 22 December 2014 05:20 PM

ඉවසීමෙන් හැමදෙනාම. නීත්‍යානුකුල ජීවිතයක් පතන්නෙමු. අප සැමට ජයශ්‍රී! (නදී)

:       0       0

ටෙනිසන් Monday, 22 December 2014 05:25 PM

අශාන්,මෙහෙන් නොලැබෙන දේ එහෙන් දෙනවා කියනවා නම්?රාජිත, රනිල් හා චන්ද්‍රිකාගේ ඉතිහාසය නිවීහැනහිල්ලේ මෙනෙහි කරන්න. මහින්දට මම කඩේ යන්නේ නැහැ. මෛත්‍රී හොඳයි.නමුත් ටිකක් හිතන්න වටේ ඉන්න අයගෙන් ඔහුට ගැළවිය හැකිද? (නි)

:       0       0

සරත් පියසේන Tuesday, 23 December 2014 05:19 AM

විමුක්ති, මේ අයට ඕවා දන්නේ නැහැ පැටියෝ (නදී)

:       0       0

ධනුෂ්ක Monday, 22 December 2014 12:09 PM

රටකට ඕනේ අපමණ අගයක්..... හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්..... ඔබට ජය මෛත්‍රී (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Tuesday, 23 December 2014 05:27 AM

මේ අදහස් දකිද්දි මට පුදුම හිතෙනවා මේ ඉන්නෙ සිංහල අයද කියල. මේ තරම් අන්තවාදය වපුරපු කෙනා සුද්ද කරන්නෙ හරියට මැරිල ඉපදුනා වගේ. මෛත්‍රී දිනුවොත් රට තුනට නෙවෙයි ඊට වඩා කොටස් වලට බෙදෙනවා. (ස)

:       0       0

රොෂාන් Monday, 22 December 2014 12:09 PM

මේ සෙල්ලම එච්චරම හොඳ නැහැ ගොයියෝ. (නදී)

:       0       0

සිරා Monday, 22 December 2014 12:10 PM

දැන් ඉතින් ඉස්සරහට හොරු ටිකක් තමයි ඉතුරු වෙන්නේ (නදී)

:       0       0

ජයනන්දන Monday, 22 December 2014 12:11 PM

සේන, මේක කෙලෙහි ගුණ ගැන ප්‍රශ්නයක් නෙමේ රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්. (නදී)

:       0       0

අසංකා Monday, 22 December 2014 12:12 PM

මෛත්‍රී මහත්තයා දිනනවාමයි (නදී)

:       0       0

සනත් Monday, 22 December 2014 05:48 PM

මෙයාගේ වැඩ ගැන විමසිලෙන් බලන් ඉන්න එක කට කටත් වටිනවා.(අ)

:       0       0

රොෂාන් Monday, 22 December 2014 12:14 PM

හා හා වික්‍රම, ඔබෙගේ කතාව 100% ට 100% කම හරි. ඉන්න හොරු විතරක් නෙවෙයි "හිටිය" හොරුත් ඒ පැත්තේ. (නදී)

:       0       0

මහේෂ් Tuesday, 23 December 2014 05:40 AM

සුභ පැතුම් (නදී)

:       0       0

චන්දන Monday, 22 December 2014 12:17 PM

සාමකමීව ජය සමරමු.(හේ)

:       0       0

මහීපාල Tuesday, 23 December 2014 05:48 AM

නියමයිනේ! ජයවේවා! (නි)

:       0       0

විශ්වා Monday, 22 December 2014 12:30 PM

දේශපාලකයෝ නිවැරදි තීරණ ගන්නවා නම් රට කැඩෙන්නේ නැහැ. (නදී)

:       0       0

සමීර රුක්ෂාන් Tuesday, 23 December 2014 05:45 PM

දවසක් මම ගෙයක් දුටිමි. එය ගින්නට හසුව තිබුනි. රත් පැහ ගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගුනි. එහිතුල මම දනන් දුටිමි. දොර හැර ඔවුනට හඩගා පිටවන්නැයි මම කීවෙමි. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙනුනේ නැත එක් අයෙකුගෙ රැවුල පවා පිලිස්සෙද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොදද වැසි වසීද සුලග තදද දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියෙනවාද මෙවැනි ප්‍රශ්න රාශියක්ය මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් උනෙමි නිහඩ. මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුනාම කියා සත්තකින්ම ප්‍රිය දරුවනි යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරන යන්න බනක් නැතිය මට කියන්න එලෙසයි අප හිමි ගෞතම පිලිතුරු දුන්නේ පෙරකල. (නදී)

:       0       0

නිකවැරටිය Monday, 22 December 2014 06:11 PM

දැන් මේ පනින කට්ටිය හිතන්නේ මෛත්‍රී දිනනවා කියලද? (නි)

:       0       0

ඩිලාන් Monday, 22 December 2014 12:32 PM

හැබැයි ට්කක් පරිස්සමින් (නදී)

:       0       0

ඩිලාන් Monday, 22 December 2014 12:33 PM

ගාවගත්තා නම් ට්කක පරිස්සමින් (නදී)

:       0       0

රාජිත සමරවික්‍රම Monday, 22 December 2014 12:34 PM

අාපු එක ගැන සතුටුයි. (නදී)

:       0       0

හේරත් Monday, 22 December 2014 06:17 PM

තවත් ගම්මන්පිල වර්ගයේ අයයි මේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 12:35 PM

සියලුම ජාතීන්ට සමගියෙන් සතුටින් ජීවත් වීමට හැකි වේවා.(හේ)

:       0       0

නදීක Monday, 22 December 2014 12:41 PM

මේ වගේ අය යන එක හරිම සතුටුයි.එතකොට රට සුරක්ෂිත බව විස්වාසයි.(හේ)

:       0       0

නිමල් Monday, 22 December 2014 12:43 PM

සුළු ජාතීන්ගේ ඡන්දවලින් බහුතරය මෛත්‍රීට ලැබෙන එක දැන් හොඳටම සහතිකය. මුස්ලිම් ජනතාවගේ මතයට බදුර්දීන්ටත් එකඟ වීමට සිදුවෙලා.(හේ)

:       0       0

සපුතන්ත්‍රී Monday, 22 December 2014 06:27 PM

සියලු හොරු හා අන්තවාදී කණ්ඩායම් එක රොදකට එක්වීමෙන් හා ජාතිය වනසන මතවාද එක රොදකට එක්වීම මහින්ද නැවත දිනවීමේ සුබ පෙර නිමිති වේ.(නදී)

:       0       0

රනුක Monday, 22 December 2014 12:44 PM

මෙයාල යනවා කියලා අපි දන්නවා ...ඊලගට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නිසා තමන්ට තියෙන ඡන්ද ටික රැකගන්න..(හේ)

:       0       0

නිසාන්ත Monday, 22 December 2014 06:39 PM

පාට පක්ෂ වලට මහජනතාව කොටු කර දේශපාලුවන්ට රටෙි සමිපත් දේපල කොල්ල කැමට ඉඩ නොදෙමු. අප සැම එක්ව ජාතික අවශ්‍යතාවයකට දේශපාලකයින් පොලඹවමු , බලකරමු ,නැතිනමි තවදුරටත් අතපය හකුලාගෙන බලා සිටුමුද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 06:21 AM

අනේ මෙයා අධිකරණයට ගල් ගැහුවේ නම් නැහැ. ඒ මෙයා නෙමෙයි වෙන කෙනෙක්. (නදී)

:       0       0

සමීර Monday, 22 December 2014 12:51 PM

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා. (ස)

:       0       0

ජයා Monday, 22 December 2014 12:52 PM

අපිට නම් දේශපාලනය තිත්තයි. අපරාදේ කාලය. හැම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ මල්ල තර කරගන්න විතරයී. (ස)

:       0       0

ගමලත් Monday, 22 December 2014 07:47 PM

පේනවනේ වැඩේ.(නදී)

:       0       0

විග් Monday, 22 December 2014 01:01 PM

නරක නැහැ තවත් මේ අයගේ නියෝජිතයෝ ඉන්නව ද අස් ගෙඩිවලට හෙනගහල සිංහලුනේ (අ)

:       0       0

අරුණ Monday, 22 December 2014 01:07 PM

මේගොල්ලෝ මෙහෙම තමා (අ)

:       0       0

ප්‍රදීප් Monday, 22 December 2014 01:09 PM

විමල්, නායකයා හොඳනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. (අ)

:       0       0

ජෝ Monday, 22 December 2014 01:11 PM

30 වසරක යුද්දය නිමකරපු මහින්ද ජනාදිපති තුමා හැම දෙනාටම ආගම බේදයක් නැතුව එතුමාගේ නම ඉතහාස ගතවෙනවා (අ)

:       0       0

නිලුෂික Monday, 22 December 2014 01:15 PM

මෛත්‍රී පාලනයකට ජය වේවා..(හේ)

:       0       0

වසන්ත ජයමාන්න Monday, 22 December 2014 09:55 PM

අනිවාර්යයෙන් පොදු අපේක්ෂක දිනනවා (නදී)

:       0       0

රවී Monday, 22 December 2014 01:26 PM

සැවොම ආදරෙන් පිළිගනිමු.(හේ)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 01:33 PM

සිංහල බෞද්ධ කල ගුණ දන්නා අපි මහින්දට. (නදී)

:       0       0

සිල්වා Monday, 22 December 2014 11:22 PM

අපේ අය බලන්නේ ඡන්ද විතරයි (නි)

:       0       0

සිල්වා Monday, 22 December 2014 11:28 PM

මතක තියාගන්න මේ කිසිවක් මහින්ද මහතාට අවශ්‍ය නැති බව. මෙදා සැරේ කවුරු කවුරුත් පාඩමක් ඉගෙනගනීවි. (නි)

:       0       0

උදාර Monday, 22 December 2014 11:55 PM

ඔය කාගේ කාගේත් වගතුග ඔය වැඩ වලින් ඇවිස්සෙන බව විතරයි අපිට දැනට කියන්න පුළුවන්. (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 23 December 2014 12:00 AM

සෝභිත ස්වාමින් වහන්සේ, අතුරලියේ රතන ස්වාමින් වහන්සේ, පාඨලී චම්පික රණවක, ජෙනරල් ෆොන්සේකා සිටිනතෙක් සිංහලයේ අනනගතය ගැන බියවිය යුතුයි කියා මම සිතන්නේ නැහැ. එහෙත් කව්රු රජවුවත් සිංහලය රැකගැනීමේ සටන අතහැරිය යුතු නැහැ. මම මෙසේ කියන්නේ අවුරුදු 55 ක අත්දැකීම තුළින්. (නි)

:       0       0

අශාන් Monday, 22 December 2014 01:47 PM

ටෙනිසන්, අමතක කරන්ඩ එපා මේ ඇවිත් ඉන්නේ රජයේ හිටපු ඇමති කෙනෙක් සහ මන්ත්‍රී කෙනෙක්. එයාල මේ පඇත්තට ආවමද රට තුනට කැඩෙන්නේ? (නදී)

:       0       0

කනිෂ්ක Monday, 22 December 2014 01:50 PM

කෙලෙහි ගුණ සැලකිය හැක්කේ භාරකාරයා ලෙස වැඩ කරන කෙනෙකුට විනා අයිතිකාරයා ලෙස හැසිරෙන කෙනකුට නෙවෙයි. (නදී)

:       0       0

වරුණ Tuesday, 23 December 2014 12:41 AM

එන පොට නම් හොඳ නැහැ වගෙයි (නි)

:       0       0

මාප්‍රාස් Monday, 22 December 2014 01:51 PM

අපි මහින්ද ජනාදිපතිතුමාට ගරු කරනවා යුද්දේ දිනපු එකට. අනික ඉතිහාස පොතට මෙතුමාගේ නම දැම්මත් කමක් නැහැ රට එක්සත් කල නායකයා කියා. එ්ක වෙනම දෙයක් අපිට දැන් ඕනේ වෙනසක්. මෙතුමා හිටියා ඇති. හැමදාම එකම හෝටලයෙන් කන්න බැහැනේ පොඩි වෙනසක් ඕනේ (නදී)

:       0       0

රුවන්තක Tuesday, 23 December 2014 01:00 AM

70ක්? නියමයිනේ! (නි)

:       0       0

සමන් Tuesday, 23 December 2014 01:00 AM

බන්දුල පෙරේරාගේ කතාවක් නැතුව නිකන් මොකක්ද වගේ. හැබෑටම කෝ අනේ බන්දුල? සියදිවි නසාගෙනවද්ද කියා හොයා බැලුවොත් නරකද? (නි)

:       0       0

නිශේන් Tuesday, 23 December 2014 01:26 AM

කවුරු ආවත් ගියත් මොන පැත්තෙත් යටි උගුල්ද ක්‍රියාත්මක වෙන බව අමතක නොකළ යුතුයි (නි)

:       0       0

බන්දුසිරි Monday, 22 December 2014 02:29 PM

එතකොට සිංහල, ක්‍රිස්තියානි බේදයකින් තොරව අපි මෛත්‍රීට ඡන්දෙ දුන්නට කමක් නැහැනේ ? අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු. ක්‍රිකට් ගහලා දිනද්දී විතරක් නෙමේ හැමදාම අපි ලංකාවේ වැසියෝ. අපි ජාතිවාදී, ආගම්වාදී වෙන්න හරි නෑ (නදී)

:       0       0

ප්‍රසාද් Monday, 22 December 2014 02:34 PM

ජයවේවා (නදී)

:       0       0

මලින්ද ලක්මල් රත්නායක Monday, 22 December 2014 02:44 PM

මෛත්‍රිපාල දිනන එකේ සැකයක් නැහැ. නමුත් ආරක්ෂාව මදි (නදී)

:       0       0

ශාන් Wednesday, 24 December 2014 02:14 AM

ජනාධිපතිතුමා බලයට පත් වූයේ නැත්නම් අපිට අපි ගැන සිතීමටවත් හැකියාවක් නැත (නදී)

:       0       0

විජේබණ්ඩාර Wednesday, 24 December 2014 02:30 AM

පුදුම කණ්ඩායමක්නේ! (නි)

:       0       0

හෙළ බණ්ඩාර Monday, 22 December 2014 03:00 PM

අපේ සිංහලයන්ගේ රට ඉදිරියේ තියෙන අවදානම ගැන තියෙනෙ වැටහීම මේ කියල තියෙනෙ දේවල් වලින්ම පේනවා. රිෂාඩ් බදුයුදීන් කියන කෙනාගේ නියම ඇතුලාන්තය පිළිබදවත් එයා ගෙනියන අන්තවාදී වැඩ පිළිවෙල ගැනවත් කිසීම අවබෝදයක් නැති කම මේ කියල තියෙනෙ ප්‍රකාශ වලින්ම පේනවා. සිංහල ජාතියට බුදුන්ගේම සරණ පමණි ඉතිරිව ඇත්තේ! (අ)

:       0       0

කුමාර් වාස්-බදුල්ල Monday, 22 December 2014 10:37 AM

මෛත්‍රී පාලනයක් ! ජයෙන් ජයම වේවා !(හේ්)

:       0       0

පිටිගල Monday, 22 December 2014 03:03 PM

උගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවීම ඡන්ද දායකයින්ගේ වගකීම බව අමතක නොකරන්න.

:       0       0

ජමල්දීන් Tuesday, 23 December 2014 02:48 AM

ආණ්ඩුවෙන් මන්ත්‍රී දුරයක් අරගෙන මෙහෙම පැන්න එක සමස්ත මුස්ලිම් ජනයාට කරපු නිග්‍රහයක් (නදී)

:       0       0

රෝයි Monday, 22 December 2014 10:43 AM

මෛත්‍රිපාල දිනන එකේ සැකයක් නැහැ. නමුත් ආරක්ෂාව මදි. (බ)

:       0       0

කීර්ති Monday, 22 December 2014 10:45 AM

පොඩි පොඩි ඉත්තො පැනලා වැඩක් නෑ.(හේ)

:       0       0

ධනුක Monday, 22 December 2014 10:45 AM

ජය වේවා...!!(හේ)

:       0       0

නිලන්ත ප්‍රදිිප් Monday, 22 December 2014 10:47 AM

මෙය ඉතාමත් අගනා සේවයකි.(හේ)

:       0       0

ගජබා Tuesday, 23 December 2014 02:57 AM

අපිට සිංහල මහා ජාතිය විදයට ජාතිවාදයක් අවශ්‍ය නැහැ. අපිට කොහොමත් මේ රට අයිතියි. අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වීමට තීරණයක් ගැනීම තමයි අනිත් ජාතීන් කල යුත්තේ. එ්ක හරියට එංගලන්තෙට ගිහින් සුද්දට ඕනේ විදියට ඉන්නවා වගේම තමයි. ලෝකේ කොයි රට ගත්තත් ඒක පොදු නියමයක්. (නදී)

:       0       0

කුලතුංග Monday, 22 December 2014 10:51 AM

රටේ අනාගතය වෙනුවෙන් ගත් මෙවන් තිරණ වලට ස්තුතියි.(හේ)

:       0       0

රණසිංහ Tuesday, 23 December 2014 03:01 AM

මට මේ වෙලාවේ විල්පත්තුව මතක් වෙනවා ඇයිද මම දන්නේ නෑ. (නදී)

:       0       0

ප්‍රසාද් Monday, 22 December 2014 10:55 AM

කිර්ති මේ පොඩි ඉත්තෙක් නෙමෙයි. (හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 03:01 AM

පව් කියල හිතෙනවා කට්ටිය ගැන. මේ රජයේ ගොඩක් චෝදනාවන්ට ලක්වුණු මේ ඇමති තුමාවත් දැන් එතකොට අරන්. ඉන්නකම් දුශිතයෝ. පැන්න ගමන් බෝ පැල. අනේ හොඳයි. (නදී)

:       0       0

විමුක්ති Monday, 22 December 2014 10:59 AM

පුලතිසි පොළොවේ කිරිරස හදුනන සුජාත පුතුනේ. ජයෙන් ජයම වේවා.! (ර)

:       0       0

සිරිසෝම Monday, 22 December 2014 03:26 PM

අර ලගදි මන්ත්‍රී කරපු කෙනත් පැන්නා නේද ? එයාගේ විශ්‍රාම වැටුප හරිනේ . ඡන්ද දායකයන්ට මොකද වෙන්නේ.! (හේ)

:       0       0

දීපාල් Monday, 22 December 2014 10:59 AM

ප්‍රගතිශීලී ඇමතිතුමාට ජාතියේ ප්‍රණාමය. (ර)

:       0       0

අනුරාධ Monday, 22 December 2014 03:27 PM

තව කී දෙනෙක් මෙහෙම පනිවිද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉෂාර Monday, 22 December 2014 11:02 AM

දිනන පැත්ත දැන් දැන් පේනවා වගේ. (බ)

:       0       0

චාමර සිල්වා Monday, 22 December 2014 11:02 AM

ඔන්න සිංහලයිනි අපේ බලය පෙන්නන වෙලාව අපිට මෙයාල ඕනේ නැහැ අපේ නායකයෙක් පත්කර ගන්න (බ)

:       0       0

රුවන් Monday, 22 December 2014 11:04 AM

සාධාරණ චන්දයක් තියන්න. මේ රටේ මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.මේ කාපට් සංවර්ධනයෙන් අපිට වැඩක් නැහැ.කීයෙන් කී දෙනාටද අධිවේගේ යන්න තියෙන්නේ. එක කර්මාන්ත ශාලාවක් හැදුවද? (බ)

:       0       0

සුසන්ත Monday, 22 December 2014 11:04 AM

පොඩි පොඩි ඉත්තෝ ගොඩක් පෙන්නහම ඇති ගම් මට්ටමෙන් සංවිධානය කරන්නේ මේ කට්ටියනේ ජය වේවා (බ)

:       0       0

සජී Monday, 22 December 2014 11:06 AM

කිර්ති ඔයාට ලොකුවට පෙන්නේ ඇමති හොරුද ? සුබ අනාගතයක් ඔයාට (බ)

:       0       0

සන්වන්නි Monday, 22 December 2014 04:03 PM

අටුවා ටීකා අනවශ්‍යයි. ගිවිසුම් පැහැදිලියි. (නදී)

:       0       0

සහබ්දීන් Monday, 22 December 2014 11:05 AM

හැමෝම සාදරයෙන් පිළිගන්නවා (බ)

:       0       0

ජනක Tuesday, 23 December 2014 03:26 AM

ඇයි බන්දුල ඕකේ අනිත් පැත්ත ? විපක්ෂයේ ඉන්නකන් බොරු චෝදනාකාරයෝ . පැනපු ගමන් සංවර්ධනයේ හවුල් කාරයෝ. ! නැද්ද බන්දුල ? (නදී)

:       0       0

සුරුවන් Monday, 22 December 2014 11:06 AM

ජනාධිපති තුමා දිනවීම ජාතියේ යුතුකම සේ සලකා වැඩ කරමු. (නදී)

:       0       0

ඉෂාක් අහමද් Tuesday, 23 December 2014 10:17 AM

එහෙනම් අපිත් මෛත්‍රීට (නදී)

:       0       0

සචින් Monday, 22 December 2014 04:09 PM

රටකට ඕනේ අපමණ යුගයක්, හෙටකට නම් ඕනේ ඉතින් මෛත්‍රී යුගයක් තමයි. (නදී)

:       0       0

වික්‍රම Monday, 22 December 2014 11:14 AM

මට කවුරු හරි කියල දෙන්න ආණ්ඩුව පැත්තේ ඉන්න ඔක්කොම අය ඒ පැත්තට ගියාම ඒ හදන ආණ්ඩුවත් මේ වගේම වෙනේ නැද්ද ? (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Tuesday, 23 December 2014 03:43 AM

අලි මහත්තය හරිම විශ්වසනීය එක්කෙනෙක්, මෛත්‍රී මහත්තය වගේම (නදී)

:       0       0

කේ පෙරේරා Monday, 22 December 2014 11:15 AM

දැන් ඉත්තන්ගේ ලොකු පොඩි බලන්නේ නැතුව, රටේ කලබල ඇති නොකර සමගි මෛත්‍රී පාලනයට සහයෝගය දෙන්න තමා ඕනේ. (නදී)

:       0       0

සමීර Monday, 22 December 2014 11:15 AM

ඉදිරියට තව එනවා...ජය වේවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 December 2014 04:13 PM

බණ්ඩාර, රිෂාඩ් බදුයුදීන් අද වෙනකම් දේශප්‍රේමීයි. අදින් පස්සෙද දේශද්‍රෝහී වෙන්නේ. මගෙන් මොකුත් අහ ගන්න එපා. ඕවට රැවටුන කාලේ ගියා. (නදී)

:       0       0

නිශාන්ත Monday, 22 December 2014 11:17 AM

ඔබ තුමන්ලගේ පිවිතුරු හෙට කොහොම එකක්ද කියලා දැන් ජනතාවට තේරුම් ගන්න පුළුවන්. (නදී)

:       0       0

චම්පික Monday, 22 December 2014 11:17 AM

ඔබට ජය මෛත්‍රී. ඔබයි අපේ අනාගත නායකයා. (නදී)

:       0       0

සමිත් ඒකනායක Monday, 22 December 2014 04:15 PM

ජයවේවා, අනිවාර්යෙන් මෛත්‍රී ජනපති. ඔබ තුමාට ජයවේවා. (නදී)

:       0       0

සසා Monday, 22 December 2014 11:17 AM

එගොඩහ යන්නෝ .. මෙගොඩහ යන්නෝ.. තව කවුරුද ඉන්නේ...(නදී)

:       0       0

කුමාර් Monday, 22 December 2014 11:18 AM

කොයි ගෙම්බා පැන්නත් මහින්ද දිනුම් (නදී)

:       0       0

ගාල්ලගේ නිස්සංක Monday, 22 December 2014 11:22 AM

හැමෝම සාදරයෙන් පිළිගන්නවා.(හේ)

:       0       0

හෂාන් Monday, 22 December 2014 11:26 AM

කාලෝචිත තීරණයක්.(නදී)

:       0       0

සිහින Tuesday, 23 December 2014 10:41 AM

ජනදිපත්තුමාගේ ජය ස්තීරයි, ඒක හරවන්න මෙයාලට බැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 04:03 AM

ජනක මහත්තයෝ..ඒ ඉතින් දුෂිත ආණ්ඩුවක්නේ..ඔයාල හදන්න හදන්නේ එහෙම දුෂිත ආණ්ඩුවක් නෙමෙයිනේ..යහපාලනය පිරුණු පිවිතුරු හෙටක්නේ..ඒ දෙක පටලව ගන්න එපා.(ම)

:       0       0

අම්ජාඩ් ශාබ්දීත් Monday, 22 December 2014 11:31 AM

අපි මග බලාගෙන ඉන්නේ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් ජයවේවා.(හේ)

:       0       0

සුනෙත් Monday, 22 December 2014 11:31 AM

දැන් මෙතුමා ගැන විපක්ෂය කියපු දේවල් ඔක්කොම අහෝසි වෙනවද ?? (හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 22 December 2014 11:32 AM

මේවා දැක්කම බන්දුලට/නිශාන්තට මොනවා හිතෙනවා ඇද්ද ? (අ)

:       0       0

සමිත් ඒකනායක Monday, 22 December 2014 04:26 PM

මෛත්‍රී මහත්තයා අනිවාර්යයෙන් ලබන 9 වෙනිදා සිට අපේ ජනාධිපති. ජයවේවා! (නි)

:       0       0

සමන්ජය Monday, 22 December 2014 11:33 AM

අහෝ බන්දුල.. (අ)

:       0       0

සේනාදීර Monday, 22 December 2014 11:33 AM

නිකන්ම එකතු වෙන්නේ නැහැනේ. හුරේ දාන අයට පස්සේ මේවා දිරවන කොට ටිකක් අමාරු වෙනවා. (නදී)

:       0       0

නදීක Monday, 22 December 2014 04:38 PM

කපටිකමක් නම් ගෑවිලාවත් නැහැ. හරි අවංක මිනිස්සු. (නදී)

:       0       0

සමරේ - ගාල්ල Monday, 22 December 2014 11:36 AM

බන්දුල පෙරේරා මහත්තයෝ,යන ගොඩ වැඩියි,එන කට්ටිය අඩුයිනේ.ඇයි ඒ ..(අ)

:       0       0

සාලිය Monday, 22 December 2014 11:43 AM

ප්‍රථමයෙන් මේ වෙනස , ඊළඟ මහා මැතිවරණයෙන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට. මේ වෙනස ජනාධිපතිවරණයෙන් කෙරවල වෙන එකක් නොවේ. (හේ)

:       0       0

උදය කුමාරි Monday, 22 December 2014 04:54 PM

ජයම ජය ! (නදී)

:       0       0

කුමාර් Monday, 22 December 2014 11:43 AM

සුළු ජාතීන් හා සුළු ආගමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් ඔබ ගත් තීරණයට ස්තුතියි. (හේ)

:       0       0

මහානාම Monday, 22 December 2014 11:45 AM

හෙට කියයි මේ අයත් දේශද්‍රෝහියෝ කියලා.(හේ)

:       0       0

ඉන්ද්‍රා Monday, 22 December 2014 11:46 AM

රට ජාතිය ගැන කැක්කුමක් ඇති හැමෝම පෙළ ගැහෙන්නේ සිරිසේන මහත්තයාගේ වටේ අපි හොයන වෙනස ජය නියතයි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 293 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 234 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 507 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 345 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 934 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site