IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇමැති ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි


 
 
අජන්ත කුමාර අගලකඩ
 
එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය.
 
මෙම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබු නමුත් ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට  ඔවුනට සිදුවිය.
 
යුද්ධයෙන් පීඩාවට පත් වුවනට වන්දි ගෙවීම යටතේ ඉදිරිපත් කර තිබු මෙම කැබිනට් පත්‍රිකාව  මගින් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට, හානි වු ආගමික ස්ථාන වලට සහ යුද්ධයේ දී මියගිය කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනා කර තිබු බව වාර්තා වේ.
 
එහෙත් යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි ගෙවීම ගැටලුවක් නොවන නමුත් මියගිය කොටි සාමාජිකයින්ට වන්දි ගෙවිය නොහැකි බව ඇමැතිවරුන් ගණනාවක් පවසා ඇත.
 
ඇමැතිවරයාගේ විරෝධය සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම කැබිනට් පත්‍රිකාව අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (12)

ඇමැති ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි

රොමේෂ් Tuesday, 19 June 2018 03:58 PM

යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි දිය යුතුබවට කිසිම විවාදයක් නැත. නමුත් එය කෙසේ සිදුවිය යුතුද පිළිබඳව ඉතාමත් පැහැදිලි නිර්ණායක අවශ්‍යයි. මක්නිසාදයත් එයට මුවාවී පවුල් පෝෂණය කිරීමට ඉඩ ඇති බැවිනි. කෙසේවෙතත් යුද්ධයේ දී මියගිය "කොටි සාමාජිකයන්ට" වන්දි ගෙවීම ඉතාමත්ම සංකීර්ණ සහ මතබේදාකාරී ප්‍රශ්නයක්. අප විසින් අසා දැක ඇති ආකාරයට, යුද්ධය තියා ජීවිතයවත් යනු කුමක්දැයි නොදන්නා තුවක්කුවක් තරම්වත් උස නැති පුංචි දරුවෝ තුවක්කුවත් තුරුලුකරන් ඉස්සරහට ගියත් වෙඩි, පස්සට ගියත් වෙඩි නිසා වෙව්ල වෙව්ල ඉඳන් ගස් ගල් යටම කොහෙන් හෝ ආව වෙඩි උණ්ඩයකින් මැරෙන්න ඇති. ඒ පුංචි දරුවොත් ත්‍රස්තවාදියෝ කියන්න තරම් අපි ත්‍රස්තවාදී වෙන්න ඕනැද. මගෙනම් අදහස ඒ පුංචි දරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.

:       1470       481

samWednesday, 20 June 2018 03:37 AM

රොමේෂ් බයිලා කියන්න එපා ! එකෙට තමයි සල්ලි වියදම් කරලා ඒ ගොල්ලන්ව පුනුරුතාපනය කරලා රැකියා පුහුණු කරේ. ගිහිල්ල කියන්නකෝ දෙමල ඩයස් පෝරාවට ඔය බිලියනගණන් තියෙන සල්ලි වලිනේ දෙන්න කියලා.

:       3       518

Chanak Los angeles Tuesday, 19 June 2018 06:09 PM

ඔය පත්‍රිකාව දෙන්න ඕනේ එම තරුණ තරුණියන්ව මොලය සෝදා බිල්ලට දී ආණ්ඩුවට හේත්තු වී ඇමති පට්ටමක් ලබපු කරුණාට ..

:       7       161

udaya Tuesday, 19 June 2018 10:01 PM

ඔය විදියටම ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය සහ අතුරුදන් වූ අයට වන්දි ගෙවනවද? කොටින්ගේ විශේෂත්වය කිරි දරුවන් මරා දැමු එකද?

:       2       105

gayal Wednesday, 20 June 2018 03:16 AM

මට මතකයි, 2002 -2004 සටන් විරාම ගිවිසුම කාලයේ මඩකලපුව ප්‍රදේශයේ චාරිකාවක් යනවිට අතරමගදී LTTE ලමා සොල්දාදුවෙකු බසය පරීක්ශා කිරීමට පටන් ගත්තා. ඔහු වයස අවුරුදු 13 පමණ ඇති. ඔහු දැක මහත් කම්පනයට පත් වූවා

:       0       21

ravi Wednesday, 20 June 2018 03:21 AM

රොමේෂ් මහත්තයා ගොඩක් බුද්දිමත් කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මේ වගේ හැමෝම බුද්දිමත් වෙනවනම් අද අපි මේ ලෝකේ කොහේදෝ ගිහින්.

:       9       14

asuchi Wednesday, 20 June 2018 03:24 AM

මේක දුන්නොත් ලේකම් ගේත් මල්ල කරේ . තෙල් ගහලම ඉවර කරයි.

:       0       14

Hafeel Wednesday, 20 June 2018 03:36 AM

පුදුමයි කැබිනට් අනුමත නොකිරීම.

:       0       8

nihal Wednesday, 20 June 2018 04:21 AM

මේ යෝජනාව ස්වාමිනදන්ගේද ...රනිල්ගේද ...

:       1       21

Priyantha Wednesday, 20 June 2018 06:43 AM

අබාධිත සෙබළු ගැන බලන්න කවුරුත් නැ. අනේ මෙහෙමත් රටක්.

:       0       6

hira Wednesday, 20 June 2018 06:54 AM

අපේ මාසේ පඩියෙන් කපන බදු මුදල් වලින් නම් මේවා ගෙවන්න එපා හරිය.

:       0       6

Samathasena A . Aluthgama Wednesday, 20 June 2018 11:03 AM

" ඇයි මේ දඟලන්නේ කොටි හිතවත් අය" " මියගිය කොටින් හට දෙන්නට පණ කැමති " " වන්දිය ඉල්ලන්න උන් කල සේවයේ ඇති " " තමිල්නාඩුවෙන් ඉල්ලා ගතොත් තුති "

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 155 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 298 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 453 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 573 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1193 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 982 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site