IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක ආහුෆ් හකීම් මහතා කියයි.

නීතිය හා සාමය බිඳ වැටීම ගැන පොලිසියත් අදාළ අංශත් වගකීම භාර ගත යුතුයි. මෙම සිදුවීමට පෙර පොලිසියේ උසස් නිලධරයන් ඒ පළාතට පැමිණ තිබෙනවා. මේ සිද්ධිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් ඕනෑ. ජනතාවට උපරිම ආරක්ෂාව සලසා දීමේ වගකීම රජය ඉටු කළා දැයි ප්‍රශ්නයක් මතු වෙනවා. මේ රජයේ ඇමැතිවරයකු ලෙස මම ලැජ්ජා වෙනවා. ‘

 



අදහස් (0)

ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි

ශිලා Tuesday, 17 June 2014 08:43 AM

අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් තියන්න ඕනේ (දී)

:       0       0

ජයන්ත Tuesday, 17 June 2014 08:55 AM

රටකට වැදගත් වන්නේ ජාතීන් අතර සහජීවනය නොවේද? (නි)

:       0       0

පිටිගල Monday, 16 June 2014 10:31 PM

මෙන්න ! මෙන්න !! අධිකරණ ඇමති තුමා නම් ඇහැරිලා.! ඒත් කෝ අනිත් අය? (නදී)

:       0       0

ප්‍රියංකා Monday, 16 June 2014 04:41 PM

මෙයාට මේකට ලැජ්ජයිලු මෙයාල කරන වැඩ වලට අපිට ලැජ්ජයි (දී)

:       0       0

ජිවක Monday, 16 June 2014 04:43 PM

ලජ්ජාවෙන් අපිට වැඩක් නැහැ ! වහාම ඉල්ලා අස්වෙන්න (දී)

:       0       0

දේන රොෂාන් ද සොයිසා Monday, 16 June 2014 04:45 PM

ඇයි මේ පැති වල කරදර වැඩි? (නදී)

:       0       0

ෆාරුක් Monday, 16 June 2014 04:51 PM

ඔයාට වැඩිය මර්වින් ඇමතිතුමා ආදර්ශමත්. (නදී)

:       0       0

එස් බංඩාර Monday, 16 June 2014 04:51 PM

කටුනායක වෙඩි තියද්දි, ධීවර උද්ගෝෂකයන්ට වෙඩි තියලා මරද්දී, වතුර ඉල්ලපු අහිංසක මිනිස්සු මරද්දී, කැම්පස් වලට පැනල ශිෂ්‍යන්ට තඩි බාද්දී නොතිබුණු කැක්කුම කොහෙන්ද ඇමති තුමා ආවේ ? (නදී)

:       0       0

රාජේෂ් Monday, 16 June 2014 11:21 PM

අපි හැමෝම එක අම්මා කෙනෙක්ගේ දරුවෝ. ඇයි අපිට සාමයෙන් ඉන්න බැරි? (නි)

:       0       0

කමල් Monday, 16 June 2014 04:58 PM

මෙම ගැටුම් කාරී ක්‍රියා අනුමත නොකරන අතර සුළු ජාතීන් මහා ජාතියේ අයිතිවාසිකම් හා උවමනා කම් තේරුම් ගෙන ජීවත් විය යුතුයි. මහා ජාතියේ සංස්කෘතිය, භාෂාව හා සුළු ජාතීන් බද්ධ විය යුතුයි. උදාහරණ අවශ්‍ය නම් මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, රුසියාව යන රටවල් අධය්‍යනය කරන්න. (අ)

:       0       0

අබය Monday, 16 June 2014 05:01 PM

ලජ්ජා වෙලා වැඩක් නැහැ මර්වින් ඈමතිතුමා වගේ ආගමික නායකයන් මහජන නියෝජිතයන් රජයේ ඉහල නිලදාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග මේ සිද්දියට මැදිහත් වෙන්න රටේ වගකිව යුතු ඇමති වරයෙක් හැටියට අවස්ථාවේ හැටියට විය යුතු එයයි (දී)

:       0       0

නුවන් Monday, 16 June 2014 05:02 PM

අනේ මට දන්නා කෙනෙක් කියනවද ලංකාවේ අධිකරණ ඇමති කව්ද කියල,මම මේ නොදන්නා කමට අහන්නේ (දී)

:       0       0

නිශේන් Monday, 16 June 2014 05:22 PM

ඇමතිතුමෝ පරීක්ෂණයට කලින් මේ බෙලි මිරිකගෙන ඉන්න මිනිස්සුන්ව දෙපැත්තට කරලා සන්සුන් කරන්න ඕන නේද ? ඊට පසුව ඕන පරීක්ෂණයක් තියාගන්න . මේ වගේ සුළු දෙයක් තේරුම් ගන්න දේශපාලනයට යන්න ඕනෑම නැහැ. (නදී)

:       0       0

ෂහාන් බණ්ඩාර Monday, 16 June 2014 05:30 PM

ඉල්ලා අස්වෙන්න (අ)

:       0       0

චානි Monday, 16 June 2014 05:31 PM

හකීම් ඇමති තුමාට පුළුවන් මේ ප්‍රදේශයට ගිහින් මර්වින් අමතුතුමත් එක්ක එකට එකතු වෙලා කලබලය සන්සුන් කරන්න. පරීක්ෂණ තියනවා තියා තාම තුවාල කාරයන්ට බෙහෙත් ටික වත් දාගන්න පුළුවන් වුනාද දන්නේ නැහැ. (අ)

:       0       0

නුවන් Monday, 16 June 2014 05:44 PM

මම අදනේ දන්නේ දේශපාලනය කරන අයට ලැජ්ජාව තියනවා කියලා. මුලින්ම හොයලා බලන්න ගැටුමට හේතුව මොකද්ද කියලා. (නදී)

:       0       0

රුවන් Monday, 16 June 2014 05:44 PM

මුලින්ම හොයල බලන්න ගැටුමට හේතුව මොකද්ද කියලා. වෙන රටක මෙවැනිදෙයක් සිදු වී නම් දැනටමත් කීදෙනෙක් මැරිලද? (අ)

:       0       0

රොෂාන් Tuesday, 17 June 2014 12:42 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දිලාන් Monday, 16 June 2014 05:52 PM

හකීම් ඇමතිතුමා කොළඹ ඉඳන්ද මේ ප්‍රකාශ නිකුත් කරන්නේ ? ගිහින් බලන්නකෝ මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කලබලය නිසා කාන්තාවනට ළමයින් ට මහලු උදවියට මොන මොන අපහසුතා ඇතිවෙලා තියනවද කියලා හොයලා බලන්නකෝ. කොළඹ බංගලාවේ ඉඳගෙන ප්‍රකාශ නිකුත් කරලා වැඩක් තියනවද ? (අ)

:       0       0

අමාලි Tuesday, 17 June 2014 12:03 PM

කලකට ඉහතදී එක්තරා කාන්තවක් ගිනි තියාගන මැරුනෙ. ඒ ගැනත් හරියට පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. (ස)

:       0       0

මාර්ක් Monday, 16 June 2014 06:02 PM

කමල් මෙතන සුළු ජාති මහා ජාති කියල වෙන් කරන්න ඕන නැහැ. එකම රටේ ජීවත් වෙන මිනුස්සු සමගියෙන් ඉන්න ඕනා. මොකෝ මහා ජාතිය කියල මැරුණම එයාට වෙනම තැනක් නෙහැනේ සහෝදරයා (නදී)

:       0       0

තරිඳු Monday, 16 June 2014 06:02 PM

එස් බණ්ඩාර ඔබ හරියටම හරි. මෙන්න මෙතුමම තමයි නවනිදන් පිල්ලේ ආව වෙලාවෙත් අපේ රටට එරෙහිව පරීක්ෂණ පවත්වන්න තව උඩගෙඩි දුන්නේ. අනික ඔබතුමාට මෙච්චර ලැජ්ජා නම් ඇයි ඇමති කමින් ඉල්ලා අස් වෙන්න බැරි? මෙතුමා කියල තියෙනවා මේ ගැන ජාත්‍යන්තරේට දැනුම් දෙනවා කියල මේ සාකච්ඡාවේදී. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 June 2014 02:41 AM

ඇමතිතුමනි, අසාධාරණයක් වූ ජන කොටස් ඇත්නම් ඒ අයට පිහිට වෙන්න. (නි)

:       0       0

රංජිත් Monday, 16 June 2014 06:40 PM

ඇමති තුමා..... බොරදියේ මාළු බාන්න යනවා වගේ (අ)

:       0       0

තිලක් Monday, 16 June 2014 06:47 PM

ලංකාව පුංචි රටක් සම්පත් සිමා රහිතයි , ජනගහනය බෝවීම වැඩි උනාම ප්‍රශ්නය උග්‍ර වෙනවා , ඉඩම් ප්‍රමාණය වැඩිවෙන්නේ නැ සම්පත් වැඩිවෙන්නේ නැ , වර්ගයා වැඩි උනාම ප්‍රශ්නය විසදෙනව කියල ,එය ස්වභාව ධර්මයෙන් විසදවී , දැන් මද පෙරදිග ගිනි ගන්නවා , බෞද අප කල යුත්තේ ලෝකයටම මෛතියකිරීම පමණයි (අ)

:       0       0

සපුමල් Tuesday, 17 June 2014 05:08 AM

ඕස්ට්‍රේලියාවේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සාමකාමීව ඉන්නවා. හැබැයි කාටවත් ඕනෑ විදියට නටන්නෙත් නැහැ (නි)

:       0       0

රෝෂාන් Monday, 16 June 2014 07:31 PM

ප්‍රදේශයේ දේශපාලක උදවියට තිබුණා මේක දුර දිග යන්නේ නැතිව බේරුමක් කරන්න . කාගෙවත් සද්දයක් වත් නැහැ. තමන් රාජකාරි කරන ප්‍රදේශයේ සිවිල් පරිපාලනය හරියට පවත්වා ගන්න බැරි නම් ඇති වැඩක් තියද ? මට පේන්නේ හැමෝම ඇඟ බේරාගෙන පැත්තකට වෙලා. (අ)

:       0       0

සමන්ති Tuesday, 17 June 2014 06:47 PM

අමාලි ඒ කාලෙකට පෙර කොල්ලුපිටියෙදී නොවැ. එක අමතකයි (දී)

:       0       0

දීපිකා Tuesday, 17 June 2014 06:44 AM

මේ වෙලාවේ සියල්ලන්ම සමගියෙන් සිටීම තමයි හොඳම දේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2105 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1358 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2185 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3099 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site