IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඇම්බැක්කේදී බුදුරුවට නිගා කරති

මහනුවර ඇම්බැක්කේ රජමහා විහාරයේ බුද්ධ රූපයට නිගා දෙන ආකාරයේ පින්තූරද බුදු හාමුදුරුවන්ගේ හස්ත මුද්‍රාව අනුකරණය කරන පින්තූරයක්ද ඩිජිටල් කැමරාවකින් ගත් ප‍්‍රංශ කතුන් දෙදෙනකුට හා  ප‍්‍රංශ ජාතිකයකුට ගාල්ලේදී  අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කෙරිණි. මහනුවර සංචාරයෙන් පසුව ගාල්ලට ආ ඔවුන් එහිදී ඡායාරුප මුද්‍රණය කර ගැනීමට ඡායාරූප ශාලාවට ගොස් ඇත. බුද්ධාගමට අපහාස වන ආකාරයේ එම ඡායාරූපය ගාලූ පොලිසිය අතට පත්වීමෙන් පසුව ඔවුහු ගාලූ මහේස්ත‍්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එක් අයකුට මාස හයක බරපතල සිරදඬුවමක් බැගින්ද රුපියල් 1500 බැගින්  දඩද නියම කෙරිණි. සිර දඬුවම වසර පහකට අත්හිටැවිණි.



අදහස් (0)

ඇම්බැක්කේදී බුදුරුවට නිගා කරති

රසංක Wednesday, 22 August 2012 09:44 AM

විහිලුනේ .. මේවා දඩුවම්ද ? (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 22 August 2012 03:16 PM

අවුරුදු හතක් තිස්සේ කැස්බෑව පැත්තේ මිනීමැරුම් නඩුවක් අහලා, අන්තිමේදී දේශපාලන බලේ තියෙන චූදිතයාව නිදහස් කලේ 'සාක්ෂි මදි' කියලා, නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කළ නිසයි. අපි ඉතින් මේ සුද්දන්ව අල්ලලා උල තියන්න කතාකරනවා. (නි)

:       0       0

මධු Wednesday, 22 August 2012 11:57 PM

ගුණරත්න, මේක මුස්ලිම් රටක් වුණා නම් අපේ රටටත් මුස්ලිම් වසන්තය ඇවිල්ලා. (නි)

:       0       0

කපිල Wednesday, 22 August 2012 09:53 AM

මේවාට නිසි දඩුවම් දෙන්න (දී)

:       0       0

රොෂාන් Wednesday, 22 August 2012 09:55 AM

ඇම්බැක්කේ විතරක් නෙමෙයි. ලංකාවේ හැම තැනම ඔය වගේනේ (දී)

:       0       0

සනත් Wednesday, 22 August 2012 03:23 PM

ඕනම ආගමික නායකයෙකුට ගෞරව කරන්න ඕන කියලා වෙනම උගන්වන්න ඕන නෑ.සාමාන්‍යයෙන් විදේශ රටක සංචාරය කරනව නම් ඒ රටෙ සංස්කෘතිය ගැන හරි හොයලා බලනවා නියම සංචාරකයො නම්. මෙහෙම සිල්ලර දඩුවමක් දීලා එලියට ගිහින් ආයෙත් ඒ වගෙම ෆොටෝ ඕන තරම් ගනීවි.(ස)

:       0       0

සිසිර Tuesday, 21 August 2012 10:07 PM

සංචාරකයන් පැමිණෙද්දි මේ ගැන දැනුවත් කරන ක්‍රියාදාමයක් හැදුවොත් නේද හොද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 22 August 2012 10:23 AM

මේක අපිට ඉදිරියට ලොකු ප්‍රශ්නයක් (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 10:21 PM

ගෞරවය රකින් විදේශිකයන් දැනුවත් කරන්න.. දැන්වීම් හෝ දාන්නන..!!(නු)

:       0       0

ශාන්ත Wednesday, 22 August 2012 03:43 PM

උපරිම දඩුවම් දෙන්න යැයි මම කියමි (නි)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 10:35 PM

නමට බෞද්ධයෝ..(ස)

:       0       0

බුද්ධි Wednesday, 22 August 2012 03:58 PM

මේ මොන විහිලුවක්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 22 August 2012 10:32 AM

මේ ඡායාරූප ගැන පොලීසියට දැනුම් දුන් ඡායාරූප ශාලාවේ කාර්ය මණ්ඩලය ගැන ආඩම්බරයි. සංචාරක ව්‍යාපාරය නග්ගලා ගන්න කතා කරන රටකට හිතු හිතු හැටියට විදේශිකයින්ව දණ්ඩනයට ලක් කරලා නම් ඒ වැඩේ කරන්න ටිකක් අමාරු වෙයි. ජාතික වගකීමක් අධිකරණයකට තියෙනවා. සමහර විට මොවුන් මේ පිළිම ආගමික දේවල් බව නොදන්නවා වෙන්නත් පුළුවන්. හැමදේම දන්නා අපේ අයියලා වගේ නෙවෙයි, මෙහෙ ආවාට බුදු සසුන ගැන මොනවත්ම නොදන්නා උපාධිධාරී විදේශිකයෙක් මට වරක් මුණගැසුනා . (නි)

:       0       0

විනුර Wednesday, 22 August 2012 10:38 AM

මොකක් හරි නීතියක් ගෙන්න (දී)

:       0       0

චින්තක Wednesday, 22 August 2012 04:02 PM

මෙතන තියෙන්නේ සංස්කෘතිකමය ප්‍රශ්නයක්නේ. ඒකට දඩ ගැහුවයි කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

ශිහාන් Wednesday, 22 August 2012 10:43 AM

අපේ රටට මොකද වෙන්නේ?(දී)

:       0       0

අනුර Tuesday, 21 August 2012 10:52 PM

මේ සුද්දන්ව යවන්න තියෙන්නේ ඒ අයගේ රටටම. (නි)

:       0       0

සුසිල් Wednesday, 22 August 2012 10:46 AM

කව්ද මේවට වග කියන්න? (දී)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 11:00 PM

මේ මිනිස්සු නම් ඉතිං ඡායාරූප අරන් විතරයිනේ. බුදු දහම වනසන අපේ හාමුදුරුවරුන්ටයි දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

දිල්ශානි Wednesday, 22 August 2012 04:37 PM

මම දැකලා තියෙනවා අපේ ලංකාවේ අයත් ආගමික තැන් වලදී නුසුදුසු විදියට ඡායාරූප ගන්නවා. අනෙක් අය හදන්න කලින් අපි හැදිලා හිටියොත් නරකද? (නි)

:       0       0

නයනානන්ද Tuesday, 21 August 2012 11:55 PM

ඉතා හොදයි. (නි)

:       0       0

රකිත Wednesday, 22 August 2012 11:56 AM

දඩය යුරෝ 9.09, ඔවුන්ට සිනහව නවත්වගන්න බැරුව ඇති..(ස)

:       0       0

කසුන් Wednesday, 22 August 2012 05:35 PM

මේ වගේ තැන්වල විනීතව හැසිරෙන්න කියල හැම භාෂාවකින් දැන්වීම් ගහන්න ඕන, මේවට වැරදි විදේශිකයෝ නොව් අපේ කට්ටිය. (අ)

:       0       0

රේණුකා Wednesday, 22 August 2012 12:15 AM

දඩෙත් රැපියල් 1500යි.. දඩුවමත් වසර පහකට අත්හිටුවලා.. ලංකාවෙ මෙයට වඩා සුළු වැරදි කරපු අයට මීට වඩා දඩුවම් දීලා තියෙනවා...!(නු)

:       0       0

රිද්මා Wednesday, 22 August 2012 12:25 AM

චායාරුප හලේ අයට ස්තුති (දී)

:       0       0

රුවන් Wednesday, 22 August 2012 05:52 PM

විදේශිකයෝ දැනුම්වත් කරන්නෙ ඕනේ. (අ)

:       0       0

ඇරිස් Wednesday, 22 August 2012 06:01 PM

අවවාද කළා නම් ඇතිනේ. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 August 2012 12:13 PM

සංචාරකයින්ව දැනුවත් කල යුතුයි .මොකද ඒ අය එන්නේ විනෝදෙට මිසක් වන්දනා ගමන් නෙමෙයිනේ...(ස)

:       0       0

සමන්ත Wednesday, 22 August 2012 12:52 AM

අනේ මෙහෙමත් විහිලු.. අත්හිටවු සිරදඩුමව් අවුරඅදු පහකට දෙකක් දීල පන්නන්නෙ නැතිව.. මෙයා මෙච්චරකල් ලංකාවෙ ඉදීද අධිකරණය ජනතාවට විහිලු උගන්නනවා..වෙන රටක මේවගේ දේවල් උනානම් බලන්න තිබුණා වෙන දේ..!!(නු)

:       0       0

ගයා Thursday, 23 August 2012 09:23 AM

බුදු පිළිම කඩලා සිරස හාරන අයව අත්අඩංගුවට ගන්න බැරි අයි..? (ස)

:       0       0

ශෙහාන් අමරසිංහ Wednesday, 22 August 2012 01:11 AM

අවුරුදු පහක් අත්හිටවූ දඩුවම් දෙන්නේ මොකටද? මේ අය ලංකාවෙ දිගටම ඉන්නේ නැහැනේ.. මේවගේ දඩුවම් නොදී කෙලින්ම අවුරුදු පහකට හිරේ යවන්න තිබුණේ.. අනිත් අයට මේක පාඩමක් වෙන්න.. හැම කෙනාම සෙල්ලම් කරන්නෙ බුද්ධාගමත් එක්කනේ..!!(නු)

:       0       0

වරුණ Wednesday, 22 August 2012 12:20 PM

රටට මොනවා වුණත් අවුරුද්ද අවසානයේ සංචාරකයන් මෙච්චර ආවා කියලා ගණන් වාර්තා පෙන්නුවොත් මදෑ නේද? (නි)

:       0       0

කුමාර Wednesday, 22 August 2012 02:26 AM

අපගේ නිර්මල බුදුදහම කිසිවෙකුට කොලෙසිය නොහැක....බෞද්ධයනි දැංවත් නැගීසටිමු.. පමා නැත තවම...!!(නු)

:       0       0

සිල්වා Wednesday, 22 August 2012 12:40 PM

දීපු දඩුවම නම් මදි. ඒත් අර අධිකරණයට ගල් ගහපු අයට තවම දඩුවම් දුන්නේ නැහැ නේද? (නි)

:       0       0

නදීෂානි Wednesday, 22 August 2012 01:04 PM

දඩය මෙච්චරයිද? කවුද කියන්නේ? මොනවද මේ විහිලු? (නි)

:       0       0

ශ්‍රීසර Wednesday, 22 August 2012 04:22 AM

කුමාර, නැගී සිටලා.., ඊට පස්සෙ මොකද කරන්නේ? (නි)

:       0       0

නිලංග Thursday, 23 August 2012 03:58 PM

බුදු හාමුදුරුවන් ජිවත්ව වැඩ සිටි කාලයේත් නොයෙක් දෙනා බුදු හාමුදුරුවන්ට නිගා දෙන දේ කළා. නමුත් ඒ කාලයේ හිටපු රජවරු ඒ මිනිසුන් අල්ලල උල තියන්න, හිරේ දාන්න ගියේ නෑ. අපි මේ අය ගැන අනුකම්පාවෙන් බැලිය යුතුයි .(ස)

:       0       0

ලලිත් Wednesday, 22 August 2012 06:20 AM

දඩය ඇ. ඩො. 12 යි. මේ ඔය වගේ රටක කොපි කෝප්පයක ගණන. දැන් මේ අය ආයෙත් ඔය වැරැද්ද නොකරාවිද? බලන්න, ඔය වගේ නඩුවක් අහන්න කොතරම් වියදම වෙනවද? පොලිස් නිලධාරීන්ගේ, එතකොට උසාවියක් පවත්වාගෙන් යන්න. ඒ වියදමවත් ආවරණය වෙන්නේ නැහැ නේද? දියුණු රටවල දඩ නියම කරනකොට ඒ වගේ වියදමුත් ගණන් ගන්නවා. නවසීලන්තයෙ නගරයක බාර් එකක් තියෙනවා; එකේ නම: "නිර්වාණ්". ලෝගෝ එකට යොදාගෙන තියෙන්නේ බුදු හිමියන්ගේ පින්තූරයක්. (නි)

:       0       0

අනුරාධ Wednesday, 22 August 2012 06:33 AM

අනෙක් අයටත් පාඩමක් වශයෙන් දැඩි දඩුවම් දෙන‍්නයි තිබුණේ, නිකන් නළවන්නේ නැතුව. (නි)

:       0       0

නිමල් Wednesday, 22 August 2012 01:50 PM

මේ වගේ ඒවාට දඩ ගහන එක නෙමෙයි කරන්න ඕනෑ, මිනිස්සු දැනුවත් කරන එකයි විය යුත්තේ. (නි)

:       0       0

ඩයස් Wednesday, 22 August 2012 07:48 AM

අපිට අපේ බුදු දහම තරම් වටින දෙයක් වෙන නැහ ඒකටත් නිගා දෙන්න එන්නන්ට මෙහෙම දඩුවම් දීම ගැන අපේ ස්තුතිය..(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:57 AM

බුදු දහම රැකගත යුත්තේ බෞද්ධයන්ගෙන්මයි...අභියෝගය තියෙන්නෙත් බෞද්ධයන්ගෙනුයි...(ස)

:       0       0

බුද්ධි Wednesday, 22 August 2012 09:36 PM

මොන සිර දඩුවම්ද? දඩයක් ගහලා මෙහෙන් පන්නලා දානවා ඇරෙන්න. (නි)

:       0       0

කරු Wednesday, 22 August 2012 08:38 AM

නියම දඩුවම (දී)

:       0       0

ගුණරත්න Wednesday, 22 August 2012 08:43 AM

මේක මුස්ලිම් රටක උනානම් මොකද වෙන්නේ..(ස)

:       0       0

අසෝක Wednesday, 22 August 2012 02:31 PM

මෙහෙම විහිළු දඩුවමක් දුන් කෙනාටත් දඩුවමක් දෙන්න ඕන..(ස)

:       0       0

කාජල් Wednesday, 22 August 2012 08:52 AM

විදේශිකයෝ කොහොමද එහෙම කරන්නේ? (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 22 August 2012 09:07 AM

මට පේන්නේ බුදු දහමත් මුස්ලිම් ආගමේ තත්වයට පත් වෙමිනුයි තියෙන්නේ කියල. පිළිමයක පින්තුර ගත්තම එක ආගමට නිගරුවක් නම් හැම පෝයටම බණ අහමින් සමහර 'සිල්වත්' අය කරන දේවල් වලට සදාකල් හිරේ දාන්න වෙයි නේ. (ස)

:       0       0

සජී Wednesday, 22 August 2012 02:38 PM

මේ අය මෙහෙම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම හරිහැටි නොදන්නා නිසයි. (නි)

:       0       0

මේනක Wednesday, 22 August 2012 09:12 AM

ගුවන්තොටුපලේදීම දැනුවත් කිරීමක් තිබුණනම් තමා හොද. එහෙම උනානම් මේහෙම කරන්න පෙළඹෙන්නෙ නැහැ. කළොත් ඒ බුදු දහමට නිගා කිරීමේ අරමුණින්මයි. දඩය නම් හොදටම මදි. 150,000/- ක් වත් තිබුණනම් ආයෙ කරන්නෙ නැහැ ඔහොම. මොකද මම හොදටම දන්නව එයාලගේ රටවල් වල දඩ ඒ වගේ ඉහල අගයන් ගන්නව.

:       0       0

අයෝමා Wednesday, 22 August 2012 09:20 AM

නවසීලන්තයේ කොහේද ඒක තියෙන්නේ ලලිත්? (නි)

:       0       0

සහන Wednesday, 22 August 2012 09:20 AM

මෙලොවම පඩිසන් දෙනවා (දී)

:       0       0

රිස්වාන් Wednesday, 22 August 2012 09:33 AM

ඇයි මේකට පැත්තක ඉන්න මුස්ලිම් ආගම ගාවගන්නේ..(ස)

:       0       0

කුමුදු Wednesday, 22 August 2012 10:51 PM

ඒ අයියාව දැනුවත් කරනු! (නි)

:       0       0

සුගතපාල Wednesday, 22 August 2012 03:05 PM

බෞද්ධයෝ හිටියේ නද්ද?(දී)

:       0       0

රිද්මා Wednesday, 22 August 2012 03:01 PM

මේවගේ දේවල් වන්න දෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1778 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1334 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 376 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 509 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 230 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site