IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් උප ලේකම්වරිය මාධ්‍ය කාර්යභාරය ගැන කතා කරයි

මෙරට නිල සංචාරයක යෙදෙන, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබත් ඇලන් මහත්මිය අද (19) උදෑසන කොළඹ දී ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පැවැත්වූවාය.

එහිදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඇගැයීමට ලක් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, සාධාරණ, සමාජයක් ස්ථාපිත කිරීමෙහිලා ඔවුන් දක්වන මෙහෙවර ප්‍රශංසනීය යැයි එලිසබත් ඇලන් මහත්මිය පෙන්වා දුන්නාය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කනස්සල්ල පළ වී ඇති බවත්, එම නව පනත  කිසිදු අවස්ථාවක නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් නොවිය යුතු බවත්, එලිසබත් ඇලන් මහත්මිය පැහැදිලි කළාය.

ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන් මියයෑම සම්බ්නධයෙන් ද මෙහිදී එලිසබත් ඇලන් මහත්මියගෙන් කරුණු විමසීමක් සිදුවිය.

ඊට පිළිතුරු දෙමින් එලිසබත් ඇලන් මහත්මිය කියා සිටියේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දැඩි කනස්සල්ල පළ වන බවය.

ඇමෙරිකන් රජය ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ලබා දීම සිදු කරන බවත්, ඊශ්‍රායල නායකයන් සහ අරාබි නායකයන් එක් වී, අර්බුදයට පැහැදිලි විසඳුම් සෙවීම කළ යුතු බවත් එලිසබත් ඇලන් මහත්මිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එම දේශනය සංවිධානය කර තිබුණු අතර, එම අවස්ථාවට මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය ද පැමිණ සිටියහ. මෙම අවස්ථාවට, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, නීතිවේදීන් සහ විද්වත්හු බොහෝ පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ඇමෙරිකන් උප ලේකම්වරිය මාධ්‍ය කාර්යභාරය ගැන කතා කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 457 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 853 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 204 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 745 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1428 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 565 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site