යහපත් ජීවිතයක් උදෙසා සිය මවුබිම අත්හැර විදෙස් රටකට යමින් සිටි ඇෆ්ගන් යුවලකට දාව දැරියක උපත ලබා ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
සී-17 ගුවන් යානායකින් ජර්මනිය බලා ගමන් කරමින් තිබියදී මෙම දැරිය උපත ලබා ඇති අතර ඇය ගුවන් යානයට අදාළ සංඥාවේ (කෝල් සයින්) නම දියණියට ලබා දී ඇත.
“ඔවුන් ඔවුන්ගේ දැරිය ‘රීච් (Reach)’ යනුවෙන් නම් කළා. කටාර් සිට රැම්ස්ටීන් වෙත ගමන් කළ සී-17 ගුවන් යානයේ සංඥාව’ (කෝල් සයින්) ‘රීච් (Reach). ඒ නිසා මවුපියන් ඔවුන්ගේ දියණිය ඒ නමින් නම් කළා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ යුරෝපීය අණ දෙන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් පැවැසීය.
රැම්ස්ටීන් යනු ජර්මනියේ පිහිටා ඇති ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් කඳවුරකි. ජර්මනියේ නිරිත දිග ප්‍රාන්තයක් වන රීනලාන්ඩ්-පලාටීන හි එම කඳවුර පිහිටා ඇත.
ඇෆ්ගනිස්තානයෙන් මුදා ගන්නා ඇෆ්ගන් වැසියන් විශාල ප්‍රමාණයක් කටාර් වෙතත් ඇතැම් විට ඇමෙරිකාවත් ඇෆ්ගනිස්තානයත් අතර තිබෙන ඇමෙරිකාවට අයත් කඳවුරකට රැගෙන යයි. ඔවුන්ට ඇමෙරිකාවට හෝ වෙනත් රටකට යෑමට ලැබෙන්නේ ඉන් පසුවය.
ගුවන් යානය ගොඩබැසීමෙන් පසු ඇෆ්ගන් මවට (රීච්ගේ මව) වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අයුරු ඡයාරූපවල දැක්වෙයි.
(රොයිටර්)
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකන් හමුදා යානයකත් දරු ප්‍රසූතියක්
Demuni Uduwara Monday, 30 August 2021 03:50 AM
මානුෂීය යුද්ධයක්!
R.M.P.RATHNAYAKE Monday, 30 August 2021 11:13 AM
මවටත් ,දියණියටත් සියලු දෙවියන්ගේ පිහිටයි .උදවු කල සියලුම දෙනාටත් ගොඩක් පින් .හරිම සතුටුයි