IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ඇමෙරිකාවට ගියොත් විදුලි පුටුවේ‘

තමන්ට ඇමෙරිකා  පුරවැසිකම ඇති නිසා  ඇමෙරිකාවට ගොස් ජීවත් වීමේ හැකියාව  තිබුණද ඇමෙරිකාවට ගියොත්  ඉන්නට සිදු වන්නේ විදුලි පුටුවේ  යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂ මහතා දෙරණ රූපවාහිනීයේ 360 වැඩසටහනට සහභාගී වෙමින් කීවේය.

වැඩසටහන මෙහෙයවු  සංඛ අමරසිංහගේ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් තමන් ශ්‍රී ලංකාවේද පුරවැසියකු බවත්  කොටි ත්‍රස්තවාදය විනාශ කර යුද්ධය අවසන් කිරීම නිසා  ඇමෙරිකාවට හෝ වෙනත් රටකට තමන් පැමිණෙන තෙක්  විදේශ රටවල සිටින ත්‍රස්තවාදීන් බලා සිටින බවත්  කීය.

 මහා පරිමාණ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වු ‘වෙලේ සුදා‘ ඇල්ලුවේ  තමාගේ කාලයේ බවත් ජනාධිපතිවරණය පැවැත්වෙද්දී  ඔහු පකිස්ථානයේදී  ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට  ගත් බව තමන්ට දැනුම් දුන් බව කී ආරක්ෂක ලේකම් වරයා ඒ පිළිබඳ හුවමාරුවු ලියකියවිලි  ආරක්ෂක අංශ භාරයේ  ඇති බවත් කීය.

ජනාධිපතිවරණ අත්ඩංගුවට පත්ව සිටි වෙලේ සුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වු බවත් ඔහු අල්ලා ගැනීමට පකිස්තානය ,ඩුබායි  යන රටවල් හා එක්වතමන් බරපතල ක්‍රියාදාමයක් දියත් කළ බව රාජපක්ෂ මහතා කීය.

2005දි තමන් ආරක්ෂක ලේකම් ධුරයට පත් වු දිනයේ සිට  ඉන් නික්ම යන තෙක්ම  වාර්ෂිකව තමන්ගේ වත්කම් බැරකම්  ප්‍රකාශන නිවැරදිව ජනාධිපති ලේකම්වරයාට භාරදී ඇති බවත් ඒවා සසඳා බලන ලෙස චෝදනා  කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත්  හේ පැවසීය.

අයථා ලෙස උපයාගත් මුදලක් හෝ දේපළක් ලංකාවේ  හෝ විදේශ රටක ඇත්නම් ඒවා පහසුවෙන් සොයාගත හැකි බවත් රාජපක්ෂ මහතා වර්තමානය වන විට තමන් ඇති කළ ව්‍යාපෘති වල අද තත්ත්වය දකින විට තමන්ට  කණගාටුවක් ඇති වන බව කීවේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව ගැන සඳහන් කළ ගෝඨාභය රජපක්ෂ මහතා එය ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක් බවත් රට සල්ලි උපයා ලබා  ගත හැකි  මට්ටමට වර්ධනය කළ බවත් මෙම පාවෙන අවි ගබඩාව ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවා  තමන් සමඟ ධනාත්මක ලෙස සාකච්ඡා කළ බවත් කීය.

එය සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට මුහුණදීම සඳහා  ඇති කළ බවද වාණිජ්‍ය නැව් වලට ආරක්ෂාව සපයන පෞද්ගලික සී මාර්ෂල්වරුන් ගාලු වරායේදී ගොඩ බැස ඔවුන්  අවි ආයුධ නැවට භාර දීමෙන් ලංකාවටම රට සල්ලි ලැබෙන බවත් පාවෙන අවි ගබඩාව ලෙස  අවි ගබඩාව හැදින්වීමෙන් වැරැදි   තේරුමක් ලැබෙන බවත් ඔහු කීවේය.

මේ සඳහා නාවික හමුදාව යොදා නොගත්තේ ඇයි දැයි  ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා වෙළෙද නැව් වලට ආරක්ෂාව සැපැයීම සඳහා  නාවික හමුදාව යොදා ගැනීම ලෝකයේ කිසිම රටක  සිදු නොකරන බවත්  එවැනි ආරක්ෂාවක්  ලබා දුන් විට එය වෙළෙද නෞකාවක්  නොව යුද නෞකාවක් බවට පත්වෙන බවත් සඳහන් කළේය.

 

වීඩියෝ අනුග්‍රහය - දෙරණ රූපවාහිනිය



අදහස් (0)

‘ඇමෙරිකාවට ගියොත් විදුලි පුටුවේ‘

රුක්ෂාන් Wednesday, 18 March 2015 03:48 AM

මොනවා නැතත් කෙළින් කතාකරන කෙනෙක් (නි)

:       0       0

රජිව් Wednesday, 18 March 2015 03:48 AM

සත්‍ය කවදා හෝ ජයගනු ඇත. (නි)

:       0       0

සුජිත් Wednesday, 18 March 2015 03:50 AM

නියම සිංහලයෙක් (නි)

:       0       0

සෙනරත් Wednesday, 18 March 2015 03:51 AM

ඔබට අපි සදා ණයගැතියි. රට බේරාදීමට රණවිරුවන් නියමාකාරයෙන් මෙහෙයවී‍මට කටයුතු කිරීම හා එම අරමුණ වෙනුවෙන්ම ඔබගේ සම්පුර්ණ කාලය යෙදවීම හා කිසිදු බලවේගයකට හිස නොනැමීම පිළිබඳව. (නි)

:       0       0

රොහාන් Wednesday, 18 March 2015 03:55 AM

විදුලි පුටුවට යන්නේ වැරදි කළ උදවිය, මම දන්න විදියට (නි)

:       0       0

රොහාන් Wednesday, 18 March 2015 03:56 AM

ඔබ අපිට වීරයෙක්. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 18 March 2015 03:57 AM

මෙතුමා නැතිකරන්න විදේශවල විතරක් නෙමෙයි රටේ අයත් ඉන්නවා. ඔහු ආරක්ෂා කිරීම අපේ රටේ යුතුකමක්. (නි)

:       0       0

නාමල් Wednesday, 18 March 2015 04:00 AM

අනෙක් දේවල් පැත්තක තියලා,ලංකාව අරක්ෂාකර දෙන්න. ලංකාව අවුරුදු තුන හතරකින් මෙතනට ගෙනාවේ ඔබගේ තීරණ නිසා. පිටරටක සිට බලනවිට හොඳ නරක පැහැදිලිව බලන්න පහසුයි (නි)

:       0       0

සුදේශ් Wednesday, 18 March 2015 04:01 AM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 04:04 AM

රොහාන්, ලෝක පලවතුන්ට පිටුපා කල මානුෂික මෙහෙයුමද වරදක්ද (ම)

:       0       0

බණ්ඩාර - කුවෙට් Wednesday, 18 March 2015 04:08 AM

ඔබගේ සේවය අපි ඉතාම අගය කරනවා මහත්මයාණෙනි (ම)

:       0       0

ශාන් Wednesday, 18 March 2015 05:19 AM

ඇයි කොළඹ කුණු නැතිව ලස්සනට තියාගන්නට කරපු ව්‍යපෘතිය කොතරම් වටිනවද ? (ම)

:       0       0

ඉන්දික Wednesday, 18 March 2015 05:26 AM

ඇමරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මකද? ඔවුන් එය ක්‍රියාත්මක කරන්නේ විදුලි පුටුව හරහාද? දන්න කෙනෙක් කියනවාද? (ම)

:       0       0

ජයසේකර Wednesday, 18 March 2015 05:30 AM

සන්නස්ගලට කියන්නකෝ මෙතුමාවත් අර එයාගේ "සත්‍යාගාරයට" ගෙන්නන්න කියලා... ඔබට අපගේ උත්තමාචාරය උතුමාණනි !!! (ම)

:       0       0

ශානිත් හේමාල් Wednesday, 18 March 2015 05:48 AM

සත්‍ය කවදා හෝ ජයගනු ඇත ඔබ අපිට වීරයෙක්. ඔබට තෙරුවන් සරණයි! (ම)

:       0       0

සඳරුවන් Wednesday, 18 March 2015 07:28 AM

ඔබගේ රාජකාරිය 200% කින් නිවැරදිව සිදුකර බව අපි දන්නවා .. ඔබට තෙරුවන් සරණි!!!!!!!!!!!!!!! (ම)

:       0       0

ප්‍රියන්ති Wednesday, 18 March 2015 08:16 AM

ඔබ අපිට වීරයෙක්, කවද හරි සත්‍ය ජය ගන්නවා. (ර)

:       0       0

රේණුකා Wednesday, 18 March 2015 08:56 AM

ගෝඨාභය මහත්මයෝ අපි ඔබතුමා සමගයි. ඔබතුමාට දීර්ඝායු පතන්නෙමු. ඔබතුමාට තෙරුවන් සරණයි.! (ර)

:       0       0

ප්‍රකාශ් Wednesday, 18 March 2015 09:08 AM

ත්‍රස්තවාදී යුද්ධය ජාවාරමක් කරගෙන රට විනාශ කල පාලකයෝ මේ රටේ හිටියා. ඒ ද්‍රෝහීන් නොයෙකුත් බලවේග වලට යට වී රට විනාශ කළා. පාර තොටේ නිදහසේ යන්න බැරි තත්වයක් තිබුනේ. එවන් කාලයකදී මහින්ද මහත්මා රටේ සැබෑ ජනාධිපති ලෙස පත්වුන අතර ඔබ නියම එඩිතර රටට ආදරය කරන සැබෑ ආරක්ෂක ලේකම් දුරයට පත්වුණේ රටේ වාසනාවට බව අප හොඳින් දන්නවා. එවන් ශ්‍රේෂ්ඨ උත්තමයන් වන ඔබලාට අපේ ආශිර්වාදය හැමවිටම ලැබෙනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි.! (ර)

:       0       0

බණ්ඩා Wednesday, 18 March 2015 09:39 AM

ඇමෙරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නෑ. (ර)

:       0       0

වසන්ත Thursday, 19 March 2015 01:32 AM

බොහෝ දෙනෙක් වීරයෙක් කියනවා. අපේ අහවල් ඇමතිතුමාගෙන් ඇහුවොත් විස්තර දැනගත හැකිය (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 10:05 AM

බණ්ඩා මහතා, ඇමෙරිකාව ඒක කරන්නේ පිට රට. (ර)

:       0       0

මහේෂ් Wednesday, 18 March 2015 10:28 AM

මෙයා හිටියා නම් ජනරාල්ගේ විශ්‍රාම වැටුප තාමත් නෑ (ම)

:       0       0

රන්ජිත් Wednesday, 18 March 2015 10:35 AM

විදුලි බලය ලංකාවෙන් (ම)

:       0       0

සංජීව Tuesday, 17 March 2015 03:31 PM

ඔබ අතිවිශිෂ්ටයි සර්! (නි)

:       0       0

ජයන්ත Tuesday, 17 March 2015 04:34 PM

මොනවා වුණත් ඔහු කියන දේ ඇත්ත (නි)

:       0       0

සවින් Wednesday, 18 March 2015 02:25 PM

ඇමරිකාවේ විදුලි පුටුව ක්‍රියාත්මක කරනවා. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවේ විවිධ ප්‍රාන්ත වල. සමහර ප්‍රාන්තවල විෂ එන්නත් කර මරා දමනවා. ඇත්තවශයෙන්ම ඇමරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. (ර)

:       0       0

ජෝන් Wednesday, 18 March 2015 03:34 PM

ජාතික වීරයෙක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 5 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 238 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 193 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site