ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඉකුත් මැයි 02 ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්ගැන ත‍්‍රී පුද්ගල එක්සත් ජාතීන් විද්වත් කමිටුව මෙරට සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන මස එක්සත් ජාතීන් ගේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙද්දී බිස්වාල් මහත්මිය මෙරටට පැමිණෙන්නීය. කාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයකි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළබඳ සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් මීට සති කිහිපයට පෙර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර මහ මැතිවරණය පැවැත්වීම නිසා එය කල් දැමිණි.
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත
මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඇමෙරිකාවෙන් එයි
නුවන් Monday, 24 August 2015 03:41 AM
ඔය වැඩ පටන් අරන් තියෙන්නේ. අපේ හමුදාවේ කොල්ලො ටික අල්ලලා හිරේ දායි වගේ (නදී)
රුවන් Monday, 24 August 2015 03:44 AM
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ (නදී)
රෙජි-සිඩ්නි Monday, 24 August 2015 04:04 AM
එතකොට අැමෙරිකාවේ මානව හිමිකම් කඩකරන ඒවා ගැන හොයල බලන්නේ කව්ද ?(නදී)
ඉසුරන්දි Monday, 24 August 2015 04:24 AM
සහයෝගයෙන් වැඩ කලොත් රට ගොඩ. (අ)
රොහාන් Sunday, 23 August 2015 11:25 AM
මෙයාල ලෝකෙම ගිනි තියන එක කරන්නේ (නදී)
ධම්ම Sunday, 23 August 2015 11:26 AM
අපි හිතුවේ සර්ලා අපිත් එක්ක තරහවෙලා ඇති කියලා. (නදී)
සුදත් Monday, 24 August 2015 04:47 AM
දිලිප් මෝඩ කතා කියන්න එපා. කොලඹ මිනිස්සුන්ව සුදුවෑන් වලින් ගෙනිච්චෙ කොටි නෙමේ. යුද්ධයෙන් මැරුනු සිංන්හල, දෙමල සියල්ලම අපේ සහෝදරවරු තමා. දෙමල තරුනයින් කොටින්ට බැදුනේ ඒ අයටත් විවිද ප්‍රශ්න තිබුන නිසා. නැතිව විනෝදෙට නෙමේ. (නදී)
නාමල් Sunday, 23 August 2015 12:04 PM
සාදරයෙන් පිලිගන්නවා... ඔබලා අපිට ඒකාධිපතියන්ව පරදවන්න කල උදව් අමතක නෑ (නදී)
නුවන් Sunday, 23 August 2015 12:06 PM
යුද්ධය අවසන් සමයේ හමුදාවේ සුලු පිරිසක් අපරාධ කලා නම් ඒවා සොයා බලා දඩුවම් දිය යුතුයි (නදී)
දුමින්ද Monday, 24 August 2015 06:21 AM
කළු ගලේ ඔලුව ගසා ගත හැකිද ? (නදී)
මොහොමඩ් Monday, 24 August 2015 07:02 AM
අපේ රට ඇතුලේ සිදුවෙන දේවලට ගරු අධිකරණය තියෙනවා දඩුවම් දෙන්න. මේ ගොල්ලෝ අවශ්‍ය නැහැ ඒකට. මෙයාලගේ වැඩේ රටවල් ගිනි තිය තිය යන එක (නදී)
මඩුල්ල ග්‍රාවියල් Sunday, 23 August 2015 04:29 PM
අපේ රටේ හමුදාව අපරාධ කළ නම් දඩුවම් දෙන්න අපේ රටේ ගරු අධිකරණයක් කියෙනවා නේද? (නදී)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 23 August 2015 05:25 PM
නුවන්, යුද්දයේ අවසාන කාලයේ අපරාද කරන්නට රණ විරුවන්ට ඉඩක් තිබුනේ නෑ. ඒවා කර කර හිටියනම් මෙහෙම නිදහසේ කතාකරන්න ලැබෙන්නේ නෑ. (නදී)
දිලිප් වික්‍රමරත්න Sunday, 23 August 2015 10:29 PM
නුවන්, ඔන්න ඔතනට තමයි සිංහලයන්ගේ මානසිකත්වය ඉදිරි මාස කීපයේදී සකස් කරන්නට මේ ආණ්ඩුව වෙර දරන්නේ. ලංකාවේ යුද අපරාද උන බවත්, ඒ අයට දඩුවම් දිය යුතු බවත් සිංහලයන්ට ඒත්තු ගන්වන්න. සුදු නෙලුම්, තවලම් වගේ ඒවා ඉක්මනින්ම පටන් ගනී. තම ජීවිතේ පරදුවට තියලා රටට නිදහස ගෙනාපු ඒ හමුදා සහ සිවිල් නායකයෝ කුදලා ගෙන යනකොට, නුවන් වගේ සිංහලයෝ කියාවි හොද වැඩේ බව. මැරුන කොටියොයි, හමුදාවේ මැරුන රණවිරුවොයි, එකම සහෝදරයෝ කියලා රාජ්‍ය අනුග්‍රහයෙන්ම උත්සව ආරම්බ කරාවි. ඒකට ඇමරිකන් කාරයෝ හදලා දීපු නම තමයි "reconcilation"බලන් ඉන්න (නදී)
කුමාර් Sunday, 23 August 2015 10:50 PM
බබා හම්බ උනා විතරයි ඔය එන්නේ උන්ගේ සැලැස්මට රට අරාජික කරන්ට. සජිත් මහත්තයෝ කෙලින් ඉන්ට. ඔබගේ පියා බ්‍රිතාන්‍ය තානාපතිවත් ගෙදර ඇරියා මතකනේ? ඉන්දියාව බලෙන් පරිප්පු දැම්මම මැතිසබේ කල ප්‍රකාශය මතකනේ. බටහිරයෝ එන්නේ රටවල් ගිනි තියන්ට උන්ගේ කපටිකම් හංගගෙන. ඕක තේරුම් ගන්නකොට සියල්ල සිදුවෙලා (නදී)
වයිකෝ Sunday, 23 August 2015 11:41 PM
යුද්ධය අවසන්, දැන් ඉදිරිය බලා වැඩකරමු. (නදී)
ද සිල්වා බර්ලින් Monday, 24 August 2015 01:48 AM
කියන්න ප්‍රශ්නයක් නැහැ 1980 වේ ඉඳන් පටන්ගනිමු. අර යටත් උන පොලිස් නිලධාරීන් 600 ට , කොළඹ සහ ලංකාවේ අනිකුත් ස්ථානවල මැරුන මිනිසුන්න්ටත් මානව හිමිකම් තිබෙනවා. අපේ හමුදාවේ වැරදිකරලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් අපිත් සුදානම් දඩුවම් දෙන්න. නමුත් සරණාගත ලේබල් ගසාගෙන බටහිර රටවල සැඟවී සිටින කොටිනුත් වැරදි කරුවන් උනොත් ඔවුන්ටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)