ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.
ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි. මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.
ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත.
එළඹෙන ශීත කාලගුණයත් සමග රෝගය ව්‍යාප්ත වීම තවත් වැඩිවිය හැකි බවට එරට වසංගත විද්‍යා අංශය අනතුරු අඟවා තිබේ.
කොරෝනා පළමු රැල්ලේදී ඇමරිකාවේ වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ නිව්යෝර්ක් නගරයේ නැවතත් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා(20) සිට නගරයේ පාසැල් වසා දැමීමට ද නියෝග කෙරිණ.
ඇමරිකාවේ බෝවන රෝග අංශයේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆවුචි මහතා පවසා සිටියේ කොරෝනා සම්බන්ධව මේවනවිට රට ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි. වයිරසය පාලනය සම්බන්ධයෙන් ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ආසාදිතයන් වැඩිවීම පාලනය කර නොගන්නේ නම් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයෑම වලක්වාගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
"මෙය ඉතා බරපතල තත්ත්වයක්, අප සිටින්නේ ඉතා දුෂ්කර තත්ත්වයක, සෞඛ්‍ය රීතීන් දැඩිව අනුගමනය කළ යුතුයි, එන්නතකින් උදව් ලැබෙන තුරු තවත් ටික කාලයක් අල්ලාගෙන සිටිය යුතුයි" යනුවෙන් ෆවුචි මහතා පැවසීය.
ඇන්තනි ෆවුචි මහතා මාර්තු මස අග භාගයේදී අනාවැකි පළකරමින් කියා තිබුණේ වයිරසය හේතුවෙන් ඇමරිකාවේ 200,000ක් පමණ මියයෑමට ඉඩ ඇති අතර තවත් මිලියන ගණනකට වයිරසය ආසාදනය වියහැකි බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී