උදලාගම වාර්තාව ඇතුළු යුද අපරාධ චෝදනා පිළීබඳව මෙතෙක් ඉදිරිපත් වු වාර්තා දේශපාලන උවමනාවන් මත පමණක් ඉදිරිපත් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා කොළඹ දී අද (21) ප්‍රකාශ කළේය.
යුද අපරාධ චෝදනා පිළීබඳ වාර්තා වලින් යුද අපරාධ වලට සැබෑ චුදිතයා විය යුත්තේ කවුදැයි සාකච්ජා නොකර රජය වෙනුවෙන් සේවය කළ වෙනත් පුද්ගලයන් පාවා දෙන බව ද ඔහු කීවේය.
යුද අපරාධ වලට ශ්‍රි ලංකා රජයේ හමුදාව සම්බන්ධ නොමැති යැයි විවිධ පාර්ශව සඳහන් කළද රජයේ හමුදා වැලිවේරියේදී හා කටුනායක දී කළ කටයුතු වලින් හමුදාවේ ක්‍රියාව පැහැදිලි කරගත හැකි බව ඔහු පැවසූවේය.
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයට ඇමරිකාව මැදිහත් වන්නේ මෙරට මානව හිමිකම් රැකිමට හෝ දෙමළ ජනතාවගේ අයිතිය රැකීමට නොව ආණ්ඩු මාරුවෙන් පසු ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට යැයි ද නාගමුව මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදනවා’
හනීස් Wednesday, 21 October 2015 01:37 PM
අනේ අනේ කිතුල්ගොඩ, හමුදාවේ කිසිම වරදක් කරපු අය කවුරුවත්ම නැද්ද? (නි)
ඇන්ටන් Wednesday, 21 October 2015 01:57 PM
එතකොට දැන් මොනවා කරන්න කියලද ඔබතුමා කියන්නේ? (නි)
වරුණ Thursday, 22 October 2015 03:53 AM
දැන් නාගමුව මහත්තයා මොකක්ද කරන්න කියන්නේ? (නි)
සෙනරත් Wednesday, 21 October 2015 02:29 PM
හනීස්, ලෝකයේ කොතැනක හෝ ත්‍රස්තවාදීන්ට කැත්තට කැත්තෙන් සහ පොල්ලට පොල්ලෙන් පිළිතුරු දිය යුතුය. එසේ නොමැතිව ජයගත් හෝ නිදහසක් ලත් කිසි කෙනෙක් නැත. (හේ)
මහානාම- කඳාන Thursday, 22 October 2015 04:20 AM
ඇමෙරිකාව බිල්ලට ගන්න හදනවා නොවේ , බිල්ලට දෙන්න යනවා සිය කැමැත්තෙන් අපේ කල්ලිය . මනෝ ලෝකේ ඉන්න උදවිය දන්නේ නැහැ අද චීනෙට වදිනවා පොර්ට් සිට්ය් එක පටන් ගන්න කියලා , නෙලුම් කුලුන නවතනවා කිව්වා , උමා ඔය නවතනවා කිව්වා . කෝ නවතුවාද ? චිනේ ලංකාවේ බින්න බහින්න ආවේ නැහැ , චිනේ මෙහෙ ආවේ බිස්නස් කරන්න , මෙහෙ බැරිනම් වෙන කොහේ හරි යනවා , දැන් එන කට්ටිය එන්නේ රට කන්නනේ , ඉන්න කට්ටිය හදන්නේ රට විකුනන්නේ ,(ම)
ඉන්දික Thursday, 22 October 2015 04:26 AM
කවුද මේ හාදය? විප්ලව කරපු අයට මොන මානව හිමිකම්ද? (ම)
උදාරත් Thursday, 22 October 2015 10:44 AM
ඇමෙරිකාව කියන්නේ දියුණු රටක් (අ)
ජයතිලක Wednesday, 21 October 2015 04:07 PM
ඇමරිකාවට ලංකාවේ සයිස් එක ඇති වෙයිද බිල්ලට ගන්න. ඇයි යුද්දෙ තිබුණනම් සමහර විට ජයතිලක කොනේට් ලියන්න ඉතුරු වෙන එකකුත් නැහැ. නමුත් බටහිරට බිල්ලන්ව අපිට පෙන්නනවා වැඩි. ඡන්දේ දවස්වල ඒක හොඳටම වැඩි. (බ)
රොහාන් Thursday, 22 October 2015 05:09 AM
ඔය ඇතන්ගේ ළමයි ඉගෙනගන්නේ ඇමරිකාවේ. (ම)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:20 AM
යුද්ධය සංකීර්ණයි සංවේදියි. කැත්තට කැත්ත මිසක් නවගුණ වල යොදා ගන්නේ නැහැ. වළක්වාගත හැකි අපරාධ නම් සොයා බලා විසදුම් තීරණය කළ යුතුයි, අපේ හමුදාව පමණක් බිල්ලට ගැනීමේ කුමන්ත්‍රණ හඳුනා ගනිමු. (ම)
මනෝ Wednesday, 21 October 2015 08:37 PM
ඒ දවස්වල චීනේ බාගෙට බිල්ලට අරගෙන තිබුනේ. හොඳ වෙලාවට අපි වෙලාවට මකර කටෙන් රට බෙර ගත්තා. (අ)
රොහාන් Wednesday, 21 October 2015 11:41 AM
එතකොට තමුන් කියන්නේ යුද හමුදාව පාවා දෙන්නද?(හේ)
පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 11:57 AM
කොයි කාගේත් බලය ගැන අපි දන්නවා. දැන් පහුගිය කාලේ බලය අල්ලාගෙන රටට කරපු හරියත් අපි දැක්කා. (නි)
කපිල Wednesday, 21 October 2015 12:01 PM
සමහරුන්ගෙන් තමන්ට වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 21 October 2015 12:46 PM
මේ කවුරු කවුරුත් එන්නේ කාගේ උවමනාවටද කියලා පැහැදිලි කරන්න තවත් අටුවා ටීකා අපිට ඇවැසි නැහැ. රණවිරුවෝ රට බේරාගත්තේ නැත්නම් තවත් දහස් ගානක් බිලිවෙන්න තිබුනා. (නි)