IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකා ජනපති බයිඩන් ඊශ්‍රායලයට

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි.

මේවනවිටත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඇමෙරිකන් හමුදා ප්‍රධානීහු කිහිප දෙනෙක් ද ඊශ්‍රායලයට පැමිණ සිටිති. මුස්ලිම් අරාබි රටවල් මැද පිහිටි ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද යුදෙව්වෙකි.
ඊශ්‍රායලය සහ ගාසා හාම්ස් සටන්කාමීන් අතර සටන් ඇරැඹුණේ, පසුගිය 7 වැනිදා, හමාස් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් දේශසීමා හරහා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් ඊශ්‍රායලයට කඩා වැදී පහරදීමත් සමඟය.

ඊශ්‍රායලයට පහර දුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමිය යුතු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී තිබේ.
එසේ වුවත්, හමාස්  සටන්කාමීන්ට පහරදෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක්’ බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (2)

ඇමෙරිකා ජනපති බයිඩන් ඊශ්‍රායලයට

ලප කුමාර Tuesday, 17 October 2023 03:24 PM

බයිඩන්ට ඉතා ඉක්මණින් නිවන් සුව පතමු. මුලු ලෝකයම ගිනි ගොඩක් කරන බයිඩන් සවර්ගය...

:       0       1

Nelantha Tuesday, 17 October 2023 04:34 PM

අපිත් මඩකලපුවෙ සිංහල මිනිසුන්ගේ ඉඩකඩම් ඊශ්‍රායල් කාරයින්ට ලොකු ගාණකට ඩොලර් වලින් විකුණමු. එතකොට අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ඉවර වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site