‘ඇමරිකා තානාපතිවරයාගේ යාපනය සංචාරයෙන් සිදුවුණු කිසිම යහපතක් නැහැ. උතුරු පළාත් සභාවේ පිරිස උතුරේ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම පිණිස ආධාර කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු නිහඩව සිටියා. සෙසු ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථාවේදී තානාපති ඒ වෙනුවෙන් කිසිම පොරොන්දුවක් දුන්නේ නැතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් පවසයි.
යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි අවධානය යොමුකොට සියලු ජාතීන්ට එක හා සමානව සැලකීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඇමරිකා රජය බෙහෙවින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් යාපනයේදී පැවසීය.
ඇමරිකා රජයේ ආධාර මත යාපනයේ ඉඩෙයිකාඩු පළාතේ වෛද්‍ය සායනයක ප්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය.
උතුරු පළාත් සභාවට ගොස් මහ ඇමැති ද සභාපතිවරයා ඇතුළු සෙසු ඇමැතිවරුන්ද හමු වූ ඇමරිකා තානාපතිවරයා යාපනයේ සෙසු දේශපාලනඥයින්, දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද හමු විය.
ඇමරිකාව ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම උදවු උපකාර කොට ඇති බව පෙන්වාදුන් ඇමරිකා තානාපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික සංස්කෘතික හා සාමාජයීය කටයුතු වෙනුවෙන් උපකාර කරන බවද පවසා ඇත.
උතුරු පළාත් සභාපති ඇමරිකා තානාපතිට දොස් කියන්නේ හිතට එකඟවද ?
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඇමරිකා තානාපතිගේ ගමනින් යාපනයට වැඩක් නෑ‘
ලංකා Tuesday, 16 August 2016 08:01 AM
මේ දිනවල නීතිපති, කිලිනොච්චි දෙමළ විනිසුරු ඇතුළු ඉහළ නිලධාරී කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ රහසිගත සංචාරයක. සංවිධානය, සියලු වියදම් ඇමෙරිකානු රජයෙන්. මේ කුමක් සඳහාද, ඇයි මෙච්චර කැක්කුමක් අපේ රට ගැන? මේ ගැන සොයා බලන්න. (බ)
ගයාන් Tuesday, 16 August 2016 08:06 AM
ඔය බටහිරයන් යාපනේ රවුම් ගහන්නේ අපට ඇති ආදරයක් නිසා නොව ,නව ව්‍යවස්ථාව හරහා උ /නැ එකතු කොට එහි යාන්ත්‍රනය ඇමරිකාව සතු කොට ගෙන මුළු රටම හසුරුවා ත්‍රිකුණාමලයේ ඔව්න්ගේ හමුදා කඳවුර ඉදිකර මුළු දකුණු ආසියාවම ඔවුන්ගේ පාලනයට නතු කිරීමට යි (බ)
සිරි Tuesday, 16 August 2016 08:13 AM
ඇමෙරිකාව කවදද අග හිග ඇති රටකට උදවු කළේ ? (බ)
රත්නවීර Tuesday, 16 August 2016 08:19 PM
ඇත්ත වසන් කරලා කතාකළාට අපි ඇත්ත දන්නවා (නි)
ජනක Tuesday, 16 August 2016 08:31 AM
මෙවන් අරෝපනයන් ගෙන් ඔවුන් උත්සාහ ගන්නේ ඔවුන් වෙනම පාලනයක සිටිනා බව පෙන්වීම නොවේද ! සෙසු පළාත් සභා මෙවන් ප්‍රකාශ සිදු නොකරයි. (බ)
අමිරා Tuesday, 16 August 2016 09:43 AM
ලංකා ගැනනම් කණගාටුයි .රහසිගත සංචාර වෙන්නේ කොහොමද ?දකුණු අප්‍රිකාවේ අපේ රටේම වැනි වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්නවලින් බැට කා හොද අතට හැරුණු රටක් .ඔවුන් අනුගමනය කරපු දේවල් අපේ රටේ විදියට අපේම ක්‍රමයකට විසදන්න මේ රජය ගෙනයන වැඩපිළිවෙලකට සහයදෙන්න (බ)
සුසී Tuesday, 16 August 2016 09:48 AM
මේ මහා ඇමති රජයෙන් සංවර්ධනයට වෙන්කරපු මුදල් කිසිවක් නොගෙන භාණ්ඩාගාරයට හරවා යවපු කිසිම වැඩක් කරන්නේ නැති පුද්ගලයෙක් .කියවනවා විතරයි .පිට රටවලින් ආධාර දෙන්නේ රජය හරහා පමණයි (බ)
ලක්ෂි Tuesday, 16 August 2016 12:34 PM
ලංකා... මේගැන හොයල බලන්න කියන්නෙ කාටද? මේ වැඩේ ජනතාවට රහසක් වුණාට, (හේ)
දහම් Wednesday, 17 August 2016 01:06 AM
නාමල්, ඔයා නම් ලැජ්ජාවක් නැති කෙනෙක් බව හොඳටම පේනවා. (නි)
නීල් පෙරේරා Tuesday, 16 August 2016 01:15 PM
භාහිර යුද්ධය ඉවර කෙරුවට හිත් වල යුද්ධය අවසන් කරලා නැහැ කියලා ගොඩක් අයගේ අදහස් වලින් තේරෙනවා.(හේ)
නාමල් Tuesday, 16 August 2016 01:40 PM
ගයාන් නොදන්නා දේවල් කතා කරන්න එපා..(හේ)
ජගත් Wednesday, 17 August 2016 03:24 PM
මේ රජය ගෙනයන ප්‍රතිපත්ති විවේචනාත්මක වුවත් යම් සාර්ථකත්වයක් පෙනේ. කෙසේවෙතත් යම් අවදානමක් ගතයුතුයි, පසුගාමී ආර්ථිකයක් සහිත ලංකාවේ තිබුනා යැයි කියන ජාතිවාදී ප්‍රතිරූපය බටහිර ලොවෙන් මකාගැනීමට. (නි)
ලක්ෂි Tuesday, 16 August 2016 03:49 PM
අමිර.. ඔය කියන සංහිඳියාව සවුත් අප්‍රිකාවේ නම් තාම නැහැ (හේ)
නිරූ Tuesday, 16 August 2016 07:18 AM
අපිටත් වැඩක් නැහැ. (බ)
මොහාන් Tuesday, 16 August 2016 07:46 AM
ඇමරිකානු තානාපතිටත් හොද වැඩේ මේ අහක ඉන්නේ කබ්බෝ ෆෝම් කරන්න යනවට. (බ)
ලංකා Tuesday, 16 August 2016 07:47 AM
මේ දිනවල නීතිපති, කිලිනොච්චි දෙමල විනිසුරු ඇතුළු ඉහළ නිලධාරී කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ රහසිගත සංචාරයක. සංවිධානය, සියලු වියදම් ඇමෙරිකානු රජයෙන්. මේ කුමක් සඳහාද, ඇයි මෙච්චර කැක්කුමක් අපේ රට ගැන,,,? (බ)