කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඇමරිකා ජාතිකයකු ගේ පැරෂුටය ජනාධිපති මාවතේ පොල් ගසක හිරවී තිබියදී කොළඹ ගිනි නිවන හමුදාව ඔහු බේරාගත්තේය.
ඔහුගේ පැරෂුටය මුලින් විදුලි කුළුනකද හිරවී ඇතැයි කියති.
මීට දින කිහිපයකට පෙර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඕස්ට්‍රේලියා ජාතිකයෙක් හිල්ටන් හෝටලයේ රථගාලට වැටී තුවාල ලැබීය.
ඇමරිකා ජාතිකයාට බාහිර තුවාල කිසිවක් නැතැයි දැනගන්නට ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමරිකා පැරෂුට්කරු කොළඹ පොල් ගහක
සතරසිංහ Wednesday, 06 April 2016 09:01 AM
මේ දවස් වල පනින එවුන්ට බොහොම අපලයි ඔය දියවන්නාවේ ඉන්න ලොක්කොත් ඕක තේරුම් ගත්තොත් හොදයි ...(බ)
චානක මධුසංඛ Wednesday, 06 April 2016 04:13 PM
සංචාරකයන් කැමති අපේ රටට. ඔවුන්ට ඔවුන් කැමති විදිහට විනෝද වෙන්න අවස්ථාව දෙන්න උවමනායි. එවිට තමා අපේ රටට විදේශ විනිමය ලැබෙන්නෙ. ඔවුන්ගෙ සතුට සිරකිරීම මඟින් ඔවුන් පැමිණීම සීමාවෙනවා (නි)
ඩෙන්සිල් ගුණවර්ධන Wednesday, 06 April 2016 09:10 AM
මෙයාට පනින්න උපදෙස් දීල තියෙන්නේ මහා යුද උපදේශක බෙන්ගමුවේ පැරශුට් මහතා. (බ)
සුමනපාල Wednesday, 06 April 2016 09:37 AM
මේ අයව බේරාගන්නවට වඩා වෙන වැඩ නැද්ද කරන්න? සුද්දෝ නිසාද ඔය ඔක්කොම සැලකිලි. ඔය මිනිස්සුන්ව දඩයකට යටත් කළ යුතුයි මිනිසුන්ගේ ජන ජීවිතයට බාධා කිරීම නිසා. (බ)
සුනිල් Wednesday, 06 April 2016 04:33 PM
ඇයි මේ වැඩේ තහනම් කරන්නෙ නැත්තෙ.....? කොළඹ නගරය මෙවැනි ක්‍රීඩා සඳහා සුදුසු විදිහට නිර්මාණය කර නැහැ. හැමතැනම විදුලි වයර්. මේවා සංවිධානය කරන ආයතන මේ ගැන විමසිලිමත් වන්නෙ නැත්තෙ ඇයි. ඔය උස ගොඩනැගිලි උඩට යන්න සාමාන්‍ය ජනතාවට බැහැ (නි)
චන්දන Thursday, 07 April 2016 05:32 AM
මේ කරදරය නිසා පුදුම ට්‍රැෆික් එකක් තිබුනේ. වෙනත් රටවල එහෙම ඕවා කළා නම් දඩයකුත් ගහලා හිරේ දානවා. නැත්නම් ලොකු ගානක් නගර සභාවට ගෙවන්න වෙනවා කරන්න කලින්ම. (ම)
පෙරේරා Wednesday, 06 April 2016 10:00 AM
මේවට යන වියදම් කවුද දරන්නේ.(හේ)
බණ්ඩාර - කැකිරාව Wednesday, 06 April 2016 10:43 AM
මේවා සංදර්ශන.. එම නිසා මුදල් වියදම් වෙන්නේ නැහැ.සල්ලි වියදම් වෙන්නේ මංතීරු කඩන්නයි, සතියකට පස්සේ අයෙත් ඒවා හදන්න විතරයි. (බ)
දිල්ශාන් Thursday, 07 April 2016 12:37 PM
සරත්, ඕනෑම රටක මිනිස්සුන්ගේ ජීවිත බේරා ගත්තට අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ උදව්වට ගිනි නිවන හමුදාව යනවා මම දැකලා නැහැ.සුද්දොන්ට ඔයතරම් ඔලුව පාත් කරන්නේ ඇයි? අනික මේ වියදම් වෙන්නේ මහජන මුදල්. (හේ)
සරත් Wednesday, 06 April 2016 11:20 AM
පෙරේරා මත්තයෝ ඕනෑම රටක ,හදිසි විපත්තියකදී මිනිසුන් ගේ ජීවිත බේරාගන්නවා.එතන ආර්ථික වටිනාකමකට වැඩිය මනුස්ස කමේ වටිනාකමක් තියෙනවා. හැම දෙයකටම සල්ලි ගාව ගන්න එපා (බ)
සිල්වා Wednesday, 06 April 2016 11:30 AM
ඇමරිකාවේ වගේ මෙහේ පැරෂුට් එකේ යන්න අමාරුයි.(හේ)
සමන් Wednesday, 06 April 2016 11:58 AM
මේක හිනාවෙලා අමතක කර දමන්න පුළුවන් දෙයක් නෙවේ.මෙයාල මේ අපේ රටේ අගනගරයක ඉදලා දාන සෙල්ලම මොනවද කියලා මහජනතාව විදිහට අපි මීට වැඩ විමසිලි වෙන්න ඕනේ.(හේ)
සංජීව Wednesday, 06 April 2016 11:59 AM
ඇමරිකාවේ රස්සා නැති නිසා ලංකාවට ඇවිත් පොල් කඩන රස්සාව පුලුවන්ද කියාල බලන්න පෙරහරුවක් කරන්න ඇති ගස් නගින්න බය නිසා (හේ)
අනුරාධා Wednesday, 06 April 2016 12:12 PM
මේ මිනිස්සු පිස්සු කෙලිනවා අපේ ජනතාවගේ බදු මුදල් වලින් (හේ)
චන්දන Thursday, 07 April 2016 12:52 AM
තියෙන දෙයක්, දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව කරගන්න වැඩ! (නි)
අසෝක Thursday, 07 April 2016 02:31 AM
මේක හරිම කරදරයක් වුණා. මේ කරදරය නිසා පුදුම ට්‍රැෆික් එකක් තිබුනේ. ඇමෙරිකාවේ එහෙම ඕවා කළා නම් දඩයකුත් ගහලා හිරේ දානවා. නැත්නම් ලොකු ගානක් නගර සබාවට ගෙවන්න වෙනවා කරන්න කලින්ම. (නි)
ඇසළ Wednesday, 06 April 2016 02:10 PM
ගහෙන් නැවතුන එක ලොකු දෙයක්, ඕක කරන්න ඉස්සෙලා මොරාල් එක ගන්න අපේ ක්‍රිකට් ටීම් එකට දුන්න වගේ දේශනයක් දුන්න නම් කෙලින්ම උඩ ඉදන් බිමට වැටෙනවා අපේ ටීම් එක වගේම. (කෞ)