IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඇමෙරිකා මන්ත්‍රී දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලති

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ට ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එන්නම නරක අතට හැරෙමින් තිබෙන බවත් දෛනිකව 3,000ක ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිතයන් ද 100 ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ද වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය අවශ්‍යම මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් දෙදෙනා රාජ්‍ය ලේකම්වරයගෙන් ඉල්ලා ඇත.

ඩීනා ටයිටස් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ ද්විපාර්ශවීය මණ්ඩලයේ හිටපු සම සභාපතිවරිය ද වේ.

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන පසුගිය සතිය හා සැසඳීමේදී දෙගුණ වී ඇතැයි ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

අගෝස්තු මස 17 වැනිදා දාතම යටතේ මෙම ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට යොමු කර ඇත.

ඇය මේ සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තරමක සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති නමුත් තවමත් එන්නත්කරණය කර ඇත්තේ ජනගහනයෙන් සියයට 31.6ක් පමණක් බවත් ඇය සඳහන් කර ඇත.

ජූනි මාසයේ අගදී දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීමට පටන් ගත් බවත් අගෝස්තු මස පළමු සතියේ දී එය වේගයෙන් වැඩි වන්නට පටන් ගත් බව සඳහන් කරන ඇය වයිරසය ආසාදනය වීමෙන් මිය යන අයගේ සිරුරු තබාගැනීම සඳහා ශීතාගාර පහසුකම් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සමූහ වශයෙන් මළසිරුරු ආදාහනය කිරීමට සිදු වූ බව ඇය සඳහන් කර ඇත.

මළසිරුරු ප්‍රමාණයෙන් දිනෙන් දින ඉහළ යෑම නිසා ආදාහනාගාරවලට දිවා රෑ නොබලා වැඩි කිරීමට සිදු වූ බවට ද වාර්තා වූ බව ඇය සඳහන් කරයි. ඒ අතරවාරයේ දී ඇතැම් හෝටල් තාවකාලික රෝහල් බවට පත් කර ඇති බවට ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොවීමත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යෑමට දක්වන අසංවිධානත්මක ප්‍රතිචාරයටත් විසඳුම් සොයන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ආයාචනා කර ඇති බවත් ඇයගේ ලිපියේ සඳහන් වේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සහාය කඩිනමින් වේගවත් කරන ලෙසත් විශේෂයෙන්ම මෙම දරුණු තත්ත්වයට මුහුණ දීම සඳහා කොළඹින් පිටත පිහිටි  දිස්ත්‍රික්කවලට තාවකාලික ජංගම වෛද්‍ය ඒකක ලබාදෙන ලෙසත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඉල්ලා ඇත.



අදහස් (9)

ඇමෙරිකා මන්ත්‍රී දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලති

බද්රානි Monday, 16 August 2021 12:04 AM

චීන්නුන්ගේ ජරාව මුදල් ගෙවලා කන මේ තුප්පහි ජාතියට මොකටද ඇමරිකාව උදව් කරන්නේ. මනුෂ්‍යයින් වෙසෙන රටකට ආධාර කරන්න. මේ ජාතියට ආධාර කලාට පලක් නැහැ. මෙවුන් කාපු පතේම පහරන ජාතියක්??

:       167       26

Lalith M Monday, 16 August 2021 01:44 AM

අපේ පාලකයින් ඇමරිකානුවන් කියලා මතක් වෙලා වගේ...

:       52       14

jagath Monday, 16 August 2021 10:11 AM

කරදරයකදී පිහිටවන ඔබතුමිය සහ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!

:       29       59

ganegoda Monday, 16 August 2021 12:12 PM

ඇමරිකාවේ සහන ?මේකට උත්තරය තමයි ඇෆ්ගනිස්ථානය !

:       3       243

kamal Monday, 16 August 2021 01:12 PM

අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම් හෙළා දකිමු... මව්බිම පෙරට... අපිට අපේ සර් ඉන්නවා. බැසිලුත් ඉන්නවා... වෙන කවුරුවත් අවශ්‍ය නැහැ..

:       28       28

gampilaMonday, 16 August 2021 04:02 PM

ඉතින් එයාලත් ඔක්කොම ඇමෙරිකන් කාරයෝනේ..!!! 

:       26       6

panikkiwanshaTuesday, 17 August 2021 01:08 AM

ඒක තමයි .මේවා ධනවාදී ,අධිරාජ්‍යවාදී ,ජාත්‍යන්තර කුමන්ත්‍රණ

:       0       3

Nihal Wednesday, 18 August 2021 05:45 AM

අර යූකේ වල දරුවන්ට කන්න නෑ කියලා ලෝකෙටම කිව්වා... ඒ ගැනත් බලනවා නම් හොඳයි. වර්ණ භේදය නිසා එම රටවල ආසියානුවන්ට හිංසා, අපහාස, ඝාතන නිමක් නැතිවුණත් අපි සුදු ජාතික ඔවුන් කෙරෙහි කිසිඳු වෛරයක් කොහෙත්ම නැත.

:       0       2

Kasun Wednesday, 18 August 2021 08:25 AM

හොද වැඩක්. ඇමරිකාවේ ඉන්න ලාංකිකයොත් මේ වෙලාවේ උදව් කරන්න. ගොඩක් අය නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයට ගිය අය නේ. මේ වෙලාවේ උදව්වක් නැත්නම වැඩක් නෑනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 14 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 200 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 390 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 352 3

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 510 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 764 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site