IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා යෝජනාව ගුරුදාම ඡන්දෙට

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී 22 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇමෙරිකාවෙන් බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිතය.  එදිනම   ඡන්ද විමසීමට ද නියමිතය.

ශ්‍රී ලංකාව ඊට එරෙහිවන බව ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත ඇමැති මහින්ද සමරසිංහ කියයි.

විසි දෙවැනි සැසිය අමතමින් ඔහු කීවේ ශ්‍රී ලංකාවට සපයන තාක්ෂණික අධාර ගැන සොයා බැලීමට ආ මානවහිමිකම් නිලධරයන් පිරිසක් ඔවුන්ගේ ඉම ඉක්මවා ගොස් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙන ඇමෙරිකා යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

වාර්තා දෙකේ ලේඛන ශෛලියෙන් ද ඒ බව පෙනෙතියි ද, එම වාර්තාව වැරදි හා දුර්මත බහුල බවත්, මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම කමිටුවට  බලයක් හෝ නීතිමය ඉඩකඩක් නැතැයිද එහෙයින් විශේෂඥයන්ගේ උපදේශක කමිටු වාර්තාව ශ්‍රී ලංකා රජය නොපිළිගන්නේයැයි ද සමරසිංහ මහතා 22 වැනි සැසිය අමතමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාව කිසි විටකත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිසිවක් වසන් නොකළ බවත්, හැමවිට සහයෝගය දැක්වූ බවත් පැවසූ සමරසිංහ මහතා වත්මන් කමිසුරුවරියට ශ්‍රී ලංකාවට එන ලෙස 2011 අප්‍රේල් මාසයේ සිට ඇරයුම් කර ඇති බවත්, මෑතදී ඇයට දකුණු ආසියාවට පැමිණිමට ඉඩකඩ තුබූ නමුත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ නොතිබූ බවත් කියා සිටියේය.

දෝෂ සහිත සහ වරදවා වටහාත් ලියැවිලි මත ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිදුර ක්‍රියා කිරීමට ගන්නා හැම උත්සාහයකට එරෙහිවම විරුද්ධ වන බවත් එවැනි අභූත චෝදනා මත ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමෙන් පූර්වාදර්ශයක් ඇති නොකරන ලෙස මානව හිමිකම් කවුන්සලයෙන් ඔහු ඉල්ලා සිටියේය.



අදහස් (0)

ඇමෙරිකා යෝජනාව ගුරුදාම ඡන්දෙට

රත්න Wednesday, 20 March 2013 09:13 PM

පුලුවන් එකාට බැරි එකා ගහන එක තමයි කොහෙත් වෙන්නේ. අපේ රටෙ හරි දෙය හරියට වෙනවා නම් මේ මුකුත් වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

ලලිත් Thursday, 21 March 2013 10:57 AM

ලංකාවත් එක්ක තියෙන තරහක තරම (දී)

:       0       0

සංක Wednesday, 20 March 2013 10:00 PM

කොහොමද තියෙන කේන්තිය (දී)

:       0       0

ඉන්දු Thursday, 21 March 2013 01:09 PM

අසාධාරණයි ඒක (දී)

:       0       0

විදුරංග Thursday, 21 March 2013 03:46 AM

ඔය චන්ද විමසීම වැඩකට ඇති දෙයක් නොවෙයි (දී)

:       0       0

මාලක Wednesday, 20 March 2013 06:35 PM

සැලෙන්න එපා (දී)

:       0       0

දුමින්ද Thursday, 21 March 2013 08:02 AM

ජයා, අර පරණ කතාවක් තියෙනවා ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා කියලා. මම හිතන්නේ ඔය මේක අහලා නැද්ද මන්දා. අපිට ඕනේ කරදරයක් දානකල් උඩ බලාගෙන හිටියොත් ස්වභාවධර්මෙන් දඬුවම් ලැබෙයි කියලා, තව අවුරුදු 100 ක් වත් ඉන්න වෙයි. අපි අපේ රට පළමුව රැකගත යුතුයි. අපි අවුරුදු 30ක් මෑත කාලයේ ඒක කරලා දිනුවා ඔබට මතක නැද්ද? (නි)

:       0       0

අජන්ත Wednesday, 20 March 2013 06:52 PM

කවුරු මොනවා කලත් අපිට මොකුත් වෙන්නේ නැහැ (දී)

:       0       0

නන්දා Wednesday, 20 March 2013 06:56 PM

ඇමරිකන් කාරයා ඔහොම්මම තමයි (දී)

:       0       0

පාලින්ද Wednesday, 20 March 2013 06:58 PM

මොනවා වේවිද (දී)

:       0       0

පද්මිණි Thursday, 21 March 2013 08:37 AM

ඇමරිකාවට බය වෙන්න එපා (දී)

:       0       0

රීටා Thursday, 21 March 2013 08:34 AM

ලංකාවේ නඩුවක් කියන්න ගියොත් ගෙවල් ඉඩම් උගස් තියන්න වෙනවා. අපිටත් සාධාරණයක් හොයාගෙන දැන් ජිනීවා යන්නයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

ශීලා Thursday, 21 March 2013 08:34 AM

අපිටත් සාධාරණයක් හොයාගෙන දැන් ජිනීවා යන්නයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

නාලක Thursday, 21 March 2013 08:42 AM

අපි කාටද බය ... අපිට කවුද බය (දී)

:       0       0

පාඨකයෙක් Wednesday, 20 March 2013 07:35 PM

අපගේ දේශපාලකයින් අද පටන් හෝ හොද අය විය යුතුයි. කෘෂිකර්මාන්තය පළමුව නගා සිටවිය යුතුයි. අප දියුනු වෙනකල් අවශ්‍ය තෝරාගත් බෝග වර්ග වගා කර ගත යුතුයි. ඉන්ධන සදහා වන්නා වූ බෝගද වගා කර ගත යුතුයි. නීතිය කාටත් පොදු කළ යුතුයි. එවිට ජය නියතයි. රට තුළ සතුරන් හදුනා ගැනීම රටින් පිට සතුරන් හදුනා ගැනීමට වඩා වැදගත් වේව්. ස්වාධීනව නැගිටිමු. (නි)

:       0       0

දේවා Wednesday, 20 March 2013 07:45 PM

ඔය ඇමරිකන් යකා කියන තරම් කළු නැහැ. (නි)

:       0       0

සමීර Thursday, 21 March 2013 09:21 AM

ලංකාව එක්ක තියෙන තරහා මෙච්චරයි කියලා කියන්න අමාරුයි (දී)

:       0       0

ජයා Wednesday, 20 March 2013 08:22 PM

තමිල්නාඩුවේදී අපේ රටේ භික්ෂුන් වහන්සේලාට ගහන එක, හිරිහැර කරන එක ඔය කියන මානව හිමිකම් කඩකිරීම් ගනයට ඇතුළත් වෙන්නේ නැද්ද කියලා ඇමරිකාවේ මානව හිමිකම් අයගෙන් අහලා දැන ගන්න ක්‍රමයක් නැද්ද දන්නේ නැහැ නේද? ත්‍රස්තවාදීන් අපේ රටේ හාමුදුරුවෝ බුරුතු පිටින් කපලා කොටලා මරපු වෙලාවේ ඔය කියන හිමිකම් කාරයෝ මේ ලෝකේ නොවෙයි වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේවා ගැන ස්වභාව ධර්මය විසින් නියම සාදාරණේ ඉටු කරාවි වැඩිකල් නොගොස්. අපි නිහඬව එතෙක් බලා ඉදිමු. අසාදාරණේට වැඩි ආයුෂ නැති බව ඇමරිකාවට නොවැටහෙනවා ඇත්තේ එයාලා බුදුදහම ගැනත් නොදන්නා නිසානේ. බලමු, බලමු. (නි)

:       0       0

නිකවැරටිය Thursday, 21 March 2013 09:41 AM

අපි නම් බය නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 287 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 927 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1774 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6323 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site