IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය.

යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ.

යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය.

දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝය.

මීට සති දෙකකට පෙර, පසුගිය 28 වැනිදා යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක ගනුදෙනුවකට අත්සන් තැබීමට ධවල මන්දිරයට ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එක් වී යුක්රේන ජනාධිපතිවරයාට දෙහි කැපුවේ එම අවස්ථාවේදීය.

එම සිද්ධියෙන් පසු ඇමෙරිකාවත් යුක්රේනයත් අතර හොඳහිත පළුදු වුණු අතර, කෝපයට පත්ව සිටි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට පරිභව කරමින්, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් සියලුම යුද ආධාර නැවැත්වීමට අණ දුන්නේය.

ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළුබටහිර යුරෝපා රටවල් යුක්රේනයේ සහායට ඉදිරිපත් වුණු අතර, එම රටවල් සහ යුක්රේනය එක් වී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම වැඩපිළිවෙළක් ද සකස් කෙරුණි.

සෞදියේ රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවරදී, ඇමෙරිකන් නියෝජිතයන් හමුවුණු අවස්ථාවේදී, එම සටන් විරාම වැඩපිළිවෙළ ද යුක්රේන නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයන්ට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කිරීමත් සමඟ, යුක්රේනය සමඟ බුද්ධි තොරතුරු යළි ස්ථාපිත කිරීමටත්, යුක්රේනයට අවශ්‍ය ආරක්ෂක සහාය යළි ලබා දීමටත් ට්‍රම්ප් පරිපාලනය එසැණින් කටයුතු කළේය.

‘අප මැදිහත් වී සකස් කළ සටන් විරාමයට සහ සාම සැලැස්මට යුක්රේනය කැමැත්ත පළ කිරීම සතුටක්. දැන් අප එය රුසියාවට යොමු කරනවා. රුසියාවෙන් ඊට කැමැත්ත පළ වුණොත් සටන් විරාමය ආරම්භ වනු ඇත. එය සාර්ථක වුවහොත් අපට යුද්ධය සම්පූර්ණයෙයන් නැවැත්වීමට පූර්ණ සටන් විරාමයකට යන්න පුළුවන් වේවි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි

fairoos Wednesday, 12 March 2025 12:22 PM

එතකොට ඇමෙරිකාව ආයුධ ටික කොහොමද විකුණගන්නේ?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 118 0

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්
2025 මාර්තු මස 12 26 0

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ
2025 මාර්තු මස 12 153 0

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්


ආරක්ෂක කැමරාවලින් හොර වාහන හඳුනාගනියි
2025 මාර්තු මස 12 417 1

නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාග


අනුරපුර රෝහලේ විරෝධතාවක්
2025 මාර්තු මස 12 893 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ


දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
2025 මාර්තු මස 12 1924 4

විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 345 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site