(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝගයක් නිකුත් කර ඇත.
නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක් සඳහා පනවා ඇති ඩ්‍රෝන තහනම එළැඹෙන 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 සඳහා පසුගිය 20 වැනිදා පැනවූ ඩ්‍රෝන තහනම දින 30 කාලයක් සඳහා ක්‍රියාත්මකය.
විශේෂ ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් ඉතා වැදගත්කමක් සහිත ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ සහ නගර 53 ක ඩ්‍රෝන ගුවන් යානා ගුවන්ගත කිරීම මෙලෙස ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහනම් කර තිබිණි. අබිරහස විසඳීම සඳහා ඩ්‍රෝන ගුවන්ගත කිරීම සීමා කරන ලෙස ෆෙඩරල් ආරක්ෂක සේවා කළ ඉල්ලීමක් මත මෙම ගුවන් තහනම පැනවූ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන ඩ්‍රෝන යානා පිළිබඳව එෆ්.බී.අයි ආයතනය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන විමර්ශනයක් සිදුකරන අතර මෙතෙක් එලෙස අබිරහස් අයුරින් මතුවන ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පැවසිය හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද විමර්ශකයෝ පවසති.
බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකුෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙ
අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.
උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්