(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා පැවසුවේ යැයි ශ්‍රී ලංකා රජය පවසයි.
අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් වොෂින්ටන් ඩීසීහි පැවත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් රජය මේ බව කියයි.
ලංකා රජය නිකුත් කරනු ලැබූ එම ප්‍රකාශය මෙසේය.
ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.
එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඒ මහතා වෙත බාර දෙන ලදී.
අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපති ග්‍රියර් මහතා දැනුම්වත් කළේය.
වෙළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති ග්‍රියර් මහතා දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවටද අපේක්ෂාව පළ කළේය.
අනතුරුව, තානාපති ග්‍රියර් මහතා විසින් පත් කරන ලද දකුණු සහ මධ්‍යම ආසියාව බාර සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (Brendan Lynch) නායකත්වය දරන USTR දූත පිරිස සමඟ දකුණු ආසියාව බාර අධ්‍යක්ෂ එමිලි ඈෂ්බි මහත්මියද (Emily Ashby) එදිනම හමු වූ ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට ලිඛිතව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූහ.
එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කෙරුණු අතර හැකි ඉක්මණින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළහ.
එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළෙඳාම, වෙළෙඳ භාණ්ඩ, සෘජු ආයෝජන ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සම්බන්ධීකරණය මෙන්ම අනෙකුත් රටවල් සමඟ සිදු කරන සාකච්ඡා අධීක්ෂණය කිරීමේ වගකීම එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සතු වේ. එහි ප්‍රධානියා වන්නේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයකු වන එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෙළෙඳ උපදේශක, ගනුදෙනුකරු සහ වෙළෙඳ ගැටලු පිළිබඳ ප්‍රකාශක යන වගකීම් දරන කැබිනට් සාමාජිකයෙකි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්
කව්ද බෝයි Friday, 25 April 2025 12:00 PM
රටට කෙලවෙනකම් බලං උන්නු කට්ටියට, හෝසෙට වැළලෙයි අද ...
prasanna Friday, 25 April 2025 02:51 PM
මේවත් ගජබින්න තමයි.