IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටියේ ගොවීහු කෙසෙල් කිලෝ 16ක් දී පතෝල කිලෝවක් ගනිති

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල කිලොවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ දාසයක් විකුණන්නට සිදුවු බව  කෙසෙල්  ගොවීහු පවසති.

පිට පළාත්වලින් කෙසෙල් මිලදි ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථනයේ ඇඹුල් කෙසේල් කිලෝවක මිල රුපියල් දහයක් සහ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් තිහක් දක්වා අඩු මිලක් පැවති බව ස්ථානභාර නිලධාරී සම්පත් උදයංග මහතා පවසයි.

මේ හේතුව නිසා කෙසෙල් ගොවීන් දැඩි දුෂ්කරාතවට ලක්වු බව කී සම්පත් උදයංග මහතා මීට පෙර රුපියල් දෙසිය හතළික් වැනි ඉහළ මිලකට අලෙවි වූ කෝලිකුට්ටු කිලෝව  රුපියල් හැටත් හැත්තෑවත් අතර පහළ මිලක් පැවති බව ද කියයි.

එහෙත් එළවලූ මිලදී ගැනීමට දුර පළාත්වලින් තොග වෙළෙඳුන් පැමිණි නිසා එළවලූ තොග ඉක්මනින් අවසන් වූ බව ද ඔහු කීවේය.

ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි රු:160/-, වම්බටු රු: 60/-, වට්ටක්කා රු: 50/-, කරවිල රු: 120/-, පිපිඤ්ඤා රු: 40/-, පතෝල රු: 160/- වැනි තොග මිලකකට කොලෝවක් අලෙවි වු බව ද ස්ථාන භාර නිලධාරීවරයා පැවසුවේය.

ගස්ලබු ද තොග ලැබී තිබුණත් කිලෝවක තොග මිල රුපියල් 40/-ක් වු අතර ගස්ලබු අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් තිබූ බව ද පැවසුවේය.

කෙසෙල් සහ ගස්ලබු ගොවීන් ඒවායේ මිල අඩුවීම නිසා දැඩි අපහසුතාවන් වලට ලක්වූ බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (9)

ඇඹිලිපිටියේ ගොවීහු කෙසෙල් කිලෝ 16ක් දී පතෝල කිලෝවක් ගනිති

mahinda Sunday, 30 May 2021 09:43 AM

කලබල වෙන්නට එපා. අර විපත්මග ඕකට මොනවා හරි කරයි. සෞභාග්‍යයේ දැක්ම ඔහොම තමයි. අර මන්ත්‍රීවරුන්ට අළුතින් වාහන අරන් දීලා කටයුතු ඉහළ නන්වන්නටයි ගියේ... ජෙප්පෝ ඒක කෑවානේ... නාමල් බේබි ආවාම ඔය ඔක්කෝම හරි. මේ ඉන්න අයට දැක්මක් නෑ...

:       2       17

සිරිබිරිස්Sunday, 30 May 2021 11:33 AM

වියතුන්ට පයින් ඇවිත් ප්‍රශ්න විසඳන්නද කියන්නේ? පොඩ්ඩක් ඉන්න වාහන පර්මිට් ලැබෙනකල්...

:       2       8

යෝගා Sunday, 30 May 2021 12:50 PM

එතකොට හිටපු අයට දැක්මක් තිබුණාද?

:       6       3

pakeer Sunday, 30 May 2021 10:23 AM

හැමදාම වුණේ ඕක.. මේවාට තියෙන්න ඕනෑ සෙන්ට්‍රලික් ඩේටා තියෙන රිමෝට් ඇප්ස්. එතකොට මාර වාසියි. මාර ලේසියි.. පවු මේ ගොවියෝ...

:       1       13

මුණසිංහ Sunday, 30 May 2021 10:46 AM

අතරමැදියා මේ වෙලාවේ ගසා කෑම උපරිමෙන්ම කරනවා. ගමේ කඩේ එළවලු, පළතුරු ගිණි ගණන්. පුවාළු කිලෝව රු 200ත් පැනලා. රජය මේකට මැදිහත් වී ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් කළ යුතුයි.

:       1       15

fairoos Sunday, 30 May 2021 12:38 PM

ඔක්කොම වැඩ ටික රජයෙන් කරන්න බැහැ.

:       6       2

mahinda Sunday, 30 May 2021 02:59 PM

හිටපු අය වැරදි නිසා තමයි මේ අය ගෙනාවේ... ඒත් 1971 බිහිවූ රාජ්‍යයකින් ණය ගැනීමට තරම් මේ රට පහළට ඇද දැම්මා...

:       2       10

Sri Lanka Sunday, 30 May 2021 04:07 PM

කොරෝනා කියන්නෙම ජාත්‍යන්තර ගේම් ඒකක් වගේ අපට පේන්නේ

:       0       0

Ratne Monday, 31 May 2021 03:02 AM

ඇඹිලිපිටියේ කෝලිකුට්ටු තොග මිල 240/- ට විකුණුනේ කවදාද ? අවුරුදු කාලේටත් 120/- වගේ මිලක් තිබුණේ. මෙහි අනෙක් තොරතුරු නම් නිවැරදි බව පෙනේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 4 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 22 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1096 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1224 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3369 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 4040 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1368 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site