(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදුන්නේ ය.
සභාපති ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.
ලංකා පොදුජන පෙරමුණේ සභික කේ. රුවන් පතිරණ මහතා පැවසුවේ සුපිරි වෙළඳසැල්වල පැකට්කර ගවමස් අලෙවි කරන නිසා මෙම ඉල්ලිමට ඉඩදීම සාධාරණ බවත් ඉන් සභාවට ආදායමක් ලැබෙන නිසා ඊට ඉඩදිය යුතු බවත්ය.
ඒ අනුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පෙරමුණේ සභිකයන් අට දෙනා හෝ එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්ව සිටින සභිකයන් තිදෙනා හෝ ජනතා විමුක්ති පෙරමුණෙන් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන් දෙදෙනා යන කිසිදු සභිකයෙක් ඊට විරෝධය නොදැක්වීම නිසා ඉල්ලූම්කරුගේ මාළු වෙළෙදසැලේ පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.
විසුරුවා හැරීමට පෙර පසුගිය ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප්රභ හිමිය. උන්වහන්සේගේ පාලන කාලයේ දී ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි.
එම කාලයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් විය. පාලක එක්සත් ජනතා නිදහස් සංධානයට සභිපති හිමි අතුළුව මන්ත්‍රීවරු සිව් දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු දෙදෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු දෙදෙනෙක් ද ලෙසිනි.
එදා ඇඹිලිපිටියේ ගවමස් අලෙවි නොකළයුතු සහ ගවමස් කඩයක් පවත්වාගෙන නොයා යුතුය යන යෝජනාවට එකඟත්වය පළකල සරත් විතාරම සභිකයා මෙවර සභිකයෙකුවී අදහස් දැක්වුයේ ගවමස් විකිණීමට අවසර දීම වරදක් නොවන බවයි. එදා විරුද්ධවූ දිනේෂ් මධුශංක පාලක සභිකයා මෙදා නිහඬව සිටියේ ය.
නගර සභාවේ පාලනය අවසන් වීමෙන් පසු කොමසාරිස් පාලනයට නතුවිය. නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ අනුලා වඩුගේ මෙනවිය කොමසාරිස්වරයා ලෙස සිටි කාලයේ ද ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැලක් හෝ පවතින වෙළසැල් තුළ පැකට්කර හෝ අලෙවිකිරීමට අනුමැතියක් ලබා දි නොතිබුණි.
මාලූ වෙළඳසලක් තුළ පැකට්කළ ගවමස් අලෙවියට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික හෙළඋරුමයේ හිටපු නායක ඕමල්පෙ සෝභිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන් වහන්සේ එම යෝජනාවට සිය අප්‍රසාදය පළකරන බව කීහ.
‘‘ජාතික හෙළරුමයේ හිමිනමක් සභාපතිත්වය දරණ කාලේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැල ටෙන්ඩර් නොකිරීමට තීරණය කළා. ඒක සභාවේ වැඩි බලයක් මත ගත්ත තීන්දුවක්. ඇඹිලිපිටිය නගර සභා බල ප්‍රදේශයේ සියයට අනූනවයක් ඉන්නේ බෞද්ධයෝ. ගොවිතැන් බත් කරන ගොවියෝ. බෞද්ධ ගොවියාවත් හින්දු ආගමික අනුගාමීන්වත් ගවමස් බුදින්නේ නෑ. ඇඹිලිපිටිය නගරයේ ජනතාවගේ ඉල්ලීම වුණේ ඇඹිලිපිටිය නගරයට ගවමස් වෙළදසැලක් උවමනා නැති බවයි.’’
‘‘අලූතින් පත්වුණ නගර සභාවේ අයට කරන්න වැඩ කොච්චර තියැද්දිද මේ ගවමස් විකුණන්න අවසර දෙන්නේ. ඔය අවසරය දුන්නා කියලා සභාවට ආදායමක් එනවාද? ආදායමක් ආවා කියලා නොකළයුතු වෙළදාම් කරන්න අනුමැතිය දිය යුතුද? මේක හදිසි යෝජනාවක් ලෙස ගෙන ඒමේ හැකියාවක් නෑ. කාගේ උවමනාවට මේවා කරනවද මන්දා. ගවමස් කඩයක් ඇඹිලිපිටියට ඕනෑද කියලා ජනතාවගෙන් ඇසිය යුතුව ඇතැයි ද උන්වහන්සේ කීහ.
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඹිලිපිටිය නගර සභාවෙන් පැකට් කළ ගව මස් විකිණිමට අවසර:භික්ෂූන්ගේ දැඩි විරෝධය
rama Sunday, 20 May 2018 10:38 AM
නගර සභාවට නෙවේ.. තමන්ට ගණනක් හම්බවෙනවා ඇති මාසෙකට... පොදුජන පෙරමුණේ අවසානය ඉක්මණින්ම පැමිණ ඇත.
කුමාර් (ගල්ෆ්) Sunday, 20 May 2018 10:40 AM
මෙහෙම ගවමස් වෙළඳාම තදින් පාලනය කළාම... සැදැහැවත් උපාසක මහත්වරු දානෙට ගවමස් ටිකක් හදලා සංඝයා වහන්සේලාට බෙදන්නේ කොහොමද?
JiwanSunday, 20 May 2018 01:54 PM
ඔහේගේ ආගමේ පූජකයින් මෙන්ම, භික්ෂූන් වහන්සේලාද ගවමස් අනුභව කරන්නේ නැත.
SakwithiSunday, 20 May 2018 02:44 PM
හරක් හොරු රට ගිහින් ඔටු කිරි බිව්වා නම් ඔහොම අදහස් එනවා.
nisar Sunday, 20 May 2018 10:41 AM
මාළු වෙළඳසැලත් වසා දැමිය යුතුයි.
Lankaputha Sunday, 20 May 2018 11:18 AM
මේ පැත්තේ තමයි දැඩි ලෙස දඩමස් අලෙවි වෙන්නේ... ගවමසුත් එහෙමයි. භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳ නිශ්ශබ්ද වුණා නම් හොඳයි.
Kamal Sunday, 20 May 2018 11:20 AM
මාළුවල පව් අඩුයි... ගවමස් වල පව් වැඩියි... මේ මොන බුදු දහමද?
BamunuarachchiSunday, 20 May 2018 12:49 PM
ඔබේ සිතීමේ හැකියාව ඔය කතාවේ නම් පෙනෙනවා. කන්න හිතුණාම ගෙරි මසුත් කනවා කියන උපහරණය හැදුවේ ඔබලාටම කියා සිතේ. සිංහල බෞද්ධයාට ගෙරිමස් කන්න පුරුදුකළේත් මෙරටට පැමිණි විජාතිකයින්....
සෙනෙවි Sunday, 20 May 2018 11:25 AM
කිසිවරදක් නැත. ගවමස් අනුභවය නොවේ නම් ලංකාවේ සියළුම වනාන්තර හරකුන්ගෙන් පිරී යනු ඇත. විලෝපිතයෙකු නොමැතිවිට පාලනයක් සිදු නොවේ. ලඟදීම මොනර මස් කෑමට හෝ මරා දැමීමට සිදු වනු ඇත. නොමිලයේ ගවමස් බෙදනවා විය නොහැක. ලෙඩෙකුට දරුවෙකුට මේවා අවශ්‍ය බව වෛද්‍ය මතයයි. අනෙක ගවමස් කෑම පමණක්ද සිදු නොවිය යුත්තේ? භික්ෂූන් වහන්සේලා ව්‍යාපාර කිරීම, ගුරුකම් කිරීම මුදලට බණ කීමද නැවැත්විය යුතු නොවේද? අබතෙල් පූජාව, පිච්චමල් පූජාව, මාපිය පූජාව, කප්රුක් පූජාව වැනි සමාජයට කිසිදු යහපතක් නොවන මුදල් හම්බකර ගැනීම සඳහා සංඝයා මැදිහත්ව කරන විකාර නැවැත්වය යුතු නැද්ද?
gamageSunday, 20 May 2018 01:41 PM
"ලෙඩෙකුට, දරුවෙකුට මේවා අවශ්‍යබව වෛද්‍ය මතයයි. "මේක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? මොන ලෙඩටද හරක් මස් හොඳ කියලා... දන්නා තරමින් නම් වෛද්‍ය මතය හරක් මස් හොඳ නැති බව...
TiranSunday, 20 May 2018 02:15 PM
මේ අයට මව්පිය වන්දනාව එච්චර දිරවන්නේ නෑ. අනිත් ඒවත් එහෙම තමයි. මොකද සමාජයත් එක්ක වෛරයකින්නේ ඉන්නේ... මෙයාලට සමාජ සේවා වෙන්නේ කැසිනෝ, බාර්, කාන්තාවන් බාර් වල සේවය කිරීම සමාජගත කිරීම වගේ දේවල්...
SiriSunday, 20 May 2018 02:46 PM
සෙනෙවි, ඔබේ විග්‍රහය අගය කරමි...
කුමාර් (ගල්ෆ්) Sunday, 20 May 2018 11:27 AM
ඇඹිලිපිටියේ හතර වටේම හෙන්චයියලාගේ හෝටල්වල හොඳට දඩමස් වෙළඳාම් කරනවා. මට මතකයි එක හෝටලයක ඉස්සර මිනීමසුත් විකුණලා අහුවුනා. දැන් නිකන් ගවමස් නතරකළා. පිටින් සුදනෝ වෙන්න හදනවා මිනිස්සු...
BamunuarachchiSunday, 20 May 2018 12:53 PM
කුමාර ගවමස් නැතිනම් ගෙරිමස් කෑවාට කමක් නැහැ.. බෙල්ලේ එල්ලගෙන කන්න එපා. ගෙරිමස් කෑම සිංහලයාට පුරුදුකලේ ඔයගොල්ලෝ...
kumar (Galf)Sunday, 20 May 2018 06:59 PM
ඔව් ඔව්, ඉස්සර සිංහල රජකාලේ ඕනෑතරම් දඩමස් තිබුණානේ.... මුව මස් ගෝනමස්... ඉතින් ගවයින් මරලා පව් කරගත්තේ නෑ. ඒ පින්වත් පැරණි කාණ්ඩය..
kumar (Galf)Sunday, 20 May 2018 07:04 PM
නියම සිංහලයෝ කුවේණිගේ වරිගේ කාණ්ඩය නේ.. එයාලා එදත් දඩමස් කෑවා. අදත් එයාලා දඩමස් කනවා. බමුණුආරච්චි මහත්තයා ඒ වරිගෙට අයිති නෑ. ඔයා බමුණු වරිගේ නිසා ඉන්දියාවෙන් මෙහාට හොරාට ආපු වරිගේකට තමා ඔයා අයිති වෙන්නේ...
BamunuarachchiMonday, 21 May 2018 08:10 AM
නියම සිංහලයෝ කුවේණිගේ වරිගේ කාණ්ඩයනේ.. ඔව් හලෝ අපි කුවෙනිගේ සිංහල මිනිස්සු නැතුව ලංකාවට ආපු අර විජයන් කියන කල්ලතොනියාගේ මිනිස්සු නොවෙයි. හරක් මස් සිංහලයාට පුරුදු කලේ පාකිස්තාන් කාරයින්ට නෑකම් කියන අය. ඔබලා අපේ ඉතිහාසය දන්නේ නැතුවාට කරන්න දෙයක් නැත. නමුත් මතක තියා ගන්න සිංහල බාසාව විජයන් කියන කල්ල්තොනිය ලංකාවට ගෙනාපු භාෂාවක්වත් අපි විජයන්ගෙන් පවත එන්නේවත් නැතිබව...
naradha Sunday, 20 May 2018 11:33 AM
මස් මාංශ වෙළඳාම් කරන්නාට දොස් කීමෙන් ඇති ඵලයක් නැහැ. පාරිභෝගිකයා මස් මාංශ කෑමෙන් වැළකී සිටිනවා නම්, ඒවා වෙළඳාම් කරෙන එකත් නවතීවි...
ravi Sunday, 20 May 2018 11:52 AM
මස් මාළු සමග දානයක් දීල බලන්නකෝ... මේ භික්ෂුන් වහන්සේලා එ්ක ප්‍රතික්ෂේප කරයිද කියලා..
සතයපාල Sunday, 20 May 2018 12:07 PM
ඇඹිලිපිටිය නගර සභාවට කුකුල් මස් කඩ, ඌරු මස් කඩ, මාළු කඩ පවත්වාගෙන යන්න පුළුවන් නම් ගවමස් කඩයක් පමණක් පවත්වාගෙන යන්න හොඳ නැත්තේ ඇයි කියලා සෝභිත හාමුදුරුවෝ ජනතාවට පැහැදිලි කල යුතුයි. මොකද බුදු දහමට අනුව සියලු සත්වයින්ට එක හා සමානව කරුණාව දැක්විය යුතුයි. අනිත් සතුන්ට නැති ගවයාට පමණක් දැක්විය යුතු විශේෂ කරුණාවක් ගැන බුදු දහමේ කොතනක හෝ සඳහන් වී ඇතිදැයි කිව යුතුය. ඒ වගේම ඇඹිලිපිටිය නගරයේ සීයට අනූවක් ඉන්නේ බෞද්ධයින් නම් ඔවුන් ගවමස් වෙළඳාමට විරුද්ධ නම් සෝභිත හාමුදුරුවෝ කලබල විය යුතු නැත. වෙළඳාම අඩුනිසා ගවමස් කඩ සියල්ල වැසී යනු ඇත.
බද්රානි Sunday, 20 May 2018 12:10 PM
වටිනා දහමක්, දර්ශනයක් අඥානයන්ගේ ග්‍රහණයට හසු වුනාම, ඔයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. හොඳ වෙලාවට ඇඹිලිපිටිය කියන ඒ මුදා නොගත් නගරය මේ ලංකාව ඇතුළේ තිබුනේ. බැරි වෙලාවත්, ලංකාව, ඇඹිලිපිටිය ඇතුලේ තිබුණා නම්... එහෙම අපි මස් කෑල්ලක් කාලත් ඉවරයි. සමහරවිට ඒ කල්ලිය මස් නොකාම දිව්‍ය ලෝකෙට සැපත්වෙන්න ඇති...
සෙනෙවි Sunday, 20 May 2018 12:27 PM
ඇඹිලිපිටි ඡන්ද දායකයන් හරක් හොරුන්ට, කොටින්ට කැමති බව ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතුවලින් පේනවා.
ලක්සිරි Sunday, 20 May 2018 12:29 PM
කොහොමත් මෙලොව වසන කිසිඳු සත්වයෙක් තම වර්ගයාගේ මස් අනුභව නොකරන බව ලොවම පිළිගත් සත්‍යයක්... එසේ බැලූවිට ඔවුන් ගව මස් නොකෑම ගැන ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සාධාරණයි.
SirimewanSunday, 20 May 2018 02:03 PM
ලක්සිරි මැතිතුමා නම් බලු මස් එහෙම කන්නේ නැතුව ඇති...
SiriSunday, 20 May 2018 02:43 PM
ඒකනේ අපිත් බලුමස් කන්නේ නැත්තේ...
Bamunuarachchi Sunday, 20 May 2018 01:01 PM
මේ අපට දුන් තවත් දායාදයක්...
BamunuarachchiSunday, 20 May 2018 10:32 PM
විජාතිකයින් දුන් දායාදයක්
athula Sunday, 20 May 2018 01:20 PM
ගව මස් සහ ගවයා විශේෂ වෙන හේතුවක් තියෙනවා එදා ගවයා දරු පවුලක් රැක දුන්නා. අන්තිමේදී උගේ ශරීරය වයෝවෘද්ධ වූ පසු අකමැත්තෙන් වුනත් මස් කඩේට විකුණුවා. ඌ ස්වභාවිකව මිය යන එක අපේ බයියන්ට දුකක් කියලා හිතෙන්න ඇති. අපි මහ ලොකුවට කියනවා අපේ රට බෞද්ධ රටක්... බෞද්ධ නම් එ්ක ක්‍රියාවෙන් ඔප්පු කළයුතුයි. අද තක්කඩි දේශපාලනය විසින් එළිපිටම ගිනිතබමින් බොරුවට පන්සල් ගානේ මල්වට්ටි අරගෙන යන උන්දැලා කිනිස්ස ඉනේ ගහගෙන කරන මේ සාහසික අපරාද, දූෂණ, වංචා දහසකුත් වැරදි කරකර මුළු මහත් රටම අාගාධයකට අැද දමා ඇත.
Hafeel Sunday, 20 May 2018 02:28 PM
ගවමස් වෙළඳාමට අවසර දෙන්න බැරි නම්, කොහොමද මාළු වෙළඳාමට අවසර දෙන්නේ? ගවයින්ට නැති අනුකම්පාව ඇයි මාළුන්ට නැත්තේ?
BamunuarachchiSunday, 20 May 2018 11:06 PM
ගවයා මිනිසාට බොහොම ප්‍රයෝජනවත් සතෙක් එම සතා අපේ පැවැත්මට බොහෝ උපකාරී වෙනවා. ඔබ ගැලුම් ගානක් එළකිරි බීලා හැදුන බව අමතකද. බෞද්ධයා තමන්ට උපකාර කල කෙනෙකුට හෝ දෙයකට ප්‍රතිඋපකාර කරන හෝ සලකන ජාතියකි අන්න ඒ නිසයි ජීවිත කාලයේම අපි වෙනුවෙන් සේවය කල ඒ සතා මරාගෙන කෑම එපා කියන්නේ. ගෙරිමස් කෑම අපිට පුරුදු කලේ මෙරටට ආ විජාතිකයින්ය. සතෙකු මරාගෙන කෑම බුද්ධාගමේ සහ හින්දු ආගමේ පවක් ලෙස සලකයි මොන සත්වයාත් මැරෙන්න බයය මැරුවොත් පව එකමය. නමුත් හරකා නොමැරීමේ විශේෂත්වය නම් ඒ සතා අපේ පැවැත්මට බොහෝ උපකාරී වුන සතෙක් නිසාය. එළකිරි මිනිසාට විෂවූ දාට මිනිස් ජනගහනය බාගයටත් වඩා අඩුවනු ඇත. ඒ සතාගේ කිරි ගැලුම් ගණනක් බී වැඩුන ඔබ පසුව ඒ සතා මරාගෙනත් කනවානම් තිරිසනාත් ඔබත් වෙන්වන්නේ මොන ගුණාංගයකින්ද?
Samathasena A . AluthgamaMonday, 21 May 2018 08:35 AM
ඔබතුමාගේ මතයට මාද එකඟයි.මේවා මිත්‍යා දෘෂ්ටික අයට වටහා දීමට අමාරුයි.
keli Sunday, 20 May 2018 03:48 PM
ගවමස් කෑම පවක් කියලා හඳුනා දුන්නේ ඉන්දියාවෙන්. ගවයින්ට අනුකම්පා කරන අය, මස් මිලදී ගැනීමෙන් වැළකුණාම අහවරයිනේ. අනුන් කන දෑ ගැන සොයා බැලීමත් පාප කර්මයකි.
BamunuarachchiMonday, 21 May 2018 12:26 PM
ඔබ බොහෝ දුරට හරි...
Bamunuarachchi Sunday, 20 May 2018 10:30 PM
මේ ඉස්පිරිතාල ලෙඩුන්ගෙන් පිරී ඇත්තේ ඔබ වැනි බුද්ධිමතුන් නිසාය. ඔබ ඉංග්‍රීසි දන්නවානම් රතු මස් පරිබෝජනය ගැන වෛද්‍යවරු කියන්න මොනවාද කියා අන්තර්ජාලයේ කියවන්න. නිකන් බොරු කියා නොදන්නාකම පෙන්වන්න එපා.
kalani withaanage Monday, 21 May 2018 06:25 AM
මනසින් උසස් යැයි පිළිගත් 'මිනිසා' නම් සත්වයා අනෙකුත් සත්වයින්ගේ මස් අනුභවයට ගැනීම සුදුසුදැයි සාකච්ජා කරයි. බුදුන් වහන්සේ, යේසුස් ස්වාමිදරුවාණන්, මොහමඩ් නබිතුමා දේශනා කල අදහස් ගෞරවයෙන් යුතුව මොහොතකට අමතක කර ඔබේ හදවතට සවන් දෙන්න.විලෝපිකයින් හිඟ නිසා වැඩිවෙන ගව ගහනය පාලනය කිරීමට කෙනෙක් යෝජනා කරති. ස්වභාව ධර්මයේ පැවැත්ම පාලනය කිරීමට මිනිසාට කොන්ත්රන්තුවක් ස්භාවධර්මය විසින් පවරාදී නැත. අඩු තරමින් මස් ඉරා කෑමට දත් හෝ ලබා දී නැත.ත්‍රිපිටක ඉගැන්වීම් සහ බෞද්ධ දර්ශනය හදාරා ඇති භික්ෂුන්වහන්සේ මස් වැළඳීම අනුදැන නොවදාරති. "සියලු සත්වයෝ නිදුක් වෙත්වා"යැයි සත්වයා වෙත මහා මෛත්‍රිය බෙදු උත්තමයකුගේ ඉගැන්වීම් පිළිගන්න බෞද්ධයින්ට මේ විෂය ගැන තර්ක ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නැත.
Bamunuarachchi Monday, 21 May 2018 12:25 PM
කළණි විතානගේ මහත්මිය, ඔබ මෙතනට ක්‍රිස්තියානි ආගමවත් ඉස්ලාම් ආගමවත් ඈඳාගන්න එපා. එ් ආගම් දෙකම බයිබලයේ එන එ්බ්රාම්ගේ කොටසේදී එකතුවෙනවා. ඒ ආගම් දෙකම දෙවියන් පිදීමට සතුන් මරනවා. එමනිසා සත්ව ඝාතනයට විරුද්ධ එකම ආගම බුද්ධාගමයි. ආගමකින් දේශනා නොකළත් බුද්ධිය ඉදිරියෙන් සිටිනවා නම්... සතුන් මරාගෙන කෑම දියුණු මිනිසාට ගෝචර නොවන බව තේරුම් ගන්න පුළුවන්... අපි මස් කන්නේ සතුන් මරා විකුණන්න තිබෙන නිසා නේද? මස් විකුණන්න නැතිනම් බුද්ධාගම්කාරයෙක් හැටියට කඩපලට ගොස් මේ කුකුලා මරා මස්කර දෙන්න කියා ඉල්ලන්නේ නැත. මේ හරකා මරා මස් කර දෙන්න කියන්නේ නැත.
kalani withanage Tuesday, 22 May 2018 08:43 AM
ආධ්‍යාත්මික විමුක්තිය සොයා යාමක් නිසා මස් කෑම පිළිබඳව සිතිය යුත්තේ 'මානවවදියෙකුලෙස මිස විලෝපියකු වශයෙන් නොවේ.