IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය, රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කා)

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට  අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු  මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ්බාරයට පත් කෙරුනේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන තිදෙනාය.

2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුලදල් වංචා කිරිම සම්බන්ධයෙන් 2023 ජනවාරි 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු  පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන  අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව  පැමිණිලි කරතිබුණි.

රුපියල් 71645226.32ක මුදලක අලාභයක් සිදුකිරිම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (3)

ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්

Laksman Wednesday, 02 April 2025 01:56 PM

දැන් මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ඇත්තටම පළාත් පාලන ආයතන රටට විශාලම බරක් වෙනවා එක් ආයතනයක හිටපු කෙනෙක් හැටියට තාක්ෂණ නිලධාරි සැපයුම් නිලධාරි ගබඩාභාරකරුවන් කියන්නේම හොරුම තමයි එනිසා දැන්වත් ඔය ආයතන වෙනුවට යෙදීමට පහසු අඩුම වියදම් විකල්ප තියෙනවා... ඒවා ක්‍රියාවට නංවා ඔය දූෂිත ආයතන වසාදැමීමට කටයුතු කළොත් 90% ක් පමණ ජනතා මුදල් නාස්තිය වළක්වන්න පුළුවන් වේවි...!

:       0       15

CC Wednesday, 02 April 2025 02:25 PM

මේ ආයතන අහෝසි කලයුතුයි කියන මානසිකත්වය ජනතාවට ඇතිවී තිබෙන්නේ හිටපු දූෂිත ප්‍රෝඩාකාරී හොර තක්කඩි දෙශපාලුවන් හා දූෂිත නිලධාරීන් කරන ලද ක්‍රියාවන් නිසා ඇතිව ඇති ප්‍රතිඵල හා බලපෑම් අවබෝධ වීම නිසයි.නමුත් මේ ආයතනවල රාජකාරී හරියට යෙදවුව හොත් මේ රට ගොඩනැගිය හැකියි.ඒ සඳහා වංචා වැලැක්වීමේ සුදුසු පද්ධති යාන්ත්‍රණ ස්ථාපනය කලයුතුයි.ඕනි හොරෙකුට හොරකම් කල නොහැකි පද්ධති ගෙන ආ යුතුයි.

:       1       8

ගමේ එකාලා Wednesday, 02 April 2025 04:04 PM

රටේ පළමු පුරවැසියා පටන් වැඩිහරියක් හිටියේ හොර දූෂිත දේසපාලුවෝ ? රට මේ තරමට හරි තිබුනු එකත් පුදුමයි?

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 726 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2273 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 562 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 581 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 293 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site