IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇඹිලිපිටි ඒඑස්පී ධර්මරත්න කුලියාපිටියෙන් පොලිස් මූලස්ථානයට

ඇඹිලිපිටියේ ප්‍රශ්නයට මැදි වී සිටින සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න රත්නපුර කොට්ඨාසයේ සිට කුලියාපිටිය කොට්ඨාසයට මාරු කරනු ලැබ සුළු වේලාවකට පසු පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබීය. පොලිස්පතිවරයා ඒ බව විශේෂ පොලිස් පණිවිඩයකින් දැනුම් දුන්නේය.

 තවත් සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් ද, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

සහකාර පොලිස් අධිකාරී පී එම් ඒ කීර්ති බංඩාර කුලියාපිටිය කොට්ඨාසයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එම් වී ආර් යූ එන් ආරියරත්න කොළඹ මධ්‍යඹ කොට්ඨාසයේ සිට රත්නපුර කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එල් කේ ඩී අනිල් ප්‍රියන්ත රත්නපුර කෙට්ඨාසයේ සිට ඇඹිලිපිටිය කොට්ඨාසයට ද මාරු කරනු ලැබූහ.

ඇඹිලිපිිටිය මූලස්ථාන පොලිසියේ සිට තාවකාලිකව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියට අනියුක්ත කර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ආර් ජේ ඩයස් පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉබ්ලිව් ඒ සෝමරත්න පිළියන්දල පොලිස් ස්ථානාධිපති සිට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් එස් බී සමරකෝන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සිට පිළියන්දල පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් පී පී එස් කේ වික්‍රමරත්න ගම්පොළ කොට්ඨාසයේ සිට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පී වැලිකල ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති සිට නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, පොලිස් පරීක්ෂක ඩබ්ලිව් පෙරේරා කොළඹ මධ්‍යම සිට ගල්කිරියාගම ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ ඒ ඩී එස් සංජීව කෝපායි ස්ථානාධිපති සිට හලාවත කොට්ඨාසයට ද, පොලිස් පරීක්ෂක එස් එම් කහදවල කැලණිය කොට්ඨාසයේ සිට කෝපායි ස්ථානාධිපති ලෙස ද මාරු කරනු ලැබ සිටිති.



අදහස් (0)

ඇඹිලිපිටි ඒඑස්පී ධර්මරත්න කුලියාපිටියෙන් පොලිස් මූලස්ථානයට

අරවින්ද Sunday, 17 January 2016 05:24 PM

අනේ මහත්වරුනි, නුඹලා සමඟ කොහොමද රටක් ගොඩනගන්නේ? (නි)

:       0       0

මහේෂ් Sunday, 17 January 2016 05:37 PM

නියමයි. අද දෙපොළකට මාරු කළා. හෙට අනිද්දා වෙද්දි තව කීපොළකට දායිද? (ත)

:       0       0

ලංකා Sunday, 17 January 2016 10:03 PM

සොබාදහම විසින් මෙවැන්නන් සුදුසු තැනට මාරුකර යවනු ඇත​. (නි)

:       0       0

ද සිල්වා Monday, 18 January 2016 06:23 AM

අපිට මිනීමැරුම් චෝදනාවක් තිබෙනවා නම් පැය 24 යන්න කලින් අල්ලාගෙන ඇවිත් රිමාන්ඩ් කරලා, පොලිසියට චෝදනා තිබෙන විට ස්ථාන මාරු පමණකි, අගමැති තුමනි ඔබතුමා සෝභිත හිමියන්, රතන හිමියන්, පාටලී සමග චන්දෙට කලින් පොරොන්දු උන සාධාරණ සමාජයද මේ? වහාම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 January 2016 11:51 PM

මූලස්ථානයටම ගත්තේ පරීක්ෂණ කිරීමේ පහසුවට වෙන්න ඕනෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

විජිත් Monday, 18 January 2016 01:42 AM

පොලිස්පතිතුමනි,ප්‍රවේශමෙන්. රටේ ජනතාව අවදියෙන්. (නි)

:       0       0

සුසන්ත Monday, 18 January 2016 07:19 AM

පොලිසියේ ඉන්නේ මත්පැන්වලට ඇබ්බැහි වුණු පිරිසක් ඔවුන් පුනරුත්ථාපනය කරන්න ඕන එමෙන් රටේ දැනට පොලිසියේ සිටින අය සාමය ආරක්ෂා කරන්න සුදුසු පිරිසක් නොවේ ඔවුන් සේවයෙන් ඉවත් කරලා අලුත් ම පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළ යුතු යි පොලිසියේ බොහෝ දෙනෙක් අපරාධවලටත් සම්බන්ධයි (බ)

:       0       0

ලක්මාල් Monday, 18 January 2016 07:19 AM

කියල වැඩක් නෑ. අනිල් කියන කතාව සම්පුර්ණ ඇත්ත. මොකද මෙයාල කරපු පව් වැඩ වලට නිසි දඩුවම් දෙන්ට මෙච්චර ඇඹරෙන්නේ ? පොලිසියේ නිසාද ? පොලිසියේ අය වැරදි කරාම ඩිස්කවුන්ට් තියනවද ? අපි දන්නේ නැති නිසා අහන්නේ ? (බ)

:       0       0

සත්‍යපාල Monday, 18 January 2016 03:03 AM

අර "පිටියෙන්" මේ "පිටියට" එවුවට වෙනසක් නැහැ. සමහරවිට දැන් ආ කුලියාපිටිය මෙයාගේ ගම සහ මාරුවක් ඉල්ලමින් හිටිය තැන වෙන්නත් ඇති. අපි කියන්නේ සොහොන් පිටියට ගිය ජීවිතය වෙනුවෙන් මොවුනට දඬුවම් කරන්න. තවත් අහිංසකයන් සොහොන් පිටියට යවනතුරු මොවුන් තියාගත්තොත් ජනතාව ඔවුන් දේශපාලන පිටියෙන් දවා ඉවත්කරන දිනයද වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

නිහාල් Monday, 18 January 2016 07:32 AM

අපේ රටේ බුද්දදාසලා ධර්මදාසල සන්ගදාසලා හුගක්ඉන්නවා නමට සරිලනලෙස ජීවත්වෙන.ඔයකියන ධර්මරත්නත් එහෙම රාජකාරී කරමින් ජීවත් උණු කෙනෙක්ද. (කෞ)

:       0       0

සුමිත් Monday, 18 January 2016 03:57 AM

මාරුකරලා විතරක් නම් මදි, පොලිසියේ හොඳ නම ආරක්ෂා කරගන්න (නි)

:       0       0

ඉරෝෂ් Monday, 18 January 2016 07:53 AM

හරි හරි කට්ටිය කලබල වෙන්න ඕනේ නැ, නඩු විභාගයක් වෙනවනේ, පොලිසියට ගැලවීමක් නැ මේකෙන් , කට්ටියව වෙලාවට අත්අඩංගුවට ගනී, මේක යහ පාලනය, (බ)

:       0       0

ජනිත් Monday, 18 January 2016 08:00 AM

අපි බලන් ඉන්නේ (බ)

:       0       0

අනිල් Monday, 18 January 2016 04:15 AM

චෝදනා ලැබුවකු වැඩතහනම් කර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනවා වෙනුවට ස්ථාන මාරු කිරීමද කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කෝ අපේ ස්වාධීන පොලිස් කොමිසම? (නි)

:       0       0

සුවාරිස් Monday, 18 January 2016 05:20 AM

බල්ලා පොලිසියට ගිහින් . පොලිසිය බල්ලට ගිහින් (බ)

:       0       0

සෑම් Monday, 18 January 2016 08:48 AM

ටික ටික වැලිකඩ පැත්තට කිට්ටු වෙනවා .(ම)

:       0       0

බන්නැහැක Monday, 18 January 2016 02:03 PM

කාලයක් කොකේසස් ප්‍රදේශයේ කුඩා රටක් වන ජෝර්ජියාවේ පොලීසියත් අපේ රටේ හොරා පොලීසිය වගේම වෙලා තිබුනේ. ඔවුන් පගාවක් නැතිව කිසිම වැඩක් කරන්නේ නැහැ. කෙනෙක්ට පොලීසියට වොඩ්කා බෝතලක් දී තරහකාරයකුගේ අත පය කඩලා දම්මවා ගන්න පුලුවන්. 2004 ජෝර්ජියාවේ ජනාධිපතිකමට පත්වු මිකෙල් සාකෂ්වීලී මේ හොරා පොලීසිය හදන්න පුලුවන් තරම් උත්සාහ කර එය කරන්නටම නොහැකි දෙයක් බව තේරුම්ගත් පසු කලේ හොරා පොලීසියේ සියලු දෙන විශ්‍රාම යවා පොලීසියට අලුතින්ම නිලධාරීන් බඳවා ගෙන ඔවුන් විදේශ රටවල විශේෂඥයන් ලවා පුහුණු කිරීමයි.අද ජෝර්ජියාවේ පොලීසිය ලොව හොඳම පොලීසි වලින් එකක්. (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 18 January 2016 05:40 AM

අනිල් මහත්තයෝ මේ මමත් මෝඩ කමට අහන්න හිටපු ප්‍රශ්නය ඔබ අහලා. (බ)

:       0       0

කපිල පතිරණ Monday, 18 January 2016 09:43 AM

දෙවියන් වහන්සේ මුන් ටික ඔක්කොම හරි තැනට යවන්න වල පල්ලට මොකද මුන්ටත් දුක දැනෙන්න ඕනි අහිංසක මිනිසුන්ට කරන දේවලට (බ)

:       0       0

සෙනෙරත් Monday, 18 January 2016 10:11 AM

ඒ වුණාට නම ධර්මරත්න. නමේ හැටියට වැඩ නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 81 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 161 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 166 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1935 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2814 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2081 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site