IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇඹිලිපිටි තීන්දුව සිකුරාදා

ඇඹිලිපිටියේ සාදයකදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මරණයට පත්වීමේ සිද්ධියේ සාක්කි අද (17) අවසන් කළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මරණ පරික්ෂණයේ තීන්දුව සිකුරාදාට (19) ප්‍රකාශයට පත් කරන බව කීවේය.

මේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න ලබන මාර්තු 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.

මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ මල්වර මගුල් ගෙයක ගැටුමක් බේරීමට ආ බව කියන පොලිසිය හා එහි සිටි අය අතර ඇතිවූ කලබලයෙන් පසු සුමිත් ප්‍රසන්න උඩු මහලකින් වැටී රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහු එහිදී මිය ගියේය. අධිකරණ නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද උසාවියට ලැබිණි. සහකාර පොලිස් අධිකාරී වෙනුවෙන් පෙනී සිටි ආනන්ද හෙට්ටිආරච්චි නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රසන්න ජයවර්ධන බීමතින් සිටියදී බිමට වැටී මියගිය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඇත්නම් තම සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලා සිටින බවත් තම සේවාදායකයා ඔහු තල්ලු කිරීම නිසා බිමට වැටී මිය ගියේ නම් ඇප නොඉල්ලන බවත් කියා සිටියේය.

අධිකරණය අවට අදත් ආරක්ෂාව තර කර තිබිණි.

සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ඇප ඉල්ලමින් ඇඹිලිපිටි මහාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. මහේස්ත්‍රාත් උසාවියට ඔහු ගෙන එද්දීත් ඔහු රැගෙන යද්දීත් නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් කාන්තාවන් ඇතුළු පිරිසක් ඔහුගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට නොයෙකුත් උපක්‍රම යෙදූහ. 

IMG_2374[1] IMG_2402[1]

IMG_2410

ජායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

ඇඹිලිපිටි තීන්දුව සිකුරාදා

අසාද් Wednesday, 17 February 2016 08:13 AM

මිනිස්සු හොදයි තමයි. කොයි මිනිහත් නරක නැහැ. තමන්ගේ බලය අයුතු ලෙස බාවිතා කිරීම නිසා ගොඩක් අයට වැරදිලා තියෙනවා. එකට උදාහරණ ඕනේ තරම් ලංකාවේ දැන් තියෙනවා. (ර)

:       0       0

කපිල Wednesday, 17 February 2016 03:42 PM

දක්ෂ නිලධාරියෙක්...එ්කේ දෙකක් නැහැ.දක්ෂතාවය බලය හා කුලමානය නිසා ඔලුව උදුම්මාගත් අයෙක් බවත් එකට සේවය කළ අය පවසනවා. (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 08:26 AM

මර්වින්, ලීයේ කුදය අරින්නේ වෑයෙන්, නමුත් අපිට වෑයේ කුදය පේන්නේ නෑ. (බ)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 12:16 AM

මර්වින්, විරාජ් ඒකනායක, ඔබගේ හොඳ නරක තේරීම ගැන සැකයක් තිබෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 12:26 AM

ලීල්, වැරදි වලට දඬුවම් දෙනවනේ. ඉතින් මෙයාට දඬුවම් ලැබුනදෙන්. මේවා හිතාමතා කරන වැරදි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 12:28 AM

වීරරත්න,ඇයි ඔයටික සිහිබුද්ධියෙන් සිටියයුතු විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් නිලධාරියා හිතුවේ නැත්තේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 12:27 AM

හේවා, ඔයා කර තිබෙන්නේ උසස් සේවාවක්. පොලිසිය තිබෙන්නේ මහජනතාවට උසස් සේවාවක් කරන්න. අහිංසක මිනිස්සු මරලා පොලිසිය වෙනුවෙන් උසස් සේවයක් කරන්නේ කොහොමද? මෙයට උපරීම දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

කමල් Thursday, 18 February 2016 03:10 AM

පොලිසියට පඩි ගෙවන්නේ බටා ගෙවන්නේ නීතිය හා සාමය සුරැකීමට. (ම)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 17 February 2016 08:35 AM

මර්වින් කියන දේ සම්පුර්ණ ඇත්ත පොඩි මිනිස්සුන්ට උදව් කරපු හොඳ මනුස්සයෙක් (ම)

:       0       0

බුද්ධික Wednesday, 17 February 2016 12:36 PM

අපේ රටේ සෞදි නීතිය නැති වරද (නි)

:       0       0

සහන් බන්ඩාර Wednesday, 17 February 2016 05:33 PM

සමීර, ඔයා දැක්කද ASP මහතා මනුස්සයෙක්ව තල්ලු කරලා මරල දානවා? ඉවසල ඉන්න. ඔහු සැකකරුවෙක් පමණි. කෙසේවෙතත් ඔහු බන්දනාගාර ගතව සිටීම ජාවාරම් කරුවන්ට සහ අපරාධ කරුවනට නම් හොඳයි. (රේ)

:       0       0

චන්ද්‍රා Thursday, 18 February 2016 08:14 AM

මිනිස්සු හොඳ හෝ නරක වශයන් දෙකට බෙදන්න බෑ, මිනිස්සු සාපේක්ෂයි. (බ)

:       0       0

සමීර Wednesday, 17 February 2016 08:45 AM

හොද මනුස්සයෙක් නං තව මනුස්සයෙක්ව තල්ලු කරලා මරල දායිද (ම)

:       0       0

යද්දෙහිගොඩ Wednesday, 17 February 2016 08:59 AM

හොඳ 100 ක් කළත් මේ කළදේ නම් අහස පොලොව උහුලන්නේ නෑ. ඔබ කියන දෙය සත්‍යයක් වෙන්න පුළුවන් නමුත් මිනිහෙක් කරන එක වැරදි වැඩකට ඔහුට මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙනවා. එ්ක නිසා හොඳම දෙය කිසිම සදාකාලික දෙයක් මෙලොව නැති බව වටහාගෙන ක්‍රියා කිරීමයි (බ)

:       0       0

සම්පත් Wednesday, 17 February 2016 07:14 PM

චෝදනාව ඔප්පුවුණා නම් එල්ලුම් ගහ මෙතනින් පටන් ගන්න තියෙන්නේ (නි)

:       0       0

අසෝක Wednesday, 17 February 2016 09:18 AM

මොකක් වෙයිද මේ තීරණය.(හේ)

:       0       0

අරුණ Wednesday, 17 February 2016 09:18 AM

හොදයිනේ.(හේ)

:       0       0

සමන් Wednesday, 17 February 2016 08:02 PM

කවුරු මොනවා කිවුවත් අපරාධයක් කළ කෙනෙක් අපරාධකරුවෙක්මයි. ආයෙත් බොරුවට සුදු හුණු ගාන්න උවමනා නැහැ (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 17 February 2016 08:05 PM

හොඳ 100 ක් කළත් මේ කළ දේ නම් අහස පොළොව උහුලන්නේ නැහැ. මේවට සිංහල රජ කාලේ වගේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ගමගේ Wednesday, 17 February 2016 08:24 PM

සහගහන අපරාධ මේවා (නි)

:       0       0

හේවා Wednesday, 17 February 2016 09:27 PM

පොලිසිය වෙනුවෙන් උසස් සේවයක් කළ නිලධාරියෙක් (නි)

:       0       0

ග්‍රේෂන් Wednesday, 17 February 2016 09:34 AM

එක පාරටම ඒ මනුස්සය බීලා කියලා කියන්න නේද හදන්නේ ? (හේ)

:       0       0

වසන්ජය Wednesday, 17 February 2016 10:00 PM

මේක නම් පුදුම කතාවක් තමා. මෙතෙක් කිවුවනේ සුමිත් ප්‍රසන්නව බිමට තල්ලු කළා කියලා මේසයක් යට හැංගිලා හිටපු කෙනෙක් ඇසින් දුටු සාක්කි ඉදිරිපත් කළා කියලා. (නි)

:       0       0

මර්වින් Wednesday, 17 February 2016 09:38 AM

මහින්ද සෞදි , සමීර, ඒක තමයි මම කිව්වේ..." ඔහු වැරද්දක් කලානම් දඩුවම් විදින්න ඔනේ." කියලා.... ඔබවත් මමවත් දැක්කේ නෑ අැත්තටම මොකක්ද සිද්ද වුනේ කියලා ඒක නිසා ඒ තීන්දු නීතියට ගන්න තියමු හරි හෝ වැරදි වේවා. මම කාටවත් සුදු හුනු ගාන්න හදනවා නෙමෙයි. අපේ මිනිස්සුන්ට දේවල් තේරුම් ගන්න කල් යනවා. ඒවා තේරුම් ගන්න කොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. (ර)

:       0       0

රන්ජිත් Wednesday, 17 February 2016 11:13 PM

කවුද අර නිල් පාට ඇඳුම් ඇඳගෙන ඔහුට ආවරණය දෙන්නේ? කවුද ඒ බලවතිය? (නි)

:       0       0

ටිකිරි Wednesday, 17 February 2016 11:25 PM

තව ටික දවසනේ. අපි ඉවසලා බලමු ඒකත් (නි)

:       0       0

ලිල් Thursday, 18 February 2016 05:00 AM

රජකාරි කරන කොට වැරදීම් වෙනවා.මේකත් එහෙම දෙයක් (ම)

:       0       0

ගුණවර්ධන Thursday, 18 February 2016 12:56 AM

වැරදිකරු වුවහොත් මරණ දඬුවම දියයුතුය. නිල බලය පාවිච්චිකර අහිංසක මිනිස්සු මරන්න පුලුවන්ද? (නි)

:       0       0

තිලක් Wednesday, 17 February 2016 09:57 AM

නිල බලයෙන් (ම)

:       0       0

අනුර Thursday, 18 February 2016 05:25 AM

ගුණවර්ධන ගේ ප්‍රතිචාරය අගේ කරන්න පුළුවන්. රටේ බදු මුදල්වලින් මේ පාදඩයෝ අහිංසක මිනිස්සු මරන්න කවුද නිතිය ලියල දුන්නේ.? කොච්චර හොද වුනත් අසරණ මිනිහෙක් බේබදුකමට ගිහින් මරලා දාපු එක කළ හොද ඔක්කොටම වැ ඩිය ඉහළයි. මෙයාට දියුයුතු ලිහිල්ම දඩුවම එල්ලා මැරීමයි (බ)

:       0       0

සමන්ති Wednesday, 17 February 2016 02:02 PM

තීන්දුව උසාවියට බාරයි .(අ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 17 February 2016 02:04 PM

මට පෙන්නේ මෙම නිලධාරියාගේ අවංක භාවය නිසා ලැබුණු ඇමතුමට ක්‍රියාත්මක වෙන්න ඇති. එ්කට හේතුව විචක්ෂණශීලී බවක් නැති වීමයි. ඇමතුම ලැබුණු ආකාරය පරීක්ෂා කළා නම් අමාරුවේ වැටෙන්නේ නැහැ. නමුත් මියගිය පුද්ගලයා වෙනුවෙන් නීතියේ සාධාරණය ඉටුවිය යුතුයි. රාජකාරිය කළා කියන එක නිදහසට කාරණයක් නොවෙයි. (බ)

:       0       0

නිහාල් හෙට්ටිඅරාච්චි Thursday, 18 February 2016 05:36 AM

අනේ මෙහෙම තන්හාවක්...අපොයි මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....? මට නම් හිතෙන්නේ නිදා ගෙන ඉන්න කොට කොයි මිනිහත් හරිම අහිංසකයි..(බ)

:       0       0

බන්දු Wednesday, 17 February 2016 10:07 AM

මහින්ද සෞදි.. වැයේ කුදයක් නැත්නම් එය වැයක් වෙන්නේ කොහොමද.? (ර)

:       0       0

සමරේ Wednesday, 17 February 2016 10:38 AM

ඔබට මෙන්ම මියගිය පුද්ගලයාටත් සිදුවුයේ නොසිතූ දෙයක් නොවේද? මේවා පාලනය නොකළ සිත්වලින් අැතිවිය හැකි දෙයක් පමණයි. මොහොතකින් සියල්ල වෙනස්වෙන හැටි! (නි)

:       0       0

භද්‍රානි Wednesday, 17 February 2016 03:08 PM

කවුරු මොනවා කීවත් මිනීමරුවා මිනි මරුවාමයි.(අ)

:       0       0

රෝහිත Wednesday, 17 February 2016 11:04 AM

ඕක තමි ජීවිතය කියන්නේ. (ර)

:       0       0

බුද්ධික Friday, 19 February 2016 01:52 PM

ලීල් ,,කියන විදියට ඔයාලගේ ගෙදර වැඩක් වෙලාවට පොලිසිය ඇවිත් ඔයාලගේ ගෙදර කෙනෙක් මැරුවොත් ,,ඔයා අතේ වැරදීමක් කියල නිකන් අන්නවද ...(බ)

:       0       0

මර්වින් Wednesday, 17 February 2016 08:08 AM

එස්.ටී.එෆ්. එකේ හිටපු හොද මනුසයෙක්. ඇත්ත මොකක්ද කියන්න අදටත් දන්නේ නෑ. ඔහු වැරද්දක් කලානම් දඩුවම් විදින්න ඔනේ. ගොඩාක් හොද සාධාරණ මිනිසුන්ට ගොඩක් උදව් කරපු මනුසයෙක්. ඒ වගේම අසාධාරණ මිනිස්සුන්ට කිසිම බුරුලක් නොදීපු මනුසයෙක්. හැමදෙනාටම සාධාරණ තීන්දුවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (ර)

:       0       0

කමනි Wednesday, 17 February 2016 11:04 AM

මොහුගේ හරි වැරදි බව පිළිබඳ මම කතා කරන්නේ නැහැ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැරදිකරු බවට ඔප්පු වන තෙක් ඕනෑම කෙනෙක් නිවැරදිකරුවකු ලෙසයි සැලකෙන්නේ. දියුණු රටවලනම් සැකකරුවාගේ මුහුණ මාධ්‍ය මගින් පළ නොකර අනන්‍යතාව ආරක්ෂා කරනවා. (ර)

:       0       0

වීරරත්න Thursday, 18 February 2016 03:31 PM

දෙදරු පියෙක් වුණාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ එහෙම වුනානම් ශෂිකලට අද දුක්වන්න වෙන්නේ නෑ. බිරිඳ ගැන හිතල මාරු වුනානම් ගැලවෙන්න තිබුන (බ)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 17 February 2016 03:22 PM

පොලිසිය මැදිහත් වෙන්නේ ගැටීමක් බේරන්න නම් පොලිසිය ගෑවුණු මරණයක් විය නොහැක. එය ගැටුම් බේරිමක් නෙමෙයි මරණයක් වෙලානේ (බ)

:       0       0

රුවන් Wednesday, 17 February 2016 08:09 AM

මේක මාර කතාවක්නෙ පාටි එකකට ගිහින් නොබී ඉන්නේ කීයෙන් කී දෙනාද? එතකොට බීලා හිටියා කියලා මරන පරීක්ශනයෙන් ඔප්පු උනොත් බීමත් කමින් උඩුමහලින් වෑටිලද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 909 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 414 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 272 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 821 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 711 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site