ඇඹිලිපිටිය නව නගරයේ සාදයකදී පොලිසිය හා ඇතිවූ ගැටුමකින් මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන (29) තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්‍ධ වැඩිදුර පරීක්‍ෂණය ගැන නීතිපති උපදෙස් ලබාගෙන දන්වන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා රහස් පොලිසියට නියෝග කළේය.
ජනවාරි 04 සිදුවූ මරණය සම්බන්‍ධයෙන් සැකපිට එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න අත්අඩංගුවට ගෙන ඇප නිදහස් කැරුණු අතර ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්‍ධව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් ය.
සිද්ධිය සම්බන්ධ වීඩියෝ කැමරාවක දර්ශන සම්බන්‍ධයෙන් රජයේ රස පරීක්‍ෂක වාර්තාව මෙතෙක් ලැබී නැති බව ද කීවේ ය.
මේ අවස්ථාවේ මරුණකරුගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදුල් ප්‍රෙමරත්න මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුව මෙදින අධිකරණයට පැමිණ නැතත් මීට පෙර පැමිණි අවස්ථාවල වෙනත් සැකකරුවන් සම්බන්‍ධයෙන් විමර්ශන වලදී යම් තැනැත්තෙක් සම්බන්‍ධ යැයි සැකකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ උපදෙස් අනවශ්‍ය බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිතීඥවරු පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බවයි.
එසේ තිබිය දී රහස් පොලිසීයට අධිකරණයත්, නීතිපතිවරයාත් නොමග යවමින් කයුතු කරන බව කීවේ ය. ඒ නිසා මේ තත්ත්වය සම්බන්‍ධයෙන් බදාදා (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
විනිසුරුවරයා: (රහස් පොලිස් නිලධාරියා අමතමින්) ඔබ මේ ගැන දන්නවාද?
රහස් පොලිස් නිලධාරියා: මම ඒ ගැන දැනුවත් නෑ ස්වාමිනී.
නිතීඥ උදුල් පේ‍්‍රමරත්න මහතා:
ස්වාමීනී. මේ ආකාරයට මේ ඝාතනයට සම්බන්‍ධ සෙසු සැකකරුවන් ගැන විමර්ශනයේ දී අනාවරණය වෙලා තියනවා. නමුත් නීතිපති උපදෙස් නෑ කියලා ඒ අය අත්අඩංගුවට ගන්නේ නෑ. මේ ආකාරයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කිරීම නඩුව මහාධිකරණයේ දි විභාගවන අවස්ථාවක ගැටලූවක්. ඒක මරණකරුගේ පාර්ශවයට කරන විශාල අගතියක්.
සැකකරුගේ නීතීඥ සුමනා මෙන්ඩිස් මහත්මිය:
ස්වාමීනී මේ විමර්ශන පමාවීම සැකකරු පාර්ශවයට ලොකු අගතියක්.
මේ අවස්ථාවේ විනිසුරුවරයා අධිකරණය අමතමින් අධිකරණයට පැමිණ සිටින රහස් පොලිස් නිලධාරියා නීතිපතිවරයා සහ රහස් පොලීසිය අතර මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව නොදන්නා බව කීවේ ය. ඒ නිසා මේ ගැන හොයා බලා ඉදිරි කටයුතු සිදුකරන ලෙස නියෝග කරමින් වැඩිදුර විභාගය ලබන වසරේ මැයි 30 තෙක් කල් තැබීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇඹිලිපිටි නඩුව කල්යයි