ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයේ සිටි පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිසියේ ඉහළින් බලපෑම් ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව ඉදිරිපත් වී ඇති ප්‍රබල සාක්කියක් යටපත් කිරීමට ද උත්සාහයක් ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගේ වරදක් නැතැයි කියවෙන බාහිර සාක්කි පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය සැරසෙතියි ද දැනගන්නට තිබේ.
මෙම සිද්ධියේ පරික්ෂණ කරන පොලිස් නිලධාරීන්ට පොලිසියේම ඇතැම් අංශවලින් සහයෝගයක් නැතැයි ද, එලෙස වී ඇත්තේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසාදැයි සැකයක් ඇතැයි ද කියති.
ඇඹිලිපිටි සිද්ධියේ විමර්ශන කටයුතු මේ වන විට සාර්ථකව පැවැත්වෙන අතර එය ප්‍රමාද කිරීමට විමර්ශනය ඔවුන්ගෙන් ඉවත් කර රහස් පොලිසියට හෝ වෙනත් පිරිසකට පැවරීම ගැන සාකච්ඡාවක් ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමර්ග පවසයි.
එක්තරා පොලිස් නිලධාරියකු බේරා ගැනීම එහි අරමුණ විය හැකියැයි තතු දත්තෝ කියති.
මේ අතර පොලිස් මූලස්ථානය කියනුයේ උසස් පොලිස් නිලධාරියකු සහකාර පොලිස් අධිකාරීවරයා බේරා ගැනීමට කටයුතු කරන බවට කරන චෝදනා අසත්‍ය බවයි. මාධ්‍යවල පළවන වාර්තා ගැන විමර්ශනයක් කර සත්‍ය තහවුරු කර ගන්නැයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඹිලිපිටි විමර්ශන යට ගහන වෑයමක්?
දිනපාල Sunday, 24 January 2016 12:46 AM
ඔක්කොම කටින් බතල හිටවන අය. මෙම සිද්ධිය ජිනීවා වලට ගෙන යායුතු කරුණක් වෙන්න පුළුවන්. එනිසා රජය මීට වඩා මේ ගැන උනන්දු වියයුතුයි (නි)
අබරන් Saturday, 23 January 2016 05:04 AM
බල්ලට ගිය නීතියක් සහිත අශිෂ්ට සමාජයක මෙවන් දෑ අපි ඉත සිතින් බලාපොරොත්තුව සිටිමු. (බ)
හුසේන් මොහොමඩ් Saturday, 23 January 2016 05:53 AM
පහුගිය කාලයේ තිබ්බ අවතාර තාම හොල්මන් කරනවා වගේ. (අ)
රුචින් Saturday, 23 January 2016 05:50 AM
කරුණාකර මෙම මිනීමැරුම කල හාල්පාරුවන්ට මරණදණ්ඩනය දෙන්න. මොරටුවේ පොලිසියේ ලොක්කන්ට දුන් දඬුවම සේම මේ අයටත් දඬුවම් කලයුතුයි. (අ)
සෙනරත් Sunday, 24 January 2016 03:55 AM
රොෂාන් කුරේ ඔබ සමග එකගවෙනවා. නිතිය අතට ගත්තු නිලධාරීන් ඉන්නවනම් එයාලට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙමනම් කලින් ආණ්ඩුවේ වැරදිත් නිතිය අතට ගත්තු නිලධාරීන් නිසා වුණා කියල හිතන්න පුළුවන් කෙනෙකුට. අනෙක එහෙම වුණෙත් දෙවැනි කාල ධූරයේදී නේ. (බ)
රොහාන් Saturday, 23 January 2016 06:33 AM
නිතිය සැමට එක හා සමාන වියයුතු පොලිස් වේවා සාමාන්‍ය ජනතාව වේවා දේශපාලකයන් වේවා මේ නියාය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ, අන්න එතකොට තම යහ පාලනයක් බිහිවෙන්නේ, පොලිස් බේරගන්න යම් උසස් කියන නිලධාරියෙක් කටයුතු කරනවානම් නිල ඇදුමට ගලව ගෙදර යන එක තම හොඳ (බ)
අසාද් Saturday, 23 January 2016 07:20 AM
රොහාන් ගේ කතාවට මමත් එකගයි. (බ)
රොෂාන් කුරේ Saturday, 23 January 2016 07:16 AM
අන්ධ, ගොළු, බිහිරි ජනපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කළ අපි ගැන අපිම කනගාටු වන්නෙමු. පරණ ක්රමයේ දිගුවක් දැකීමට අපගේ සුනුවිසුනු වූ බලාපොරොත්තුවට සිදුවී ඇතිබව දැන් පැහැදිලිය. ඇඹිලිපිටිය තවත් රතුපස්වලක් වෙලා. මාලබේ පුද්ගලික වෙදවිදුහල අධ්‍යාපනය මුදලට විකුණලා. ඇයි අපි මෙතරම් විශාල අවදානමක් ගනිමින් පාලන වෙනසක් ඇති කළේ. "සිහිනයක්වූ 2015 ජනවාරි 08" (බ)
සුමිත්‍ර බස්නායක Sunday, 24 January 2016 06:21 AM
ජනාධිපතිතුමා තාම මේ වගේ දෙයක් වුණා කියලවත් දන්නේ නැහැලු. (බ)
රොහාන් Saturday, 23 January 2016 07:56 AM
රොෂාන් කුරේ ඔබගේ අදහස වැරදි මේ කියන අය නිතිය අතට ගත්තු නිසා තම පසුගිය කාලයේ රටේ නීතියක් නොතිබුනේ නමු දැන් ස්වාධීන පොලිස් කොමිසමක් තියනවා එකේ නිසා ජනපතිවරයෙකු හා අගමැතිවරයෙකුට අතා පොවන්න බැහැ, අනික සමහර් අසිකිත නිලදාරීන් නිසා පවතින රජයට හෝ සමස්ත පොලිස් දෙපර්තුමන්තුවට දොස් කියන එක වැරදි. (අ)
බණ්ඩාර Saturday, 23 January 2016 08:16 AM
මේ දේ කරන්න දෙන්න එපා.(හේ)
කමල් කුමාර Saturday, 23 January 2016 08:40 AM
ස්වාධින පොලිස් කොමිසමක් ඇති කිරීමෙන් සිදුවුනේ පොලිස් මාෆියාවක් ඇතිවීම පමණයි. අද අපේ රටවසියෙකුගේ ආයුකාලය තීරනය කරන්නේ පොලිසියයි. (හේ)
සුමිත්‍රා බස්නායක Saturday, 23 January 2016 09:30 AM
මේකෙන් වෙන්නේ තවත් අහිංසක මිනිසුන් මරන්න බලපත්‍ර දීමක් ,මේ ගැන අගමැති ජනාධිපති කතා නොකරන්නේ මන්ද. මෙය මහජනතාවට විශාල ප්‍රස්නයක්. (අ)
ලක්ෂිත පැරිසිය Saturday, 23 January 2016 09:54 AM
මට පිළිතුරු දුන්න අය දැන් ලියන්න . (අ)
පිටබැද්දර ජයා Saturday, 23 January 2016 11:58 AM
මේක යට ගැහුවොත් අපි පොල් ගහනවා (නි)
දීපාල් නිරෝෂ් Saturday, 23 January 2016 01:17 PM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? මට පෙනෙන විදියට ලංකා පොලිසිය නව පොලිස්පතිවරයෙක් යටතේ සම්පූර්ණයෙන් නවීකරණය කරන්න වේවි. (නි)
කරුණාතිලක Saturday, 23 January 2016 05:01 PM
සිහිනයක්වූ 2015 ජනවාරි 08...! (නි)
ලලිත් Saturday, 23 January 2016 08:22 PM
නීතියක් නැති රටක මොන දියුණුවක්ද? එංගලන්තය පුහුණු කළයුතු වන්නේ අපේ ශ්‍රේෂ්ඨ හමුදාව නොව මේ නොදියුණු පොලීසියයි (නි)