IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඇඹිලිපිටි සිරුර ගොඩගනී

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාට සහ ඔහු නම් කරන තවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකුට පවරමින් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මින් මද වේලාවකට පෙර සිය තීන්දුව ප්‍රකාශ කළේය.

අධිකරණ වෛද්‍ය මණ්ඩලය අවසර දෙතොත් සැකකාර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට සහ අගතියට පත් පාර්ශවයේ නෑයනට පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ හැකි බව මහේස්ත්‍රාත් සිය තීන්දුවේ ප්‍රකාශයට පත් කළේය.

යුක්තිය පසිඳලීම සඳහා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.

එහෙත් සුමිත් ප්‍රසන්නගේ බිරිය වන ශෂිකා නිශාමනී ඇතුළු පවුලේ ඥාතීහු ඊට විරුද්ධ වූහ. දිවුරුම් පෙත්සම් හෝ සාක්කි හෝ නොදෙන බව ඔවුහු අධිකරණයට දැන්වූහ. පවුලේ ඥාතීන් විරෝධය පළ කළද සිරුර යළි ගොඩගැනීමට නියම කිරීමේ බලතල මහේස්ත්‍රාත්ට ඇතැයි නීතිපති වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

ලබන මාර්තු 10 වැනිදා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. 

IMG_4236 IMG_4239 IMG_4241

IMG_4220163382 IMG_4282201633-Oraginal IMG_4352016335 IMG_4362016331

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ

 



අදහස් (0)

ඇඹිලිපිටි සිරුර ගොඩගනී

කපිල Friday, 04 March 2016 04:59 AM

මෙච්චර උඩකින් වැටිලත් ශරීරයේ කිසිම තැල්මක් නැතිලු. අධික ලේ ගැලීමක් නිසාලු නේද මැරුනේ? (නි)

:       0       0

සහන් Sunday, 06 March 2016 04:24 AM

මේ කාන්තාව අනුන්ගේ ඉත්තෙක් වෙලා මාධ්‍ය සංදර්ශන වලට සහභාගි වෙලා, මේ ප්‍රශ්නය අවුල් කරගත්තා. මේ මරණය ගැන ඉදිරියේදී අපිට ඇත්ත දැනගන්න පුළුවන්. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 03 March 2016 09:40 PM

මේක මළවුන්ට කරන අපහාසයක් නොවෙන්නේද? ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න හේතුව මොකද්ද? පළමුවැනි පශ්චාත් මරණ පරීක්ෂණය හරිහැටි නොකළ නිසාද, නැත්නම් ඒක කළ වෛද්‍යවරයාගේ නිගමනය අධිකරණය විසින් පිළිනොගන්නා නිසාද කියා අපැහැදිලියි. මින් ඉදිරියටවත් එක සිරුරක් වෙනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් පැවැත්වීම නතර කළොත්, එය මළ තැනැත්තාට කරන ගෞරවයක් වෙනවා. (නි)

:       0       0

ඉන්දු Thursday, 03 March 2016 10:46 PM

මේ තරම් ආන්දෝලනයකට ලක්වුණ සිද්ධියකදී හරියට මරණ පරීක්ෂණ කටයුතු කරලා නෙමෙයිද අවසන් කටයුතු කරන්න ඉඩදෙන්නේ? මේක දැන් විලාසිතාවක් වගේ. මියගිය අයටත්, ජීවත්ව ඉන්න ඔවුන්ගේ නෑයන්ටත් ඇයි මෙහෙම වදදෙන්නේ? (නි)

:       0       0

රාධා Friday, 04 March 2016 12:22 AM

සාධාරණ සැකයක් නම් මෘත ශරීරය ගොඩගැනීම කළයුතු බැවින් එයට සහයෝගය දිය යුතුයි නේද? (නි)

:       0       0

රුවන් Sunday, 06 March 2016 06:54 AM

සහන්ගේ කතාවට මමත් එකගයි (හේ)

:       0       0

ජනක Friday, 04 March 2016 01:26 AM

උපාලි, ඔබගේ ප්‍රතිචාරය මම අගයකොට සළකනවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 March 2016 01:56 AM

මේක මාධ්‍ය සංදර්ශනයක් නොකර මියගිය අයගේ බිරිඳට යුක්තිය ඉටුවෙන විදිහට කටයුතු කළොත් තමා හොඳ. (නි)

:       0       0

චාමී ජයසිංහ Thursday, 03 March 2016 11:49 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

සුමිත්‍රා බස්නයක Thursday, 03 March 2016 12:54 PM

සාධාරනයක් ඉෂ්ට වෙයිද. (ර)

:       0       0

සිරිල් Friday, 04 March 2016 03:37 AM

මොනවා වුණත් බේබදු පොලිසිය තමා මේකට වග කියන්න ඕනේ.(ම)

:       0       0

අමිල Thursday, 03 March 2016 01:17 PM

මොකක්ද වෙන්නේ කියලා බලන් ඉමු.සාධාරණයක් ඉටුවෙයි.(හේ)

:       0       0

කාන්ති Thursday, 03 March 2016 01:09 PM

මේ සිද්ධිය ගැන යම් තොරතුරුක් යළි දැන ගැනීමට හැකියාවක් තිබේ.(හේ)

:       0       0

උපාලි Thursday, 03 March 2016 02:13 PM

කාගේවත් කැමැත්ත හෝ අකමැත්තට වඩා යුක්තිය ඉටුකිරීමයි අවශ්‍ය. උගත් විනිසුරුතුමා නිවැරදිව කටයුතු කරන බව අපි විශ්වාශ කරනවා. එතුමා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍යනම් එතන ඉන්න පවා ඉඩ දීලා තියෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 999 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2055 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 995 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2409 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1687 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24951 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site