(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
අද උදෑසන ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැත්තෙකි. නඩු කටයුත්තක් සඳහා ඔහු බිරිය සමඟ ඇල්පිටිය අධිකරණයට යමින් සිටියදී මෙලෙස ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු වෙඩි තැබූ සැකකරු බසයෙන් බැස බසය පිටුපසින් පැමිණි යතුරු පැදියක නැඟ තවත් පුද්ගලයකු සමඟ පළා ගොස් ඇතැයිද ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
(ඡායාරූප - දීපාල් ද සිල්වා)
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට
Amila Friday, 06 September 2019 05:31 AM
එදා වයඹ චන්දේ පොදුපෙරමුණ කරා වගේ ඇල්පිටියත් මෙදා සැරේ යුන්පියෙන් වැඩ පටන් ගෙන වගේ.. හැබැයි ලංකාවේ එහෙම එක සැරයක් බලෙන්ම කරහාම නිකන්ම රැල්ල ඒ පැත්තටම යනවා.. එහෙම චන්ද දායකයෝ ඉන්න රටක් මේක.. මිනිස්සු කැමති නෑ නෝන්ජල් නායකයන්ට..
DilanFriday, 06 September 2019 06:20 AM
මේක නඩුවක සාක්ෂි නැති කිරීමට කරපු දෙයක් වගේ.
PereraFriday, 06 September 2019 07:00 AM
ඇප ලබා හිටපු නඩුවේ සැක කාරයෙක් වෙන්නත් පුළුවන්...
රොෂාන් Friday, 06 September 2019 09:04 AM
Amila ඔබගේ උප්පැන්න සහතිකයේ කොතැනක හෝ "නොදනී" යන්න සටහන් වී තිබෙනවද? කොහොමත් ඔය බෙන්තර ගගෙන් එහා පැත්තේ අය මිනී මැරීමට හැර වෙන දෙයකට දක්ෂ නැහැ.
ruhune ravana Friday, 06 September 2019 10:56 AM
අර අහිංසක දරුවන් දෙන්නෙක් කඩු පහර දී මරා දැම්මේ බෙන්තර ගඟෙන් එහාද? අද බෙන්තර ගඟ වලංගු නැහැ.. බෙන්තර ගඟෙන් එහා උන් නොහිටින්න ඔබතුමාගේ පශ්චාත් භාගයත් අද නැහැ. ප්‍රභාගේ බස් බෝම්බ වලට අහු වෙලා මෝඩ අදහස් අප හෙලා දකිනවා. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ, නමුත් රාවන පරපුර නොවේ.. බහුතරය ඉන්දියාවේ ඔරිස්සා, තෙලිඟු, අන්ද්‍රප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශවලින් පැමිණි ආක්‍රමණිකයන්... බොහොමයක් දකුණු ඉන්දියානු උරුමකම්, හැඩරුව පෙන්නනවා. නියම සිංහලයන් රාජ්‍ය උත්සවයක් කැඳවා සමූල ඝාතනය කර උන් මෙහෙ පැලපදියන් වී ඇත. දැන් බෙන්තර ගඟක් ගැන මැත දොඩවයි..
Serasinhe Pathirana, matara Friday, 06 September 2019 11:00 AM
බෙන්තර ගඟෙන් මෙහා පැත්තෙත් ඉන්නේ සිංහල කථා කරන දකුණු ඉන්දියානු පුරවැසියන්.. ඔහේ මක්කෙයි මේ කියන්නේ? ඔක්කොම මහා කළු සිංහලයෝ සුද්දෝ, උතුරු ඉන්දියානුවන් වෙන්න බැහැ කවදාවත්..
Ruhune api Friday, 06 September 2019 11:06 AM
ගවයන් බුදින්නේ තණකොළ මිසක් ඉඳි ආප්ප නොවේ. පුළුවන් නම් මාතර උයන් වත්තට ඇවිත් ඔබගේ අදහස් දක්වන්න. එහෙම කලොත් ඔබ බෙන්තර ගඟෙන් එහාට ගෙනත් පවුලේ අයට බාරදෙනවා බළල් පැටියෙකුත් සමග...
DilanFriday, 06 September 2019 12:38 PM
අපහාස නොකර අඩුපාඩුව පෙන්වා දුන්නා නම් හොඳ නැතිද?
ලුම්බිණි Friday, 06 September 2019 06:16 AM
ලංකාවේ (පදිංචි කොහේ උනත්) මිනිස්සු ඉතාම දක්ෂයි කිසිම පදනමක් නැති කතා ගොඩ නගන්න.
RaveendraFriday, 06 September 2019 07:19 AM
ලුම්බිණි මෙනෙවිය, මහත්මිය වෙත, ඔබගේ අදහස් කියවීමේදී ලාංකිකයන් ගැන විදේශිකයකු වන රොබට් නොක්ස් විසින් මෙසේ සඳහන් කර ඇත. ලාංකිකයන් වැඩිම දෙනෙක් හොඳ වෙදුන්ය.. එලෙසම ලාංකිකයන් සැමවිටම අනිකාගේ "ඕපාදුප" සෙවීමට, කතාකිරීමට "අතිදක්ෂයෝය". අප විශ්වාස කරනවා. මෙය සත්‍යයක් ලෙසත් මෙය අදටත් වලංගුය. අනාගතයටත් වලංගු වෙනු ඇත.
sudarshane bandara Friday, 06 September 2019 06:38 AM
පාතාලේ නම් ඉතින් දකුණම තමයි.
බද්රානි Friday, 06 September 2019 07:46 AM
මේ මිනීමැරුමත්, දේශපාලන මෙවලමක් කරගන්නයි දඟලන්නේ... මෙවැනි අමන ජාතියකට පැවැත්මක් මේ මිහිතලය මත තියෙයිද? කොටින්ම කියනවා නම්, මෙවැනි අමනයින් මේ මහපොළොවට බරක්...
ajith Friday, 06 September 2019 08:08 AM
මේකෙන් පෙන්නේ රට පුර ආයුද විශාල ලෙස තිබෙන බවයි . දිනපතා 4-5 දෙනෙක් වෙඩි තියලා මරනවා. ආණ්ඩුව නිදිද?
mangala Friday, 06 September 2019 09:34 AM
යහපාලනය මේවා නැති කරනවා කිව්වා නේද..?
vipula Friday, 06 September 2019 10:02 AM
දිනෙන් දින අහන්න දකින්න තියෙන අපරාධ වල ප්‍රමාණය හා කෙරෙන විදිහ විවිධයි. මේවා පාලනය කිරීමට කිසිම උත්සාහයක් නැහැ. බස් එකෙන් නඩුවට යන්න බැරි රටක් වුණා.
laki kosgoda Friday, 06 September 2019 11:08 AM
මේක කුඩු ප්‍රශ්නයක්... කොස්ගොඩ සුජී, තාරකගෙන් අහන්න.. නිකම් දේශපාලනේ ගාවගන්න එපා මේවට..
Vijitha Saturday, 07 September 2019 07:18 AM
ලංකාවේ දමිල, මුස්ලිම් ඇරෙන්න සියලුම සිංහලුන් ලංකාවේ ජාතියක් ඇරෙන්න ඉන්දියානුවන් නොවේ.. රාවණා ඉන්දියාව යාකරන පාලමක් හැදුවා ඇරෙන්න ලංකාව ඉන්දියාවට සම්බන්ධව තබුණේ නැහැ. අදටත් ඕනෑම කෙනෙකුට පරික්ෂා කළ හැක. විජය රජු කුවේනිගේ මාමාවරු මාරුවට සමූල ඝාතනයක් කලේ නැහැ. රාජ්‍ය තුනක් විදියට එකල පාලනය වුනේ ගෝත්‍රික තුනකට අයත් රජය තුනක් නාග, රාක්ෂ, දේව යන.... විජය රජු මේ සියලු රජය අත්පත් කලේ නැහැ. අනික විජය රජුට ළමයි නැහැ. එහෙම එකේ අපි කොහොමද උගේ වෙන්නේ? බුදුන් මහියංගනයට වැඩියේ ඒ ගෝත්‍රික ප්‍රශ්නයක් විසදන්න. ඒ වෙලාවේ දේව ගෝත්‍රික රාජ්‍ය නියෝජනය කලේ සමන රජුය. ඔහු අාරාධනා කලා ඔවුන්ගේ රාජ්‍යයේ සමන්ත කූටයට වැඩම කරන ලෙස. තවම ඒගෝත්‍රිකයින්ගෙන් පැවතෙන නිසා පළාත් විදියට සුළු වෙනස්කම් තියෙනවා.