IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඇල්පිටියේ කෘෂිකාර්මික කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක්

(සිරංගිකා ලොකුකරවිට)

ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් සිදුවෙමින් පවතින බවට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි. ඔවුන් මේ පිළිබඳ රජයේ විගණක දෙපාර්තමේන්තුවට ද අද (29) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම භූමිය සැකසීම රුපියල් ලක්ෂ 60කට ආසන්න ඇස්තමේන්තුවක් අනුමත කර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාල මුදල් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇත. මේ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා සීමිත ටෙන්ඩර් කැඳවා තිබිය දී ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්වීමටත් පෙර කොන්ත්‍රාත් සමාගමකට අදාල කාර්යය භාර දී තිබෙන බව නිදහස් සේවක සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති පී.කේ.අජන්ත මහතාගේ අත්සනින් විගණක දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ ටෙන්ඩර් කැඳවා එම ක්‍රියා පටිපාටිය අවසන්කිරීමටත් පෙර කොන්ත්‍රාත්කරුවකු විසින් පසුගිය 24 වැනි දා අදාල ඉඩමේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බවයි. මෙම කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයකු විසින් ටෙන්ඩර් පත්‍රිකා තුනක් ඉන් පසු 27 වැනි දා මුදල් ගෙවා ලබාගෙන ඇති බවත් වෙනත් සමාගම් දෙකක නම් ද ඔහු විසින්ම සඳහන් කර තිබීමෙන් ව්‍යාජ මිලගණන් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව ඉන් පැහැදිලි වන්නේ යැයි ද ඔවුන්ගේ පැමිණිල්ලේ සටහන් කර ඇත.

මෙම පැමිණිල්ල පිළිබඳ අප විගණක දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ ටෙන්ඩර් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් අදාල ටෙන්ඩර් පොත වසා දැමීමට කටයුතු කරන බව ද විගණක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ මහත්මියගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය කියාසිටියේ, මෙම කෘෂිකාර්මික ඉඩම සංවර්ධනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රමය යොදා සිදුකිරීමට තීරණය කර ඇති බවයි. එබැවින් ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවන බවත් එල්ලවන චෝදනාවල සත්‍යතාවක් නොමැති බවත් ඇය කියා සිටියාය.

සාමාන්‍යාධිකාරීවරිය එසේ කීව ද මෙම ටෙන්ඩරය ප්‍රධානය කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇල්පිටිය කාර්යාලය මගින් ලබන සඳුදා (01) සිදුකිරීමට සැලසුම් කර ඇතැයි සේවකයෝ පවසති. ඇල්පිටිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට ටෙන්ඩරයක් ලබාදිය හැක්කේ උපරිම රුපියල් 500,000ක මුදලකට යටත්ව බැවින් ලක්ෂ 60ක් වූ මෙම ටෙන්ඩරය එම කාර්යාලය මගින් පිරිනැමීම නීත්‍යානුකූළ නොවන බවද ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

ඇල්පිටියේ කෘෂිකාර්මික කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1728 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 462 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 595 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 860 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1712 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 477 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site