IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම විදුහල්පතිවරයා ඇල්පිටිය නගරයේ ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයා වන අතර විදුහල්පතිනිය ඇල්පිටිය වල්ලඹගල කනිටු විදුහලේ විදුහල්පතිනිය බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම විදුහල්පති යුවළගේ වයස අවුරුදු හතක් වන දරුවා ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන අතර එම දරුවා පසුගිය සතියේ පාසල් ගොස් ඇති බවද කියයි.

මීට අමතර එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සදහා ඉකුත් 17 හා 18 යන දින දෙකේ ඇල්පිටිය ඌරන්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක අධ්‍යාපන පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර කොරෝනා ආසාදිත බවට හදුනාගත් මෙම විදුහල්පතිනියද 18 වනදා එම වැඩමුළුවට සහභාගී වී ඇත.

එසේම ඒ අවස්ථාව වන විටත් මේ විදුහල්පතිනිය කිසියම් අසනීප තත්ත්වයක පසුවූ බවද ආරංචි මාර්ග පවසයි.

එම වැඩමුළුවට කලාපයේ විදුහල්පතිවරු හැට දෙනෙක් සහභාගී වූ බවත් දැනගන්නට ඇත.

 විදුහල්පතිනිය සේවය කළ විදුහලේ සේවය කරන අනෙක් ගුරුවරු හත් දෙනාම නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් මහතා පැවසීය.

මීට අමතරව මෙම විදුහල්පතිනිය හා විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් හැටියට හදුනාගත් ගුරුවරු ඇතුළු සියළු දෙනාද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

 



අදහස් (0)

ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 174 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 552 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 271 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 956 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2008 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site