තම වත්තේ තිබූ කිසිම වටිනාකමක් නැති පුළුන් ගසක් කපා දැමීයැයි ඇල්පිටිය පොලිසිය උසස් පොලිස් නිලධාරියකුගේ කීම මත තමාට එරෙහිව නඩු පැවරීමට යන බව ඇත්කඳුරේ බුද්ධදාස වික්‍රමරත්න මහතා කියයි.
තම වගාවන් අවහිරතා ඇති වන නිසා වත්තේ ඇති පුළුන් ගස කපා දැමූ බවත්, පසු දින පොලිසිය පැමිණ පුළුන් කොටන් පොලිසිය ගෙන ගිය බවත් ඔහු පවසයි.
ඇල්පිටිය පොලිසිය කියනුයේ එම පුළුන් ගස වෙනත් පුද්ගලයකුට අයත් බව කියමින් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ගැන එලෙස කළ බවයි. එම පුද්ගලයා එම ගහේ අලාභය ලෙස රුපියල් අනූ දහසක් ඉල්ලා ඇත.
ප්‍රදේශයෙන් පිට උසස් පොලිස් නිලධාරියකුගේ බලපෑමට පොලිසිය සිවිල් කටයුත්තකට අත ගසා ඇති බවත්, ඉඩම් ආරවුලක් ඇත්නම් දෙපාර්ශ්වයම උසාවියට ඉදිරිපත් කිරීම හෝ සිවිල් නඩුවක් මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස දැනුම් දිය යුතු බවත් ගම්වාසීහු කියති.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් පිරිසක් මුදා හරින්නැයි නිලධාරීන්ට බැන වැදුණු සිද්ධියක් ගැන ද එම උසස් නිලධාරියාට චෝදනා එල්ල වී තිබිණැයි පොලිස් ආරංචි කියයි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇල්පිටි පොලිසිය ඉඩම් නඩු අහයි
නලීන් Monday, 18 May 2015 09:52 PM
පිස්සුද සිල්වා, කරුවල, බුරුත වගේද පුළුන්? පොලිසිය හොඳට මොළය පාවිච්චි කරලා තියනවා. (නි)
විකුම් Tuesday, 19 May 2015 01:53 AM
අපේ පොලිසියට ජයවේවා! (නි)
දයා නන්දසිරි Tuesday, 19 May 2015 01:53 AM
කොහොමද? ශ්‍රී ලංකා පොලිසිය කොච්චර හොඳද? (නි)
සිල්වා Monday, 18 May 2015 02:31 PM
විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන මොකද කියන්නේ අක්කර 2234 වන විනාසයක් විසාල රූස්ස ගස් කරුවල බුරුත නැදුන් මෙවැනි දෑ වෙනකන් රටේ පොලිසිය කොහෙද සිටියේ මෙවැනි සුලුදෙයක් ගොඩින් බේරන්න බැරිද ???????? (කේ)
කුමාර Monday, 18 May 2015 03:25 PM
පොලිසිය කළ දේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)
සිරිපාල Monday, 18 May 2015 04:37 PM
ගමේ ගොඩේ ජනතාවට පොලිසිය හරි චණ්ඩි! (නි)