“ඉස්සර අපේ ගුරුවරුන් හොඳට ඉගැන්වුවා නම්, අපි මීට වඩා ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා ඔබට හිතෙනවා ඇති. අනාගතයේ දරුවන්ට එසේ කියන්න ඉඩ තියන්න එපා. ලබන වසරේ කලාප මට්ටමින් සෑම කලාපයකට ගුරු පුහුණූ මධ්‍යස්ථාන ආරම්භ කරනවා. ගුරු පුරප්පාඩු සියල්ල සම්පුර්ණ කරනවා ” යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
තොරතුරු තාක්ෂණික ගුරුවරුන් 200 දෙනෙකුට , බටහිර සංගීත ගුරුවරුන් 70 දෙනෙකුට විද්‍යා පීඨ ගුරුවරුන් 161 දෙනෙකුට පත්වීම් ප්‍රධානය කිරිමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව කීවේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ඇල්මෙන් අකුරු උගන්වනු මැන දරුවනට'
ජයරත්න Tuesday, 29 December 2015 09:46 AM
ඒ ගුරුවරු අකුරු විතරක් නෙවෙයි හොද නරකත් ඉගැන්නුව නම් අපේ රටත් මීට වඩා ඉහල තැනක තියෙනව නේද කියල හිතෙනවා.(කෞ)
බටන්ගල Tuesday, 29 December 2015 09:58 AM
මෙතන තියෙන්නේ අවස්යතාවය අනුව යාවත්කාලීන නොවූ ආර්ථික ක්‍රමයකට 77 සිට රට යොමුවීමත් මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිරිහීමත් බවයි මගේ හැංගීම. (කෞ)
විජිත් Tuesday, 29 December 2015 10:01 AM
“ඉස්සර අපේ ගුරුවරුන් හොඳට ඉගැන්වුවා නම්, අපි මීට වඩා ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා ඔබට හිතෙනවා ඇති...." කියන ඒ කෑල්ල මට නම් අදාළ නොවේ. මගේ කාලයේ ගුරුවරුන් ඒ අයට හැකි උපරිමයෙන් අපිට උගන්වන්නට කැපවුණා. පාසල අවසන්වෙලා දිවා ආහාරය ගැනීමෙන් පසුත් අපිට ඉගැන්වුවා. වටහාගැනීමට අපහසු යමක්වේ නම් ගුරු ගෙදරට ගිහිනුත් ඉගෙනගත්තා.ඒ ගුරු දෙවියන්ට පින්සිදුවන්න මම මගේ ලෝකය ඉහළින්ම ජය ගත්තා. නමුත් අපේ සාර්ථක හෙට දවස දැකීම සිය එකම ප්‍රාර්ථනාව කරගත් ඒ දෙවිවරුන් වැනි ගුරුවරුන් වැඩි හරියක් මේ ලොව හැරගිහින්. පන්සලකට පල්ලියකට ගියවිට එතුමන්ලා සිහිකර පින්දීම අදත් මම කරනවා. (නි)
අසෝකා Tuesday, 29 December 2015 08:06 PM
අපි පාසල් යන කලේ නම් ටියුෂන් යනවා කිව්වොත් ගුරුවරුන්ගෙන් අපිට දඬුවම් විඳින්නත් වෙනවා. මම දන්නා විදියට අපේ පන්තිවල නම් කිසිම ළමයෙක් ටියුෂන් ගියේ නැහැ. ගියා නම් ගියේ වැඩ බැරිම ළමයෙක් කාටත් හොරා. විභාග ළං වෙනකොට විෂයයන් අමාරු ළමයින්ට හවස නොමිලේ පන්තියක් දෙකක් කරනවා. ඒක එක පන්තියකට නෙමෙයි, විභාගයට පෙනීසිටින සියලුම ළමයින්ට. එදා ඒ ළමයිනුත් ගුරුවරුන්ට ඒ ගෞරවය ලබාදුන්නා. අද ඉතින් අපේ අනාගත පරපුරේ අධ්‍යාපනය ගැන කවර කතාද? (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 11:22 AM
ඔබ තුමාගේ වව්චර් ක්‍රමේ නම් වෙනස් කරනවා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද. (ර)
නිමල් Tuesday, 29 December 2015 10:00 PM
ටියුෂන් පන්තියේවත් පාසලේවත් නිවැරදිව උගන්වන වෘත්තීය ගුරුවරු දැන් නැහැ. ගුරුවරයාගේ කාර්යය වන්නේ දරුවන්ගේ මට්ටම අවබෝධ කරගෙන ඔහුගේ සමාජ වටපිටාව තේරුම් අරගෙන දරුවා තුළ ඇති ශක්තීන් සංවර්ධනය කිරීමත්, සංස්කෘතිය පවරාදීමත් යන කාර්යයන්. මේක ටියුෂන් පන්තියේ කොහොමවත් වෙන්නේ නැහැ. පාසලෙත් වෙන්නේ යන්තමින්. සමාජය ඉල්ලන්නෙම ප්‍රතිඵල විතරක් නිසා විෂය නිර්දේශය රසකර වමාරා ටියුෂන් ගුරුවරයා ගාන හොයා ගන්නවා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට විවිධ ක්‍රියාකාරකම් කරන පාසල් ගුරුවරු බැනුම් අහනවා. පාසල දන්නවා කරන්න ඕනෑ දේ. නමුත් සමාජයට පෙනෙන්නේ පාසල උගන්වන්නේ නැහැ කියලා. හැබැයි ටියුෂන් වැහිවැහැලා තිබුණත් එක මාස තුනක් පාසලේ ගණිත ගුරුවරයා නැතිවුණොත් ඒ පාසලේ ප්‍රතිඵල අඩුවෙන එක ෂුවර්. දරුවන්ට හොදට විෂය කරුණු කියලා දෙන පරණ තාලේ ගුරුවරු නොවෙයි අද අවශ්‍ය, දරුවන් තේරුම්ගෙන ඔවුන්ව සංවර්ධනය කරන ගුරුවරු (නි)
කුමාරි Wednesday, 30 December 2015 12:16 AM
අදහස නම් හොඳයි (නි)
ශාන සෞදි Tuesday, 29 December 2015 11:41 AM
අපි පාසල් යන කලයේනම් පාසල් වලට පරීක්ෂක මහත්වරු ආව පාසල්වල ළමයිගේ අධ්‍යාපනය හරියට කෙරෙනවද ? නියමිත කාලවලට (මාසයක් තුල) ළමයට ඉගැන්වීමට අදාල විෂය නිර්දේශය සම්පුර්ණ කලද ? පාසලේ හැම පංතියකම ළමුන් නියමිත අධ්‍යාපන මට්ටමට පැමිණ සිටිනවද? බලන්න එමනිසා ගුරුවරුන්ද තමන්ගේ විෂය නිර්දේශයට අදාලව සටහන් පොත් සකස් කරගන ඒවාට අනුව නියමිත කාල වකවානු වලදී එම පාඩම් මාලාවන් උගන්වා නිම කලා. (ර)
ගයාන් දිසානායක Tuesday, 29 December 2015 11:55 AM
ඔවි මටත් කියන්න තියෙන්නේ විජිත් කියපු දේම තමයි මම විජිත තරමි අධ්‍යාපනයෙන් ඉහලට ගියේ නැහැ නමුත් අපේ තිබුණු පරිසරයට සාපේක්ෂව මා ලැබු අධ්‍යපනය ගැන හදවතින්ම සතුටු වෙනවා මෙලෙස ගුරුවරුන්ට අවමාන කරන්න එපා ඇමතිතුමණි ඇමතිතුමාලට වඩා වැදගත්ම දෙයක් කරන්නේ ගුරුවරු (කෞ)
ඩිල්ෂාන් Tuesday, 29 December 2015 12:45 PM
පුරුදු විදියට කටින් බතල කොළ හිටවලා නම් වැඩක් නැහැ. කරලා ඉවරවෙලාම ඒක ගැන කතා කරන්න. (නි)
රන්ජිත් Tuesday, 29 December 2015 01:45 PM
පාසල් තුළ හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙනවා නම් ළමයිට හවසට අමතර පන්ති යන්න ඕනෑ නැහැ. මේ තරඟය දරුවන්ගේ මනසට වදයක්. මේ තුළින් බිහිවෙන්නේ රටට දැයට වැඩදායී පුද්ගලයන්ද කියන එකයි සැක (නි)
හිමාල් Tuesday, 29 December 2015 02:11 PM
ළමයින්ට ටියුෂන් යන්න වෙලා තියෙන්නේ ගුරුවරු තේරෙන්න උගන්වන්නේ නැති හින්දා. අද ගුරු වෘත්තියට පිවිසෙන්නේ උගන්වන්න හැකියාවක් තිබෙන නිසා නොව හුදෙක් රැකියාවක් ලෙස සළකලා. ගැහැණු අය ගුරු වෘත්තියට පිවිසෙනවා පහසුවෙන් ගෙදරදොරේ වැඩ ටික කරගෙන ළමයි හදාගෙන ඉස්කෝල වලට දාගන්න. (නි)
සජිත් Tuesday, 29 December 2015 02:25 PM
අරමුණ නම් ඉතා හොඳයි. සාර්ථක වේවා! (නි)
දහම් Tuesday, 29 December 2015 08:27 AM
"පත් කළ යුතුයි ගැලපෙන්නෙක් ඇමති ලෙස" (කෞ)
සෝමදාස Tuesday, 29 December 2015 08:28 AM
අගේ කලයුතු හොද දෙයක්. 2016 පාසැල් වල පළමු ශ්‍රේණියට ඇතුලුවීමට ඉන්න - තේරී නොමැත- ලේඛනයේ ඉන්න සියලු දෙනාටම සුදුසු පාසැල් ලබාදීමට ඔබතුමාගේ කාරැණික අවධානය යොමුවේවා.(ර)
විමල් Tuesday, 29 December 2015 03:31 PM
ටියුෂන් පාලනයක් රටට උවමනා කර තිබෙන කාලයක් ! (බ)
මහින්ද සෞදි Tuesday, 29 December 2015 08:38 AM
" මුදලින් නෙවෙයි රෙදිපිලි දෙමු දරුවන්ට' (ර)
රොෂාන් Tuesday, 29 December 2015 09:05 AM
ඇයි රෙදි දෙන්නේ ඇයි කිරි බිස්කෙට් දෙන්නේ ! ඒ මුදලුත් දාල හොඳට ගෙවල හොඳ ගුරුවරු ගමු., පහසුකම් වැඩි කරමු! ළමයට හවසට පන්ති යන්න ඕනත් නැහැ ! ඒ ඇදුම් එක ඉතුරුයි! වෙලාව ඉතුරුයි (කෞ)
තිලක් Tuesday, 29 December 2015 04:59 PM
ගුරුවරුන් තමන්ගේ වගකීම හොඳින් ඉටුකරනවා නම් රටේ අධ්‍යාපනය නිසි තැනට ගෙනෙන්න පුළුවන්. හොඳ නිරීක්ෂණ මඬුල්ලක් රට තුළ කොට්ඨාශ මට්ටමින් පිහිටවන්න ඇමතිතුමනි. ඒ තුළින් ගුරුවරු නිසිමඟට ගන්න පුළුවන් (නි)