IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඇල්ලේ වාඩි වී අල්ලට සිඟා කෑ සුද්දී

dffh

fgu

 

ඌව පළාතේ පිහිටි ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සංචාරක පුරවරයකි. ඇල්ල නගරයේ පවතින සෞම්‍ය දේශගුණය සහ ස්වභාවික මනරම් සෞන්දර්ය අත්විඳීමට සංචාරකයෝ බහුල වශයෙන් ඇල්ල පුරවරයට ඇදී එති. 

 

මොවුන් අතර ලෝකයේ රට රටවල විවිධ තරාතිරම්වල සංචාරකයෝ වෙති. ඔවුන් මෙහි පැමිණ කඳුහෙල් නඟිමින් මනරම් ස්වභාවික සෞන්දර්ය ඔබමොබ ඇවිද යමින් රටේ සොබා සම්පත රස විඳිති. මීට දින කීපයකට ඉහතදී ඇල්ල නගරයේදී ඊට හාත්පසින්ම වෙනස් අමුතුම දර්ශනයක් දැකගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම ඇල්ල නගරවැසියන්ට අවස්ථාවක් ලැබිණ. ඒ සුරෑපී එංගලන්ත ජාතික විදෙස් තරැණියක් ඇල්ල නගරයේ මාර්ගය අසල බිම වාඩි වී ගිටාරයක් වයමින් සිඟන්නියක සේ මුදල් එකතු කරමින් සිඟමන් යදින අයුරැයි.


මෙම දර්ශනය දුටු බොහෝදෙනෙක් ඇය දෙස දෙනෙත් යොමා පුදුමයෙන් මෙන් බලා සිටියහ. ඇය සිනාසෙමින් ගිටාරය වයමින් ඉංග්‍රීසි ගීත ගායනා කළාය. ඒ අතර ඇය දෙසට මුදල් ද විසි කිරීමට ඇතැම්හු අමතක නොකළහ.


ඇය නමින් Richards Rhiannon Orsd නම් විය. 1992 වසරේ උපත ලැබූ ඇය 24 වියේ පසුවන්නීය. 


එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සමර් ටවුන් හැමිල්ටන් රෝඩ්හි ඇය පදිංචිව සිටින්නීය. 


ඇගේ පියා එරට නීතීඥයකු බව කියති. ඉකුත් 8 දින ඇය ශ්‍රී ලංකාවට මසක සංචාරයක් සඳහා පැමිණියාය. එසේ තනිව පැමිණි ඇය පසුව ඇල්ල නගරයට සංචාරය සඳහා පැමිණ නගරයේ සාමාන්‍ය නවාතැන්පොළක නවාතැන් ගත්තාය.


එහි දිනකට කාමර ගාස්තුව රැපියල් 1000ක් තරම් අඩු මුදලකි. ඇයගේ දවසේ ආහාරය වූයේ දෙහි වීදුරැවක් සහ මාළු පාන් එකකි.


මෙසේ කල්ගෙවමින් සිටි ඇය රාවණා ඇල්ල දිය ඇල්ල අසලට ගොස් එහි මාර්ගය අසල බිම වාඩි වී ගිටාරය වයමින් සිඟමන් යදින්නට වූවාය. එදිනෙදා වියදමට ඇය මුදල් සොයා ගත්තේ එලෙසය.


පසුව ඇල්ල නගරයේ මාර්ගය අසල බිම වාඩි වී සිය ගිටාරය වයමින් සිඟමන් යදිමින් මුදල් එකතු කරන්නට වූවාය.


එම දර්ශනය ඇල්ල නගරයේ රාජකාරියේ නිරත වූ ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාගේ දෙනෙතට හසුවිය.
සංචාරක වීසා මත මෙරටට පැමිණ සිඟමන් යැදීම දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් හෙයින් පොලිස් ස්ථානාධිපතිවරයා එම විදෙස් තරැණිය පොලිස් ජීප් රථයේ නංවාගෙන ඇල්ල පොලීසියට කැඳවාගෙන ආවේය.


පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරැ සියල්ල අනාවරණය කරගැනීමට ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාට හැකි විය.


එම තරැණිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට හඬා වැටෙන්නට වූවාය.


එංගලන්තයේ සිට මෙරට මාසයක සංචාරයක් සඳහා පැමිණි බවත් ශ්‍රී ලංකාවේ කල්ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොතිබුණු හෙයින් තමන් මෙසේ ගිටාරය වයමින් මුදල් සොයා ගැනීමට සිඟමන් යැදීමේ නිරත වූ බවත් ඇය පැවසුවාය.


ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතා එම විදේශ තරැණියට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිඟමන් යැදීම නීතිවිරෝධී බවත්, ඊට අමතරව 1948 අංක 20 දරණ ආගමන හා විගමන පනත පිළිබඳව ඇය දැනුවත් කර වරද පිළිගැනීමෙන් පසු ඇය නිදහස් කර යවනු ලැබුවාය.

 කතාව I සේයාරෑ
ඇල්ල ප්‍රසාද් රැක්මල්



අදහස් (0)

ඇල්ලේ වාඩි වී අල්ලට සිඟා කෑ සුද්දී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 305 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 430 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 788 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 921 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 684 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 654 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site