මනෝප්රිය ගුණසේකර
බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබූහ.
බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇලෝසියස් - කසුන් පලිසේන අත්අඩංගුවට
mackerel Sunday, 04 February 2018 02:47 AM
ඡන්ද ගේමක්. රටට ගිය කල.
KamalSunday, 04 February 2018 03:22 AM
අප්පච්චිට නැගිටින්න දෙන්නෙම නෑ නේද?
aseSunday, 04 February 2018 04:51 AM
කරන කියන හැමදේම ඔබේ පක්ෂය නෙමෙයි නිසා වැරදි ඇසින්න්ම බලන්න එපා...... සෑම වලවේම අසුබවාදී වෙන්න එපා...... ඔය අන්දොනවා නතර කරලා සුභවාදී වන්න
බන්ඩාSunday, 04 February 2018 07:25 AM
ඕවා සිරිසේන මහත්තයා ඡන්දෙට දෙන බොරු සෝබන විතරයි.
Bamunuarachchi Sunday, 04 February 2018 02:58 AM
එතකොට හොරකමට පාර කපපු අය?
RaveendraSunday, 04 February 2018 08:34 AM
සූත්තර පුංචා ඇතුළු අනිත් තක්කඩි රැල ගොඩ වගේ නේද?
ajith NissankaSunday, 04 February 2018 04:12 PM
මොන ප්‍රයෝගයකට හරි මේ විදියේ ක්‍රියා මාර්ග ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනේ! අපි කවුරුත් මොවුනට නීතියේ හිල් වලින් පැනල යන්න ඉඩ නොදී අපරාද කරුවන්ට තමන්ගේ හොර තක්කඩි වැඩ වලට වන්දි ගෙවන්න කටයුතු කල යුතුයී! මතක තියා ගන්න දුෂණයට තියන ප්‍රබල මහජන මතය නිසා තමා ආණ්ඩුවට අකමැත්තෙන් හරි මෙහෙම වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ මහජන මතය ප්රබලව දැනෙන තාක් කල් මොවුනට ඇස් කන් වහගෙන ඉන්න බැහැ.
රත්නායක Sunday, 04 February 2018 03:18 AM
හුරේ...හොරැ ඔක්කොම අැල්ලුවා. මමනම් දැන් අාණ්ඩුවටමයි ඡන්දෙ දෙන්නෙ. මහ මොලකාරයා අැල්ලන්න ඕනෙම නෑ.
RaveendraSunday, 04 February 2018 11:33 AM
රත්නායක මය වෙත, අපද ඔබ සමග මෙසේ හුරේ.....දමන්නෙමු. නියම මං පහරන්නන් එළියේ සිටිද්දී අනිත් හොර නඩේ විතරක් ඇතුලට දැමීමේ ප්‍රිය නිමිත්තෙන් අපද මෙම පාලනයට අපගේ නොවටිනා ඡන්දය දී අපටම බැන බැන ගෙදර යන්නෙමු.
widuraSunday, 04 February 2018 11:57 AM
නාමල් යාලුවෙක් වෙච්ච පලියට කොහොමද ඔහුව මේකට සම්බන්ධ වෙන්නේ?
thilak Sunday, 04 February 2018 03:35 AM
නාමල් මහත්තයෝ යාළුවා අමාරුවේ වැටුන වෙලේ ඔබ උදව් කරනවාද ? මගඅරිනවාද ? අපි බලාගෙන ඉන්නේ .
Chandapaala Sunday, 04 February 2018 03:39 AM
ඡන්දෙට පෙර අනිත් කොමිසන් වාර්තාවල අයත් ගත්තානම් හොඳයි නේද.?
duruthu Sunday, 04 February 2018 03:49 AM
ඡන්දෙ කිට්ට්ටුවෙද්දී ඔව්ව බලාපොරොත්තු වෙලා හිටියේ අපි. ගස් ගල් වගේ හිටිය මෙයාලට දැන් බරපතල විදියට අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඊට පස්සේ මෙයාලට මහා රෝහලේ පහසුකම් හෝ ආරක්ෂාව මදි වීම නිසා නවලෝකේ හෝ වෙනත් සුපිරි පහසුකම් සහිත රෝහලක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
[email protected] Sunday, 04 February 2018 03:52 AM
එතකොට 11 වෙනිදටද ඇප ලැබෙන්නේ 10 හවසටද?
sarath Sunday, 04 February 2018 03:53 AM
කවුද මේ අහිංසකයෝ දෙන්න මේ අභිමානවත් 70 වෙනි නිදහස් දවසේ අත්අඩංගුවට ගත්තේ...
darshanaSunday, 04 February 2018 07:56 AM
ඇයි ජනාධිපතිතුමා ජාතිය අමතා කිව්වේ අභිමානවත් 30 කියලා නේද...?
ජගත් ලියනගේ Sunday, 04 February 2018 04:12 AM
ඇති යාන්තන් නිදහස් දිනයේ සතුටු දායක ආරංචියක් ලැබුණා. නඩු අහල, දූෂිතයින්ට උපරිම දඬුවම් ලැබෙවා .
ruchira Sunday, 04 February 2018 04:12 AM
සාමාන්‍ය වැසියෙක් ෆිනෑන්ස් දාල ගන්න වාහනයක් ගෙවීම පැහැර හැරියොත් ඇප කාරයන්ගේ නම් ක්‍රිබ් එකටත් දාල, සල්ලිත් ගෙවන්න වෙනවා. මහ බැංකු අධිපතිට හා බැදුම්කර මගඩිය වංචාවක් වෙලා නෑ කියල කැට තියල ඇප තිබ්බ දේශපාලුවන්ට මොකවත් වෙන්නේ නැද්ද?!
Indrajith Sunday, 04 February 2018 04:34 AM
මේවා සංදර්ශන . ජනාධිපතිගේ නියෝග ඡන්දය සදහා .
dilitha Sunday, 04 February 2018 04:35 AM
මොවුන් දෙදෙනා සිටින්නේ සන්තෝසයෙන් නේ... බැලුවහම පේනවා .....
sunanda Sunday, 04 February 2018 05:34 AM
අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ ?
Chandra Sunday, 04 February 2018 06:18 AM
එතකොට පසුගිය වකවානුවේ රටේම සම්පත් සොරකම් කරපු අය සහ ඒවාට සහය දෙමින් අහක බලාගෙන හිටපු අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? සොරකම් කරපු අයයි ඒවාට වාසිය තකා උදව් කරපු අයටත් නීතිය අනුව දඩුවම් ලැබෙන්න ඕන නේද ? එක නේද නීතිය .
BamunuarachchiSunday, 04 February 2018 11:53 AM
වරකට එක වැඩක් සාර්ථකව නිමකීරීමට පුරුදු වෙමු . ඔක්කොම බදා ගත්තොත් එකක්වත් හරියට කොරන්න බැහැ. ඔබලා කියන විදිහට සරම පැත්තකින් උස්සාගෙන දුවලා හොරු අල්ලන්න බැහැ.
manjula Sunday, 04 February 2018 07:11 AM
මේ විනෝද ගමනක් යන ඡායාරූප පෙලක්නේ... අත්අඩංගුවට ගත්තා නම් කෝ මාංචු කෝ පොලිස් නිලධාරීන්? දේශපාලකයන්ගේ තවත් නාටකයක් පමණි.
Rasi Sunday, 04 February 2018 07:44 AM
හිනා වේවි යන්නේ! මනරම්... පුතාල දෙන්නට දවස් පහක් හයක් කැප කරන්න වෙනවා මහනළුවෝ බේරගන්න!
Bamunuarachchi Sunday, 04 February 2018 07:45 AM
ඇලෝසියස් මහතා ඇමරිකන් චිත්‍රපටි සමාගමක් සමග එකතු වුණොත් ද ග්‍රේට් බෑන්ක් රොබරි ඉන් ශ්‍රී ලංකා කියල චිත්‍රපටියක් හැදුවොත් ප්‍රධාන නළුවත් වෙලා තව ඇමරිකන් ඩොලර් බිලියන් ගාණක් හොයා ගන්න පුළුවනි.
ranjith Sunday, 04 February 2018 07:53 AM
දැන් මෙහෙමවත් කරනවා. මහින්ද කාලේ අධිකරණයෙන් රජයේ සේවයට නැවක් තහනම් කරපු අය පවා අධිකරණය තීන්දු ගාණට නොගෙන නාවත් තනතුරු දුන්නා... ඉතින් කොයි ආණ්ඩුවේත් හොරකම් කරන එකලට ගැලවෙන්න බැහැ. ජනතාවගෙන් මහින්දලා බිල ගහන්නේ... දැන් සුදනන් වගේ...
Rathnayaka Sunday, 04 February 2018 08:03 AM
ඔන්න... මම ශක්තිය දුන්නා. අගමැතිකමට මොකුත් වෙන්නේ නෑ නේද හිටන්...?
පිටිගල මිලානෝ Sunday, 04 February 2018 08:06 AM
හිරේ දාලා අච්චු කරන තෙක් මේ නාඩගම විශ්වාස කරන්න එපා...
Hemantha Sunday, 04 February 2018 08:20 AM
ගෙදර ඉන්නෙත් ටයි දාලාද?
Sunil Sunday, 04 February 2018 09:04 AM
අලුත් මෙගා ටෙලි නාට්‍යක් ආරම්භ වුණවගයි. නරඹලා ප්‍රශ්නයට පිළිතුරු එස්.එම්.එස් කරලා තෑගි දිනාගන්නත් පුළුවනි. අධ්යක්ෂ කැමරාකරු නිෂ්පාදක පසුව නම් කරනු ඇත.
siri Sunday, 04 February 2018 09:45 AM
මේ අයගේ අත්වල මාංචු නම් පෙනෙන්න නැහැ. මීට කලින් ගත්ත අයගේ නම් දැක්ක. සමහර වෙලාවට අමතක වෙලා වෙන්න ඇති. රඟ මඬලක තරම...
Ratnamalala Sunday, 04 February 2018 09:52 AM
මේවා දේශපාලන උප්පරවැට්ටි. රටේ ඉන්නේ මෝඩයින් කියලා හිතනවා ඇති මෙයාලා...
adiri Sunday, 04 February 2018 10:13 AM
මේවට නියෝග දුන් දේශපාලකයෝ දැන් ඉන්නේ කොහේද?
අසෝක ජයතිලක මිලානෝ Sunday, 04 February 2018 10:19 AM
වැලිකඩ ඝාතකයාද වහාම අල්ලන්න...
දිසාSunday, 04 February 2018 02:27 PM
වැලිකඩ ඝාතනය වුණේ සාමකාමී සමාජයට හිරිහැරයක් වෙච්ච සමාජ විරෝධීන්.... එ්නිසා ඔවුන් එසේ හෝ සමාජයෙන් අතුගා දැමීම කල යුත්තක්...
අසෝක ජයතිලක මිලානෝ Sunday, 04 February 2018 03:56 PM
දිසා, මේ අයට මෙහෙම වුනේ කුඩු සහ කඩු ප්‍රශ්නයක් නිසා නොවේද?
ruchira Sunday, 04 February 2018 10:32 AM
ගමේ පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිහව අල්ලන්න ගෙදරට ගියාම "ඉන්න මහත්තයා කමිසයක් දාගෙන එන්නම් " කිව්වම " නැගපන් ඇතුළට කියලා ඇදල පයින් ගහලා ජීප් එකට පටවා ගන්න පොලිසිය, නගරේ මහත්හොරුන් ටයි දාගෙන එනකනුත් ඉඳලා !
ඩොන් Sunday, 04 February 2018 10:51 AM
ඡන්ද ගුණ්ඩු ... මේ ටෙලි නාට්‍යයක ජවනිකාවක් නේද?
MuhaSunday, 04 February 2018 02:04 PM
ඡන්ද ගුණ්ඩුවකට හරි අත්අඩංගුවට ගත්තනේ. දැන් ඉතින් වැඩේ පත්තුවෙයි. පෙර රජ සමය කාලයේ පොරවලුත් පැටලෙයිද?
Buddika Sunday, 04 February 2018 11:04 AM
ලංකාවේ ඉන්න තුට්ටු දෙකේ චින්තනයක් තියෙන අය තමයි. දැන් මේ මනුස්සයා අත්අඩංගුවට ගත්තේ ඡන්දය නිසාලු.. අත්අඩංගුවට නොගෙන ඉද්දි බෙරිහන් දුන්නේ සේනක ඒක කරන්නේ කියලා. මේ මහා වංචාවට දඬුවම් කළ යුතුයි. ඒ අනුව මහා පරිමාණ පවුල් පිටින් සිදුකළ හොරකම් කළ අයවලුන්ද වහාම අත්අඩංගුවට ගත යුතුයි.
Chamath Sunday, 04 February 2018 11:36 AM
ලසන්ත වික්‍රමතුංග ඝාතකයාද අල්ලන්න.
pakeer Sunday, 04 February 2018 12:04 PM
දැන්වත් තේරුම ගනිල්ලා ජනතාව ගැන මේ කාපලු දේශපාලුවෝ හිතන් ඉන්න හැටි සහ ගණන් ගන්න හැටි. හිතන්නේ ජනතාව කියන්නේ මොන්ටිසොරි වත් ගිහිල්ල නැති මන්ද බුද්ධිකයෝ කියලා. මේවා බල බල ඡන්දෙ දීපල්ලා.
upasena Sunday, 04 February 2018 12:09 PM
තවම බන්ධනාගාර රෝහලට ගිහින් නැද්ද?
rocky Sunday, 04 February 2018 12:47 PM
කොමෙන්ට්ස් දාන සමහර පුද්ගලයන් අර දෙන්නව අත් අඩංගුවට ගත්තට කැමති නැහැ වගෙයි!
RANJITH Sunday, 04 February 2018 01:30 PM
අර මහේන්ද්‍රන් ගැන ඇප වුණු කෙනා මොකද දන්නේ නෑ දැන් කියන්නේ?
sena Sunday, 04 February 2018 02:34 PM
එජාපයේ නායකයන් බැංකු වංචාව සැලසුම් කර ඇත්තේ 2015 ජනවාරි 8 ටත් කලින්... එමනිසා එම පක්ෂය තහනම් කොට එහි නායකයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි.
rathna Sunday, 04 February 2018 02:39 PM
බොන්ඩ් කොමිසමේ දී එළිවුණු කරුණක් :- ඇලෝසියස් පලිසේනට කියා ඇත්තේ " බය වෙන්න එපා ආණ්ඩුවේ ප්‍රබල නායකයන් අප පිටුපස ඉන්නවා " කියාය..
කරුණාපාල Sunday, 04 February 2018 02:51 PM
අපිට වඩා හොඳට නිරෝගිව සිටින මෙතුමන්ලාගේ මුහුණු දැකලා, දේශීය හෝ බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මළපොතේ අකුරක් වත් නොදන්නා මා කියනවා මෙතුමන්ලා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින රෝගීන් කියලා... ලෝකෙන් උතුම්ම රටේ වෙසෙන නිසි ප්‍රමිතියෙන් යුත් වෛද්‍යවරු පුළුවන් නම්, ඔප්පු කරලා පෙන්වන්න, මෙතුමන්ලා රෝගීන් නෙවේ කියලා...
RaveendraSunday, 04 February 2018 03:22 PM
කරුණාපාල මයා වෙත, මේ තක්කඩි රැලට ඇතුළට ගියවෙලේ සිට "අසූහාර දාහේ ලෙඩ". මේ දැන් පැනයන්න වගේ ඉන්නේ...
කරුණාපාලSunday, 04 February 2018 04:36 PM
Raveendra මහත්තටයි, මේ සිරි ලංකාවේ ප්‍රමිතිගත දොස්තරලටයි ඔය පෙනෙන ලෙඩ, මොකක්දෝ, කරුමෙකට, අපිට නොපෙනෙන එක තමයි, අපිට තියන ලෙඩේ මහත්තයෝ?
Rohana Monday, 05 February 2018 01:10 AM
ඡන්දෙ කල් දැම්මේ මේක තමයි. නැත්නම් හරියටම මේ කාලෙට අත්අඩංගුවට ගන්නේ කොහොමද?