IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

ඉතිරි කොට්ඨාස දෙකේ බලය සමගි ජනබලවේගය හිමිකරගෙන තිබේ. පිටුවල හා අවිත්තාව යන කොට්ඨාස සමගි ජනබලවේගය දිනා ගත් කොට්ඨාස වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.

සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.

මධ්‍යස්ථාන 48කදි ඡන්ද විමසිම සිදු කරනු ලැබු අතර ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 55643කි.

ඇල්පිටිය ප්‍රදේශට  යහපත් කාලගුණ තත්වයක් පැවැති අතර  හදිසි ගංවතුර තත්වයක් හෝ ආපදා තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ප්‍රවාහනය කිරිම සඳහා බෝට්ටු සේවාවක්ද සහන සේවා කණ්ඩායම්ද සුදානම්කර තිබිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධින කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබුණ ද නාම යෝජනා බාරදි ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධින කණ්ඩායමක් පමණි.

උදෑසන 7සිට සවස 4දක්වා පැවති ඡන්ද විමසිමේදි ඡන්ද ප්‍රකාශකර ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 63%ක් බවත් ඡන්ද විමසිම සාමකාමිව පැවති බවත් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ.ධරමසිරි මහතා පැවසිය.

 



අදහස් (0)

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
2024 ඔක්තෝබර් මස 26 3808 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්


හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 911 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 654 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 1579 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 3846 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1226 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 924 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 579 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site