IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ  ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර ඉලන්ගන්සිංහ මහතා මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

චූදිතයන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.



අදහස් (8)

ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි

සුදේශ් Monday, 14 October 2024 04:06 PM

සල්ලි ගන්ඩ ක්‍රමයක් නැද්ද? මෙයා හිරේ ගියා කියලා රටට ඇති වැඩේ මොකද්ද? එයාට කන්ඩ දෙන්ඩත් ඕනේ. ගෙවන්ඩ තියෙනවා බිලියන 3.5ට මොකද වෙන්නේ?

:       2       6

Don WiMonday, 14 October 2024 10:58 PM

රුපියල් බිලියන 3.5 මේ මුදල (හරියටම කිව්වොත් රු.3555488597/=ක මුදල) මෙන්ඩිස් සමාගම 2016 සිට 2018 දක්වා අවුරුදු 3 ක් රජයට ගෙවිය යුතු මුදලයි. මේක පාරිභෝගිකයන්ගෙන් අය කර ගෙන ආණ්ඩුවට නොගෙවූ මුදලක්. තව 2019 සිට 2023 දක්වා වංචා කළ මුදල මේ වගේ කිහිප ගුණයක් බව සලකන්න. රටම බංකොලොත් වුණේ මේ වගේ වංචා නිසා. මේ සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙක් මාස 6කට හිරේ ගියා. මේ ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතා. බැඳුම්කර වංචාවේ මුදල ගණනය කරන්න බැහැ. මේ හැම වංචාවක් පිටුපසම එජාප, සජබ හා පොහොට්ටු කල්ලිය ඉන්නවා. මෙයට අමතරව කෝටි ගණනින් බැංකු ණය කපා හැර තියෙනවා. දූෂිත නොවන පිරිසකට රටේ බලය ගියොත් අලුත් නීති නැති වුණාට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා අපි කිව්වෙ ඒ නිසයි. තව පෝලිම දිගයි.

:       1       13

Jayasekara Monday, 14 October 2024 04:12 PM

සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. මාලිමාවට ජය!!

:       2       9

Chinthaka Monday, 14 October 2024 04:23 PM

මෙයාලාට මහත්වරුන් කියන්න බැහැනේ. හොරුන් කියලා තමයි කියන්න ඕනේ.

:       0       0

ගමේ එකාලා Monday, 14 October 2024 05:19 PM

ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා. රටට ගෙවිය යුතු බදු නොගෙවා දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් හිටපු අයට ඔහොම වෙලා මදි.. ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ මේ වගේ දූෂිතයින් කරපු වංචාවල් නිසා...

:       2       64

ranjith Monday, 14 October 2024 05:59 PM

ජනතාවගෙන් එකතු කරගත්තු මුදල් නේද ගෙවන්නේ නැතිව හිටියේ... හෙණ ගහන්න ඕනේ... කරපු අපරාධවලට...

:       0       88

SK Monday, 14 October 2024 08:42 PM

ඒකත් හොඳයි තමයි. ඒත් ඉතිං පරණ රජකාලේ ලියපු දඬුවම් පොතුත් පුච්චලා අලුතෙන් ලියලාම තමයි පෙරහැර පටන් ගන්ඩ ඕනා. නැත්තං රුපියල් බිලියන ගණන් කරපු වංචාවකට ලක්ෂයක් හරි මාස හයක් හිරේ ඉඳලා ගෙදර යයි. එයාලා අපිට ගෙවන්න ඉතිරි කරලා. හරිනම් රට කරවන්න ආපු අය රටට වංචා කරපු මුදලට වඩා දෙගුණයක් කරලා ගන්න ඕනේ. ඒවායින් උපයාගත්ත දේපල රාජසන්තක කරන්න ඕන එක්කෙනෙකුට දෙන්නෙකුට. එතකොට රටම හැදෙයි.

:       0       8

Perera Monday, 14 October 2024 11:43 PM

සිර දඬුවමට අමතරව මේ අයගේ බැංකු ගිණුම් රාජසන්තක කරලා නැද්ද මීට කලින්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 37 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 462 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 279 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 606 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1994 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2611 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site