IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇවන්ගාඩ් ගිවිසුම් ඉවරයි : මෙහෙයුම් නාවික හමුදාවට

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා  රජය අතර  ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

අද පස්වරු හතරට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන තිබේ.

එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරු ද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේ දී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීවේය.



අදහස් (0)

ඇවන්ගාඩ් ගිවිසුම් ඉවරයි : මෙහෙයුම් නාවික හමුදාවට

ප්‍රියංකර Thursday, 12 November 2015 03:05 AM

මේකත් අර හැමදාම කියන දේවල් වගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රාජේන්ද්‍ර Thursday, 12 November 2015 03:35 AM

මම නම් හිතුවා මේ ප්‍රශ්නය අන්තිමේදී මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

අනුශ්ක Thursday, 12 November 2015 03:36 AM

අන්තිමේදී ගත් තිරණය ගැන සතුටුයි (නි)

:       0       0

කුමාර් Thursday, 12 November 2015 03:40 AM

අමතුවරුන් කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අරටට විදෙස් විනිමය විශාල ලෙස ගෙනෙනා මෙවැනි ව්‍යාපාර විනාශ කරන්ඩ ලොකු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මේ. නීති පති පවා මෙහි කිසිමි නීති උල්ලංඝණයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර තිබියදීත් විධායක බලතල පාවිච්චි කරමින් දේශීය ව්‍යාපාරයක් මෙලෙස අත්තනෝමතික ලෙස හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්ම සහ මෙම ව්‍යාපාරය තම හිතවතුන්ගේ අතට පත් කිරීමට සිදුකරන ලද්දක් බවට බොහෝ දෙනෙකුට දැන් වැටහී ඇත. (ම)

:       0       0

නිහාල් Thursday, 12 November 2015 03:43 AM

හැමෝම දැනගන්න මේ වැඩේ ඒ කියන්නේ නැව්වල ආරක්ෂාවට යන අයට අවි සැපයුවේ නාවික හමුදාවෙන් මුල ඉදන්ම එහෙම කලේ රජයේ පුර්ණ අනුදැනුම ඇතිව. ඒ මුදල් සියල්ලම ආවේ රජයට. පහුගිය කාලේ ඒවා ගියේ පුද්ගලික සමාගමකට. (ම)

:       0       0

ලොකුගේ Thursday, 12 November 2015 12:10 PM

මොනවාහරි වෙලා එක ප්‍රශ්නයක් හරි අවසන්වුණ එක හොඳයි (නි)

:       0       0

එරික් Thursday, 12 November 2015 03:46 AM

අපරාදේ! රටට ආ විදේශ විනිමයත් නැතිවුණා. ඒ මදිවාට මහා ලොකු දෙයක් කළා වගේ කතාව. මේ ආණ්ඩුව පත්වුණ දා ඉඳලාම මොනවද කළේ රටට? කිසිම නිර්මාණාත්මක සංකල්පයක් නැතුව වැඩ කරන්න බැහැ (ම)

:       0       0

තිළිණ Thursday, 12 November 2015 03:45 AM

මේක සම්පූර්ණයෙන්ම බොරුවක්..රටක නාවික හමුදාවකට පෞද්ගලික නැව් සදහා ආරක්ෂක නිලධාරින් සහ අවි ආයුධ සැපයීම කළ නොහැක.එසේ කළහොත් එය යුද නැවක් බවට පත්වෙනවා.රටට මහා විශාල විදේශ විනිමයක් ගෙන ආ ව්‍යාපෘතියක් පෞද්ගලික උවමනාවන් මත විනාශ කිරීම කණගාටුවක්.. (ම)

:       0       0

නිහාල් Thursday, 12 November 2015 04:03 AM

ගොඩක් අය මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නාවික හමුදාව මේකෙදි ආරක්ෂක බටයින් දෙන්නේ නැහැ ඒගොල්ලෝ දෙන්නේ අවි ආයුධ පමණි. ආරක්ෂකයින් දෙන්න පුළුවන් සමාගම් තියනවා ලංකාවේ ත 20 ක් පමණ. මේක නැවැත්තුවේ එකක්දිකාරියක් මගින් වැරදි කළ නිසා. මේ රැකියාව මින් ඉදිරියට තවත් වැඩිවෙනවා ලංකාවේ. විදේශ විනිමය ගලා ඒමක් මිස නැවතීමක් වෙන්නේ නැහැ. (ම)

:       0       0

සුනිමල් Thursday, 12 November 2015 04:06 AM

ජනාධිපතිතුමාගේ එඩිතර තීරණයටත්, ජවිපෙ මැදිහත් වීමටත්, ජනතා ප්‍රණාමය !!! (ම)

:       0       0

ෂෙල්ටන් Thursday, 12 November 2015 04:24 AM

මෙයාලට රටට එන මුදල් හිරවුනාම නින්ද යාවි. රතුපස්වල නිසා රටට කොතරම් මුදලක් අහිමි වුනාද. මේ කරන විගඩම් නිසා අපිටම තමා පව් ගෙවන්න වෙන්නේ (බ)

:       0       0

රොෂාන් Thursday, 12 November 2015 04:28 AM

තිලින කියන්නේ මේ විදේශ විනිමය පෞද්ගලික අයෙකුට තනිවම භූක්ති විදින්න කියලද මහ මුහුද අපි හෑමෝටම අයිතියි රජයයි එය කළ යුත්තේ රජයට අයිති වන මුදල් අපිටත් අයිතියි (ම)

:       0       0

රුවන් Thursday, 12 November 2015 04:33 AM

කොමෙන්ටු දමන මුහුණු පොතේ ළිද ළඟ සංගමයේ මාමල හා නැන්දලා වෙත, 1.2009 අරම්භ වුණු සෝමාලියානු මුහුදු මංකොල්ල කරුවන් ගේ සන්නද්ද මංකොල්ල ක්‍රියාකාරකම් වල‍ට ලෝකාය පුරා සාගර ආරක්ෂක සමාගම් 250 අදික සන්කයවක් නාවුක ගමනා ගමනයට ආරක්ෂාව සැපයීම. 2. ලෝක මුහුදු මාර්ගයේ සුවිශේෂිත ගාලු වරාය පිහිටා තිබීම නිසා දිනකට නැවේ 700-800 ප්‍රමාණයක් ගමන් කිරීම හා ඉහත සදහන් මුහුදු මංකොල්ල කරුවන්ගේ අවදානම අඩු සීමාවක පැවති ගාලු වරාය ආසන්නයෙ ඇතී දක්‍ෂිණ නාවූක කදවුරේ අවි ගබඩාවක ඉහට සමාගම් වල ආවි තාවකාලිකව ගබඩා කිරීම. මෙමගින් අති විශාල මුදලක් නාවික හමුදාව මගින් රජයේ භාණ්ඩාගාරය ට ලබාදීම. (බ)

:       0       0

සංජීව Thursday, 12 November 2015 04:36 AM

කැබිනට් ප්‍රකාශක කියන්නේ රටට වගකියන ධූරයක් . ඔහු කියනවා නාවික හමුදාවට බාරදුන්න කියල . අධිකරණ ඇමතිතුමා කියනවා එහෙම තීරණයක් ගත්තේ නෑ කියල. දැන් මේ අය රටට විහිලු සපයන්නෝ වෙලා. ජනාධිපතිතුමා වත් මාධ්‍යයට ගත්ත තීරණය ප්‍රකාශ කරන්න. ජනතාව බලා ඉන්නව (බ)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 04:42 AM

හමුදාව ව්‍යාපාර කරන එක සුදුසුද (ම)

:       0       0

අංගොඩ ලාල් Thursday, 12 November 2015 04:47 AM

මිලින්ද උන්නැහේ මේ ගැන තමන්ගේ නොදැනීම තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ . මේ තීරණයෙන් රටට වාසියක් මිස අවාසියක් වෙන්න බැහැ. කලින් නාවික හමුදාවට විශාල වගකීමක් සඳහා ලැබුනේ සොච්චම් මුදලක් , මේ තීරණය අනුව එය සම්පුර්ණයෙන්ම රජයේ ආයතනයක් වෙන නාවික හමුදාවේ පාලනයට නතු වෙනවා . නාවික හමුදාව මේ සඳහා සේවකයන් ගැනීම සහ අනෙකුත් රාජකාරි වෙනත් සමාගම් හරහා ලබා ගනීවි .මෙතන තියෙන වෙනස තමයි ඉස්සර ඇවන්ගාඩ් එකට තිබුන ඒකාධිකාරය නැතිවෙලා එය සම්පුර්ණයෙන්ම නාවික හමුදාවට ලැබෙනවා . කිසියම් සමාගමක් සම්බන්ධ වෙනවා නම් සිදුවෙන්නේ නාවික හමුදාව යටතේයි (බ)

:       0       0

දහම් Thursday, 12 November 2015 05:28 AM

අයි තවමත් ජනාධිපති කාර්යාලයෙන් හෝ මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කළේ නැත්තේ. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 November 2015 05:45 AM

පවතින ව්‍යාපාරය දිගටම කරගෙන යාවි. රක්නා ලංකා සමාගමත් එක්ක තිබුණු සම්බන්දය නැතිවේවි. එම සමාගමට ලැබෙමින් තිබුණු ලාභය අහිමිවේවි. අලුත් ගාර්ඩ් එකක් රක්නා ලංකා සමාගමත් එක්ක ගිවිසුම් ගහවි. වැඩේ යනකොට තව කට්ටියක් ඊට විරුද්ධව මේ වගේම කලබල කරාවි. වෙන්නේ ඔච්චරයි. කැලේ මාරුවෙනවා විතරයි. (ර)

:       0       0

සමිත් Wednesday, 11 November 2015 04:08 PM

වැඩේ නම් හොඳයි වගේ පේනවා. නමුත් පවතින ව්‍යාපාරයක් එකපාරටම අවලංගු කරන්න නීතිමය පදනමක් තියෙන්න ඕනි නේද? දැන් එහෙම නීතිමය පදනමක් තියනවද? එහෙම නැත්නම් කරන දෙයක් නැතිකමට මොකක් හරි කරන්න ඕනි නිසා අවලංගු කළාද? නිතිය ඉදිරියේ වැරදිකරු නොවුන සමාගමක ව්‍යාපර ඔහොම අවලංගු කරන එක වැරදි පුර්වාදර්ශයක්. ඉස්සරහට ආණ්ඩුවත් එක්ක තරහ සැම කෙනෙකුටම ඕක එන්ඩ ඉඩතියනවා. මේකද යහපාලනය? (අ)

:       0       0

ෂෙල්ටන් Thursday, 12 November 2015 05:50 AM

අනේ රෝහණ මහතා, සේරම නාවික හමුදාවට දුන්නාම හරියයිද. මේ ආයතනය ලෝකයේ පිළිගත් එකක් කරන්න කොතරම් මහන්සි උනාද. බැරිවෙලාවත් අපෙන් ආරක්ෂාව ගන්න රටවල් ඉදිරියට සේවාවන් නවතා දැමුවොත්.? (ර)

:       0       0

අමල් Thursday, 12 November 2015 05:51 AM

අජිත් කරුණාරත්න, ඔබගේ අදහසට මාත් එකඟයි. (ර)

:       0       0

සුමින්ද Wednesday, 11 November 2015 04:40 PM

විදේශ ආයෝජකයන්ට ඉතා හොඳ කොළ එළියක්. ආයෝජනය කරන්න, නමුත් අපිට කන්න ඕන වුනාම අපි කනවා. (අ)

:       0       0

රනිල් වික්‍රම Thursday, 12 November 2015 06:14 AM

ඒ කියන්නේ මේ ආයතනය දැන් නීති විරෝධී නැද්ද? නීති විරෝධී නෑ කියල ඔප්පු වෙනකොට ඔක්කොම වහල ආණ්ඩුවට ගත්තම හරිද ඔක්කොම? කාවද රැවට්ටුවේ?(ම)

:       0       0

සේන Wednesday, 11 November 2015 05:11 PM

යහ පාලනය දැලිපිහියෙන් කිරි කන්න පටන් අරගෙන වගේ.(රේ)

:       0       0

අමිල Thursday, 12 November 2015 06:27 AM

තිලිණගේ කතාව හරි. අන්තර්ජාතික මුහුදු නීතිය යටතේ නාවික හමුදාවකට මෙම රාජකාරිය කරන්ඩ බෑ. අනික අපේ නාවික හමුදාව කුලී හමුදාවක් වෙනවා මේ වැඩෙන්. අපේ මුහුද රකින්නේ ඉන්දියා නේවි එකෙන්ද දැන්? (බ)

:       0       0

සන්තුස් Wednesday, 11 November 2015 05:22 PM

මේ ව්‍යාපාරයට ඇස ගසාගෙන සිටි ලංකාවේ සුප්‍රසිද්ධ රාජ ව්‍යාපාරිකයෙකු මින් ජයගෙන ඇති බව පෙනෙනවා.(රේ)

:       0       0

සෙනරත් Wednesday, 11 November 2015 05:43 PM

මෙච්චර කල් පොලිසියට, FCID එකට සොයාගන්න බැරිඋනු හොර ගනු දෙණු මේ මොහොතට මෙයාල සොයාගෙන. අර ඉස්සර ඇහුවේ පාරවල් ගහල තියෙන්නේ රත්රන් වලින්ද කියල ? අන්න ඒ වගේ වෙන්න ඇති මේකත් තීරණය කරන්න ඇත්තේ. අපි නොදන්නා රාජිත (රේ)

:       0       0

දිනේශ Wednesday, 11 November 2015 05:53 PM

සමිත් සමග මමත් එකගයි. මෙවැනි තීරණ විදෙස් ව්‍යාපාරිකයන් පැමිණීම වැලක්වීමට හේතුවක් විය හැකි . මොකද අධිකරණයකින් වරදක් සිදු කල බවට ඔප්පු කිරීමකින් තොරව ගිවිසුම් අවලංගු කල නිසා (රේ)

:       0       0

නිමල් Wednesday, 11 November 2015 05:53 PM

නිකන්ම නාවික හමුදාවට පවරලා වහන්ඩ වගේ කල්පනාව. මෙච්චරකල් අැවන් ගාර්ඩ් හම්බ කරපු සල්ලි ගියේ කොහෙටද? රක්නා ලංකා අවි ආයුද කොහේ ලියාපදිංචි කරපුවද? මේවට උත්තර කෝ?(රේ)

:       0       0

කමල් Thursday, 12 November 2015 06:49 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

කපිල Thursday, 12 November 2015 07:22 AM

හොඳ තීරණයක්. (ර)

:       0       0

විජිත් Wednesday, 11 November 2015 06:26 PM

මේ වගේ ගැටළුසහගත ව්‍යාපාරයක් නාවික හමුදාවට ලබාදීම ගැන අවංකවම සතුටුවෙනවා. නමුත් මට පෙනෙන්නේ මෙතන තියෙන්නේ වෙන දෙයක් වගෙයි. මේ ආයතනය කවදාහරි කෑලි වලට කැඩුනත් මම පුදුම වෙන්නේ නැහැ.. මොකද මේ ශ්‍රී ලංකාවේ වැඩ අපි දන්නා නිසා. අනේ මන්දා ...! අපි පුංචි කාලේ කොහොම තිබුන වාසනාවන්ත රටක්ද මේ? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 12 November 2015 07:25 AM

ඔය කියන මුහුදු සීමාවන්ට සහ වරායන් වලට ගිහිල්ල ඇවන්ගර්ඩ් කරන සේවාව කරන්න පුලුවන්ද? ඒවට නීති පද්ධති හා හේතු තියනවා නේද. ඒ නිසා තමයි ඒ රටවල සහයෝගයෙන් සහ ඇතුල්වීමේ අනුමැතිය ඇතුව පුද්ගලික ආයතන බිහිකළේ. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 12 November 2015 08:07 AM

දහම්, මෝඩ ප්‍රශ්න අහන්න එපා.. ඒ මනුස්සය එහෙම ගුණමකු වැඩ කරන්නේ නැ.(ම)

:       0       0

සොපි Thursday, 12 November 2015 08:29 AM

'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ..අනේ අපොයි ...! (ස)

:       0       0

මිලින්ද Wednesday, 11 November 2015 08:51 PM

අමතුවරුන් කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අරටට විදෙස් විනිමය විශාල ලෙස ගෙනෙනා මෙවැනි වියාපාර විනාශ කරන්ඩ ලොකු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මේ. නීති පති පවා මෙහි කිසිමි නීති උල්ලන්ගනයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර තිබියදීත් විධායක බලතල පාවිච්චි කරමින් දේශීය වි්‍යාපාරයක් මෙලෙස අත්තනෝමතික ලෙස හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්ම සහ මෙම වියාපාරය තම හිතවතුන්ගේ අතට පත් කිරීමට සිදුකරන ලද්දක් බවට බොහෝ දෙනෙකුට දැන් වැටහී ඇත. රජයට කිසිම බරක් නැතුව ඩොලර් කෝටිගණන් සහ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන ලද ව්‍යාපාරයක් සහ ඉතා හොඳ සංකල්පයක්. මෙවෙනි වියාපාර ලෝකෙටම ඇත්තේ ඉතාමත් ස්වල්පයක් වීමත් නැවු ඇති එකම සමගම වීමත් මෙය ජාතික සම්පතක් ලෙසට ආරක්ෂා කරනු වෙනුවට. මුග්ද දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාවම විසින් පත්කරනු ලැබූ විධායකය විසින් එය මෙලෙස නාවික හමුදාවට පවරනු ලැබුවේ කාගේ මොලෙන් සිත බලාද කියා අප තේරුම් ගත යුතුය. මෙය යහපාලනයද?. එය එසේනම් මෙරටේ ව්‍යාපාරයක් කිරිමිටට දෙවරක් නොව තුන් හතර පාරක් සිත බැලිය යුතුය. (රේ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 November 2015 08:54 PM

ජහා පාලනයේ රැස් විහිදේ !!!!!!!!!!.(රේ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 November 2015 09:00 PM

ඇමරිකාව සමග ගසපු රට පවා දෙන හොර ගිවිසුම කවදද ඉවර කරන්නේ ?!!!!!!!!!.(රේ)

:       0       0

සාගල Wednesday, 11 November 2015 09:32 PM

පුදන කොටම කාපි යකා (රේ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 11 November 2015 10:45 PM

කිසිම බයක් වෙන්න එපා මේ රස්නේ නිවුනට පස්සේ , ඕක හිමින් සැරේ තමන් වෙනුවෙන් ඡන්දෙට වියදම් කරපු සල්ලිකාර මගෝඩි ව්‍යාපාරිකයෙකුට දේවි . ඒ කවුද කියලා දැනටමත් බොහෝ මාධ්‍ය වල තියෙනවා . මේ රට තව අවුරුදු සීයකටවත් ගොඩ ඒමක් නැහැ .(රේ)

:       0       0

පුලාරා Thursday, 12 November 2015 12:38 AM

දැන් කට්ටියටම නින්ද යයි. ව්‍යාපාරයක් කරලා විදේශ විනිමය විශාල ලෙස රටට ගෙනෙන අතරම රණවිරුවන් විශාල පිරිසකට රැකියා ලබාදී තිබුනා. රටම සෙමින් සෙමින් ගිළෙමින් යන බව පෙනෙනවා. (නි)

:       0       0

දර්ශන Thursday, 12 November 2015 01:21 AM

කරන්න ඕනෑ හොඳම දේ එතුමා කර තිබෙනවා. (නි)

:       0       0

සෙනෙවි Thursday, 12 November 2015 10:06 AM

මේකෙ කමෙන්ට් දාන ඈයින්ට ඇවන්ගාඩ් හොඳට සලකල තියෙන බව පේනව (බ)

:       0       0

සඳරුවන් Thursday, 12 November 2015 01:49 AM

අපිට නම් දැන් කිසිම කතාවක් විශ්වාස ක‍රන්න අමාරුයි (නි)

:       0       0

අනුර Thursday, 12 November 2015 02:02 AM

මදැයි අපි කට ඇරගෙන බලාගෙන හිටියා. අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

අකලංක Thursday, 12 November 2015 02:06 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

රෝහණ Thursday, 12 November 2015 02:22 AM

කිසිම තේරුමක් නැතුව හැමෝම අදහස් දමා ඇති බව නම් තේරෙනවා. මේක නාවික හමුදාවට දුන්නහම ඇති වරද මොකක්ද? දැනටමත් ආරක්ෂක සේවයේ යෙදෙන්නේ යුධ, නාවික සහ ගුවන් භටයින්. පරිපාලනය සහ මෙහෙයුම් නාවික හමුදාවෙන් කළාම මොකද වෙන්නේ. (නි)

:       0       0

හිරාන් Thursday, 12 November 2015 02:20 AM

සිදුවන්නට යන දේ බොහෝ අයට හොඳින් දැනේ! නාවික හමුදාවට අලුත් වගකීමක් වන මෙය ඉටුකළ හැකිද? තව මාස කිහිපයක් යනවිට අවශ්‍ය මුදල් සහ ප්‍රතිපාදන මදිකමක් දැනෙනු ඇත. එසේ වුවහොත් ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? (නි)

:       0       0

දිලුම් Thursday, 12 November 2015 02:36 AM

අපරාදේ! රටට ආ විදේශ විනිමයත් නැතිවුණා. ඒ මදිවාට මහා ලොකු දෙයක් කළා වගේ කතාව. මේ ආණ්ඩුව පත්වුණන දා ඉඳලාම මොනවද කළේ රටට? කිසිම නිර්මාණාත්මක සංකල්පයක් නැතුව වැඩ කරන්න බැහැ (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 12 November 2015 02:38 AM

මෙහි අදහස් දමන අය ගොඩක් කරුණු නොදන්නා බව පෙනෙනවා (නි)

:       0       0

පුලාරා Thursday, 12 November 2015 02:53 AM

අදහස් දමන අය ප්‍රදීප්ට වඩා නම් ගොඩක් කරුණු දන්නා අය බව පෙනෙනවා. (නි)

:       0       0

දයාල් Thursday, 12 November 2015 02:58 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

ඉන්දික Thursday, 12 November 2015 03:01 AM

ප්‍රදීප් දන්නා ටික කිව්වා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඇවන්ගාඩ් කියන්නේ ලෝකෙම පිළිගත් ආයතනයක්. ඒ නිසා හුඟක් අය ඒ හරහා සේවය ලබාගත්තා. නමුත් නාවික හමුදාව ගැන වෙනත් රටවල් එහෙම හිතයිද? එතකොද මෙතෙක් ලැබුණු විදේශ විනිමය අපට ලැබෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5271 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 201 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 334 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 405 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3073 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2959 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16570 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site