IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඇවන්ගාඩ් නැවේ ‘හොර‘ අවි 613 ක්‘

ආරක්ෂක අමාත්‍යංශයේ පෞද්ගලික අංශයට අයත් රක්නා ආරක්ෂක ලංකා සමාගම සතු අවි සම්බන්ධයෙන් කළ විගණනයකින් සංවිධානාවත්මව හා නීති විරෝධීව අවි ගනුදෙනුවල එම සමාගම යෙදී තිබෙන බවට තොරතුරු අනාවරණයව තිබේ.

බරපතලම කරුණ වන්නේ එසේ හමුවී තිබෙන ස්වයංක්‍රීය රයිෆල් 320 ක හඳුනාගැනීමේ අංක මකාදමා ඒවායේ නියම හිමිකරුවන් සොයාගැනීමට ඇති හැකියාව ව්‍යර්ථ කිරීමට ගෙන ඇති උත්සාහයයි.මෙවන් නීති විරෝධී අවි කිහිපයක්ම දැනට අත්අඩංගුවේ තිබෙන ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාවේද තිබී හමුවිය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම යටතේ පිහිටවූ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ අවි ගබඩාවේ මෙම අවි ගබඩාකර තිබිණ.මේ අවි ගබඩාව දැනට තිබෙන්නේ ගාල්ල නාවික හමුදා කඳවුරු අත්අඩංගුවේය.

ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට පවසන ආකාරයට එය රතු මුහුද කලාපයේ සිට ශ්‍රීලංකාව බලා පැමිණ තිබෙන්නේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙන්නේ අවි හා උණ්ඩ බව නොදන්වාය.එසේ සිදුකිරීම නීතිවිරෝධී බව කියති.

ඇවන්ගාඩ් සමාගමේ නීතිඥවරයා වන තිලක් මාරපන පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ සමාගම කිසිදු නීති විරෝධී කටයුත්තක නිරතව නොමැති බවයි.ඇවන්ගාඩ් සමාගම ගනුදෙනු කළේ ආරක්ෂක අමාත්‍යංශයේ සම්පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග පමණක් බවද ඔහු පැවසීය.

අංක මකාදමන ලද හා අංක වෙනස් කරන ලද අවි වලින් රජයකට ඇති ප්‍රයෝජනය කුමක් වන්නට ඇතිදැයි පොලිසිය විමසයි.අංක වෙනස් කර තිබීම නිසාම මෙම අවි වල හිමිකරුවන්ගේ අනන්‍යතාවය අනාවරණය කරගැනීමට හැකියාවක් නොමැත.මෙම අවි සාමය වෙනුවෙන් මිස ශ්‍රීලංකාවේ හෝ විදේශයක අපරාධ කටයුතු වලට යොදාගෙන නැතැයි පැහැදිලිව කීමේ හැකියාවක් මේ නිසාම නොමැත.

ඇවන්ගාඩ් නමින්ම පාවෙන අවි ගබඩාවක්ද සතු ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අවි ලබාගෙන ඇත්තේ අය හා එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතිකළ රක්නා ආරක්ෂක ලංකා සමාගම අතර පැවති එකඟතාවක් මත බව පැවසේ.

නවතම විගණන වාර්තාවෙන් අනාවරණයව තිබෙන පරිදි ඇවන්ගාඩ් නෞකාවේ තිබී හමුවූ අවි 816 අතර රක්නා ආරක්ෂක ලංකා සමාගම නිකුත් කර තිබෙන අවි සංඛ්‍යාව 203 කි.ඉතිරි අවි 613 කවුරුන්ගෙන් ලබගෙන ඇත්දැයි සඳහනක් නොමැත.

තමන් සතුව ඇති අවි මුහුදේ ඇති පාවෙන අවි ගබඩා වල ගබඩා කර තැබීමට මාර්ෂල්වරුන්ට හැකියාව ඇත.නමුත් මෙවන් පාවෙන අවි ගබඩාවලට නිදහසේ රැඳී සිටීමට අවසර ඇත්තේ අන්තර්ජාතික මුහුදු සීමාවේ පමණි.ඕනෑම රටක මුහුදු කලාපයකට මෙවන් පාවෙන අවි ගබඩාවක් ඇතුළු වන්නේ නම් ඊට අවසර ලබාගත යුතුය.ඇවන්ගාඩ් නෞකාවේ තිබෙන්නේ මෙසේ මාර්ෂල්වරුන් තබාගිය අවි නොවන බවට සහතිකයක් දීමේ හැකියාවක් දැනට නොමැති වුවත් එසේ යැයි කියා නිසි අවසරයකින් තොරව ශ්‍රීලංකා මුහුදු සීමාවට මෙම නෞකාව ඇතුළුවීම සාධාරණීකරණය කළ නොහැකි බව පොලිසිය  කියයි.

පොලිසිය හා නාවික හමුදාව පවසන අයුරින් ශ්‍රීලංකා මුහුදු කලාපයට ඇතුළුවීමට ඇවන්ගාඩ් නෞකාවට අවසර තිබී නොමැත.නෞකාව පරීක්ෂා කිරීමට නාවික හමුදා භට කණ්ඩායමක් ඊට ගොඩවුණු ඔක්තෝබර් මස 5 වැනිදාම ආරක්ෂක අමාත්‍යංශය විශේෂ ලිපියක් මගින් දැනුම්දී තිබෙන්නේ නෞකාවට ගාලු වරායට ඇතුළුවීමට අවසරය ලබාදුන් බවය.

මෙම අවසරය ලබාදුන් අතිරේක ලේකම්වරයෙකු බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් පැවැත්වීමට අදාළ අංශ වෙත මේ වන විට උපදෙස් ලබාදී තිබේ.පසුගිය රෙජීමය යටතේ පවත්වාගෙන ගිය මෙවන් පෞද්ගලික ආරක්ෂක සේවා කටයුතු වලට අදටත් සහය දක්වන පිරිසක් වත්මන් රජයේම සිටී.

වත්මන් රජයේම අමාත්‍යවරුන් තිදෙනෙකු රක්නා ආරක්ෂක ලංකා හා ඇවන්ගාඩ් සමාගම් ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුව ඇතැයි පවසා සිටියද පසුගිය රජය සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරිය පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරිය වන දමයන්ති ජයරත්න මහත්මිය මහා පරිමාන දූෂණ හා වංචා පිළිඹඳ ජනපති කොමිසම ඉදිරියේ පවසා සිටියේ රක්නා ලංකා සමාගමට අවි ලබාදුනේනේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාමාර්ගයක් යටතේ බවයි.

‘‘පවතින නීතියට පටහැනිව අවි ලබාදුන්නේ බලපත්‍ර  නැතිව.රක්නා ආරක්ෂක ලංකා සමාගමට අවි 3473 ක් ලබාදුන්නා.ඒවායින් 89 ක් පමණයි නියම විදිහට බලපත්‍ර ඇතිව ලබාදුන්නේ.ඉතිරි ඒවා ඔක්කොම දීලා තියෙන්නේ නීති විරෝධී විදිහට.‘‘

ජනපති කොමිසම ඉදිරියේ අනාවරණය වූ කරුණුත් සමග මෙම විගණනයෙන් අනාවණයව තිබෙන කරුණු ගිනි ගෙන දැවෙන ඇවන්ගාඩ් ගිනිමැළයට පෙට්‍රල් කිරීමක් වැනි බව කියති.

රක්නා ලංකා සමාගමට නිකුත් කර තිබෙන අවි ප්‍රමාණයත් ගාල්ලේ පිහිටි එම සමාගම සතු අවි ගබඩාවේ තිබෙන අවි ප්‍රමාණයත් අතර පැහැදිලි වෙනසක් ඇති බවද විගණනයෙන් අනාවරණයව තිබේ.

ආරක්ෂක අංශ ආරංචි මාර්ග වලට අනුව රක්නා ලංකා හා ඇවන්ගාඩ් සමාගම් වලට හමුදා භට ඛණ්ඩයක (සටන් පුහුණුව ලත් 10000 ක පමණ) තරමේ පිරිසක් අනුයුක්තව සිටි ඇත.නමුත් ඔවුන්ට අණදෙන නිළධාරියෙක් සිට නොමැත.

ජාතික ආරක්ෂාව සැළකූ විට මෙවන් පෞද්ගලික හමුදාවක් සිටීම රජයේ ස්ථාවරභාවය ඉදිරියේ ඇති බරපතල තර්ජනයකි.

ස්ථීරසාර සංවර්ධන අමාත්‍ය ගාමණී ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමෙන්තුවේදී පවසා සිටියේ ඇවන්ගාඩ් සමාගමේ සේවකයින් තම ඡන්ද කොට්ඨාශයේ භීෂණයක් පතුරවමින් සිටින බවයි.ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන තෙක්ම සිටි පොලිසිය තමන් කළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් ඔහු කීවේය.

අවි සම්බන්ධ විගණනයේදී රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත ලබාදී තිබූ ස්වයංක්‍රීය ගිනි අවි 203 ක් ඒවා තිබූ සමාගමේ ගාල්ල අවි ගබඩාවෙන් අතුරුදන්ව තිබෙන බව සොයාගැනීමට හැකිව තිබේ.මෙම අවි සොයාගැනීමට වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි යෝජනාවක්ද එම විගණන වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

‘ඇවන්ගාඩ් නැවේ ‘හොර‘ අවි 613 ක්‘

රොකී Sunday, 08 November 2015 01:56 PM

රොමේෂ් මහත්තයෝ, මේක අපිට නම් විහිළුවක් නෙමෙයි. ආසියාවේ ආශ්චර්යයක්! (නි)

:       0       0

ඕමාර් Sunday, 08 November 2015 02:50 PM

අපි දැන් දන්නවා ඇත්ත (නි)

:       0       0

පතිරණ Sunday, 08 November 2015 02:58 PM

මහත්වරුනේ, මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න. ජනතාවගේ මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලැබූ නියම උගත් ලංකික පුත්‍රයන් වශයෙන් ඔබ ඔබගේ යුතුකම මේ තීරණාත්මක මොහොතේ තම මව්බිමට ලබාදෙන්න. (නි)

:       0       0

ෆාති Sunday, 08 November 2015 03:12 PM

මේ වෙනකොට රැදවියන් කීදෙනෙක් අනවසර ගිනිඅවි ළග තබාගෙන ඇප නැතිව බන්ධනාගාර ගතවී අවුරුදුගණන් සිටිනවද. අනවසර අවි ගබඩාවක් හමුවෙලත් තම කාවවත් අත්අඩංගුවට ගන්න බැරිවුනේ ඇයි. අපේ රටේ නීතියට අබසරණද. (බ)

:       0       0

ෆාති Sunday, 08 November 2015 03:19 PM

මහත්වරුනේ කොන්ද පණ තියෙන නිලධාරීන් වශයෙන් මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න. මේ කාලකන්නි දේශපාලකයන්ට මෙරට හොරගුහවක් කරලා සියරාලියෝන් වගේ අප්‍රිකාවේ දූෂිත ගෝත්‍රික රටක් කරන්න දෙන්න එපා. ජනතාවගේ මුදල්වලින් නිදහස් අධ්‍යාපනය ලබපු නියම උගත් ලාංකික පුත්‍රයන් වශයෙන් ඔබ ඔබගේ යුතුකම මේ තීරණාත්මක මොහොතේ තම මව්බිමට ලබාදෙන්න. (බ)

:       0       0

පතිරණ Sunday, 08 November 2015 03:35 PM

මේකේ කිසිම විහිළුවක් නැහැ, මේක විහිළුවක් කියල ලගු කරන්න බැහැ. මේක ලංකාව ගෝත්‍රික ජාවරම්කාර නොදියුණු රාජ්ජයක් කර ගෙනයන කිසියම් කණ්ඩායමක අදිසි හස්තයකින් පාලනය කරන අදුරු අනාගතයකට පාර කැපීමක්. (බ)

:       0       0

රොහාන් Monday, 09 November 2015 06:21 AM

ලොකු ලොකු අය තම තමන්ගේ වැරදි වහගන්න හදනවා මිසක් කරන දෙයක් නැහැ. මේක නෙමෙයි අපේ බලාපොරොතු වුණ යහපාලනය (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 November 2015 04:11 PM

ෆාති, ඔබ හරියටම හරි. (නි)

:       0       0

සමන් Sunday, 08 November 2015 07:59 PM

ඇත්තටම මොකක්ද මෙතන සිදුවෙලා ඇත්තේ? එක එක්කෙනා විවිධ දේවල්නේ කියන්නේ (නි)

:       0       0

කිත්සිරි Sunday, 08 November 2015 09:06 PM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

සුසන්ත Monday, 09 November 2015 12:15 AM

මේ සමාගම මඟින් රටට මිලියන දහස් ගණනක විදේශ විනිමය, රජයට මිලියන ගණනක ආදායමක්, විශ්‍රාමික සොල්දාදුවන්ට හොඳ පඩියක් සමඟ රැකියාවක්, ඒ වගේම සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් මැඩලන්න විශාල සේවයක් කළා නේද? (නි)

:       0       0

නඩරාජා Monday, 09 November 2015 01:10 AM

ආයුධ වල අංක මකාදැමීම බොහොම බරපතළ වරදක් (නි)

:       0       0

ප්‍රියංකර Monday, 09 November 2015 04:13 AM

මිනිසුන්ගේ ජීවන ප්‍රශ්න බඩුමිල අමතක කරන්න හැම දාම මේ නාටකය රංග දක්වන්න බැරි වේවි(ම)

:       0       0

රොමේෂ් Sunday, 08 November 2015 12:38 PM

දැනටත් ගොඩක් මිනිස්සුන්ට මේක විහිළුවක් වෙලා ඉවරයි. (ර)

:       0       0

මංගල Monday, 09 November 2015 04:36 AM

දැන්වත් හොරුන්ට දඬුවම් දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4825 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 542 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 115 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 123 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 74 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 97 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15456 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site