IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය.

‘ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම’ විසින් පවරනු ලැබ ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ටී.එෆ්.එල්. සින්නයියා සහ නාවික හමුදාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ යන මහත්වරුන් නම් කරනු ලැබ ඇත.

තමන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් හා ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සහ පතුරම් තබා ගනිමින් කුඩා ප‍්‍රමාණයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බව එම පෙත්සමේ සඳහන් වෙයි.

ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් වසර 14ක පළපුරුද්දක් ඇති තම සමාගම එම ව්‍යාපාරය 2011 වසරේදී සංස්ථාපනය කළ බවත් ගොඩබිම් ආරක්‍ෂක කටයුතු වල නිරතව සිටි ‘රක්නා ලංකා’ සමාගමෙන් තමන් මුහුදු ආරක්‍ෂක කටවයුතුවලට අවශ්‍ය ගිනි අවි සහ පතුරම් ගෙවීමේ පදනම මත ලබාගත් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

නමුත් පසු අවස්ථාවක ‘රක්නා ලංකා’ සමාගමෙන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්‍ෂාව ලබා දීම ආරම්භ කළ බවද එහි දැක්වේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මුහුදු ආරක්‍ෂක කටුයතු සඳහා  ‘එස්.එස්. මහනුවර’ නැවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 නොවැම්බර් මස 13 වැනිදා නාවික හමුදාව විසින් ගාලූ වරායේදී අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් තමන්ට රුපියල් කෝටි 240කට අධික පාඩුවක් සිදුවු බවත් සඳහන් කරන පෙත්සම්කරු තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.



අදහස් (16)

ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි

mahinda Tuesday, 14 November 2017 10:23 AM

ඇවන්ට් ගාර්ඩ් එකට නීති උපදෙස් අර පහුගිය අමතිතුමගෙන්ද දන්නේ නෑ.

:       250       350

shan saudi Tuesday, 14 November 2017 10:37 AM

අවනගාර්ඩ් ආයතනය රජයේ යුධ උපකරණ සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මුදල් ඉපයීම හා රජයේ දේපල අවභාවිත කිරීම මහජන මුදලින් රජයට ගෙන්වූ උණ්ඩ හා උපකරණ භාවිතා කරමින් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් නීති විරෝධී ව්‍යාපාරය කිරීම වෙනුවෙන් එම ආයතනය බ්ලැක් ලිස්ට් කර පරිපාලනයේ සිටි සියලු නිලධාරීන් හා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයා වහාම අත්අඩංගුවට ගත යුතුය රජය විසින් මහජන මුදල් යොදවමින් මිලයට ගත යුධ උපකරණ පවතී යුද්ධය නිම කිරීම සදහා මිස පසුගිය රජයේ රජයේ ආරක්ෂක ලේකම්ට හා අවනගාර්ඩ් ආයතනයට ව්‍යාපාරය කිරීම සදහා නොවේ.......

:       728       1016

dahamTuesday, 14 November 2017 01:01 PM

ඔයාගේ නොදන්නාකම පෙන්වීම ගැන කණගාටුයි.

:       1       0

anuraTuesday, 14 November 2017 05:31 PM

ඔබතුමා නීතිපතිද?

:       1       0

samantha Tuesday, 14 November 2017 10:42 AM

ඔව් බොරුවට නඩු දාලා මිනිසුන්ගේ රස්සා නැති කළාට වන්දියක් දෙන්න ඕනි.

:       327       282

බණ්ඩාර-කැකිරාව Tuesday, 14 November 2017 11:14 AM

මේ ආණ්ඩුව ඇවිත් රටේ හැමදේම අවුල් කරා,ඒකට කියන්නේ යහපාලනය කියළලු..මෙම පාලනයේ මුලික සිද්ධන්ත කිහිපයකි.....ගොවියා අනාතකර කෘෂි කර්මාන්තය දියුණුකිරීමට සුපරි ගොඩනැගිල්ලක් රාජගිරියෙන් ලබාගැනීම,ගම්මිරිස් වගාව දිරිගැන්වීමට පිටරටින් ගංමිරිස් ගෙන්වීම, පරිබෝගිකයාට බදුබර පටවා ,ඇමතියන්ට සුපරි වාහන ගෙන්විම, හම්බන්තොට ගුවන්තොටුපලේ "වී' ගබඩා කොට,ඉතිරි "වී" ටික සත්ව ආහාර සකසා රටින් හාල් ඉම්පොර්ට් කරනවා, රසවත් ගුණවත් ක්රෝටන් කොළ සහ පුන්නකු මිනිසුන්ට ආහාර ලෙස පුරුදු කිරීම ,දියවැඩියාව පාලනයට පැනිබිමවලට බදු ගැසීම ,රටට ලැබෙන අදායම් මාර්ග සියල්ල අහුරා රටේ සම්පත් සියල්ල විකුණමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු දැක්විය හැක...කණගාටුවට කරුණ නම් මෙයාලගේ අවුරුදු 5 ඉවරවෙනකොට අපේ රටත් අවුරුදු 100කටම ඉවරයි .

:       840       1002

asad Tuesday, 14 November 2017 11:55 AM

මොකද කියන්නේ අයෙත් මහින්දටම දීල බලමුද??

:       0       0

susanthaTuesday, 14 November 2017 01:14 PM

බණ්ඩාර මහත්තයා, ඇත්ත තේරුම් ගන්න පුළුවන් අතලොස්සක් තාමත් රටේ ඉඳීම ගැන පොඩි සතුටක් ආවා!

:       1       0

aruna Tuesday, 14 November 2017 11:27 AM

සිය රට දේ ..සිරි සැප දේ ...කවදත් කලේ අපේ මිනිහව පාගා දැමීම තමයි...

:       109       65

tikiri Tuesday, 14 November 2017 11:34 AM

මෙම රජය ආදායම් ලබන්නේ ප්‍රධාන වශයෙන් පසුගිය රජය හදපු වරාය , ගුවන් තොටුපොල , අැතුළු රජයේ සම්පත් විකිණීමෙන් . ඒවගේම පසුගිය රජය කාපට් කරපු පාරවල් වල ගමන් ගන්න වාහන වලින් පොලිසිය ලවා දඩ මුදල් එකතු කිරීමෙනුත් ය .

:       509       458

athuraTuesday, 14 November 2017 12:33 PM

එතකොට මහත්මය පසුගිය රජය අදායම් ලැබුවේ මොනවගෙන්ද?

:       1       1

siri Wednesday, 15 November 2017 07:24 AM

පසුගිය රජය ඊට කලින් රජයන් අපට දායාද කල යුද්ධයත් දැන් ඉවරකළා. රට පුරා විශාල අපට දැනෙන සංවර්ධන වැඩ කළා. (වොක්ස්වෝගන් කම්හල, ටයර් කම්හල වගේ ආතල් වැඩ නොවේ) හැබැයි පොහොර සහනාධාර ඇතුළු සහන අපිට ලැබුණා. මේ වගේ අසාධාරණ බදු ඒ කාලේ තිබුනේ නැහැ. ඔයාලා ඒ කාලේ ලංකාවේ හිටියේ නැතෙයි.

:       0       0

prakaash Tuesday, 14 November 2017 11:57 AM

මේ නිවට ආණ්ඩුව රටට කලේ විනාශයකි.මේ දුෂ්ට ජඩ පාලක් දන්නේ පළි ගැනීමය.මුන්ගේ බත් බැලයන් මුන්ට කඩේ යන පිංගුත්තර නිවටයින් බවමහා ජනතාව තේරුම් ගත යුතුය.ඇවන්ට් ගාර්ඩ් එක ගැන ක්‍රියා කල අයුරින් මෙය පෙනී යයි.

:       0       0

ravin Tuesday, 14 November 2017 02:31 PM

පොඩ්ඩක් හිතන්න. ඔය ආරක්ෂාව සපයන කාර්ය නාවික හමුදාවෙන් නේද ඉස්සල්ලම කලේ. පත්තර වල තිබුනේනම් එහෙමයි. එහෙමනම් ඉස්සෙල්ල නාවික හමුදාවෙන් නේද අධිකරණයට යා යුත්තේ ?

:       2       141

jan 8th revolution Tuesday, 14 November 2017 04:47 PM

යහපාලනයට හොඳ වැඩේ මෙයාලගේ නඩු වෙලාවට ඉවරකරන්නේ නැතුව ඩීල් දැම්මට...

:       0       8

rohana Tuesday, 14 November 2017 05:11 PM

ඔව් ඔව් කොහොම හරි මෙයාලගේ පාඩුව පියවන්න ඕන. කොහොම හරි ආපහු මේ අයටම දෙමුකෝ සල්ලි හොරකම් කළා මදිවට තවත් කියවන්න එනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 132 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2923 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 779 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1144 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1014 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1184 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2032 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site