IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇවන් ගාර්ඩ් ලොක්කාට රට යන්න බෑ

ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝගයක් නිකුත් කර ඇත.

ගිනි අවි හා උණ්ඩ ගබඩා කර තිබූ කන්ටේනර 22ක් වරායේ බත්තලකින්ද, වරාය භූමියේ තිබූ ගොඩනැගිල්ලක තවත් කන්ටේනර 6 ක අවි සොයාගත් බවද පොලිසිය කියයි. එම කන්ටේනරවලින් නවීනතම අවි 3154 ක් හා උණ්ඩ 745859ක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.

ඇවන් ගාර්ඩ් සමාගම ආරක්ෂක අංශයේ ලියාපදිංචි ආයතනයක් බව එහි සභාපති පැවසීයැයිද ශ්‍රී ලංකාවට යාත්‍රා කරන නැව්වල අවි භාරගැනීමට තම සමාගමට අවසර දී ඇතැයිද එම නැව් ආපසු යන විට එම අවි බාරදෙන බවද සභාපති කියා ඇත. 2010 සිට තම සමාගම මෙම කටයුතු කරන බවත් එයින් ලැබෙන ආදායම ආරක්ෂක හේතු මත හෙළි කළ නොහැකි බවත් පසුගිය දෙවසරේදී උපයාගත් රුපියල් ලක්ෂ 30 ක ආදායම අප සමාගමත් ආරක්ෂක අමාත්‍යංශයත් අතර බෙදා ගත් බවද ඔහු කීවේය.

ඔහු රහස් පොලිසියට අවශ්‍යවන නිසා රටින් පිටවීමට ඉඩ නොදෙන්නැයිද කවර පදනමක් මත ඔවුනට බලපත්‍රය නිකුත් කළේද ලාබ වශයෙන් උපයාගත් මුදල් කවර ගිණුමක තැන්පත් කර ඇතිද යන්න සොයන බව රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.

 

 

 



අදහස් (0)

ඇවන් ගාර්ඩ් ලොක්කාට රට යන්න බෑ

පරිමේන්ද්‍ර Friday, 23 January 2015 04:36 PM

පරිපාලන වියදම් කොච්චර යනවා ඇද්ද? අනික මේක පුද්ගලික ආයතනයක්නේ! (නි)

:       0       0

යසපාල Friday, 23 January 2015 04:55 PM

සමහර අදහස් දැක්කහම දුකයි (නි)

:       0       0

චානක Friday, 23 January 2015 06:58 PM

අපි බලමුකෝ සිද්ධවෙන දේ... (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 23 January 2015 07:04 PM

සමීරට නම් හොඳටම තරහා ගිහින්!! (නි)

:       0       0

අදිරි Saturday, 24 January 2015 10:44 AM

තිලක් -ඩුබායි දනුන දාල එයාල ගහපුවත් හොයන්න ? (නදී)

:       0       0

නැනිල් Friday, 23 January 2015 07:25 PM

ඉපයූ ආදායම බෙදාගෙන තිබෙනවා. මෙය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයකි. මෙම අවිගබඩාව වැටලූ අවස්ථාවේ විදේශිකයින් රැකියාව කරන බවද රූපවාහිනියෙන් දුටුවා. (නි)

:       0       0

රවීන් Friday, 23 January 2015 07:34 PM

පුද්ගලික බැංකුවකට හෝ වෙනත් සමාගමකට ආරක්ෂාව සපයන්න රටේ පොලිසියකට බැහැ. ඒකට විසඳුමක් ලෙස පුද්ගලික ආරක්ෂක සේවයකට එම කටයුතු කිරීමට අවසරදීලයි තියෙන්නේ. ඒ වගේම ලංකාවේ නාවික හමුදාවට ලෝකයේ නව සමාගම් වලට විදේශීය නාවික කලාපයක ආරක්ෂාව සපයන්න නීත්‍යානුකූල අවසරයක් නැහැ. මෙයට විසඳුමක් ලෙස පුද්ගලික සමාගමක් නිසි අවසරයක් මත ආරක්ෂක සේවයේ යෙදීම වරදක් වෙන්නේ කෙසේද? (නි)

:       0       0

අතුල Friday, 23 January 2015 07:38 PM

මොනවා? ආදායම බෙදාගත්තා...?? (නි)

:       0       0

සරත් Friday, 23 January 2015 07:43 PM

සටන් ක්‍රමවල විවිධ අංශ තිබෙනවා. ඒ වගේම රජයක රහස් කියලා ජාතියකුත් තිබෙනවා, මහජන හිතසුව පිණිස. මෙය මාධ්‍යයට වසන්කළ නීත්‍යානුකූල ව්‍යාපාරයක්. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 26 January 2015 02:38 AM

සමහර අයට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

අබේ-ටෝකියෝ Tuesday, 27 January 2015 08:39 AM

නිම්නි, එකවගේ ගිණුම් වෙන්නේ කොහොමද? නම් දෙකකින්නේ ගිණුම් දෙක තිබෙන්නේ. අනේ නිම්නිගේ ටිකිරි මොළය! (නි)

:       0       0

රාමන් Friday, 23 January 2015 10:53 PM

සෝමාලි කොල්ලකරුවන්ගෙන් වෙළඳ නැව් බේරාගන්න සටන්කරන සී මාර්ෂල්වරුන් සපයන්න කලින් හිටියේ ඇමෙරිකන් හෝ යුරෝපීය සමාගම් පමණයි. 2009 පසු ඔය බිස්නස් එකට ලංකාවත් බැහැලා දැන් ඉදිරියෙන්ම වගේ ඉන්නේ අපේ අය බව ඕනෑම නාවිකයෙක් දන්නා දෙයක්. දේශපාලන මඩගැහිල්ලට ලංකාවට විදේශීය මුදල් ගෙනෙන, අපේ අයට රැකියා ගෙනෙන මේ වගේ අවස්ථාවක් නැතිකරන එක මෝඩ වැඩක්. (නි)

:       0       0

ගීත් Friday, 23 January 2015 11:39 PM

ඉන්න කට්ටිය පැරදිලා ගියාම අළුත් අය එයාලගේ කුණු අවුස්සනවා. ඕකට මම නම් කියන්නේ ගන්ධ දේශපාලනය කියලා (නි)

:       0       0

ජනක Saturday, 24 January 2015 12:11 AM

සියල්ලන්ගේම ගිණුම් පරීක්ෂා කරන්න ඕනෑ. දැන් සමහරු අයථා මාර්ග වලින් හම්බකරගත් දේවල් වෙනත් අයගේ නමට තැන්පත් කර හෝ හරවලා කියලා ආරංචියි. (නි)

:       0       0

පරාක්‍රම Saturday, 24 January 2015 12:43 AM

දින 100 ම මේ වැඩේට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මාධවී Thursday, 29 January 2015 06:25 AM

මෙයාලා ලක්ෂ ගණන් පඩි ගත්තේ මහන්සියෙන් වැඩකරලානේ.කාට වුණත් මොකද හරියනවා නම්. අපේ රටේම කට්ටියනේ. (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Saturday, 24 January 2015 12:52 PM

අවශ්‍යම කට්ටිය පැනලා ඉවරයි. (නි)

:       0       0

ප්‍රියමාල් Saturday, 24 January 2015 12:53 AM

මම නම් මේ දේවල් වලට කිසිමදෙයක් කියන්නේ නැහැ. වෙනදේ බලාගෙන ඉන්නවා (නි)

:       0       0

විදුරන්ග Saturday, 24 January 2015 01:00 AM

මොනවද මේ සිද්ධවෙන්නේ? මට නම් හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

චාමර Saturday, 24 January 2015 01:04 AM

පටු දේශපාලන වාසි තකා ලංකාවට අාදායමක් එන මේ වගේ දේවල් නැතිකරගන්න දඟලන එක වැරදියි නේද? කරන දෙයක් හොයලා බලලා කරනවා නම් තමයි හොඳ. නිකං මඩ ගහනකොට මඩ අතෙත් ගෑවෙනවනෙ. (නි)

:       0       0

අබේපාල Saturday, 24 January 2015 01:05 AM

මේකත් මිලේනියම් සිද්ධිය වගේ එකක්ද? (නි)

:       0       0

දිලානි Saturday, 24 January 2015 02:03 PM

සමීර, ඔයාගේ දැනුම කියලා වැඩක් නැහැ. හැම එකටම බොරුවට කඩේ යන්න අදහස් දාන්න එපා. (නි)

:       0       0

නාමල් Saturday, 24 January 2015 02:12 PM

තිලක්, ඔයා කඩේ යන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. පළමුව මේ ආයතනය මොකක්ද මේකෙන් මොනවද වෙන්නේ කියලා හොයන්න (නි)

:       0       0

චින්තන Saturday, 24 January 2015 03:05 AM

වසර දෙකට ලක්ෂ තිහද ? මහ ජනතාව මෝඩයන් විදිහට හිතන්න ගිය අයට පහුගිය දවස්වල දුන්න පාඩම් අමතකද? (නදී)

:       0       0

නිම්මි Saturday, 24 January 2015 03:29 AM

අබේපාල අර තැප්‍රෝබේන් ගිණුම 'සේව් හම්බන්තොට' එක වගේමයි. (නදී)

:       0       0

බඹරවෙල Saturday, 24 January 2015 03:24 PM

විධිමත්ව ,නීත්‍යානුකූල ,ජාත්‍යන්තර එකඟතා අනුව කටයුතු කරන, අපේ රටට විදේශ විනිමය ගෙනෙන,අපේම අයට රක්ෂා ලැබෙන ව්‍යාපාරයක් නම් ලෙඩ අදින්නේ මොකටද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 03:53 AM

මේකෙන් ලංකාවට අාදායමක් එන්නේ නැහැ. ලංකාවේ හමුදාව ඉදිරියට දාල කිහිප දෙනෙක් කෝටි ප්‍රකෝටිපතියන් වෙලා. රජයට ලැබෙන අාදායම නැති කරපු එක විතරයි මේකෙන් උනේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 03:53 AM

මිලේනියම් කියල අදහස් දාන්නේ බත් කන කට්ටිය නෙමෙයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 03:57 AM

වෙලේ සුදා කුඩු කිලෝ 1000 ක් ලංකාවට ගෙනාවා කියල පාපෝච්චාරණය කරලා තිබුනා. මිනිසුනේ, නිකම්ම කුඩු ලංකාවට ගොඩ බෑවේ නැහැ. කට්ටියගේ ගිණුම් වලට නියම වෙලාවේදී, නියම මුදල, හිඟයක් නැතිව, විශ්වාසයෙන් යුතුව වැඩේ කරගෙන ගියා. ගිණුමට කෝටි ප්‍රකෝටි ගණනින් වැටෙනවා නම් කුඩු නෙමෙයි ඕනෑම බඩ ජරාවක් ගේන්න පුළුවන් යුගයක් පසු කරගෙන ඇවිත් අපි ඉන්නේ. එ්කයි ඇත්ත. (නදී)

:       0       0

සමන්ති Saturday, 24 January 2015 04:02 PM

මිලේනියම් වාර්තාව ගැනත් අපි දැනගන්න කැමතියි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 03:59 AM

ලංකාවට කුඩු ගෙන ඒම, පාවෙන අවි ගබඩා ගැන සෙවීමට ජවිපෙට සහ ජෙනරල් ෆොන්සේකාට බාර දෙන්න. මුදල් බෙදුන ආකාරය ලස්සනට හොයල දේවි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 24 January 2015 04:00 AM

කට්ටිය ෂිෂෙල් වලින් ඉඩම් ගත්ත කියන කතාව එහෙනම් බොරුවක් නෙමෙයි. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු. (නදී)

:       0       0

කපිල Saturday, 24 January 2015 04:50 PM

මේකේ මාසෙට ලක්ෂ ගණනින් පඩිගන්න අයත් ඉන්න බව ආරංචියි. මේක ලාබය අඩුවෙන් පෙන්වන්න කළ වැඩක් කියලයි හිතෙන්නේ (නි)

:       0       0

බිනර Saturday, 24 January 2015 04:39 AM

සමහර අයට මේවා සොයන කොට ගොඩක් දුකයි වගේ (නදී)

:       0       0

ශිරන්ති Saturday, 24 January 2015 04:50 AM

යන්න දිලානි යන්න, මනස්ගාත කියවන්නේ නැතුව.(නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 24 January 2015 04:54 AM

රාමන් විකාර කියවයි. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Saturday, 24 January 2015 04:57 AM

චාමර ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. අලුත් ආණ්ඩුව ඒ ගැන බලා ගනීවී. (නදී)

:       0       0

භානුක Saturday, 24 January 2015 04:59 AM

අවුරුදු දෙකට ලක්ෂ 30 යි. එනම් ඩොලර් 30000 යි. මාසෙකට ඩොලර් 1500 ක හරිම කුඩා ව්‍යාපාරයක්. ඔන්න අපි බයියෝ නම් විශ්වාස කරනවා. (නදී)

:       0       0

දුෂාන් Saturday, 24 January 2015 05:56 AM

කරුණාකර සෙලින්කෝ එකට කරා වගේ ඔයගොල්ලෝ ආවෙන් ගාර්ඩ් එකට කරන්න එපා, (අ)

:       0       0

බණ්ඩා Friday, 23 January 2015 11:49 AM

රටේ හැම තැනම එක්කෝ කුඩු එක්කෝ ආයුද. (නදී)

:       0       0

රංගන Friday, 23 January 2015 11:49 AM

තවත් මිලේනියම් සිටි සිද්ධියක්ද ? (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 06:24 AM

අවියක් හෝ කුඩු ග්‍රෑම් 5 ක් තියන් හිටියත් අසරණයෙක් නම් ජිවිත කාලෙටම බරපතල වැඩ ඇතිව හිරේ යවන්න පුළුවන්.එත්.....(අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 24 January 2015 06:26 AM

මිනීමරු ප්‍රබාකරන්ලා 35 දෙනෙකුට,අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් පසු ගිය අවුරුදු 4-5 තුලදී රටට කලා කියන්නේ නිකම්ම නෙමෙයි. (අ)

:       0       0

තුවාන් Saturday, 24 January 2015 06:27 AM

අවුරුදු 2 ආදායම ලක්ෂ 30,, පිස්සු නම් ෂෝක් ලු !!!!!!!!! ඒ කන්ටිනේර් වලට කුලියම වෙයි ඊටත් වඩා!!!!! (අ)

:       0       0

මාධව Friday, 23 January 2015 12:59 PM

බලනකොට ඔක්කොම එකයි (නි)

:       0       0

එරන්දි Saturday, 24 January 2015 06:33 AM

මේකත් දෙවැනි මිලේනියම් සිද්දියක් තමයි. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක ආයුද තියෙන එක අහන්න දෙයක්ද? අද ස්වර්නවාහිනි මුල් පිටුව වහල කොටි වෙබ් එක ඇරල මොකක්ද මේ කරන්න හදන්නේ? රටේ ආරක්ෂක තොරතුරු සියල්ල පිටට දෙන්නෙ තව පාරක් පාවා දීමකට නෙවෙයිද? (නදී)

:       0       0

වීරසූරිය Friday, 23 January 2015 12:58 PM

මේ සිද්ධිය ගැන ‍හොඳින් සොයාබලන්න (නි)

:       0       0

පෙරේරා Friday, 23 January 2015 01:31 PM

ඕක සමහරුන්ට තේරෙන්නේ නැහැ. නැව් වලට ආයුධ ගෙනයාම තහනම්. ඒවාට අවසර පත්‍රයක් තිබෙනවා. (නි)

:       0       0

ජෙනි Saturday, 24 January 2015 06:48 AM

අහල පහල මිනිසුන්ව අල්ලලා බේරේවි. මේ පැත්තක ඉඳන් වැඩේ කර ගෙන ගිය අයනේ. කෝ මේ බිස්නස් එකේ මහා උන්දැලා ටික ? (නදී)

:       0       0

ශීලා Friday, 23 January 2015 01:37 PM

මේක මිලේනියම් සිද්දියක් නොවේ. රජයට ලැබිය යුතු ආදායම දෙගොල්ලක් බෙදාගෙන. (නදී)

:       0       0

දිලානි Friday, 23 January 2015 01:56 PM

මිලේනියම් සිටි අංක 02 වගෙයි පෙනෙන්නේ. අද පත්තරේ දන්වීමක් දක්කා ඇවන් ගාර්ඩ් එකෙන් දාපු. දැන් මේකේ වැඩ කරපු අයගේ ජීවිත අනතුරේ නේද? (නදී)

:       0       0

සුමිත් Saturday, 24 January 2015 07:26 AM

කෝප් එකත් ඔය ගැන සෙව්වා. ඒ ගොල්ලත් දන්නවා ඔතන හොරයක් නැති බව. අපරාදේ අපේ කොල්ලෝ ලංකාවට මාසෙකට ඩොලර් මිලියන පනහක් සොයා ගත්තා එකත් නැති උනා (නදී)

:       0       0

දිනුක Friday, 23 January 2015 02:16 PM

මේක විදේශ විනිමය එන හොඳ වැඩක්. (නදී)

:       0       0

දිනුෂ්ක චමින්ද Saturday, 24 January 2015 08:01 AM

සමහර අදහස් දැක්කහම දුකයි (නදී)

:       0       0

සරත් Saturday, 24 January 2015 08:01 AM

ලාංකිකයන්ට හොඳ ආදායමක් ලැබෙන ලාංකිකයන්ට විශාල ප්‍රමාණයක් රැකියා දීල තිබෙන හොඳ ආයතනයක් ගෙන යන ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ දක්ෂ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට මහතාට ශුබ පතමු. මේක විදේශ විනිමය එන හොඳ වැඩක්. (නදී)

:       0       0

ගාමිණී ප්‍රනාන්දු Friday, 23 January 2015 02:51 PM

මිලේනියම් සිද්ධියේ දෙවැනි කොටස (නදී)

:       0       0

රුවන් Saturday, 24 January 2015 08:24 AM

මෙහි අදහස් දාපු බහුතරයක් දන්නේ නැතිව ඇති ව්‍යාපාරයක් හරහා මුල් කාලවලම විශාල ආදායමක් ලබාගන්න බැහැ කියලා. මෙම සමාගම තමා ලෝකයේ ප්‍රබලම, දක්ෂම කණ්ඩායම. ලංකාවේ කොඩියක් දැක්කත් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් බයේ පලායනවා. මෙතන ඉන්න කීබෝඩ් වීරයෝ මේ ටික නොදන්නවා නම් කිසි දෙයක් නොලියා ඉන්න. (නදී)

:       0       0

ආලෝකා Friday, 23 January 2015 03:10 PM

මෙහෙමයි - උපයපු ආදායම දෙගොල්ල බෙදාගෙන තියෙනවා. රජයට මොකුත් නැහැ. මේ ගොල්ලන්ගේ ඇවන් ගාඩ් සභාපති, හිටපු ලේකම්, බලගතු නඩු කාරයා ඇතුළු බැංකු ගිණුම් නෝනලගේත් එක්ක චෙක් කරලා බලන්න (නදී)

:       0       0

කුමුදිනි වත්සලා Friday, 23 January 2015 03:11 PM

අතුරුදහන් වෙච්ච ආයුධ මහා කන්දරාව කෝ? කොහොම හරි හොයා ගන්න (නදී)

:       0       0

බමුණු Saturday, 24 January 2015 08:32 AM

රංගන ඔබ හරියට හරි අද සිංහල පුවත් පතක තිබෙනවා පාවෙන අවි ගබඩාවකින් සෝමාලි කොල්ලකරුවන් මැඩ පැවත්වූ බවක් (නදී)

:       0       0

බමුණු Saturday, 24 January 2015 08:33 AM

තිලක් දන්නා දෙයක් කතා කතා කරන්න (නදී)

:       0       0

බමුණු Saturday, 24 January 2015 08:35 AM

මිලේනියම් කියල අදහස් දාන්නේ බත් කන කට්ටිය නෙමෙයි. (නදී)

:       0       0

සමීර Friday, 23 January 2015 03:15 PM

මොකද සෝමාලි කොල්ල කල්ලිය ඇවිල්ල අවෙන්ට් ගාර්ඩ් කට්ටියට වෙඩි තියල යනවද? මේවා ජාතික අපරාද, සම්මන්ත්‍රණ ශාලාව ආයුද ගබඩාවක්. නාවික හමුදාවක් රටට මොකටද? පිස්සු කෙලින එකේ සීමාවක් තියනවා. (නදී)

:       0       0

බමුණු Saturday, 24 January 2015 08:37 AM

රාමන් දැන් කට්ටිය ඉන්නේ යහපාලනයෙන් චූන් වෙලා (නදී)

:       0       0

බමුණු Saturday, 24 January 2015 08:40 AM

ෂා ශීලාගේ දැනුම කියල වැඩක් නැහැ (නදී)

:       0       0

සෝමදාස Friday, 23 January 2015 03:32 PM

මේ ඔක්කොම ඡන්දෙකට ලැහැස්ති වෙනවා වගේ. දින 100 ඉවර වෙන කොට මේ වගේ ප්‍රතිපල එයි. (නදී)

:       0       0

උපාලි රන්ජිත් Friday, 23 January 2015 03:38 PM

මෙම අායතන සිවිල් අාරක්ෂක ව්‍යාපාර වන බැවින් මිලේනියම් සිද්දිය විදියට හිතන්න එපා. මෙයාල කරන්නේ කුලියට අාරක්ෂකයින් ලබාදීම. රජයේ නිලලත් බලකායක් නොවෙයි. (නදී)

:       0       0

කපිල Friday, 23 January 2015 03:52 PM

මේක වසර 2කට උපයපු මුදල ලක්ෂ 30 ක් කියන කතාව පිළිගන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 314 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1167 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 413 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1224 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 217 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3434 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38577 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site