IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසන්නයෙන් යයි

වසර දහසයකට පසු ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන ඇස්ටරොයිඩයක් මෙවර පෘථිවි වාසීන්ට සරල දුරේක්ෂයක් මගින් නැරඹීමේ අවස්ථාව උදාවී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සමලේකම් තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

2015ටීබී145 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය පසුගිය 10 වැනිදා නාසා ආයතනයේ ඇති ඇස්ටරොයිඩ රේඩාර් පර්යේෂණ මධ්‍යස්ථානයට පළමුවරට නිරීක්ෂණය වී ඇති බවද වික්‍රමරත්න මහතා කියයි.

මෙය පෘථිවියට කිලෝ මීටර් 4,80,000 ක් දුරින් ගමන් කරන අතර ඉන් පෘථිවියට කිසිදු හානියක් සිදු නොවනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ කියති.

වර්ෂ 2027 වන තෙක් පෘථිවිතලයට ආසන්නයෙන් ගමන් කරන විශාලතම ඇස්ටරොයිඩය මෙය වනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ තහවුරු කරගෙන තිබේ.

සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ සමරන මෙම අද්භූත සිදුවීම ‘හැලෝවීන්‘ දින රාත්‍රිය බවට නම් කර තිබෙන බව වික්‍රමරත්න මහතා පවසයි.

මෙම ඇස්ටරොයිඩය තත්පරයකට කිලෝමීටර් 35 ක වේගයෙන් ගමන් කරන අතර එහි අන්තර්ගත පාෂාණ කොටස් බොහොමයක් ඇති බව කැලිෆෝනියා අභ්‍යවකාශ රේඩාර් මධ්‍යස්ථානය මගින් කරන ලද පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඇති බවද වික්‍රමරත්න මහතා කියයි.

නාසා ආයතනයේ ඇස්ටරොයිඩ රේඩාර් පර්යේෂණ නිලධාරී ලාන්ස් ඩෙනර් පවසා ඇත්තේ යම් හෙයකින් මෙය වල්ගා තරුවක් වුවහොත් එය පෘථිවිය ආසන්නයෙන්ම දිස්වූ වල්ගා තරුව ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි.

මෙවැනි අද්භූත සංසිද්ධියක් නැරඹීමට ශ්‍රී ලාංකිකයන්ට විද්‍යා තාක්ෂණ පහසුකම්වල අඩුවක් ඇතැයිද වික්‍රමරත්න මහතා පවසයි.

20151027asteroid-earth-artist-shutterstock 2015102753478-image-a-2_1423925104398

 

 

 

 



අදහස් (0)

ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසන්නයෙන් යයි

යෝනක Tuesday, 27 October 2015 12:18 PM

අපේ රටට මේක දැකගන්න පුළුවන් වෙයිද? (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 27 October 2015 12:19 PM

ඕක මොන රටට, මොන වෙලාවටද දන්නෙ නැහැ හොඳටම පැහැදිලිව පෙනෙන්නේ? (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 27 October 2015 12:58 PM

පොඩ්ඩක් හරි දිශාව වෙනස් වුණා නම් පෘථිවිය අනතුරේ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 05:07 AM

අනන්ත වූ ගැඹුරු හිස් අභ්‍යාවකාශයේ මොනතරම් අපුර්ව අද්භූත සුන්දර දසුන් සිදුවෙමින් පවතිනවාද? ඒවා මිනිස් ඇස් මානයේ මෙන්ම ඉන් ඔබ සිදුවීම දැකගැනීම කෙතරම් වාසනාවක්ද? (බ)

:       0       0

දර්ශන Tuesday, 27 October 2015 02:37 PM

මේක ලංකාවෙ දකුණු පළාතට පේනවලු. (බ)

:       0       0

රූපවතී Tuesday, 27 October 2015 04:13 PM

අනේ මේක වත් කඩන් වැටෙනවානම් අර දියවන්නා ඔය අයිනට..අපිට දැන් ඇතිවෙලා ඉන්නේ...? එහෙම වුනොත් දෙවියනේ කියල පවුලේ සාමාජිකයෝ ටිකවත් ජීවත් කර ගතහැකියි..? (බ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 27 October 2015 05:09 PM

ඕක අපේ පාර්ලිමේන්තු රැස්විමක පුර්ණ සාමාජිකයන් සිටිනා වෙලාවක එයට කඩා වැටුනොත් , ලංකාවට යහපතක් වෙනවා අනිවාර්යෙන් , අනේ දෙවියනි අපේ දෙස බලා යහපතක් කරනු මැනවි...(රේ)

:       0       0

යසරත්න Tuesday, 27 October 2015 09:08 PM

ඕක ජනාකීර්ණ පෙදෙසකට වැටුනා නම් මොනතරම් ලොකු විනාශයක් වෙයිද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 28 October 2015 12:17 AM

ගුවන් යානාවක් යනකොටත් උඩබලන අපේ මිනිස්සු මේක නොබලා ඉඳීද පෙනෙනවා නම්...? (නි)

:       0       0

සොපී Wednesday, 28 October 2015 02:33 AM

පේනවා නම් අපිත් බලමුකෝ .....! (නි)

:       0       0

මනෝජ් Tuesday, 27 October 2015 11:09 AM

මේක ඉතාම දුර්ලභ අවස්ථාවක් (නි)

:       0       0

පියුමි Tuesday, 27 October 2015 11:20 AM

අනේ මනෝජ්, ඔයයි මමයි දන්නා තාරකා විද්‍යාව. (නි)

:       0       0

ෆර්ෂන් සමන් Tuesday, 27 October 2015 11:31 AM

පව් පියුමි, මනෝජ්ට ඔහොම කැපිල්ල දාන්න එපා. (ර)

:       0       0

ඔෂාන් Tuesday, 27 October 2015 11:47 AM

පෘථිවියට හානියක් නොවෙනවා නම් ඉතින් එච්චරයි. ඇයි අපි නිකන් රණ්ඩු වෙන්නේ මෙතන? (නි)

:       0       0

සුගත් Tuesday, 27 October 2015 11:50 AM

අද්භූත සංසිද්ධියක් නෙවේ දුර්ලභ අවස්ථාවක්. (ර)

:       0       0

චමල් Tuesday, 27 October 2015 11:56 AM

විකාර. මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මේ වගේ ඒවා බලන්න. ඕක යන්තම් තිතක් විදියට යනවා පේනවා. ඔහොම ඒවා හැමදාම අහසේ යන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 451 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 482 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10587 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3082 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3867 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6144 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19500 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site