ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරයි.
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති - ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක්
බද්රානි Friday, 07 May 2021 10:27 AM
අපරාදේ, අර පහුගිය දවස් වල අපි රසට බිව්ව ධම්මික පැණිය ගැන සාකච්චා කළා නම්, ඒක ලෝකෙටම විකුනලා කාටකාටත් ගොඩ යන්න තිබුනා. ඒ පැණිය නිසා නේද අපි තවමත් නොමැරී මේ යහතින් ජීවත් වෙන්නේ? හා නැද්ද?
Rata Perata Friday, 07 May 2021 10:31 AM
ටිකක් වේලාසන වැඩි නැද්ද එන්නත් ගන්න..? මොකද තාම වරාය නගරය චීනෙට දෙන වැඩේ ඉවර නැහැ නේද?
kamal Friday, 07 May 2021 10:51 AM
චීනේ අතකොලු දෙකක් ... චීනයේ වෛරසයට විසඳුම් සොයයි.
සිරිබිරිස් Friday, 07 May 2021 11:14 AM
බටහිර රටවල් සමග තියන එදිරිවාදීකම් දැන්වත් නතර කර ගන්න...
don perea Friday, 07 May 2021 12:01 PM
කහපැළ හිටවලා ඉවරද?
පප්ප Friday, 07 May 2021 12:06 PM
දැක්මක් නැති පාලකයෙක්...
Ranjith Friday, 07 May 2021 12:54 PM
කොවිඩ් අරමුදලට කෝටිගනනක් එකතු උනානේද? ඒ මුදල් වලටත් අර සුනාමි අරමුදලට වෙච්ච දේම වෙලාද?
සිරිබිරිස් Friday, 07 May 2021 12:58 PM
වේලාවට ඕඩර් කරල තිබ්බ නං ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනෙ . නිකං හම්බු වෙනකං බලාගෙන හිටියා .
Ashan Friday, 07 May 2021 11:08 PM
සුනාමි අරමුදල වගේ කෝවිඩ් අරමුදලටත් වෙච්චි දෙයක් නෑ නේද? ඒක තිබ්බා නම් එන්නත් හිඟාකන්න ඕනේ නෑ. මාර වැඩේ ලංකාවට වුනේ..
WCA Saturday, 08 May 2021 12:47 AM
මේ අස්සේ ලංකාවේ දොස්තර මාෆියා කාරයින් ටික කලවම් කරලා ගහන්න පුළුවන් කියලා මතුර මතුර යනවා නේද?
de silva Saturday, 08 May 2021 02:26 AM
මුට්ටි ගඟේ දමමින්, කාලි මාතාවගේ පැණි වැනි මිසදිටු ක්‍රම වලින් කොරෝනා පාලනය කරන්න උත්සාහ කළ ඇමැතිවරියක් දිගින් දිගටම තනතුරේ තබාගෙන සිටින අදක්ෂ පාලකයෙක්...