IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘

(අජන්ත කුමාර අගලකඩ )

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමෙි සූදානමක් බව එම ආරංචිමාර්ග වලින් පැවසේ .

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් තවත් ලක්ෂ හයකට පමණ එහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත .

එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් සහ සෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඊට ඇමරිකානු ඩොලර් කෝටි 22ක මුදලක් වෙන්කිරීමට ද තීරණය විය.

 



අදහස් (29)

‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘

සිරිබිරිස් Saturday, 29 May 2021 10:49 AM

ඔය සුළු වැඩේ කරගන්න බැහැ . ඒ උනාට කතාව නං අපිට කරන්න බැරි දෙයක් නැහැයි කියල .

:       92       84

chandimaSaturday, 29 May 2021 12:01 PM

තියෙන තැනක දන්නවා නම් කියන්න. එතකොට පැය 24න් ගෙන්නලා දෙයි. අපිව කෑවේ ඉන්දියන් කාරයින් තමයි.

:       25       68

SaliSaturday, 29 May 2021 03:12 PM

මෙය බ්‍රිතාන්‍යයේද නිපදවයි. සමහර රටවල අතිරික්ත.යක්ද ඇති බව කියවේ. රාජ්‍ය තාන්ත්‍රිකව මෙය විසඳා ගත හැකි විය යුතුය.

:       54       28

chandimaSaturday, 29 May 2021 06:56 PM

බ්‍රිතාන්‍යයේ හැදුවට දෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ... දැන් ඇමෙරිකාවේ ඇස්ට්‍රා සෙනෙකා.. එකෙන් හදන බෙහෙත් සේරම දෙන්නේ කැනඩාවට... ඉන්දියාවේ හදන බෙහෙත් ඒ ගොල්ලන්ගේ රටේ විදලා ඉවර වෙනකල් කාටවත් දෙන්නේ නැහැ. ඉස්සරහට මේ බෙහෙත් අවුරුදු පතා විදින්න වෙනවලු.. අර චීන බෙහෙත දේශීයව හදා, අපට අවුරුද්දකට වතාවක් කෝටි ගණනක් වෙන රටවල් වලට ගෙන්වන්න වෙනවා මේ බේතට විතරක්...

:       5       4

AlahakoonSunday, 30 May 2021 01:37 AM

මේ ගොයියලා හිතාගෙන ඉන්නේ කඩේ ගිහින් පාන් ගේනවා වගේ වැක්සීන් ගේන්න පුලුවන් කියලා. අතිරික්තව තියෙන ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් එක්ක සාකච්ඡා කළාම ඒ ගොල්ලන් වැක්සීන් එක දෙන්න කැමති වුණාට ඒක ගැන වගකීම බාරගන්න බෑ කියනවා. එන්නත් නිෂ්පාදනය කළ සමාගමත් කියනවා. එයාලා ඕක ගබඩා කරපු විදිය දන්නේ නැති නිසා එයාලටත් වගකියන්න බෑ කියලා. ඉතින් ලක්ෂ 6ක් මිනිස්සුන්ගේ ජීවිතවලට වගකීමක් නැති එන්නතක් දෙන්න බෑ නේද? අනිත් එක එන්නත් නිපදවන සමාගම් තව මාස ගාණකට තමන්ගේ සියලු ශක්තිය යොදවා නිපදවන එන්නත් සඳහා ඕඩර් බාරගෙන අවසන්... මොලේ තියෙන එකෙක්ට තේරුම් ගන්න මේ කරුණු 3ම ඇති...

:       6       6

saaliSunday, 30 May 2021 05:30 AM

පාන් ගෙනාවා වගේ චීනාගෙන් ගන්නවා.. මාර සැලසුම් තමයි තියෙන්නේ...

:       2       9

Sri Lanka Saturday, 29 May 2021 10:51 AM

ගොනා හැරෙනකොට අපි දන්නවා මොකද කියලා

:       77       37

Kumara Saturday, 29 May 2021 11:22 AM

දැන් ගානට වැඩ ටික වෙයිද?

:       1       4

Jaya Saturday, 29 May 2021 12:51 PM

ඇත්තටම මේ නිසා අපට වෙන එන්නතක් ගන්න විදිහකුත් නැහැ... ආණ්ඩුවෙන් එය ගෙන්වලා වෙලාවට දෙන්නෙත් නැහැ. අස්ට්‍රසේනිකා එක ගත්තු අපි ඇත්තටම අද අපහසුතාවයට පත් වෙලා. ඇත්තම තත්ත්වය ආණ්ඩුවට චීනය, රුසියාව හැර කිසිඳු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් හෝ පිළිගැනීමක් නැතිකමයි. ඒ වගේම එන්නත්කරණය, දේශපාලනීකරණය සහ නිලධාරිකරණය වෙලා නිසා කිසිම රටක් අපට උදවු කරන්න ඉදිරිපත් වෙලා නැහැ.

:       66       43

නුවන්Saturday, 29 May 2021 03:33 PM

රාජ්‍යතාන්ත්‍රික සබඳතා රජයට නැතිලු...... සබඳතා නැති නම් තානාපති කාර්යාල කුමකටද ! ....... අපි යතාර්තය තේරුම් ගනිමු. නිශ්පාදනය වන එන්නත් මුලින්ම යන්නේ යුරෝපා රටවලට, ඇමරිකාවට සහ කැනඩාව වැනි රටවලට ය. බලවත් බවින් ප්‍රයෝජන ගෙන ඔවුන් නිෂ්පාදනය වන එන්නත් මිලදී ගනියි. අනෙක් රටවල් ගැන ඔවුන් තකන්නේ වත් නැත. මිනිස් අයිතිවාසිකම් ගැන පාඩම් කියා දෙන්නේ ද එම රටවල් මය......... එහෙත් යහපාලන කාලයේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවාදුන් නිසා තත්වය පුද්ගලිකව ඇතැමුන්ට වාසිදායක විය.... එයයි එදා තිබූ රාජ්‍යතාන්ත්‍රික භාවය.

:       8       5

nandana - ukSunday, 30 May 2021 08:47 PM

ඔබගේ කතාව අනුමත කරමි. ශ්‍රී ලංකාව පිළිබඳව දියුණු රටවල් සලකන්නේ චීනය සහ රුසියාව වැනි මානුෂික හිමිකම් උල්ලංඝනය කරන, රටේ ධනය හොරකම් කරන දුෂිත පාලකයින් සිටින අන්ත දුප්පත්, නූගත් ජනතාවක් සිටින දූපතක් ලෙසයි. එය තමයි සත්‍යය...

:       0       2

Dantanarayana Saturday, 29 May 2021 01:01 PM

මම දන්නේ නැහැ ආණ්ඩුව බ්‍රිතාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් කළාද කියලා. බ්‍රිතාන්‍යය 40ට අඩු වයස් කාණ්ඩවලට තමයි දැන් එන්නත් කරන්නේ... සහ ඒ අයට ලබා දෙන්නේ අස්ට්‍රසේනිකා නොවන වෙනත් එන්නතක් (pfizer හෝ moderna). එමනිසා බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට අැස්ට්‍රාසේනිකා අතිරික්තයක් තිබිය යුතුයි. අපට අවශ්‍ය ප්‍රමාණය එහි දිනකට එන්නත් කරන ප්‍රමාණයටත් අඩුයි. මම හිතන්නේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කළා නම් එය අහක දමන එකක් නැහැ. කණගාටුවට කාරණය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අතර සුහද ක්‍රිකට් තරඟයක් කිරිමට බ්‍රිතාන්‍ය සමග සාකච්ඡා කළා කියලා පුවතක් දැකීමට සිදුවිමයි.

:       58       29

suddaSaturday, 29 May 2021 02:53 PM

ඕස්ට්‍රේලියාවෙත් අතිරික්ත ඇති ඇස්ට්‍රසෙනෙකා අවුරුදු 50ට අඩු අයට ගහන්නේ නැහැ කියලා තීරණය කරපු නිසාත් 50ට වැඩි අය එය ගහන්න එන්න මැලිකරන නිසාත්....

:       40       24

YasanthaSunday, 30 May 2021 01:50 AM

හිතන් ඉන්නේ බ්‍රිතාන්‍ය ලංකාවට හෙන ආදරෙයි කියලා. පව් අපේ රටේ ගොන් වහන්සේලා. ලංකාවේ අයට බ්‍රිතාන්‍ය ලොකු වුණාට බ්‍රිතාන්‍ය වැඩ කරන්නේ වාසිය බලාගෙන... මෙච්චර වෙලත් තේරෙන්නේ නැත්තන් ඉතින්..

:       6       2

rathnayakaSunday, 30 May 2021 08:59 PM

එහෙම කියන්න එපා.1948 දී එංගලන්තය අපිට නිදහස දුන්නේ නැතිනම් අදවෙනකොට අපි ඉතා දියුණු රටක්. සමහරවිට හොංකොං වලටත් වඩා දියුණු රටක් වෙන්න තිබුණා. නමුත් අවාසනාවට අපේ රටේ කළු සුද්දන් රට විනාශ කළා. අදත් විනාශ කරනවා. අපි එංගලන්තයේ කොලනියක් වෙලා හිටියා නම් රටේ කෑලි චීන්නුන්ට විකුණන්න තරම් ඉංග්‍රීසි කාරයා ජාති ද්‍රෝහියෙක් වෙන්නේ නැහැ. ජාති ද්‍රෝහීන් වුනේ මේ සිංහලයින්මයි.

:       0       3

යෝගා Saturday, 29 May 2021 01:29 PM

කිසිදිනක ඉන්දියාව විශ්වාස කරන්න එපා කියලා කියන්නේ ඔන්න ඕකයි. ඉතිහාසය පුරා අපේ විශ්වාසය කැඩුවා...

:       8       67

ප්‍රෙමකුමාරSaturday, 29 May 2021 05:15 PM

ඉන්දියාවෙන් නොමිලේ එන්නත් ලක්ෂ පහක් ලැබෙද්දි ජනාධිපතිම ගිහින් බාරගද්දි ඉන්දියාව හොඳය්. තමන්ගේ අක්‍රියභාවයෙන් එන්නත් නොලැබෙද්දි ඉන්දියාව නරකයි

:       1       7

සෙනවි Saturday, 29 May 2021 01:32 PM

කරන කිසිම දෙයක් කිසි කලමනාකරණයක් නැහැ.

:       23       35

de silva Saturday, 29 May 2021 01:50 PM

කෙළින්ම එංගලන්තයේ ඇස්ට්‍රාෙසනිකා මව් සමාගමෙන් ඇණවුම් කරන්න..

:       76       27

Ashan Saturday, 29 May 2021 02:46 PM

මමත් පළවෙනි එක විද්දා. දැන් සති 15ක් විතර ඇති. ඕකේ දෙවෙනි එක විදලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය හම්බ වෙයිද? කල් ගිහින් වැඩි නැත්ද? වෙන බෙහෙතක් විදින එක ගැන හිතලා පරික්ෂා කරලා බැලුවොත් නරකද?

:       4       91

සිරි Saturday, 29 May 2021 04:02 PM

දැන් වෙනකොට ගජ මිතුරු චීනය සහ රුසියාව සමග බිස්නස් ඩීල් එක දාගෙන හමාරයි. ඒ කියන්නේ අරමුණ ඉටු කරගෙන හමාරයි. ඉන්දියාව අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඒ පැත්තෙන් කරදරයකුත් නැති නිසා හත්වලාමේ වෙච්චි දේට මක්කරන්නද කියලා ඇස්ට්‍රාව අමතක කර දාලා ඉන්නවා. පළමුවෙනි එන්නත ගත්ත අපි වගේ අයට ඒ නමින් තියෙන මාගරින් ටිකක්වත් කන්නයි වෙන්නේ...

:       1       3

vikum Saturday, 29 May 2021 04:29 PM

අඩුම තරමේ රජයට මේ වැඩෙ කරන්න බැරිනම් එන්නත් මුදලට හරි මිනිස්සුනට ගහ ගන්න වැඩ පිලිවෙලක් කල යුතුයි, අඩුම හැකියාව තියෙන පුලු පුලුවන් අය ගහගන්නකොට එකේ අතිරික්තය අපේ දුප්පත් මිනිස්සුනට හරි දෙන්න පුලුුවන් නේද, රටෙ හැදදේම මුදලට විකිනෙන නිසා මෙකේ එක් මාතාවක් රැපියල් 3000 වගේ වෙන්නේ එතකොට කොහොහරි මිනිස්සු කරගනි, මොකද මෙක රජය කෑපවීමෙන් කරන වැඩක් නොවෙයි...මිනිස්සු අමාරැවෙ වැටෙනවා විතරයි වෙන්නේ

:       1       4

සංකල්ප Sunday, 30 May 2021 02:10 AM

ඇස්ට්‍රසෙනෙකා නිපදවන්නේ ඉන්දියාවේ සේරම් ආයතනයේ මිස එංගලන්ත යේ නොවන බව මෙහි සිටින බුද්ධිමතුන් දැන ගත යුතුයි. එංගලන්ත විශ්ව විද්‍යාලයක් මෙහි පරීක්‍ෂණ කටයූතු කල නිසා එහි කොටසක් නමට ලැබී තිබෙනවා....

:       5       2

ZeylanicusSunday, 30 May 2021 05:55 AM

එහෙ ගහන්නේ ඉන්දියාවේ හදන එක නොවේ. බෙල්ජියමේ හා එක්සත් රාජධානියේ හදන ඒවා..!! 

:       1       5

CharmSunday, 30 May 2021 07:07 AM

ඔබේ දැන ගැනීම පිණිසයි. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සහ කීල් වල පිහිටි කර්මාන්ත ශාලා වලත් නෙදර්ලන්තයේත් අස්ට්‍රාසේනිකා මව් සමගම මෙම එන්නත නිපදවනවා. ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අමතරව කොවිශීල්ඩ් නමින් මෙය නිපදවනවා. එක්සත් රාජධානියෙන් බංග්ලාදේශය රාජ්‍ය මට්ටමින් ඉල්ලීමක් කළා කියල මම දැක්කා. ඔවුන්ටත් අපට තිබෙන ප්‍රශ්නයම තිබෙනවා.

:       0       3

chandanaSunday, 30 May 2021 08:11 AM

ඇමෙරිකාවේ, එංගලන්තයේ, නෙදර්ලන්තයේ සහ බෙල්ජියමේ මෙම එන්නත නිපදවනු ලබයි. ඇමෙරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් මෙම එන්නත නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාවට ලබානොදීම නිසා ඉන්දියාවේ සිරම් ආයතනයේ නිෂ්පාදන කටයුතු අඩපන වී ඇත..

:       0       3

Lakvidu Sunday, 30 May 2021 03:20 AM

රජයට කරනන තිබුනේ පළමු එන්නත දෙන වෙලාවෙම දෙවනි එන්නතත් වෙන් කර තැබීම

:       1       9

ravinSunday, 30 May 2021 08:50 PM

එහෙම හිතන්න පුළුවන් බුද්ධිමතුන් සෞඛ්‍ය අංශයේ හිටියත් නූගත්, මෝඩ, අඥාන දේශපාලුවන් හැමදේටම අතදානවනේ.

:       0       2

සනත් ඉතාලිය Monday, 31 May 2021 08:17 AM

සරලව කෙටි පැහැදිලි කිරීමක්... ඇස්ට්‍රාසෙනිකා පළවෙනි තොග ලංකාවට එනවිට ඉන්දියාව අප සමග ගිවිසුම් ගතව සිටියේ නොකඩවා අපට එන්නත ලබාදෙන්න. ඒ අනුව ආණ්ඩුව ලැබුණු තොගවලින් ලක්ෂ 6 මාරක් එන්නත් කළා. නමුත් ඒ සමග ඉන්දියාවේ හටගත් රැල්ල හේතුවෙන් ඉන්දියාව සියලුම ඕඩර් නැවැත්තුවා. ආණ්ඩුව ඒ අවස්තාවේ ඉතිරි එන්නත් ටික ආරක්ෂා කරගෙන වෙන විකල්ප සෙව්ව එකේ ප්‍රතිඵල තමයි. චීන හා රුසියන් එන්නත්... ආණ්ඩුවට තිබ්බා අවශ්‍ය නම් එන්නත් තොගය දෙකට බෙදා 1-2 වශයෙන් වෙන් කරන්න. නමුත් එහෙම සති 12-16ක් රඳවා ගන්නවට වඩා ඒවත් එන්නත් කරණය කරන්නයි.. ආණ්ඩුව උත්සාහ කලේ. මොකද ඒ වෙනකොට අපට ඉන්දියාව සහතික වෙලා තිබ්බේ තවත් එන්නත් මිලිනයක් දෙවන එන්නත් සඳහා. දැන් වුණු දේ වුණා. හැබැයි මට හොඳට විශ්වාසයි ආණ්ඩුව කොහෙන් හෝ ඔය එන්නත් තොගය ගෙන්වනවා... අමතක කරන්න එපා ලෝකේ මේ වනවිත එන්නත් කළ මුලු ප්‍රමාණයෙන් තුනෙන් එකක් ලබාගෙන තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය... ඉතිරි තුනෙන් දෙකෙන් වැඩිකොටසක් චීනය හා ඉන්දියාව.... ලෝක ජනගහනයෙන් 40%ක් ඉන්නේ මේ රටවල් දෙකේ. ඒකනිසා අපි හරි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුයි. ඉතාලියේ අද වෙනකොට සෑම පුරවැසියන් 5න් එකකටම එන්නත දී අවසන්. මාද ඇතුලු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි
2025 අප්‍රේල් මස 26 61 0

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක


විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි
2025 අප්‍රේල් මස 26 262 0

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.


සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක
2025 අප්‍රේල් මස 26 149 0

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ


චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 107 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 720 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 341 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 858 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site