IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇස්බැස්ටස් පිළිකාවට අතවනයි

ඇස්බැස්ටස් ස්වසන රෝග සහ පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පර්යේෂණ මගින් සනාථ කරගත් බවත් එම නිසා ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් කිරීම කාලෝචිත බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.

යුරෝපයේ සෑම රටක්ම ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිත කරයි. ඊට හේතුව මිනිසාට ඇති වන බලවත් සෞඛ්‍යමය තර්ජනය බවටත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.

ඇස්බැස්ටස් තන්තු මඟින් පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවන බවට සැකයකින් තොරව පර්යේෂණ මඟින් සනාථ කර ඇත. ඊට අමතරව දිගු කාලීන වශයෙන් පෙනහළු ආශ්‍රිත පිළිකා සෑදීමට එය හේතුවන බවටත් පර්යේෂණ සනාථ කර ඇත.

ඇස්බැස්ටස් සෙවිලි තහඩු ලෙස පරිහරණය කර ඇති බොහෝ දෙනකුට එක්වරම විකල්පයකට යාම අසීරුය. එම නිසා විකල්ප ක්‍රමවේදයකට පිවිසෙන තුරු සෑම සෙවිලි තහඩුවකම තීන්ත ආලේප කිරීම යෝග්‍ය වෙයි. එය තාවකාලික පිළියමක් පමණක් බවටත් සැළකිය යුතුය.

ඉදිකිරීම් අංශයේ නිරතව ඇස්බැස්ටස් ආශ්‍රිත කටයුතුවල යෙදෙන සෑම තරාතිරකම සේවකයින් තම නාසය හා මුඛය හොඳින් ආවරණය කරගෙන එම කර්තව්‍යෙය් නිරතවීම අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් බවත් වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වාදෙයි.



අදහස් (0)

ඇස්බැස්ටස් පිළිකාවට අතවනයි

සමන්ති Monday, 17 November 2014 11:55 PM

"මොනෝ සෝඩියම් ග්ලුටමේට් " විවිධ නම් වලින් ලංකාවට ගෙනෙනවා.ආහාර සායම් වර්ගත් එහෙමයි. ලෝකයේ තහනම් වල්නාශකත් මෙහාට එනවා. (පොළොවේ සාරවත්බවට අවශ්‍ය ගැඩවිල් පනුවන් දැන් වඳවෙලා ඉවරයි) (නි)

:       0       0

ගාමා Monday, 17 November 2014 01:32 PM

ඔස්ට්‍රලියාව ඇස්බැස්ටෝස් පාවිච්චිය නතර කර දැන් බොහෝ කල්. එහි ඇස්බැස්ටෝස් තියෙන ගොඩනැගිල්ලක් අයින්කරනකොට එය ගොඩනැගිල්ලට ඉහලට යනතෙක් සම්පූර්ණයෙන්ම වසා එය අයින් කරන බවත් ඊට පසු එය ප්‍රවාහනය කරන විට ලොරි සම්පූර්ණයෙන්ම වසා කිසිම දෙයක් පිටවීමට ඉඩ නොතබා ප්‍රවාහනය කරන බව ඕනෑම කෙනෙකුට දැකිය හැක. ඔවුන් ඇස්බැස්ටෝස් වලට එපමණ බයක් පෙන්නුම් කරනුයේ එහි ඇති භයානක කම දන්නා නිසයි . ඔවුන් එය එතරම් භය එයින් පිලිකා හැදෙන එක නවතාලන්නයි. එබැවින් අපේ ලංකාවෙත් ඇස්බැස්ටෝස් නීතියෙන්ම තහනම් කලොත් අපෙරටෙත් පිලිකා රෝගය අඩුකර ගත හැකි බව රජයට තේරුම් ගත හැක. (අ)

:       0       0

පෙරේරා Tuesday, 18 November 2014 04:09 AM

මම පදිංචි රටේ ඇස්බැස්ටස් තහනම් කරලා තියෙන්නේ 1975දී. (නි)

:       0       0

නිමාලි Tuesday, 18 November 2014 04:32 AM

මේ රටෙන් ඇස්බැස්ටස් ඉවත් කර දමමු.(හේ)

:       0       0

නිහාල් Monday, 17 November 2014 09:40 AM

අස්බස්ටෝ, අජිනමොටෝ යුරෝපයේ තහනම් කරලා දසක ගානක් වෙනවා. අජිනමොටෝ දාන බත් කඩ අදුන ගන්න පහසුයි නිතර පිපාසය. (ර)

:       0       0

සිරි ගමගේ Monday, 17 November 2014 10:09 AM

මේක ගැන බලධාරින්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි. ඔස්ට්‍රලියාවෙත් ඇස්බැස්ටොස් තහනම්. පෙනහළු වල රෝගයක් හැදෙනවා. ඇස්බැස්ටොස් කැඩුනම එන කුඩු ඉතාම නරකයි. (ර)

:       0       0

ජයත් Monday, 17 November 2014 10:17 AM

මෙම වෛද්‍ය වරයාට අපේ ප්‍රණාමය. නමුත් මේකට ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ මොනම දේකටවත් නැති එකක් ඕකට විතරක් තියේවිද කියන එක නං ප්‍රශ්නයක් තමයි. (ර)

:       0       0

චමින්ද Monday, 17 November 2014 10:28 AM

ලංකාව ඇස්බැස්ටස් භාවිතය නතර කිරීමට උත්සහා ගැනීම ඉතා කාලෝචිත දෙයක්.ඕස්ට්‍රේලියාවේ ඇස්බැස්ටස් භාවිතය සම්පුර්ණයෙන් නතර කරනු ලැබුවේ 2005 වසරේදීයි.ලෝකයේ රටවල් අතර වෙළද පලට ඇස්බැස්ටස් නිෂ්පාදන නිකුත් කරන රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ කැනඩාව [දැනටත්] හැදින්විය හැකිය.ඒ වාගේම වාහන වල බ්රේක් පද්දතිය සදහාද [ බ්රේක් ලයිනර් සහ පෑඩ්ස් ] විශාල වශයෙන් ඇස්බැස්ටස් භාවිතා කරනු ලබයි.ඕස්ට්‍රේලියානුවන් කොතරම් බියක් ඇස්බැස්ටස් සදහා දක්වනු දැයි කිවහොත්, විශේෂ ආරක්‍ෂිත ඇදුමක් පැළද ගෙන සහ මුව ආවරණ පැළදගෙන මිස, එවන් ස්ථානයක අසලකටවත් නොයයි.(හේ)

:       0       0

පද්මිණි Monday, 17 November 2014 11:30 AM

ප්‍රංශයේ මෙවැනි ඇස්බැස්ටෝස් භාවිත කර හදපු ගොඩනැගිලි කඩා ඉවත් කරලා ගොඩක් කල්. ඒ නිසා පිළිකා වැළදුණු අයට වන්දි ගෙවීමට පවා අධිකරණ තීන්දු දුන්න. ලංකාවේ අපේ ගම්වල ය තවමත් මේවා වහල වලට යොදා ගන්නවා. හරිම කණගාටුයි. (අ)

:       0       0

ර.රන්දෙනිය Monday, 17 November 2014 09:37 PM

ඇස්බැස්ටස් පිළිකා ගැන මා සිංහලෙන් ග්‍රන්ථයක් ලියා ඇත. එය පළකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි (නි)

:       0       0

නන්ද Monday, 17 November 2014 12:43 PM

ඕස්ට්‍රලියාවේ පමණක් නොවෙයි බොහෝ රටවල අස්බැටස් භාවිතය පමණක් නොවෙයි ළඟ තබා ගැනීමත් නීති විරෝධියි. අපේ රටේ පාලකයින් හා බලධාරීන් පිටරටවල යහපත් දේවල් නොවෙයි එහාට එපා වෙච්ච දේවල් වලට යසට ඉඩ දෙනවා..ඊට පස්සේ ඒවායින් සිදුවන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන්න කෝටි ගණන් වියදම් කරනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 211 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 634 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 265 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 705 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2030 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2304 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site